විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය
දීර්ඝ කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා වන ඉංජිනේරු කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම්වරයා අතර බරපතල අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධිය මෙසේය...
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විදේශගතව සිටි අවස්ථාවක, ඔහුට නොදන්වා ලේකම්වරයා විසින් ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ එච්.පී. නිරෝෂන් ගේ සේවා කාලය වසරකින් දීර්ඝ කර තිබේ.
ලේකම්වරයා මෙම සේවා දිගුව ලබාදෙමින් නිකුත් කළ ලිපියේ, එම පත්වීම බලශක්ති අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සිදුකරන බවට සඳහන් කර තිබීම ගැටුමට හේතුවී ඇත.
කෙසේ වෙතත්, දිවයිනට පැමිණි පසු ඒ බව දැනගත් අමාත්‍ය කුමාර ජයකොඩි වහාම ක්‍රියාත්මක වන පරිදි එම පත්වීම එක පෑන් පාරින් අවලංගු කර ඇත. අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා ඇත්තේ, තමාගේ කිසිදු අනුදැනුමකින් තොරව එවැනි සේවා දිගුවක් ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි. මෙය අමාත්‍යවරයා සහ ලේකම්වරයා අතර පවතින දැඩි මතභේදයක් පෙන්නුම් කරයි.
මේ අතර කුමාර ජයකොඩි අමාත්‍යවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් විමර්ශනය අවසන් කර අධිකරණයේ නඩු පැවරීමට සූදානම්ව තිබූ ගොනුව තවමත් ප්‍රමාද ඇයිද යන්න ගැනද යළිත් කතාබහ අලුත් වී තිබේ.
වත්මන් රජයේ අමාත්‍යවරයෙකුට දූෂන චෝදනා මත නඩු පැවරීම ප්‍රමාද වූයේ ඇයි?
මෙම අර්බුදය මධ්‍යයේ, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ට අදාළ පැරණි දූෂණ චෝදනාවක් පිළිබඳ පුවත් ද වාර්තා වී තිබේ.
වාර්තා වලට අනුව, අමාත්‍ය ජයකොඩි මහතා 2015 වසරේදී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණ චෝදනාවලට මුහුණ දී ඇත.
මෙම චෝදනාවලට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් පරීක්ෂණ පවත්වා තිබේ. එම පරීක්ෂණවලින් පසුව, රුපියල් මිලියන 8 ක පමණ අයථා පරිහරණයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට අධිචෝදනා පත්‍ර සකස් කරමින් සිටින බව වාර්තා වේ.
මෙම චෝදනාවට අදාළ විශේෂිත ටෙන්ඩරයක් ප්‍රදානය කළ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජයකොඩි එවකට කටයුතු කර ඇත. ගෙවීම් ක්‍රියා පටිපාටි සහ බැඳුම්කර ස්ථානගත කිරීම පිළිබඳ ගැටළු මතු වීමෙන් පසු මෙම ටෙන්ඩරය පිළිබඳව විමර්ශන ආරම්භ වී තිබේ.
වත්මන් රජයේ අමාත්‍යවරයෙකු දූෂණ චෝදනා මත අධිකරණ කටයුතු සඳහා සූදානම් වීම, මෙම අමාත්‍යවරයා සහ ලේකම්වරයා අතර ඇතිවූ පරිපාලනමය ගැටුම හා සමගාමීව රටේ අවධානයට ලක්ව තිබේ.

