ජනතාව වත්මන් ආණ්ඩුවට බලය දුන්නේ කැලෑ නීතිය වෙනුවෙන් පෙනී සිටීමට නොවන බව
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් (සජබ) පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප්‍රකාශ කළේය.
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම සඳහා වූ ජාතික වැඩසටහන පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් මුජිබර් රහුමාන් මෙසේද පැවසීය.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය කර තිබෙනවා. මහජන දිනය පවත්වන විට කාමරයට පැමිණ මේක සිදුව තිබෙනවා. මේ ඝාතනයේ පේන දේවල් තිබෙනවා.
මෙයින් පසු ඇමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ කතා කළේ පාතාලය ගැන කියමින්. ශිෂ්ට සම්පන්න බවක් අපි දැක්කේ නැහැ. ඒ ඝාතනය සාධාරණීකරණය කළා. මම ලජ්ජා වෙනවා එවැනි ඇමැතිවරයෙක් සමඟ පාර්ලිමේන්තුවේ ඉන්න ලැබීම සම්බන්ධයෙන්. සභාපතිවරයාට අපරාධ චෝදනා තිබෙනවා නම් අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඝාතනය කරන්න බැහැ.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කියා තිබෙන්නේ මොනවාද. ඇයි මැරුවේ. කොහොමද මැරුවේ. ඇයි මරන්න ඉඩ දුන්නේ කියා අනුර කුමාර දිසානායක හැමදාම ප්‍රශ්න කර තිබෙනවා. අද මොනවා ද කියන්නේ. එම සභාපතිවරයා සතුව තුවක්කු තිබෙනවා නම් ඒවා සොයා ගන්න තිබුණා.
ඔහු සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න තිබුණා. නමුත් මරා දැම්මා. ඒ සභාපති ලෙස මාස හයක් සිටියා. වැරැදි කර තිබෙනවා නම් ඒ කාලයේ දඬුවම් දෙන්න තිබුණා.’

