SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස දිව්රුම් දුන් දින සිටම “ඡන්දයක්” ඔන්න පැවැත්වෙනවා, මෙන්න පැවැත්වෙනවා යැයි සමාජ ආතතියක් ඇති කරවුයේ ය.

එය පළාත් පාලන ඡන්දයේ සිට මහා මැතිවරණයක්, ජනාධිපතිවරණයක් දක්වා වරින්වර රැළි නැගී ය. රැල්ල වෙරලට ගසා ගෙන විත් යළි සමුදුරට ඇදෙනවා සේ මේ මැතිවරණ කතිකාව සතියෙන් සතිය විවිධ ස්වරූප ගත්තේය.

එහෙත් යතාර්ථය නම් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2024 දීවත් ඡන්දයක් නොපවත්වන්නට අවශ්‍ය තුරුම්පු සූදානම් කිරීම ය.

කෙනෙක්ට “තර්ක” කළ හැක්කේ කව්රු කෙසේ කීවද 2024 ජනාධිපතිවරණයක් නම් අනිවාර්යය බව ය. එහෙත් අනිවාර්යතා පිහිටනු ඇත්තේ රනිල් වික්‍රමසිංහ පාලනයක් තුළ නම් නොවේම ය. ඉතා සූක්ෂ්ම හා පවත්නා දේශපාලන ආර්ථිකය තුළ ජේආර් පාලනය පවා ඉක්මවා කටයුතු කිරීමේ ගුනයක් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතු ය. ඒනයින් මහජන ඡන්දයෙන් තොර විධායක ජනාධිපති පුටුවේ වැඩි කාලයක් රැඳුනු ජනාධිපතිවරයෙකු ලෙස වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතිහාසයට එක්වනු ඇත.

මේ අතරතුර නාමල් රාජපක්ෂව විපක්ෂ නායකවරයා ලෙස පුහුණු කරලීමේ කාර්යය ද වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වගකීමක් ලෙස ඉටුකරන්නක් වනු ඇත. එහෙයින් පොහොට්ටු පක්ෂයෙන් සැලකිය යුතු බෙදීමක් (සත්‍ය වශයෙන්ම මෙය බෙදීමක් වන්නේ එකඟතා පූර්වක ක්‍රියාවක් ලෙසින් ය.) සමග සමගි ජන බලවේගයේ තම පැරණි එජාප හිතවතුන් ඒකරාශී කරගනිමින් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තම බල මෙහෙයුම ක්‍රියාවට නගනු ඇත. මේ සියළුම ක්‍රියාවන්ට අවශ්‍ය ශක්තිය ඉන්දියාව, ඇමරිකාව ප්‍රමුඛව ලැබෙනු ඇති අතර එසේ වුවත් ලංකාවේ ආර්ථික වර්ධනීය අවස්ථාවන් පිළිබඳව ඉන්දියාව ඉතා විමසිල්ලෙන්ද සිටිනු ඇත.

මේ සියළු කාර්යයන්හිදී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව සහමුලින්ම වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට එක පෙළට සිට ගැනීම වැලැක්විය නොහැකි අතර සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ඇති එකම අවස්ථාව තම පැරණි නායකයා හා යළි ගිවිසුම්ගතවීම පමණක් වනු ඇත.

නැවත මේ පොළොව තුළ චිරාත් කාලයකට අරගල පන නොලබන අතර, වාමාංශික යැයි කියාගනිමින් රමණය කෙරෙන දේශපාලනයට මේ ක්‍රමය අනුමත ජනතාවාදයන් වලින් අල්ප හෝ වටිනාකමක් නැතිවනු ඇත.

ස්වාධීන කොමිසන් සභා, පනත්, ව්‍යවස්ථා ඇතුළු සියල්ල බල සහිත වීම හෝ රහිත වීම පුරවැසියාගේ කුඩා-කුඩා උද්ඝෝෂන හෝ විරෝධය පෑම්වලට අදාළ නොවන්නකි.

අන්තරය තුළ අද ඇති කර තිබෙන හෝ/හා මාධ්‍ය හරහා උස්සා පොළොවේ ගසා තිබෙන අර්බූධකාරී තත්වය ඊට අදාළ නිදසුන් සපයනු ඇත. ෆූටා හෝ ජාජබය හෝ අන් කවරක් වුවද ඉරණම එමම ය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ දිනවල කරන ප්‍රකාශ සහ ඔහුගේ වැඩ කලාව විශ්ලේෂනය කරන්නෙකුට “කථනය සෑම විටම අඩක් පැවසීමකි, එය කාරණය මගහරිනු ලබයි” යන්න අවබෝධ වනු ඇත. ඔහුගේ බලය සම්බන්ධ භාවිතාව අතිශය සංකීර්ණය, ව්‍යාකූලය, ගූඪය.

ඒ අතරතුර -සමහරවිට -මහින්ද දේශප්‍රිය නැමැති ජනප්‍රිය මිනිසාට මැතිවරණ කොමිසමේ සභාපති බවට යළි පත්වී පිච් එකට හරියන බෝලය හෝ බැට් එකට හරියන පිච් එක ගැන රස කතා විස්තර ප්‍රචාරණයන් දිනපතා සිදු කරන්නට අවස්ථාව සැලසෙනු ඇත.

ධනවාදී “කතිකාවට” එරෙහි නොවන, එය ප්‍රතික්ෂේප නොකරන අපේ යුගයේ මිනිසාට මේ නාඩගම විගඩමක් වී යළි යළිත් නාටක ලෝකයේ ම කරක් ගැසිය හැකි වනු ඇත.

 

@samara paranavithana