SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec


කොළඹ අහස උසට නැගෙන 'පෙන්තාරා' සුපිරි මහල් නිවාස ව්‍යාපෘතිය (Pentara Residencies) වටා

මේ දිනවල කැරකෙන ගොසිප් නම් ඉවරයක් නැහැ! නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් මේ 'සුපිරි සිහිනයට' ලබා දුන් අනුමැතිය, UDAහිම ගැසට් රෙගුලාසිවලට පටහැනියි කියන කතාව නිසා දැන් මේක ජනාධිපති මන්දිරය දක්වාම ගිහින්!

 

 

ජනාධිපතිතුමාට ගිහින් ඇත්ත කියන්නේ කවුද?

ප්‍රශ්නය පටන් ගත්තේ උස ගැන! නීතිවලට අනුව තිබිය යුතු උස සීමාව කඩලා, මහල් ප්‍රමාණය වැඩි කරලා මේකට කොහොමද UDA එකෙන් අනුමැතිය දුන්නේ කියන එකයි මුළු රටේම ප්‍රශ්නය.

 

මේ ගැන හොයන්න අතිගරු ජනාධිපතිතුමා සාකච්ඡාවක් කැඳවලා තියෙනවා. ඒකට UDA එකෙන් නිලධාරීන් කණ්ඩායමක් නම් කරලා තියෙනවා. හැබැයි අරංචිවල හැටියට ඒ කණ්ඩායමේ ඉන්න අයට තමයි මේ ප්‍රශ්නකාරී අනුමැතිය හදලා දීලා තියෙන්නේ! මේක හරියටම “හොරාගෙ අම්මගෙන් පේන අහනවා” වගේ වැඩක් කියලා තමයි UDA එකේම නිලධාරීන් පවා මිමිණුවේ.

 

  • MP රණතුංග (නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - සැලසුම්)
  • EMS ඒකනායක (අධ්‍යක්ෂ - කොළඹ මහ නගර ප්‍රදේශය)
  • යසන්ත ප්‍රදීප් (නියෝජ්‍ය අධ්‍යක්ෂ - සැලසුම්)
  • දයානි කිරිවත්තුඩුව (වැඩබලන අධ්‍යක්ෂ - නීති)

 

මේ ලැයිස්තුව දිහා බැලුවාම, ඒකපාර්ශ්වීය පැහැදිලි කිරීමක් විතරක් ජනාධිපතිතුමාට ලැබෙන්න තියෙන ඉඩ වැඩියි කියලා තමයි ගොසිප් ලෝකයේ මතය. ඇත්තටම නීතියට පිටින් ගිහින් වැඩේ කරගන්න උදව් කරපු අයම, ඒක “නීත්‍යානුකූලයි” කියලා ඔප්පු කරන්න යන එක මේ සියවසේ හොඳම විහිළුව වෙන්න පුළුවන්!

 

 

සල්ලි දීලා වැඩේ කරගන්න හැදුවද?

 

මේ අතරේ, ව්‍යාපෘතියේ හිමිකරු ලොක්කා කියලා තියෙන කතාවක් තමයි උණුසුම්ම ගොසිප් එක වෙලා තියෙන්නේ. එතුමා කියලා තියෙන්නේ, "හෙටින් පසු සියලු ප්‍රශ්න ඉවරයි, වැඩේ කරගෙනයන්න පුළුවන්" කියලා. ඒ වගේම, "ඡන්දවලට මිලියන ගණන් සල්ලි දුන්නා, දැන් ඒවායේ ප්‍රතිඵල තමාට ලැබිය යුතුයි" කියලත් ලොක්කා කට ඇරලා!

 

 

අර ඉස්සර මිනිස්සු නිතර කියපු කතාවක් තිබුණා, "බල්ලොත් එක්ක ලැග්ගානම් මැක්කොත් එක්ක නැගිටින්න වෙයි" කියලා. ඡන්දවලට සල්ලි දීලා, දැන් ඒකේ 'ප්‍රතිලාභ' විදියට නීති විරෝධී වැඩක් කරගන්න හදනවා නම්, මේක දේශපාලනයේ සහ නාගරික සංවර්ධනයේ විනිවිදභාවයට එල්ල කරන මරු පහරක්! අලුත්ම ගොසිප් එක නම් ලොක්කා මිලියන 50ක අලුත්ම චෙක් එකක් ගැනත් කතා කරගෙන යනවාලු!

 

 

 ඇමති බිමල්ට මොකද වෙන්නේ? අනුර පනින්න හදන්නේ ඇයි?

 

මේ ඔක්කොම ව්‍යාකූලතා මැද, නාගරික සංවර්ධන විෂය භාර ඇමතිවරයා වන බිමල් ඇමතිතුමා නිහඬව ඉන්නේ ඇයි කියන එකත් ප්‍රශ්නයක්. මේ දේවල් බිමල් ඇමතිවරයා විසින් නිසි ලෙස විසඳාගෙන එන දේවල් වෙලා තියෙද්දී, ජනාධිපති අනුර මැද්දට පැනලා මේක හාන ස්වරූපයක් තමයි දැන් දැන් පෙනී යන්නේ.

 

මේ නීතිමය අවුල, බලපෑම් සහ පක්ෂපාතී තීරණ නිසා රටේ ජනාධිපතිතුමාට පවා නිවැරදි තොරතුරු ලැබෙන්නේ නැති තත්ත්වයක් ඇතිවෙලා. තුම්මුල්ල 'පෙන්තාරා' ව්‍යාපෘතිය දැන් හුදෙක් ගොඩනැගිල්ලක් නෙවෙයි; රටේ සැලසුම් රෙගුලාසි, දේශපාලන බලපෑම් සහ දූෂණය පිළිබඳව මතුවෙලා තියෙන දැවැන්ත ප්‍රශ්න ලකුණක්!

 

ඇත්තටම මොකද මේ අර තරම් ජ්‍යෙෂ්ට කාඩර්වරයෙක් ඇමති වෙලා ඉද්දි අනුර කුමාර ජනාධිපතිතුමා මේකට පනින්නේ?  කට්ටිය නම් සුපිරි සංකීර්ණ හදල ගාන කපාගෙන යාවි. ඔිව අන්තිමේ පක්ෂ අභ්‍යන්තරේ බරපතල ප්‍රශ්න වෙයි.

එහෙනං ඉතිං හෙට අපි බලමු හොරාගෙ අම්මගෙන් පේන අහන ජනාධිපතිතුමා ප්‍රශ්නෙට උත්තරේ දෙන විදිහ.

ඔින් අපි බලාගෙන ඉන්නවා...!

 

#Gossip

නවතම ලිපි