වර්තමානයේ ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බූධය හමුවේ රටේ ආර්ථිකය පිළිබඳ වගකිවයුතු ආයතනය වශයෙන් මහ බැංකුව තම වගකීම ඉටුකර තිබේද? නැද්ද ?යන්න සම්බන්ධව
ප්‍රසිද්ධ ව්‍යාපාරික ගාමිණී කන්නන්ගර මහතා සමග On Point with GaminiK වැඩසටහන මගින් සිදුකළ සාකච්ඡාව පහතින් පළවේ.
අපි කතාකරනවානම් මහ බැංකුව ගැන. මහ බැංකුවේ තියෙනවා objectives කියලා... මේකෙ තියෙනවා විනිමය අනුපාතය(Exchange rate) පාලනය කිරීම, මේන්ටේන් කරගෙන යෑම,මූල්‍ය ස්ථාවරත්වය(Financial stability) පවත්වාගෙන යෑම ,ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම,රජයට ආර්ථිකය ගැන ඇඩ්වයිසර් කෙනෙක් විදිහට, රජයේ බැංකුව විදිහට, මේ වගේ භූමිකා තියෙනවා..නිර්වචනය කරල.
ඔබ ව්‍යාපාරිකයෙක් විදිහට බැලුවම මේවා හරියට මහ බැංකුව විසින් කරනවා කියල ඔබ හිතනවද?
ව්‍යාපාරිකයෙක් විදිහට බැලුවහම මට නම් සතුටු වෙන්න බැහැ. මොකද මට පේන විදිහට සෙන්ට්‍රල් බැංකුව දේශපාලන ග්‍රිප් එකකට අහුවෙලා, ඒගොල්ලන්ට ඔිනදේ කරනවා විනා බැංකුවේ ඇජෙන්ඩා එකට, බැංකුවේ රාජකාරිය විදිහට වැඩ කරන්නෙ නැතිව ඒකෙන් එළියෙ තමයි වැඩ කරන්නෙ.
දැන් අපි වෙනත් බැංකු එක්ක වැඩ කරනවනෙ. එතකොට බැංකුවෙන් අපි කිව්ව පලියට දෙයක් ඉල්ලුවම බැංකුව අපිට දේවල් දෙන්නෙ නැහැනෙ. හැමවෙලේම ඩොකියුමන්ට්ස් ඉල්ලල ඒව ගැන හොයල බලල ඒක සතුටුදායක නම් විතරයි අපිට ඒගොල්ලො ඒක කරල දෙන්නෙ. උකසට ඉඩමක් ඉල්ලල, සිකියුරිටි එකක් ඉල්ලල තමයි ඒක කරන්නෙ. වෙන එකක් ඔින නැහැ මාස තුනක TOD එකක් උනත් බැංකුවට ගිහින් ලියුමක් අත්සන් කරල යන්න කියනව. ඒක තමයි බැංකුවෙ රාජකාරිය.
නමුත් අවාසනාවකට පහුගිය අව්රුදු 70-75 බැලුවොත් මහ බැංකුවේ රාජකාරිය හරියට වෙලා තියෙනව කියල මම නම් විශ්වාස කරන්නෙ නැහැ.
අපි එක උදාහරණයක් ගත්තොත් 1958 ඊපීඑෆ් එකේ ඇක්ට් එක හදල රටේ පුද්ගලික අංශයේ වැඩකරන මිනිස්සුන්ට අව්රුදු 55 පැන්නහම මොකක් හරි ජීවත්වෙන්න තිබිය යුතුයි කියල හැඟීමක් ඇතිව ටීබී ඉලංගරත්න මහත්තය පාර්ලිමේන්තුවට ගෙනත් නීතියක් හදල තිබුන. ඒක ලොකු දෙයක්. ඒකෙ මහබැංකුව තමයි මුදල් භාරකාරයා, ලේබර් කොමිසම තමයි ට්‍රස්ටි. අපි බැලුවොත් පහුගිය දවසක ජී එල් පීරිස් හිටපු ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්ව මහබැංකුව EPF වැඩේ කරන්නෙ පුද්ගලික අරමුදලක් හැටියට කියල. එතකොට මහබැංකුවේ EPF එක පුද්ගලික අරමුදලක් හැටියට මැනේජ් කරල, කළමණාකරනය කරල මහබැංකුවෙ සේවකයොන්ට 29%ක පොලියක් ගෙවනව කියලත් ජී එල් පීරිස් මහත්තය කිව්ව.
එතකොට ඒ EPFඑකයි මහජනයගෙ EPFඑකයි දෙකක් වෙන්න බැහැනෙ.
එතකොට ඒක එහෙම කරන කොට අද මේ EPF එක 9% ද 12% ද 9න් පල්ලෙහාද කියල ගරන්ටි එකක් නැතිව අද මුළු පුද්ගලික අංශයම දාල තියෙනවා ප්‍රපාතයකට.. තව අව්රුදු 5කින් මම විශ්‍රාම යනකොට මට අයිති EPFඑකට මොකක්ද වෙන්නෙ කියල දන්නෙ නැති තත්වයකට පත්කරල.
මම පහුගිය දවස් කිහිපයෙ හර්ෂ ද සිල්ව ඉන්න කෝපා කමිටුවෙ පැය එකහමාරකට වැඩිය සාකච්ඡා කරපු ප්‍රොපෝසල් එක මම ඇහුව.
මහබැංකුව කියන්නෙ පළවෙනි අව්රුදු දෙක 9%ක් අරමුදලට දෙන්න පුළුවන් කියල. දැන් මේ ෆන්ඩ් එකේ කළමණාකාරීත්වයට පඩි ගෙවන්න ඔින, එතකොට අර ෆන්ඩ් එකට යන 9%න් තමයි ඒක වෙන්නෙ. එතකොට ඒ ගානෙන් ප්‍රතිලාභියට කීයක් ලැබෙනවද කියන්න ඒගොල්ලන්ට හැකියාවක් නැහැ.
එක්කො වෙන්කරල හරි කියන්න පුළුවන්නෙ, ෆන්ඩ් එකට යන ගානෙන් වියදම් වෙන ගාන කියල ඉතිරි වෙන ගාන අනුව කියන්න. එහෙම කියන්නෙත් නැහැ. මහ බැංකුව කියමින් හිටියෙ අව්රුදු දෙකක් වෙනකල් ඒක වෙන්නෙ කියල. දැන් හර්ෂ එතකොට අහනව 23 මොකද වෙන්නෙ කියල. මහබැංකු අධිපති ඒක තව කෙනෙක්ගෙන් අහනවා.
ඒ හින්ඳ මට පෙනෙන්නෙ නැහැ ඔය ලොකු පුටුවල ඉන්න කට්ටියට මේක ගැන හරියට තේරුමක් තියෙනව කියල. ඒක හරියට එකතුවෙලා කරානම් මගෙන් ප්‍රශ්නයක් ඇහුවම මම තව කෙනෙක්ගෙන් අහන්න ඔින නැහැනෙ. මේක හරිද අහන්න ඔින නැහැනෙ. තමන්නේ මේකෙ භාරකාරයා.
අණදෙන කෙනාට ෂුවර් නැහැ කීයක් හම්බවෙනවද කියල.
පාර්ලිමේන්තුවෙ කෝපා කමිටුවෙ සාකච්ඡාවට අනුව 12% කියල කියන්නෙ අවුරුදු තුනයි, එතකොට 26 ඉඳල 37 වෙනකල් අව්රුදු 12ට 9% 12% කීයද කියල ෂුවර් නැහැ.
ඇයි අපි එතැනට වැටුනෙ?
රජයේ රුපියල් ණය ට්‍රිලියන 17 පැනල තියෙනව මේ වෙනකොට. සමහරවිට ඊට වැඩි ඇති. මොකද සමහර ණය අපිට පේන්නෙ නැහැ.
එතකොට රජය ට්‍රිලියන 17ක් ණය අරගෙන තියෙනවනම් ඒ උඩට තව ණය දෙනවනම්... EPF ෆන්ඩ් එකේ මුදල් භාරකාර මණ්ඩලයට බැරි උනාද මේ දෙක බලන්න. භාණ්ඩාගාර බිල්පත් හරි භාන්ඩාගාර බැඳුම්කර වලින් හරි මේ EPF එකෙන් තව ණය දෙන එක සුදුසුද නැද්ද කියල,.
රජය ණය අරගෙන ණයබර වැඩිවෙනව. එතකොට මිනිස්සුන්ගෙ සල්ලි තව දුරටත් ණය විදිහට රජයට දෙනවද වෙනත් ආයෝජනයක් කරනවද කියල. ඇයි ඒ ගැන විසඳුමකට ආවෙ නැත්තෙ? රජයෙ ණය කොටසක් දීල ඉතිරි කොටස බැංකුවල ණයවලට පොලියට දාන්න තිබුණ. අඩුම ගානෙ 50%ක් හරි එහෙම උනානම් ගරන්ටි එකක් තියෙනව සල්ලි තියෙනව කියල.
දැන් මහ බැංකු අධිපතිම කිව්ව, හදිසියෙන්වත් සිද්ද උනොත් මහ බැංකුවට ඩොලර්වලට කලා වගේ සල්ලි නෑ ගෙවන්න ඒ හින්ඳ ගෙවන්න නෑ ඩොලර්වලින් වගේ..ඒ තත්වයට මහබැංකුව වැටුනොත්... රුපියල් වලට මොකද වෙන්නෙ? මොකද මේ EPF එකේ 95%ක්ම රජය අතේ තියෙන්නෙ.
එතකොට ලක්ෂ 25ක් 30ක් පුද්ගලික අංශයෙ මිනිස්සුන්ට මොකක්ද වෙන්නෙ?
මහබැංකුව වගකීම් පැහැර හැරලද? වගකීම් දන්නෙ නැතිවද? නැත්නම් වගකීම් දැනගෙන දේශපාලන ප්‍රෙෂර් එක නිසා කරගන්න බැරි උනාද?
ඔික තමයි අද තියෙන ප්‍රශ්නය.
විනිමය අනුපාතය (Exchange rate) උඩ පල්ලෙහා යෑම මේක කොහොමද ව්‍යාපාර කරගෙන යෑමට බලපාන්නේ?
අපි ගියොත් 2019 පාස්කු ප්‍රහාරය දක්වා, ඒක ඩබල් වෙනව කොඩිඩ් එකත් එක්ක. ඔය විදිහට ඔික ඇවිත් ඇවිත් දැන් අපිට මාස තුනකට එක ගානක් කියන්න බැරිවෙලා තියෙනව.
එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක, විදේශ විනිමයත් එක්ක කරන මේ සෙල්ලමත් එක්ක ගොවිය දන්නෙ නැහැ පොහොර ගණන් යනවා, ගොවිය දන්නෙ නැහැ බීජ ගණන් යනව. ගොවිය දන්නෙ නැහැ බේත් ගනං යනව කියල. එතකොට මේ මාසෙ රුපියල් 50ක් වැය උනානම් බෝංචි කිලෝවකට එයා දන්නෙ නැහැ ඊට මාස තුනක් ගියාම එයාට ඒකට වැය වෙනව රුපියල් 80ක්. එතනත් මහබැංකුව හැටියට රටට එයාලගෙ යුතුකම ඉෂ්ට වෙලා නැති එක තමයි කියන්න තියෙන්නෙ.
ඒ ප්‍රශ්නය ගැන බැලුවොත් අපි දන්නව 2015 වෙනකල් එක ක්‍රමයකට ආණ්ඩුවක් තිබුන රටේ.
2015 ඉඳල 2019 වෙනකල් යහපාලනේ තිබුන.
2015 වෙනකල් අපි විදේශ රටවල්වලින් සල්ලි ණයට ගත්ත.
හරි හෝ වැරදි හෝ හම්බන්තොට වරාය, නෙළුම් කුළුණ, මත්තල ගුවන්තොටුපොල, හයිවේ හැදුනා. අපි කියමු ණය100ක් අරගෙන 30ක් වියදම් කරල තියෙන්නෙ ආයෝජන හැටියට කියල. ඉතිරි 70ම ගහල තියෙනව කියමුකො. අඩුම ගානෙ කොන්ක්‍රීට් බිල්ඩිමක් හරි තියෙනව කියමුකෝ. එතකොට ඒවගේ ලොකු මාස්ටර් ප්ලෑන් එකක් නැතිව යහපාලන කාලෙ ඩොලර් බිලියන දොලහ හමාරක් රජය ණයට අරන් තියෙනවා, ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර විදිහට. මිළ අධික ණය මුදල් හැටියට. දශමෙ පොලියට දෙකේ පොලියට දෙන්නෙ රටවල් අතර ණය සහ IMF ලෝක බැංකුව වගේ ආයතනවලින්. නමුත් අපි කලුකඩ මුදලාලිගෙන් ගද්දි 6%7%8% වගේ පොලියකට තමයි ණය දෙන්නෙ. එතකොට මේ වගේ ලොකු පොළියක් පොරොන්දු වෙලා ඩොලර් බිලියන් දොළහමාරක් ණය අරගෙන තිබුණා.
ප්‍රශ්නය තමයි මහ බැංකුව ඇයි මේව ගැන හොයල බලල ආණ්ඩුවට ඇඩ්වයිස් නොකලෙ කියල. වැඩි පොලියට ණය ගැනීම නවත්තගත්තෙ නැත්තෙ ඇයි කියල.
එහෙම නවත්තගත්තනම් අද මේ අපි මුහුණ දෙන ඩොලර් අර්බූධය 50%ක් අඩුයි.
ඒකයි මම කියන්නෙ මහ බැංකුවට රාජකාරියක් තියෙනව කරන්න, වගකීමක් තියෙනව කරන්න, රජයට ඇඩ්වයිස් කරන්න.. දැනුවත් කරන්න.
සමහරවිට දැනුවත් කරලත් ඇති.
දේශපාලන අධිකාරියට ඔින ඡන්ද ගන්න දේශපාලනය විතරයි.
හැබැයි මහබැංකුවෙ ඉන්නෙ ප්‍රොෆෙෂනල්ස්ල.
මහජන මුදලින් ඉගෙන ගනිපු අය.
ඒ අයගෙ වගකීම ඉෂ්ට වෙලා නෑ කියල තමයි මම හිතන්නෙ.
සම්පූර්ණ සාකච්ඡාව පහත...