SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මිනිස් මොළයට කෘත්‍රිම චිපයක් සවි කිරීමට ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක්ට අයත් නවෝත්පාදන බිහි කරන නියුරලින්ක් සමාගමට අවසර හිමිව ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අංශභාගයෙන් අප්‍රාණිකව සිටින රෝගීන්ට චලනය ලබාදීමට උත්සාහ කරන නියුරලින්ක් පරිගණක චිපයේ මානව පරීක්ෂාවන් සිදු කිරීමත් සමගය.

 

නියුරලින්ක් සමාගම මෙම නිෂ්පාදනය සිදු කර ඇති අතර කොඳු ඇට පෙළට සිදු වූ හානියකින් අප්‍රාණික වූ හෝ අත් පා අප්‍රාණික වීමේ රෝගයට ගොදුරු වූ ඕනෑම රෝගියෙකුට නියුරලින්ක් අධ්‍යයනය සඳහා සහභාගි වීමට හැකියාව ඇති බව සඳහන් වේ.

 

මෙහි ඉදිරි අධ්‍යන කටයුතු සඳහා වසර 06ක් පමණ ගත වනු ඇති බව විශ්වාස කෙරෙන අතර එම අධ්‍යයනය සඳහා තෝරා ගන්නා රෝගීන්ගේ මොළයේ චලනයන් පාලනය කිරීමේ කලාපයේ, රොබෝවක් ආධාරයෙන් නියුරලින්ක් පරිගණක චිපය ස්ථානගත කෙරෙයි.

 
brain-chip startup neuralink, founded by elon musk, has received permission to begin its first human trial, focusing on paralysis caused by spinal cord injuries or als.

musk 2

neuralink logo and elon musk photo are seen in this illustration taken, december 19, 2022. Reuters/dado ruvic/illustration/file photo (reuters/dado ruvic/illustration/file photo)

 

මුලින්ම උත්සාහ කෙරෙනු ඇත්තේ එම රෝගීන්ට සිතිවිල්ලකින් පමණක් පරිගණකයේ කර්සර් එක හෝ කී බෝඩ් එක හැසිරවිය හැකි දැයි සොයා බැලීමය.

කෙසේ වෙතත්, මෙම අධ්‍යයනය සාර්ථක වුවත් නියුරලිනික් පරිගණක චිප් මිනිස් මොළයට බද්ධ කොට අප්‍රාණික වුවත් පණ ගැන්වීම සඳහා වාණිජමය වශයෙන් යොදාගැනීමට තවත් වසර 10ක් පමණ ගතවනු ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

චිපයක් මගින් මිනිසා පාලනය කිරීම ඇරැඹීමේ මූලික අවස්ථාව මෙය විය හැකි බව විචාරකයින් පවසයි.  

musk 3

Elon Musk standing next to a surgical robot during his Neuralink presentation on 28 August 2020. Photograph: Neuralink/AFP/Getty Images

 

@lankatruth

නවතම ලිපි