SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

ඉන්දියාවේ මුම්බායි නගරයේදී  පැවැත්වුණු ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කාර් තුමාගේ 135 වැනි

අනුස්මරණ සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ උත්සව මාලාවකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාගේ කණ්ඩායමක් සහභාගී විය.

 

 

මෙම නියෝජිත පිරිසට, ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝසභාවේ මහනායක ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේලා ඇතුළත් වූහ.

 

 WhatsApp Image 2025 12 07 at 17.15.271

 

මුම්බායි නගරයේ පැවති අනුස්මරණ උත්සව මාලාවේදී, ආචාර්ය අම්බෙඩ්කාර් තුමා වෙනුවෙන් සංවිධානය කොට තිබූ ජාත්‍යන්තර සංඝදාන වැඩසටහනට ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා කණ්ඩායම විශේෂයෙන් සහභාගී වූහ. මෙය දෙරට අතර බෞද්ධ සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් විය.

 

 

මීට අමතරව, ඔවුන් ආචාර්ය අම්බෙඩ්කාර් තුමාගේ ගුණානුස්මරණ උත්සවයටද සහභාගී වී එතුමාගේ ශ්‍රේෂ්ඨ සේවය සිහිපත් කළහ.

 

 

මෙම වැදගත් සංචාරය සහ වැඩසටහන් සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකා පාර්ශවයේ ගෞරවය හිමි වන්නේ, ශ්‍රී ලංකා බෞද්ධ සහෝදරත්ව පදනමේ සභාපති, පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයේ සභාපති හා අන්තර්ජාතික බෞද්ධ මහා සමිති සම්මේලනයේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරි ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාට ය. ඉන්දීය පාර්ශවයෙන් සංවිධාන ශක්තිය දැරූයේ Buddhist Sangha Foundation ආයතනයයි.

 

 

  සහභාගී වූ සුවිශේෂී නායක හිමිවරු ලෙස මෙම කණ්ඩායමට, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොස්ගොඩ ඤාණින්ද හිමිපාණන් වහන්සේ සහ බියගම ත්‍රෛනිකායික භික්ෂු බල මණ්ඩලයේ සභාපති බෙලිගල අමරසිරි හිමිපාණන් වහන්සේ ඇතුළු ගෞරවනීය භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් සහභාගී වී සිටිය හ. එසේම මෙම වැඩසටහනට ශ්‍රි ලංකාවට අමතරව මියන්මාරය, කාම්බෝජය, තායිලන්තය, බංගලාදේශය ඇතුළු රටවල් කිහිපයක  සංඝයා වහන්සේලා ද සහභාගි විය.

 

මෙම සංචාරය මඟින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන බෞද්ධ හා සංස්කෘතික බැඳීම් තවදුරටත් තහවුරු වනවා සේම  ඉන්දු ශ්‍රී ලංකා සංඝ මිත්‍රත්වයේ විශේෂ සංන්ධිස්ථානයක් ලෙස සනිටුහන් කළ හැක.

 

@බෞද්ධ සහෝදරත්ව පදනම

නවතම ලිපි