වගවීම සහ විනිවිදභාවය සිය ප්‍රතිපත්තිවල මූලිකාංග බවට පත්කරගත් ආණ්ඩුවක්, රාජ්‍ය මූල්‍ය පාලනයේ
උත්තරීතර අධිකාරිය වන විගණකාධිපති තනතුරට දූෂණ චෝදනා සහිත නිලධාරිනියක් යෝජනා කළේ ඇයි? ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නොසලකා හැරීමට හේතුව කුමක්ද?
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය පාලනයේ උත්තරීතර අධිකාරිය වන විගණකාධිපතිවරයා ස්ථිර වශයෙන් නම් කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කරමින් සැබෑ දේශපාලන 'නාටකයක්' බවට පත්ව ඇත. 'දූෂණයට' සහ 'ගජමිතුරුවාදයට' එරෙහිව සටන් වදින බවට දැඩි ලෙස සපථ වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නායකත්වය යටතේ මෙලෙස තනතුරක් දීර්ඝ කාලයක් තිස්සේ වැඩබලන පදනම මත පවත්වාගෙන යාම, අනුර කුමාර සහෝදරයාම මේ දැයි සැක පහළ කරවයි.
ව්‍යවස්ථාපිත තත්ත්වය සහ වත්මන් අර්බුදය
විගණකාධිපතිවරයා නම් කිරීම සිදුවන්නේ ව්‍යවස්ථාදායක සභාවේ (Constitutional Council) අනුමැතිය මතය. ඒ සඳහා නිලධාරියාගේ නම ඉදිරිපත් කිරීමේ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාටය.

[The Constitution of the Democratic Socialist Republic of Sri Lanka - 41C(1) වගන්තිය]
වත්මන් වැඩබලන විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා මාස නවයකට අධික කාලයක් තිස්සේ වරින්වර ලැබෙන පත්වීම් මත රාජකාරියේ නිරතව සිටී. විගණන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතමයා වන ඔහු සුදුස්සා වන්නේ නම් ස්ථිරවම පත්කළ යුතු බවට ව්‍යවස්ථාදායක සභාවේ ස්ථාවරය වී තිබුණද, ජනාධිපති කාර්යාලය විසින් දිගින් දිගටම ඔහුගේ ස්ථිර පත්වීම කල් දමමින් සිටින බව පැහැදිලිය.
දූෂණ චෝදනා සහිත කණිෂ්ට නිලධාරිනියක් යෝජනා කරයි
මෙම 'නාටකයේ' අවසාන භාගය ලෙස, දෙසැම්බර් 05 දින රැස්වූ ව්‍යවස්ථාදායක සභාව වෙත ජනාධිපතිවරයා විසින් එවා ඇත්තේ දැනට සිටින වැඩබලන විගණකාධිපතිවරයාට වඩා ජූනියර් මට්ටමේ නිලධාරිනියකගේ නමකි. ඒ, රාජ්‍ය බැංකු විගණනය බාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති - L.S.I. ජයරත්න මහත්මියයි.
කෙසේ වෙතත්, මෙම නිලධාරිනිය සම්බන්ධයෙන් කළ සොයා බැලීම්වලදී ඇයට එරෙහිව බරපතළ දූෂණ චෝදනා සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.
L.S.I. ජයරත්න මහත්මියට එරෙහි චෝදනා සහ සාක්ෂි
මේ වනවිට අල්ලස් හෝ දූෂණ කොමිසම (CIABOC) විසින් සමහර සිදුවීම් සම්බන්ධව ඇයට එරෙහිව විමර්ශන අරඹා ඇති බවට තහවුරු වී ඇත.
1. ලාභ-සම්බන්ධතා ගැටුම් (Conflict of Interest) සහිත විදේශ සංචාර
- චෝදනාව: විගණනයේ ස්වාධීනත්වයට හානිවන පරිදි, විගණනය කරන බැංකු වලින්ම පහසුකම් ලබා ගනිමින් විදේශ සංචාරවල නියැලී ඇත.
- සාක්ෂි: 2025 අගෝස්තු 04 දිනැති CIABOC ලිපියට අනුව, 2024 දෙසැම්බර් 08 දින (BOC Chennai) සංචාරය සම්බන්ධයෙන් ඇයට එරෙහිව විමර්ශනයක් දැනටමත් අරඹා ඇත.

2. විනය විරෝධී ක්‍රියා සහ දඬුවම්
- චෝදනාව: නිසියාකාරව රාජකාරී ඉටු නොකරමින්, කාර්යාල වේලාව තුළ බාහිර ආයතනවල කටයුතුවල නියැලී මුදල් ඉපයීමට හසුවී දඬුවම් ලබා ඇත.
- සාක්ෂි: 2014 සැප්තැම්බර් 21 දිනැති අභ්‍යන්තර විනය පරීක්ෂණ වාර්තාවක් මගින් මෙය තහවුරු වේ.

ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රතික්ෂේපය සහ ඉදිරි අභියෝගය
ව්‍යවස්ථාදායක සභාවේ සාකච්ඡාව
පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන්නේ, දෙසැම්බර් 05 දින රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී අදාළ නිලධාරිනියගේ නම ඉදිරිපත් වූ විට, ඇයට එරෙහිව පවතින CIABOC විමර්ශන සහ විනය චෝදනා පිළිබඳවද සභාව තුළ සමීපව සාකච්ඡා වී ඇති බවයි.
එහිදී එම රැස්වීමට විපක්ෂ නායකවරයා සහ ආණ්ඩු පක්ෂය පාර්ශ්වයේ දෙදෙනෙක්ද සහභාගී වී නොමැති බව වාර්තා වන අතර සහභාගී වූ සාමාජිකයින් 07 දෙනාගෙන් 04 දෙනෙක් ජනාධිපතිවරයා එවා ඇති යෝජනාවට විරුද්ධව ඇති බවට ද එකී ආරංචිමාර්ග පවසයි.
දූෂණ චෝදනා සහිත නිලධාරිනියගේ නම ජනාධිපතිවරයා විසින් මාස තුනක් සඳහා යැයි යෝජනා කර තිබුණද, මෙම තනතුර තවදුරටත් 'වැඩබලන තනතුරක්' ලෙස නොව 'වගකිව යුතු තනතුරක්' ලෙස ස්ථිර පත්කිරීමක් කළ යුතු බවට දැඩි ස්ථාවරයක සිට ව්‍යවස්ථාදායක සභාව විසින් එය ප්‍රතික්ෂේප කර ඇත.
පත්වීම පිටුපස සිටින සම්බන්ධීකාරකයා පිළිබඳ සැක
මෙම තත්ත්වය සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා මීට පෙර හෙළිදරව් කර ඇත්තේ, මෙම පත්වීම් පිළිබඳ ගැඹුරින් ජනාධිපතිවරයා නොදන්නා බවත්, මෙම 'නාටකය' පිටුපස ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සිටින බවට බරපතළ සැකයක් පවතින බවත්ය. මෙම නිලධාරියා, වත්මන් වැඩබලන විගණකාධිපති ගම්මන්පිල මහතා අතර ඇති බණ්ඩාරවෙල සෙන්ට්‍රල්හි 'පාසැල් මිතුදම' වෙනස් වීමට හේතු වූ වෘත්තීය සබඳතාවන් මත පදනම් වූ බලපෑමක් ද සිදුකරන්නට ඇතැයි සැක පහළ වේ.
මෙම සිදුවීම් මාලාව මගින් පැහැදිලි වන්නේ, වත්මන් ආණ්ඩුවේ නායකත්වය විසින් ජනවාරි මාසයේදී කල් ඉකුත් වන ව්‍යවස්ථාදායක සභාවේ කාලය අවසන් වන තෙක් මෙම 'නාටකය' රඟ දක්වමින් සිටින බවට මතයක් ගොඩනැගීමේ අවදානමයි.
"එසේ වුවහොත් ලංකා ඉතිහාසයේ දූෂනයට විරුද්ධව බිහිවූ ආණ්ඩුවට තවදුරටත් එකී සටන්පාඨය තුළ කටයුතු කිරීමට අයිතිවාසිකමක් නොමැති වනු ඇත."
ජ්‍යෙෂ්ඨතම සහ සුදුසුකම්ලත් නිලධාරියෙකු ස්ථිර නොකර, දූෂණ චෝදනා සහ විනය විරෝධී චෝදනාවලට ලක්වූ නිලධාරිනියක තාවකාලිකව හෝ පත්කිරීමට යෝජනා කිරීමෙන් ඔවුන්ගේ 'දූෂණ විරෝධී' සටන්පාඨයම ප්‍රශ්න කරනු ලබයි.
පෙර ලිපි සබැඳි -
https://www.slleader.lk/news/13204-2025-11-27-07-13-31

