SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ශ්‍රී ලංකාවේ ඇණහිට ඇති ව්‍යාපෘති 11 ක ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට ජපාන රජය ප්‍රතිඥා දී ඇති අතර

නව රජයේ සංවර්ධන වැඩසටහන සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

 

 

තානාපති මිසුකෝෂි මේ අදහස් පළ කළේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සමඟ ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.

 

ජපාන රජයේ අරමුදල් මත ඇනහිට ඇති ව්‍යාපෘති 11 ක වැඩ කඩිනමින් ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් නිවේදනය කළේය. 

 

 

ඒ අනුව, මහනුවර නගර ජල කළමනාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) සංවර්ධන ව්‍යාපෘතියේ II අදියර, භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ II අදියර, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය, සහ සෞඛ්‍ය සහ වෛද්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘති අතර වේ.

 

 

හබරණ - වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජපන් ආධාර යටතේ නිම කිරීමට මෙම ගිවිසුමට ඇතුළත් වන බව ජපාන තානාපති මිසුකෝෂි ප්‍රකාශ කළේය.

 

පසුගියදා නිම කරන ලද කැලණි ගඟ නව පාලම් ව්‍යාපෘතියට අදාළ ගෙවීම් පිළිබඳවද ඔහු මෙහිදී රජයේ  අවධානය යොමු කර ඇත.

 

 

ලංකාවේ අසීමාන්තික ණය ගැනීම්වලට මූල පාදක වුනු හේතූන් වශයෙන් එදා බොහෝ ප්‍රතිවාදීන් හැඳින්වූයේ ලංකාවට ‌නොගැලපෙන සහ අනවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම බවත් එකී සංවර්ධන ප්‍රතිවිපාකයන් තුළින් පරිසරයට හානි ගෙනදුන් ආකාරයත් බොහෝ විරෝධතාවන්ට පදනමක් විය.

 

 

එහෙත් ලංකාවේ බලයට පැමිණෙන සෑම රජයකටම මෙම සංවර්ධන ව්‍යාපෘති පළමු ඉලක්කගත වැඩසටහන් වන බව පෙනේ.

 

 

"ණය ලබාගෙන සංවර්ධන කටයුතු සිදු කරනුයේ එම සංවර්ධනය තුලින් ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම, යටිතල පහසුකම් වෙනුවෙන් සහ සංවර්ධනය ජනතාව ඉල්ලා සිටින බැවිනි. එසේ ක්‍රියා කිරීමෙන් ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැකි බවත්, ආයෝජකයින් ලංකාවට අද්දවා ගත හැකි බවත්, ජාත්‍යන්තර වෙළඳපොල සමග තරඟ කොට ලෝක ප්‍රාග්ධන ක්‍රියාවලියෙන් කොටසක් ඩැහැ ගත හැකි බවටත් වන ගණනය කිරීම් සිදු කරන ලද්දේ ද ආර්ථික විද්‍යාව පදනම් කොට ගනිමිනි. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්වන බව අර්තිකවේදීන් විසින් ප්‍රකාශ කොට සිටියේ රාජපක්ෂ සමයේය. එසේම 2015 වසරේ බලයට පැමිණ 2020 වන විට ණය බරින් තොර රටක් හදන බවත්, සියලු දෙනාට සුද්දන් සේ වාසය කල හැකි බවත් රනිල් විසින් පවසන ලද්දේ ද ආර්ථික විද්‍යා ගණනය කිරීම් තුලය".

උපුටාගැනීම -(රට ගොඩ ගැනීමේ සැලසුම් සහිත යෝධ ඊගෝධාරීන් - ස්පාර්ටකස් ලිපි https://slleader.lk/social/8444-2023-09-30-12-49-54)

 

marrikkar

නවතම ලිපි