SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 

පෙර රජයන්වල ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා දක්වා උපදෙස් ලබා දුන් චෞර

දූෂිත නිලධාරි මණ්ඩලය අදටත් එම පුටුවල ම සිටින අතර වෙනසක් ලෙස සිදුව ඇත්තේ නීතියට වැඩ කරන බව හඟවමින් තම පුටුවල සිට, පුටුව ආරක්ෂා කරගනිමින් රැඳී සිටීම පමණක්ය.

 

එම චෞර නිලධාරින්ගේ දැඩි නිශ්ශබ්ධතාව සහ හොර සිල් රැකීම රජයට පාරා වළල්ලක් වන්නේ පහත් මෙවැනි කරුණු හේතුවෙන් යැයි උදාහරණ සහිතව පෙන්වා දීමට කැමැති යැයි නාගරික සංවර්ධන අධිකාරියේ ජාතික ජන බලවේගයට හිතැති සේවකයින් පිරිසක් සඳහන් කරයි.



ඔවුන් මේ බව සඳහන් කරන්නේ: ජනාධිපති, අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරු, නියෝජය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙත ලිපියක් නිකුත් කරමිනි.



එම ලිපියට අනුව අධිකාරියේ ප්‍රධාන පුටුවල සිටින දූෂිත නිලධාරින් තම පුටු ආරක්ෂා කර ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ජාතික ජන ජන බලවේගයේ සමහර අපේක්ෂකයින්ට ද, දූෂිත නිලධාරින් ගේ මුල් ගම් ප්‍රදේශවල අපේක්ෂකයින්ට ද මුදල් වියදම් කර ඇති බවත්,  එවැනි තත්ත්වයක් තුළ මේ දූෂිත නිලධාරීන් සමග ම කටයුතු කළ කුමුදු ලාල් ගේ නම පක්ෂයේ කමිටුවට දැනුම් දී මෙම සිල් රකින සොරුන් ඔහු සභාපති පත් කළ විට ඔහුගේ ක්‍රියාකාරකම් තහවුරු වී ඇති බවයි.

 


අවසන් වශයෙන් මෙම සේවක පිරිස සඳහන් කරන්නේ රටක කෙතරම් දේශපාලකයින් හොරුන් යැයි හංවඩු ගැසුව ද ඔවුන් ද ඒ තත්ත්වයට පත් කරන නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වන ලොකු බෝගහවත්තගේ කුමුදුලාල් බඳු දූෂිත නිලධාරින් සහ ඔවුන්ට අනුබල දෙන පුද්ගලයින් ආයතනවල මුල් පුටු හොබවන තාක් රටක් සංවර්ධනය කිරීම ඉතාම අපහසු කාර්යයක් වන බවයි.

 


මතු පළ වන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ ජාතික ජන බලවේගයට හිතැති සේවකයින් පිරිස විසින්: ජනාධිපති, අග්‍රාමාත්‍යවරිය, අමාත්‍යවරු, නියෝජය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙත ඉදිරිපත් කළ සම්පුර්ණ ලිපියයි.

 

npp cc

npp ccc

(උපුටාගැනීම - newstube.lk)

නවතම ලිපි