SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ අප විසින් පල කල " රනිල්ගේ ඉදිරි පිම්ම" ලිපිය සඳහා තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍යව තිබේ. ඒ කිහිප දෙනෙකු විසින් අසන ප්‍රශ්න හේතුවෙනි.

මේ වන විට කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් විශාල ප්‍රචාරයක් ලබා දෙමින් මෝඩ "ජනතාව" වෙත තහවුරු කරමින් සිටිනුයේ වන සතුන් විසින් වසරකට රුපියල් බිලියන 54ක් වටිනා අස්වැන්න විනාශ කරන බවය. මෙම වාර්තා සකස් කොට ඊට අදාළ තීන්දු, තීරණ, සැලසුම්, සකස් කරනුයේ උගතුන් විසිනි.

 

උදාහරණයකට පලතුරු පිළිබඳව සැලකුවහොත්, දැනට ගෙවතු වල ඇති පලතුරු ගස් වල සෑදෙන පලතුරු වලින් හතරෙන් තුනක් පමණ බුක්ති විඳිනුයේ ලේනුන්, මයිනන්, කොන්ඩ කුරුල්ලන්, කහ කුරුල්ලන්, කොවුලන් වැනි සතුන් කිහිප දෙනෙකි (මීට අවුරුදු 40කට පමණ ඒවා බුදීම සඳහා සිටි සතුන් අද නොමැත). උන්ගේ ගහනයන් ද මීට අවුරුදු 40කට පමණ පෙර සිටි ගහනයන් සමග සැසඳීමේදී ඉතාම අඩු වී ඇත. එසේම එකල සිටි පලතුරු බුදින්නන් වන පණු කොට්ටෝරුවා, කොට්ටෝරුවා, පොලොස් කොට්ටෝරුවා, ඇතුළු තවත් කුරුල්ලන් අද දකින්නට නැත. කපුටන්, ගිරවුන් වැනි බහුලව සිටි කුරුළු ගහනය දැඩිව පහත බැස ඇත. එසේම වවුලන් ද අද එතරම් නොමැත. නම් වශයෙන් සඳහන් නොකලද සමස්තයක් ලෙස පලතුරු බුදින කුරුල්ලන් දැඩිව අඩු වී ගොස් ඇත. නමුත් පලතුරු බුදින කුරුළු ගහනයන් අදට වඩා දැඩිව ජීවත් වූ දැනට අවුරුදු 40කට පමණ පෙර අතීතයේ මීට වඩා පලතුරු තිබූ අතර ගෘහ ආශ්‍රිත පලතුරු ගස් වල පලතුරු සතුන්ගෙන් ප්‍රවේසම් කොට ගැනීමේ මේතරම් අපහසුවක් නොවීය. සුවිශේෂී කාරණය නම් අදට වඩා පලතුරු එකල බහුල වීම සහ විශාල පලතුරු විවිධත්වයක් ද පැවතීමයි. කිසියම් නිවසක ගසකින් පලතුරු කඩා ගෙන කෑම එකල ඒ නිවැසියන් ප්‍රශ්න නොකරන තත්වයක් පැවතුනි.

අද වන විට පලතුරු ගස් සිටෙව්වද එතරම් ඵල හට ගැනීමක් සිදු නොවේ. උදාහරණ වශයෙන්, අඹ, කජ්ජු, වැනි ගස් වල ඵල හට නොගන්නා තත්වයක් උදා වී තිබේ. එසේම හැමතැනම තිබූ කජ්ජු ගස් අද නොමැත. එකල කජු අහුලා ගැනීමට අවශ්‍ය නම් යා යුත්තේ කජු ගස් මුලට වඩා වවුල් පළවල් වලටය.

මී මැස්සන් වැනි කෘමි සතුන් ඉතාම දරුණු ලෙස වඳ වී ගොස් ඉතිරිව ඇත්තේ ඉතා සුළු පරිමාණයෙන් පමණි. බොහෝ කෘමි සතුන් අද නොමැත. එසේම කෘමි සතුන් වඳවීමේ සීග්‍රතාවය ඉහල ගොස් ඇත. මේ සතුන් වඳ වී යාමට බලපෑවේ මානව (විද්‍යාත්මක) දැනුමයි. එම දැනුමින් කල බුද්ධිමය මැදිහත්වීමයි. එය සිදු වූයේ පසුගිය සියවසේ මැද භාගයෙන් පසුවයි.

 

කෙසේ වෙතත් අද පලතුරු ඉතාම හිඟය. වස විස ගසා වෙළඳපොලේ විකිණීමට තිබුන ද ඇත්තේ පැපොල්, කෙසෙල්, අන්නාසි, කොමඩු, අඹ, වැනි පලතුරු කිහිපයකි. ඒ මහා පරිමාන වගාවන් වෙතින් පැමිණෙන පලතුරුය. ඒ, ඒ, වාරයට හැදෙන පලතුරු විවිධත්වය මේ වන විට බොහෝ දුරට අහෝසි වී ගොස් ඇත. එසේම ගෘහ ආශ්‍රිතව පලතුරු වැවීමක් නොමැත. මධ්‍යම පාන්තික සියලු දෙනාගේ අභිප්‍රාය වී ඇත්තේ පර්චස් 10-15ක් ගෙන කෝටියේ සිට කෝටි 10 හෝ ඊටත් වඩා වටිනා නිවසක් තනා ඉතිරි භූමියේ සිමෙන්ති දමාගෙන අලංකාරවත් ගස් සිටවා වියදම් කරමින් නඩත්තු කිරීමයි. ගම් වල සිටින මිනිසුන් ද දැන් එහෙමට පලතුරු ගස් සිටවන්නේ නැත. ඊට හේතු කිහිපයක් වන්නේ ඒවා සතුන්ගෙන් ප්‍රවේසම් කොට ගැනීමට සහ සිටවීමට කාල වෙලාව නොමැති වීම, ඵල හට නොගැනීම, ගම් වල මිනිසුන්ද ගෙවතු අලංකරණයට හුරු වී සිටීම, වෙනත් කටයුතු වල නිරතවීම, වැනි තත්වයන් හේතුවෙනි.

 

ඒ අනුව සතුන් සිටි එකලට වඩා සතුන් නොමැති මෙකල පලතුරු හිඟව ඇත. බොහෝ දෙනෙකුට පලතුරු ආහාරයට ගැනීමට නොහැකිව ඇත (ප්‍රධාන පලතුර කෙසෙල් වී ඇත්තේ එබැවිනි). එවිට මෙය සත්ව ගහනයේ ප්‍රශ්නයක් ද? සත්ව ගහනය අඩු වීම මීට බලපෑ නැතැයි කිව හැකි ද?

 

අද වන විට මයියොක්කා ගසක් හෝ සිටවා ගත නොහැකි මට්ටමට ඌරන්, ඉත්තෑවන් වැනි සතුන්ගෙන් බලපෑම් එල්ල වේ. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ රට පුරා මාර්ග ඉදිකොට ලක්ෂ 85ක පමණ වාහන කන්දරාවක් සංවේදී කැලෑ ප්‍රදේශ වල පවා ධාවනය වීම (සිංහරාජය මැදින් ද මාර්ග ඉදිකෙරුණි) සහ ඒවායේ සිටිනා සතුන් මිනිස් ඇසුරට පත්වීමයි. සතුන් ගම් වැදීම ආරම්භ වන්නේ ඒ ක්‍රියාකාරීත්වයන් සමගිනි. උදාහරණයකට දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ වීම සහ එම මාර්ගය දිවෙන දෙපස ගම්මාන වලට ඌරන්, ඉත්තෑවන් වැනි සතුන් සංක්‍රමණය වීම අතර සම්බන්ධය දැන් බොහෝ දෙනෙකුට අමතකව ගොසිනි. ලංකාව යනු ලෝකය සමග සැසඳීමේදී මාර්ග ඝනත්වය අතින් පසු වන්නේ හතරවන ස්ථානයේය. ඒ කුඩා රටක්ව පවතිද්දීය. එසේම වන ගහනයන් ඇති ප්‍රදේශ වල පවා මිනිස් වාසයන් ඇති අතර ඒවාටද මාර්ග සහ විදුලිය ලබා දීම සිදුවිය (එතරම් මුග්ධත්වයක් තවත් පැවතිය හැකි ද?).

 

අප ඉදිරිපත් කරන අදහස පිළිගනිමින්, එසේ පිළිගන්නා බොහෝ දෙනෙකු විමසා සිටිනුයේ යථාර්තය මේ තත්වය නම් යථාර්තවාදීව වන සතුන් විකුණා හෝ මර්ධනය නොකොට වගාවන් රැක ගන්නේ කෙසේ ද යන්නයි. සැබවින්ම විද්‍යාත්මක ප්‍රවේශය එයයි. විද්‍යාත්මක විසඳුම් පැමිණෙන්නේ යථාර්තය භාරගනිමින් යථාර්තවාදිවය. ආර්ථික විද්‍යා විසඳුම් ද එසේය.

රිලව් 2

 

රවී කරුණානායකගේ ආර්ථික උපදෙස් අනුව රනිල් වික්‍රමසිංහ උත්සාහ දරමින් සිටිනුයේ රිලව්, ඌරන්, මොනරුන්, අලි-ඇතුන්, ඇතුළු විකිණිය හැකි සතුන් සියල්ල විකුණා දමා ජනතාවට ආතල් දී කෙසේ හෝ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය ලැබීමේ ඉලක්කයේය. රාජ්‍ය  ව්‍යවසායන්, ඉඩම්, කැලෑ ඇතුළු විකිණිය හැකි සියල්ල ඔහු විසින් විකුණනු ඇත. ප්‍රශ්නයකට ඇත්තේ ඒවා මිල දී ගැනීමට කිසිවෙකු මේ වන විට ඉදිරිපත් නොවීමයි.

 

රනිල් සහ රවී 2015 වසරේ සිට ලබාගත් ණය (ඇමරිකානු ඩොලර් බිලියන 26ක්) හේතුවෙන් ශ්‍රී ලංකාව 2018 වසරේදී ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට පැමිණියේය (මේ සබැඳියාවට ගොස් ලෝක සිතියම play කොට බැලීමේදී 2018 වසරේදී ප්‍රථම වරට ලංකාව ලා කොළ පැහැති වේ - https://datatopics.worldbank.org/.../the-world-by-income...).

තව දුරටත් ණය හෝ ආදාර ලබා ගත නොහැකිය. නමුත් "ජනතාව" කෙල හලමින් බලා සිටිනුයේ එකල තිබූ නත්තල් නැවත උදා කොට දිය හැකි දෙවියෙකු දෙසය. නමුත් එකල තිබූ නත්තල නැවත උදා නොවන බව ඔවුන්ට නොවැටහේ. ඒ ණය බලයෙන් උදා කොට ගත්තේ ලංකාවට මේ ලෝක තත්වය තුල ගිය හැකි උපරිමයයි.

සිතියම

 

 

මේ වසරේ මේ වන විට ඩොලර් බිලියන 68.5ක ණය කන්දරාවක් එකතුව ඇත. ලබන වසරේදී එය බිලියන 77ක සීමාවට පැමිණෙනු ඇත. ඊළඟ වසරේ 87ක්... ආදී වශයෙන් වසරින් වසර පොලියද සමගින් ණය කන්ද සීග්‍රයෙන් ඉහලට යාමට නියමිතව ඇත.

ආර්ථික විද්‍යාවට අනුව විසඳුම වන්නේ ලෝක වෙළඳපොල සමග තරඟ කල හැකි නිෂ්පාදන ආර්ථිකයක් කරා යාමය. එය, ආර්ථික විද්‍යා ගොං මීමුන්ට න්‍යායිකව පවසා ඒ සඳහා ප්‍රතිපත්ති සකස් කොට දිය හැකි වුවද ප්‍රායෝගිකව කල නොහැකි දෙයකි (ඊට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ආර්ථික විද්‍යාවට ලෝක බල දේශපාලන යථාර්තය අදාළ නොවන බැවිනි). එසේ කල හැකි යයි යම් කිසි අපේක්ෂාවක් හෝ තැබිය හැක්කේ 65%ක් වන ස්ත්‍රී රැකියා වියුක්තිය ශ්‍රම වෙළඳපොළට හරවමින් පැය 14-16ක තරම් ශ්‍රම-කාලයක් සඳහා (ප්‍රසූත නිවාඩු වැනි සුභසාධන පවා අහෝසි කරමින්) සහ ඒ හා සමගාමීව දැනට ව්‍යූහගතව ඇති ආකාරයෙන් පුරුෂ ශ්‍රමය ද මුදාගෙන එයද පැය 16ක පමණ කාලයක් සඳහා ව්‍යූහගත කිරීමෙනි. ඔය සියල්ල සිදු කිරීමට ප්‍රථම ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සම්මත කර ගත යුතුව ඇත. එම පනත සම්මත කොට නොගෙන ආර්ථික විද්‍යා මාවතේ ගමන් කල නොහැකිය.

 

එබැවින් වසර දෙකක් හෝ තුනක් යන විට ඇමරිකානු මැදිහත්වීමක් සිදු නොවූවොත් (ඇමරිකාවට ශ්‍රී ලංකාව පිළිබඳව දැඩි උනන්දුවක් ඇති අතර ඊයේ ඇමරිකානු මැදිහත්වීමෙන් ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා මූලික පියවර තැබීය) රනිල් අසාර්ථක වී ශ්‍රී ලංකාව අනන්ත අසරණ තත්වයකට කඩා වැටීමට නියමිත සම්භාවිතාවය ඉතාමත්ම ඉහලය. එය සුළු පටු කඩා වැටීමක් නොවනු ඇත (රනිල්-මංගල-බැසිල් තුන් පූට්ටු සන්ධානයක් ඇති වීම අනීවාර්යක් බව අප ප්‍රකාශ කලේ 2020 වසරේදීය). මංගල මිය ගිය අතර බැසිල් රනිල් එකතු වී ආණ්ඩුවක් පිහිටුවීය.

 

@Spartacus lipi

නවතම ලිපි