SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාශාවෙන් සිදුකළ යුතු බවට පහුගියදා පාර්ලිමේන්තුවේ සංවාදයක් ගියා.

වර්තමානයේ අධිනිශ්චයව පවතින තාක්ෂනික ලෝකය තුළ ගනුදෙනු කිරීමේදී වගේම රැකියා ක්ෂේත්‍රයන්හිදීත් ඉංග්‍රීසි භාශාව දැන් අත්‍යවශ්‍ය කොන්දේසියක්. එනයින් අධ්‍යාපනය ඉංග්‍රීසියෙන් පමණක් සිදුකළ යුතුයැයි කිවීම විහිළුවකි. භාශා ප්‍රවීනතාව  කුඩා වියේ සිට දරුවෙකුට ලබාදීමයි, විෂය හැදෑරීම ඉංග්‍රීසියෙන් පමණක් කළයුතුයැයි තර්ක කිරීමයි කාරණා දෙකකි. එය බටහිර ගැති මානසිකත්වයක දෝෂයකි. විවාදාපන්න මාතෘකාව වූයේ නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාශාවෙන් පමණක් සිදුකිරීමයි.

ඒ සඳහා පැන නගින ගැටළුව නම් මේ වනවිට අධ්‍යාපන ක්ෂේත්‍රය පවතින්නේ ජාතක ප්‍රතිපත්තියකට අදාළව නොවේ. ගම - නගරය, ඇති - නැති පරතරය වැනි කාරණා මත පදනම්ව පාසැල් අධ්‍යාලනයන්හි විෂමතා පිරී පවතී. බොහෝ පාසැල්වලට අදාළ විෂයයන්වලට ගුරුවරුන් සහ අවශ්‍ය පහසුකම් නැති අතර නාගරිකව ක්‍රියාත්මක වන ජනප්‍රිය තලයෙ පාසැල්වලට අසීමිත ගුරුවරුන් ප්‍රමාණයක් සහ ප්‍රමාණය ඉක්මවා යන තරමේ පහසුකම් රඳා පවතී. සිංහල අධ්‍යාපනය ලබන දරුවන්නේ ජීවන ක්‍රමය තුළ මේ පරතරයන් නිසා විශාල පංති පදනමක් බිහිව ඇත. ඒ පංති පදනමෙන් ගොඩ ඒමට දෙමාපියන් සියළු ජීවත්වීමේ සිද්ධීන් පසෙකලා තරගකාරී ලෙස තම දරුවාව සැඩපහර සහිත ගංගාවෙන් එතෙර කරන්නට වෙර දරති. එසේ ඊනියා විභාග රටාව තුළ ලබාගන්නා ප්‍රතිඵල මත එවැනි දරුවෙක්ට එකවර ඉංග්‍රීසි භාශවෙන් නීති අධ්‍යාපනය ලබාගැනීම අවුලක් විය හැකිය. ඒ අනුව මෙම යෝජනාව හුදෙක් පංති පදනමක් මත ගෙන ආවකි. භාශාවක ප්‍රවීනතාවය ලද පමණින් විෂය ප්‍රවීනයකු විය නොහැකියි. එසේ වූයේ නම් ඉංග්‍රීසි භාශාව ස්වකීය මව්බස කරගත් රටවලදී හැමදෙනාම බැරිස්ටර් විය යුතුය. පවත්නා ඊනියා අධ්‍යාපනයට නව ප්‍රතිපත්ති හඳුන්වා දිය යුතුය. එහෙත් එය ක්‍රියාත්මක  වන්නේ කොතෙක් දුරට එය හැමට එක හා සමානව භුක්ති විදිය හැකිද යන්න මතය.

මේ පහත ලිපියෙන් කියැවෙන්නේ කොළඹ අගනගරයෙන් වැඩි ඈතක නොව වත්තල ප්‍රදේශයේ අන්ත අඩු පහසුකම් සහිත පාසැලක දරු දැරියන් පිරිසක් ගැනය. එය එසේ නම් අගනගරයේ ඈත පිහිටි ග්‍රාමීය පාසැල් ගැන කවර නම් කතාද?‍ (සටහන - සමාරා පරණවිතාන)

 

image 14 nelum

 

“කිරිත් නැති, කැකිරිත් නැති” වත්තල ළමයින්ට 

නෙළුම් යායෙන් තවත් එක් ප්‍රදානයක්!

වත්තල, මාබෝල, වැලිකඩමුල්ල ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ අඩු ආදායම්ලාභී දරුවන් සඳහා පාසල් බෑග් 110ක් පරිත්‍යාග කිරීමේ උත්සවයක් (26) නෙළුම් යාය පදනම ඔස්සේ සංවිධානය කර තිබුණි.

මෙම කටයුත්ත සාක්ෂාත් කර ගැනීමට ඇප කැප වූ අයට අපගේ හඳ පිරි ස්තූතිය පිරිනමන අතර නැවත නැවතත් පූදින්නට වෙර දරණ මල් කැකුළු වල ගුණාත්මක අධ්‍යාපන සංවර්ධනය අපේක්ෂා කරමින් දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් ලංකාව පුරා මෙය රැගෙන යාමට අපි ඇප කැප වන්නෙමු.

 

image 13 nelum

 

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ (Colombo International Container Terminals) ප්‍රධාන විධායක නිලධාරී Jack Huang සහ දිනේෂ් වීරක්කොඩි පදනම (Dinesh Weerakkody Foundation) විසිනි.  

 

image10 2

 

වල් වැදුණු පිට්ටනියෙහි අයිතිය රැඟත් මේ පාසලෙහි මුලු සිසු සිසුවියන් ගණන 187 කි. ඔවුන්ට ගුරුහරුකම් දීමට සිටින ගුරුභවතුන් 13 කි. අනාගත ලෝකය දකින්න වෙහෙසෙන මොවුන්ගේ පාසලෙහි ඉංග්‍රීසි භාෂාව,ICT සහ විද්‍යාව යන විෂයයන් ඉගැන්වීමට කිසිඳු ගුරුවරයෙක් නොමැති වීම කණගාටුවට කරුණකි. ලංකාවේ මේ සම්බන්ධයෙන් වඟකිවයුත්තන් ගේ අවධානය ද මේ අවස්තාවේ දී අපි බලාපොරොත්තු වෙමු.

ඉදින්, ඔවුනට සරණක් වන්නට හිතැති ඔබට ද අප හා අත්වැල් පවුරු බැඳ ගත හැක. එවිට ඔවුන්ගේ සතුටු මුහුණු අපට මෙන්ම ඔබට ද දැකිය හැකිවනු ඇත.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඔස්සේ අප හා සම්බන්ධ වන්න.

මෙය නෙළුම් යාය පදනමෙහි තවත් එක් සමාජ සත්කාරයක්!

ඡායාරූප: ධනංජය සෙනෙවිරත්න

 

@ LankaNewsWeb

නවතම ලිපි