SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

නව කැබිනට් සංශෝධනයෙන් පසු ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ධුරය භාරගත්

අමාත්‍ය බිමල් රත්නායක, සිය නව අමාත්‍යාංශයේ කටයුතු භාර ගැනීමෙන් අනතුරුවම වැදගත් රාජ්‍ය තාන්ත්‍රික නිල සංචාරයක් සඳහා චීනයට ගොස් තිබේ.

 

මෙම සංචාරය, නව ආණ්ඩුවේ ප්‍රමුඛතා සහ අනාගත දූරදර්ශීභාවය පිළිබිඹු කරන ප්‍රගතිශීලී පියවරක් ලෙස සැලකිය හැකිය.

 

චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සාකච්ඡා

 W020251020530424566664

 

චීනයේ නිල සංචාරයක නිරත අමාත්‍ය බිමල් රත්නායක, චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලියූ හයිසින්ග් මහතා සමඟ වැදගත් හමුවකට එක්විය. මෙම හමුවේදී දෙරටේ සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගත් කරුණු රැසක් සාකච්ඡා වී තිබේ.

එහිදී මෙම වසර මුලදී දෙරටේ ජනාධිපතිවරුන් අතර සිදුවූ ඓතිහාසික හමුව පිළිබඳවත්, එහිදී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් වත්මන් ප්‍රගතිය පිළිබඳවත් මෙහිදී අවධානය යොමු ව ඇතැයි වාර්තා වේ.

 

 

W020251020530424469433

 

තවද නව චීනය පිහිටුවීමෙන් පසු රට ස්ථාවරව ගොඩනැගීමේදී චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සිදුකළ කැපකිරීම් සහ කාර්යභාරය පිළිබඳව අදහස් හුවමාරු වූ බවද සඳහන් වේ. විශේෂයෙන්ම, ජනතා විශ්වාසය දිනා ගනිමින් ස්ථාවර පාලනයක් පවත්වා ගැනීම, ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ සමඟින් පක්ෂය වර්ධනය කරලීම, දූෂණ විරෝධී ක්‍රියා පිළිවෙත සහ පක්ෂ විනය පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවය පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුව ඇත. එය දූෂණ විරෝධී පාලනයක් අපේක්ෂා කරන වත්මන් ශ්‍රී ලංකා රජයට, චීන අත්දැකීම් ඉතා වැදගත් වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) අශ්‍යන්තර ගැටලුවලට ද විදෙස්ගතව සිට කළ මැදිහත්වීම

වාර්තා වන පරිදි, අමාත්‍යවරයා විදේශගතව සිටින අතරතුර, නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු විසින් අනවසරයෙන් තමා තවමත් වැඩ බලන සභාපතිවරයා ලෙස හඳුන්වමින් කළමනාකරණ මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට උත්සාහ කර තිබේ. කෙසේ වෙතත්, අමාත්‍ය බිමල් රත්නායක මහතා විදේශයේ සිටම අමාත්‍යංශ ලේකම්වරයා මාර්ගයෙන් වහාම ක්‍රියාත්මක වී එම අනවසර මණ්ඩල හමුව අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

 

adcavddvd

 

 

අමාත්‍ය බිමල් රත්නායක චීන සංචාරය නිමා කර දිවයිනට පැමිණීමෙන් පසු, නාගරික සංවර්ධන අධිකාරිය තුළ මතුව ඇති පරිපාලනමය හා අනෙකුත් ගැටලු නිරවුල් කිරීමට කටයුතු කරනු ඇතැයි ද ආයතන සේවකයින් අපේක්ෂාවෙන් සිටියි.

 

මෙම විදෙස් සංචාරය ඔහුට තම අමාත්‍යාංශයන්හි කටයුතු සඳහා අවශ්‍ය ජාත්‍යන්තර දැනුම සහ සහාය මෙන්ම ඉදිරියේදී ඔහුගේ දේශපාලන කටයුතු සම්බන්ධයෙන්ද පරිවර්තනීයව වැදගත් වනු ඇති බව විශ්ලේෂක අදහස වී තිබේ.

නවතම ලිපි