SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2022 -T20 ඔිස්ට්‍රේලියානු සංචාරය සම්බන්ධව පසුගිය කාලය පුරා ආන්දෝලනාත්මක පුවත් සතියකට වැඩි කාලයක් සමාජ මාධ්‍ය තුළත් ජාතික මාධ්‍ය තුළත් සැරිසරන ලදී.

මෙම රැල්ල කොතෙක් ප්‍රභල වූවාද යත්  ඒ පිළිබඳ විගනනයක් පවත්වා සත්‍ය හෙළිදරව් කරන ලෙස පාර්ලිමේන්තුව තුළ පවා විශාල කතාබහක් ඇතිව තිබුනි.

 

සුපුරුදු පරිදි රටේ  බොහෝ ප්‍රශ්න එමගින් වසංකර කල් දැමීමටද එය අවස්ථාවක්ව තිබුනි.

කෙසේ වෙතත් දැන් එම විගණනය සිදුකර අදාළ වාර්තාව ඉදිරිපත් කර ඇත.

එහෙත් විවාදාපන්න මාතෘකාව වූ නළු නිළියන්ට සංචාරයක් ලබාදීම වැනි කාරණා සහ ඒ වෙනුවෙන් ක්‍රිකට් ආයතනය වියදම් දරා ඇති බව වන කිසිවක් ඒ තුළ නොමැති අතර සුපුරුදු ආකාරයේ බොහෝ රාජ්‍ය ආයතන සඳහා ලබාදෙන නිර්දේශ සහ නිගමනයන් නිරීක්ෂන ඇතුලත් වාර්තාවක් විගණනය හරහා ලබාදී ඇත.

 

එසේනම් එම මහා හාහෝව වෙනත් යමක් වසා දැමීමේ සුපුරුදු ආණ්ඩුවේම උපායක්ද?

ඒ සඳහා කාලයට අදාළ ජනප්‍රිය මාතෘකාවක් උඩට එසවූවා ද?

 

odit 0

 

පහත පලවෙන්නේ එම විගණන වාර්තාව පිළිබඳ ඉදිරිපත් කර ඇති බීබීසී වාර්තාවයි.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස කමිටුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ.

 

ඒ, 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවති 20/20 ක්‍රිකට් ලෝක ශුරතාවලිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කරන ලද විගණන වාර්තාව සැප්තැම්බර් 19 වැනිදා පාර්ලිමේන්තුව හමුවේ සභාගත කිරීමෙන් අනතුරුවයි.

 

පිටු 260කින් සමන්විත විගණන වාර්තාවෙන් රජය විගණකාධිපතිවරයා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 26ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

 

odit 2

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස කමිටුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් ලිඛිත ඉල්ලිමක් කර තිබේ.

 

ජාතික විගණන වාර්තාව මගින් හෙළිවූ කරුණු මොනවාද?

 

1. 2022 විස්සයි 20 ලෝක කුසලාන තරග සංචාරය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය කළ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විසින් මෙම තරග සංචාරයට අදාළ ආදායම් සහ වියදම් වාර්තාවක් ඉදිරිපත් කොට තිබේ. එම වාර්තාවට අනුව තරගාවලියෙන් රුපියල් 396,359,350ක ආදායමක් සහ රුපියල් 313,371,158 ක් එහි වියදම් ලෙස සඳහන් කොට තිබේ.

 

2. එම වියදම් තුළ 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ නිලධාරින් 14 දෙනාගේ සහභාගිත්වයට අදාළ වියදම් ද ඇතුළත්ව ඇත. එහිදී ඔවුන් වෙනුවෙන් රුපියල් 68,237,263 ක් ගෙවා ඇති අතර ඉන් විධායක කමිටුවේ නිලධාරීන් තිදෙනෙකු රුපියල් 2,653,086ක මුදලක් නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙවා තිබුණි.

 

3. ලෝක කුසලාන තරගාවලිය පැවති අතර වාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් සිව්දෙනෙකු විවිධ හේතු මත ඕස්ට්‍රේලියාව බලා ගොස් තිබේ. ඔවුන් සිව්දෙනා සඳහා රුපියල් 18,079,741ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගෙවා ඇත. එම පිරිසෙන් නිලධාරින් දෙදෙනෙකු විසින් රුපියල් 3,321,850ක් නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවා තිබේ.

 

4. ලෝක කුසලාන තරග ආවරණය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියෙන් තොරව මාධ්‍යවේදීන් සිව්දෙනෙක් ඕස්ට්‍රේලියාව බලා රැගෙන ගොස් තිබෙන අතර එම මාධ්‍යවේදීන් සිව්දෙනාට ඕස්ට්‍රේලියාව බලා යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් 5,520,800ක මුදලක් ගෙවා ඇත.

 

odit 00

පිටු 260කින් සමන්විත විගණන වාර්තාවෙන් රජය විගණකාධිපතිවරයා ක්‍රියාත්මක කළ යුතු නිර්දේශ 26ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

 

වීසා ලිපි ලබා ගැනීම

 

1. ලෝක කුසලාන තරගාවලිය නැරඹිම සඳහා ඕස්ට්‍රේලියාව බලා යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරිභාහිර යැයි සැලකිය හැකි පුද්ගලයින් 35 දෙනෙකුට හා විධායක කමිටු සාමාජිකයින් නොවන ක්‍රිකට් ආයතනයට සම්බන්ධ යැයි සැලකිය හැකි පුද්ගලයින් 9 දෙනෙකුට වීසා ලබා ගැනීම සඳහා වීසා ඉල්ලුම් ලිපි මෙරට ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත නිකුත් කර තිබු බව ජාතික විගණන වාර්තාවේ දැක්වේ.

 

2. එහිදී විධායක කමිටු සාමාජිකයින් 11 දෙනෙකු, ක්‍රිකට් ආයතනයට සම්බන්ධ බවට සැලකිය හැකි පුද්ගලයින් 9 දෙනෙකු සහ ක්‍රිකට් ආයතනයට පරිභාහිර පුද්ගලයින් 36 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 56 දෙනෙකු වෙනුවෙන් මෙම වීසා ඉල්ලීම් ලිපි නිකුත් කර ඇත.

එහිදී විධායක කමිටු නිලධාරීන් 11 දෙනෙකුට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාගේ පවුලේ ඥාතීන් හා හිතවතුන් 21 දෙනෙකුට, උප සභාපති ජයන්ත ධර්මදාස ගේ හිතවතුන් දෙදෙනෙකුට, විධායක කමිටු සාමාජිකයින් 8 දෙනෙකුගේ බිරින්දෑවරුන් / පවුලේ සාමාජිකයින් 9 දෙනෙකුට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ හා වෙනත් පුද්ගලයින් 11 දෙනෙකුට හා ඔවුන්ගේ බිරින්දෑවරුන් දෙදෙනෙකුට වීසා ලබා ගැනීමේ ලිපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරනු ලැබ ඇත.

 

3. මෙලෙස වීසා ලබාගෙන ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය නොමෑන්ඩ්ස් ක්‍රීඩා සමාජයේ සභාපති නැවත මේ දක්වා ශ්‍රී ලංකාවට නොපැමිණ ඇති බවට ද නිරීක්ෂණය වන බව විගණන වාර්තාවේ සඳහන් වේ.

 

 

odit 4

 

පිටු 260කින් සමන්විත විගණන වාර්තාව: පටුන

 

 

වීසා ගාස්තු ගෙවීම සහ ගුවන් ටිකට් පත් මිලදී ගැනීම

 

 

1. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ක්‍රීඩකයන්, නිලධාරින් හා විධායක කමිටු සාමාජිකයින් වෙනුවෙන් රු. 1,228,450 ක් වීසා ගාස්තු ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ට්‍රැවල්ස් ආයතනය වෙත ගෙවා තිබේ.

2. එම සංචාරය සඳහා එක් නොවූ ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර වෙනුවෙන් වීසා ගාස්තු ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ට්‍රැවල්ස් ආයතනය වෙත ගෙවන ලද රුපියල් 60,650ක මුදල නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අයකර ගැනීමට පියවර නොගැනීම.

3. තරගාවලිය සඳහා පිටත්ව ගිය විධායක කමිටු සාමාජිකයින්, නිලධාරීන්, අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු, සහය කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු හා මාධ්‍යවේදීන් සිව්දෙනෙකු ඇතුළු 29 දෙනෙකු වෙනුවෙන් රු. 50,849,896ක ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන තිබීම.

4. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ තොරතුරු, විගණනයට ඉදිරිපත් කළ විද්‍යුත් ගුවන් ප්‍රවේශපත්‍ර වල සඳහන් වූ තොරතුරු අතර නොගැලපීම් ඇති බව නිරීක්ෂණය වීම.

 

 

විදේශ ගමන් සංයුක්ත දීමනා ගෙවීම

 

 

1. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා වෙත 20/ 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන අවස්ථා දෙකකදී ඕස්ට්‍රේලියාව බලා යාම වෙනුවෙන් විදේශ ගමන් සංයුක්ත දීමනා ලෙස රු. 6,028,830ක් ගෙවා ඇති බවට නිරීක්ෂණය වූ බව ජාතික විගණන වාර්තාවේ දැක්වේ.

2. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට ඕස්ට්‍රේලියාව බලා යාම වෙනුවෙන් 2022 ඔක්තෝම්බර් 08 වෙනිදා සිට ඔක්තෝම්බර් 17 දක්වා දිනකට ඇමෙරිකානු ඩොලර් 700 බැගින් දින 10ක් සඳහා ඇමෙරිකානු ඩොලර් 7,000ක් ගෙවා ඇත.

එමෙන්ම සභාපතිවරයා 2022 ඔක්තෝම්බර් 10 වෙනි දින විදේශගතව ඔක්තෝම්බර් 18 වෙනිදා ආපසු මෙරටට පැමිණි බැවින් එක් දිනක් සඳහා ඇමෙරිකානු ඩොලර් 700ක් වැඩිපුර ලබාගෙන ඇති බවට නිරීක්ෂණය කර ඇත. කෙසේ වුවද මෙම විගණන වාර්තාව සකස් කිරීමෙන් පසු ඉකුත් අගෝස්තු මස 14 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා එම ඇමෙරිකානු ඩොලර් 700 මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ගෙවා තිබුණි.

3. විධායක කමිටු සාමාජිකයින්ට දෛනික විදේශ ගමන් දීමනාව ඇමෙරිකානු ඩොලර් 700ක්, කළමනාකරණ කාර්ය මණ්ඩලයට දෛනිකව ඇමෙරිකානු ඩොලර් 600ක් සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට දෛනිකව ඇමෙරිකානු ඩොලර් 475ක් ගෙවීම සඳහා වියදම් සංශෝධනය කිරීම.ඒ අනුව 2014 වසරට සාපේක්ෂව පිළිවලින් 75%ක්, 71%ක් සහ 46%ක් වශයෙන් වියදම් සංශෝධනය කර ඇති බව විගණන වාර්තාවේ දැක්වේ.

 

 

තරග නැරඹීමට ටිකට්පත් මිලදී ගැනීම

 

 

1. 2022 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යම් ටිකට්පත් ප්‍රමාණයක් නොමිලේ ලබා දී තිබු අතර මීට අමතරව තරග නැරඹීම සඳහා රුපියල් 8,747,960ක් ගෙවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටිකට්පත් මිලදීගෙන තිබු බවට විගණන වාර්තාවෙන් හෙළිකර ගෙන ඇත.

2. මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින්ගේ නෑදෑ හිතමිතුරන් වෙනුවෙන් ලැබිය යුතු සුඛෝපභෝගී කාණ්ඩයේ ප්‍රවේශපත්‍ර 100න් ප්‍රවේශපත්‍ර 69ක් ලද බවත් එයින් ප්‍රවේශපත්‍ර 60ක් ක්‍රීඩකයින්, විධායක කමිටු සාමාජිකයින්, සහය කාර්යය මණ්ඩලයට සහ වෙනත් පුද්ගලයින්ට බෙදා දී ඉතිරි ප්‍රවේශපත්‍ර 9 විනාශ කර දැමු බවට එම සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ මහින්ද හලංගොඩ ජාතික විගණන ආයතනයට පවසා ඇත.

3. එමෙන්ම මෙම තරගාවලිය සඳහා ලැබිය යුතු සාමාන්‍ය ප්‍රවේශපත්‍ර 625න් ප්‍රවේශපත්‍ර 624ක් ලද බවත් එයින් ප්‍රවේශපත්‍ර 434ක් ක්‍රීඩකයන්, සහය කාර්යය මණ්ඩලයට හා විධායක කමිටු සාමාජිකයින්ට බෙදා දුන් බවත් ඉතිරි ප්‍රවේශපත්‍ර 190න් ප්‍රවේශපත්‍ර 35ක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුට ලබාදී ඉතිරි ප්‍රවේශපත්‍ර 155 විනාශ කර දැමු බවත් ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු දැනුම් දී ඇත.

 

 

ක්‍රීඩකයින් වෙනුවෙන් ගෙවීම් කිරීම

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සමග එළඹ තිබු ගිවිසුම් අනුව මුලික වටයේ තරග සඳහා සහභාගිවීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 300,000ක් තරග කළ ක්‍රීඩකයින්ට ලබා දිය යුතු වුවත් ඊට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් වෙනුවෙන් මුදල් ගෙවා නොතිබූ අතර මෙම කෙටුම්පත් වාර්තාව නිකුත් කිරීමෙන් පසු 2023 ජුනි 14 වෙනිදා දින ඇමෙරිකානු ඩොලර් 144,748ක් ක්‍රීඩකයින් වෙත ගෙවා ඇතැයි නිරීක්ෂණය වී තිබේ.

odit 5

 

 

නීති සහ වෙනත් වියදම්

 

 

1. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ' වෘත්තීය ගාස්තු' වියදම් ශීර්ෂය යටතේ 2023 වර්ෂයේ පළමු මාස 3 තුළදී වැය කර තිබු රුපියල් 28,740,300ක් වූ වියදම තුළ නීති වියදම් ලෙස දරන ලද මුදල රුපියල් 23,100,000ක් ඇතුළත්ව තිබු බව නිරීක්ෂණය වීම.

2. විධිමත් අනුමැතියකින් හා වවුචර් පිළියෙල කිරීමකින් තොරව බැංකු ගාස්තු ලෙස රු. 9,029,527ක් ගිණුම් ගත කිරීම.

 

 

මිලදී ගැනීමේ අක්‍රමිකතා

 

 

ක්‍රීඩා පිටියේ ජලය ඉවත් කිරීමට සුපර් සොපර් යන්ත්‍ර 5ක් මිලදී ගැනීමට මිල ගණන් කැඳවා ඇත්තේ ව්‍යාජ නිෂ්පාදකයෙකුගෙන් බවත් එම යන්ත්‍ර සෘජුව මිලදී ගැනීමෙන් තොරව ඇමෙරිකානු ඩොලර් 185,000ක මුදලක් වැඩියෙන් ගෙවීමට උත්සහා දරා ඇති බවත් නිරීක්ෂණය විම.

 

ජාතික විගණන වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශ මොනවාද ?

 

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ශ්‍රී ලංකා රජයට මුල්‍යමය අවාසියක් වන අයුරින් හෝ කීර්තිනාමයට හානිකර ලෙස ක්‍රියාකර ඇති පාර්ශවයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නිසි පියවර ගැනීම.
  • ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල්වරයාට සිය නියාමන කටයුතු පුළුල් කිරීම.
  • ගුවන් ප්‍රවේශපත්‍ර, විදේශීය නවාතැන් පහසුකම්, විදේශ තුළ අභ්‍යන්තර ගමන් පහසුකම් ආදිය පිළිබඳ උපරිම පිරිමැසුම් කාරීත්වයකින් කටයුතු කිරීම.
  • සියලුම ජාතික ක්‍රීඩා සංගම්වලට අදාළ ලෙස පාර්ලිමේන්තු පාලනය තවදුරටත් ශක්තිමත් වන පරිදි අදාළ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ලබා දිය යුතු බවට සහ කාරක සභා හමුවට කැඳවීමේ හැකියාව ලැබෙන පරිදි ක්‍රීඩා පනතට අවශ්‍ය සංශෝධන කිරීම.
  • ක්‍රීඩකයින් සහ නිල කාර්යයන් සඳහා විදේශ ගතවන නිලධාරීන් හා වෙනත් කාර්ය මණ්ඩලවලට ගෙවනු ලබන දීමනා සහ පහසුකම් වෙනුවෙන් රජය හා රජය වෙනුවෙන් කටයුතු කරන ක්‍රීඩා සංගම් දරන වැයබර රජයේ සම්මත නිර්ණායක හා සීමාවන්ට අනුගත කරවීම.
  • බාහිර පාර්ශවවලට අදාළ වීසා ගාස්තු නොගෙවීම සහ අනවශ්‍ය ලෙස වීසා ගාස්තු ගෙවීම නතර කිරීම. වීසා ලබා ගැනීමේ කාර්යය විනිවිදභාවයකින් යුතුව පැවරීම.
  • ක්‍රීඩකයින්ට හිමි තරග ත්‍යාග මුදල් නිසි පරිදි කාලීනව ලබාදීම සහ ඒ පිළිබඳ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම.

 

BBC පුවත ඇසුරිනි.

නවතම ලිපි