විශේෂ ලියුම්කරුවෙකු විසින් ද ලීඩර් වෙබ් අඩවියට ලියා තිබූ පහත ලිපිය මගින් අනාවරණය කරනුයේ,
වත්මන් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ජපානයේ JICA ආයතනය හරහා නැවත පණගැන්වුණු කටුනායක ගුවන්තොටුපළ දෙවන අදියර සංවර්ධන ව්‍යාපෘතිය, දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විට බරපතල අර්බුදයකට ලක්ව ඇති ආකාරයයි.
මෙහිදී මතු කරන ප්‍රධාන කරුණු පහත පරිදිය:
- නුසුදුසු සමාගම් තේරීම: ගුවන්තොටුපළ ඉදිකිරීමේ තාක්ෂණික පළපුරුද්දක් නොමැති ජපානයේ 'සොජිට්ස්' (Sojitz) සමාගම සහ මීට පෙර මෙරට ව්‍යාපෘති (කොළඹ අපජල ව්‍යාපෘතිය) වසර ගණනාවකින් ප්‍රමාද කළ ඉන්දියාවේ 'එල් ඇන්ඩ් ටී' (L&T) සමාගම එක්ව සැදූ හවුල් ව්‍යාපාරයකට මෙම දැවැන්ත කොන්ත්‍රාත්තුව ලබා දීමට සැකසහිත උත්සාහයක් පවතින බවට චෝදනා කෙරේ.
- ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය: අදාළ සමාගම නීතිමය සුදුසුකම් (ඇටෝර්නි බලපත්‍ර ගැටළු) සපුරා නොතිබියදී සහ ඉහළම ප්‍රසම්පාදන කමිටුව විසින් එය ඉවත් කිරීමට නිර්දේශ කර තිබියදීත්, ටෙන්ඩර් භාරගන්නා දිනය තෙවරක් කල් දමමින් තාක්ෂණික ඇගයීම් කමිටුව හරහා එම සමාගමට වාසිසහගත ලෙස කටයුතු කර ඇති බව පැවසේ.
- ජනපතිගේ ඉලක්ක අභියෝගයට: දූෂණයෙන් තොර රටක් ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙලට මෙම ක්‍රියාවලිය බාධාවක් බවත්, මෙය රටේ ප්‍රධාන දොරටුව වන ගුවන්තොටුපළේ ප්‍රමිතිය සහ රටේ අනාගත ආයෝජන අවස්ථා විනාශ කරන ක්‍රියාවක් බවත් ලිපිය මගින් දැඩිව අවධාරණය කරයි.
ජනපතිගේ මහන්සිය වතුරේ... ඉලක්කය හාන්සියි...
| කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි අදියරේ, දුෂණය දොරේ ගලයි
නිවසේ ප්‍රධාන දොරටුව වස් දොස් රහිතව තබනුයේ, එහි වාස්තු ආදී අවුලක් වුවහොත් බලපාන්නේ ගෘහ මුලිකයාට යැයි ජනවහරේ සහ ජෝතිශ්‍යයයේ කතාවක් පවතින්නේ බැවිනි.
රටක ප්‍රධාන දොරටුව වන්නේ ජාත්‍යන්තර ගුවන් තොටුපලය ය. ශ්‍රී ලංකාවේදී නම් එය ප්‍රධාන ලෙසම ලඝු වන්නේ කටුනායක පිහිටා ඇති බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙතය. කතාව ඇත්තය, ලෝකයේ අනෙකුත් ගුවන් තොටුපළවල් සමග සසදන කළ, කටුනායක වනාහි ඒවායේ මැද ඇති කුඩා අවකාශයක් සේය. අන් ගුවන් තොටුපලකට ඇති සුවිශාල සහ උත්කර්ශවත්භාවය, එයට පිහිටා ඇත්තේ නැත. ආරම්භයේ තිබු තැනින් පියවර කිහිපයක් ඉදිරියට ගොස් ඇත්තේ වුවද, එහි මුලික ස්වභාවයම ‘ජාත්‍යන්තර’ යන නාමකරණයට ගැලපීමක් ඇත්තේ නැත.
මේ හෙයින් කටුනායක ගුවන් තොටුපල අදියර කිහිපයකින් සංවර්ධනය සදහා රජයන් ගණනාවක් සැලසුම් සකස් කළේය. පළවෙනි අදියර නිමා වූ අතර එය, වර්තමාන සේවා සදහා පමණක් ප්‍රමාණවත් තත්ත්වයක පවතින්නේය.
මිලියන පහළොවේ ධාරිතාවය සදහා දෙවැනි අදියර
දෙවැනි අදියර අවශ්‍ය වූයේ, නෙක්ස්ට් ලෙවල් හෙවත් ඊලග මට්ටම සදහා ගුවන් තොටුපල ගෙන යෑම සදහාය. සංචාරක, ආයෝජන ආකර්ෂණය සහ අනාගත ඉලක්කයන් සාධනය වෙනුවෙන්, දෙවන අදියරේ කටයුතු සුදානම් කෙරුණි. පළමු අදියරේ මගී පර්යන්තය මගින්, වාර්ෂිකව මගීන් මිලියන හයක් සදහා සේවය සැලසිය හැකිය. එය දැනට ශ්‍රී ලංකාව සදහා ප්‍රමාණවත් වන්නේ නමුදු තව වසර කිහිපයකින් නියත ලෙසම තදබදයක් නිර්මාණය කරනවා ඇත.
ඒ සදහා විසදුමක් ලෙස, වාර්ෂිකව මගීන් මිලියන නවයකට පහසුකම් සැලසිය හැකි, දෙවන පර්යන්තය අනිවාර්යෙන් ඉදිකළ යුතු විය. දෙවන පර්යන්තය ඉදිකළ පසු වාර්ෂිකව මගින් මිලියන පහළොවක ධාරිතාවයක් සදහා සේවා සැපයීමේ ශක්‍යතාවය කටුනායකට ලැබෙන්නේ බැවින්, එයට ශ්‍රී ලංකාවේ අනාගත ඉලක්ක සාක්ෂාත් කළ හැකි වනු ඇත.
ලෝකයේ යටිතල පහසුකම් ව්‍යාපෘති අතර, ගුවන්තොටුපල ඉදිකිරීම් යනු අතිශය සංකීර්ණ, මූල්‍යමය වශයෙන් දැවැන්ත සහ ජාතික වශයෙන් වැදගත් වන ව්‍යාපෘති වර්ගයක් වන්නේය. රාජ්‍ය පටිපාටිය අනුව මේවා ක්‍රියාත්මක වන්නේ හෙයින්, ඒ පසුපස දුෂණය සහ අල්ලස පැමිණීම අනිවාර්ය තත්ත්වයක් වන්නේය. රජය ප්‍රධාන සේවාදායකයා වන, බිලියන ගණනින් මුදල් ගලා යන මෙවැනි ව්‍යාපෘතින් හී දූෂණයට ඉඩකඩ වැඩි බව, ලෝක බැංකුව සහ ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් යන ආයතන නිරන්තරයෙන් අවධාරණය කර තිබේ.
‘දැවැන්ත ඉදිකිරීම් - දැවැන්ත අල්ලස්’ න්‍යාය
ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ චාල්ස් කෙනී විසින් රචිත "Construction, Corruption, and Developing Countries" (2007) නම් ප්‍රකාශනයේ ප්‍රධාන අදහස වන්නේ: මූල්‍යමය දැවැන්තභාවය සහිත, රාජ්‍ය කොන්ත්‍රාත් මත සිදුවෙන ඉදිකිරිම පිටුපස දැවැන්ත දුෂණ පවතින බවය. ගුවන්තොටුපල සංවර්ධනය සඳහා වැය වන මුදල බොහෝ විට ඩොලර් බිලියන ගණනක් වේ. ලෝක බැංකු විශ්ලේෂණ මගින් පෙන්වා දෙන්නේ, ඉදිකිරීම් වියදම්වලින් 5% සිට 20% දක්වා ප්‍රමාණයක් අල්ලස් ලෙස හෝ දූෂණය හේතුවෙන් අහිමි වීමට ඉඩ ඇති බවයි [මූලාශ්‍රය: World Bank, WPS4099]. මෙම විශාල මුදල් ප්‍රමාණය, ව්‍යාජ ලෙස පිරිවැය ඉහළ නැංවීම හරහා හෝ කොමිස් මුදල් සදහා කදිම පසුබිමක් සපයන්නේය. .
ගුවන්තොටුපල යනු ජාතික වැදගත්කමක් ඇති ව්‍යාපෘති බැවින්, ඒවායේ සැලසුම් කිරීම, ප්‍රසම්පාදනය සහ අනුමැතිය සඳහා රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සෘජු මැදිහත්වීම අත්‍යවශ්‍යය. මෙම මැදිහත්කරණය හේතුවෙන්, අල්ලස් ලබා මගින් නිවැරදි තේරීම සදහා බලපෑම් කිරීම, තෝරාගත් සමාගම් වෙත කොන්ත්‍රාත්තු ලබා දීම සදහාත් අවස්ථාව සලසන බව ලෝක බැකුවේ නිරීක්ෂණයය.
ගුවන්තොටුපල ඉදිකිරීම්වල තාක්ෂණික සංකීර්ණත්වය නිසා, සාමාන්‍ය මහජනතාවට හෝ නියාමන ආයතනවලට පවා පිරිවැය සහ තත්ත්වය පිළිබඳ සත්‍ය තොරතුරු සොයා බැලීම අපහසුය. එහෙයින් වෙන්නේ කුමක්දැයි විෂය මුලික පුළුල් දැනුමක් සහිත අයෙකුට පමණක් මැන ගත හැක්කේය. එසේම එවැනි කොන්ත්‍රාත් දෙස අනවරතව ඇස යොමු කරගෙන ද සිටිය යුතුය. මෙම කාරණා ද්විත්වය සැපිරීම අපහසු වන්නේ බැවින්, ගුවන් තොටුපල වැනි දැවැන්ත ඉදිකිරිම සහමුලින්ම, ඉදිකිරීමේ දැවැන්තභාවය සේම දුෂණයෙන් ද දැවැන්ත වන්නේය.
මෙහි විශේෂ ලක්ෂණයක් ද ලෝක බැංකුව සිය වාර්තාවෙන් පෙන්වා දෙන්නේය. කොන්ත්‍රාත්තු නැවත සාකච්ඡා කිරීම මගින් දූෂණ සිදුවිය හැකි බවට බ්‍රසීලයේ විශාලතම දූෂණ සිද්ධීන් ඇසුරින් ලෝක බැංකුව එහිදී කියා සිටින්නේය. [මූලාශ්‍රය:World Bank Blog ‘As countries sit on shaky foundations...’]. මෙවැනි කාරණා රාශියක් පෙන්වා දෙමින් ලෝක බැංකුව අවධාරණය කරනුයේ, ගුවන් තොටුපල වැනි දැවැන්ත ඉදිකිරිම සදහා විනිවිදභාවය අත්‍යවශ්‍යය යන්නය. එසේ නම් කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි පර්යන්තයේ කතාව සදහා ප්‍රවේශයක් දැන් නිර්මාණය වී හමාරය.
ජැයිකා ආධාර යටතේ ටයිසේයි එයි
මෙම ව්‍යාපෘතිය 2020 දෙසැම්බර් 15 දින ආරම්භ වූයේ, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ හෙවත් JICA ආයතනයේ සහනදායි ණය වැඩසටහනක් යටතේ ය. එහි ප්‍රධාන කොන්ත්‍රාත්තුව හිමිවුයේ ජපානයේ ටයිසේයි කෝපරේෂන් (Taisei Corporation) වෙතය.
ගුවන් තොටුපල ඉදිකිරිමකදී පළමුව සලකා බලනුයේ අදාළ කොන්ත්‍රාත්කරු මිට පෙර ගුවන් තොටුපල ඉදිකිරීම් සිදු කර ඇද්දේ ද යන්නය. ඒ වැනි සාධක ගණනාවක් ටයිසේයි කෝපරේෂන් සපුරා තිබු අතර, කිසිවෙකුගේ විරෝධතා හඩක් ඔවුන් වෙත ‘දෙවැනි අදියරේ’ ඉදිකිරීම් ලබා දීම සම්බන්ධයෙන් එල්ල නොවීය.
ටයිසේයි කෝපරේෂන් ලෝකයේ ප්‍රමුඛතම ඉදිකිරීම් සහ සිවිල් ඉංජිනේරු සමාගමකි. ලොව පුරා විශාල පරිමාණයේ යටිතල පහසුකම් ව්‍යාපෘති සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන මෙම සමාගම, විශේෂයෙන්ම නවීන ගුවන්තොටුපල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත්තේය. ගුවන්තොටුපල සැලසුම් කිරීමේ සිට පර්යන්ත, ධාවන පථ සහ අදාළ යටිතල පහසුකම් ඉදිකිරීම දක්වා වූ පුළුල් අත්දැකීම් සමුදායක් සතු මෙම සමාගම, ජපානය තුළ සහ ජාත්‍යන්තර වශයෙන් ගුවන්තොටුපල ව්‍යාපෘති ගණනාවක් නිමා කර අත්දැකීම් සතුය.
ලෝකයේ අන්කෙක සහ හතර ඇතුළු ගුවන් තොටුපල ගණනාවක් ඉදිකළ සමාගමක්...
කටාර්හි හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි මගී පර්යන්ත සංකීර්ණය ඉදිකිරීමේ ප්‍රධාන දායකත්වය ලබාදෙන ලද්දේ ටයිසේයි කෝපරේෂන්ය. 2024 වසරේදී ලොව හොඳම ගුවන්තොටුපලක් ලෙස එය සම්මානයටම් පාත්‍ර විය. මීට අමතරව, ටයිසේයි කෝපරේෂන් විසින් හමාඩ් ගුවන්තොටුපල, පුළුල් කිරීමේ කටයුතු සඳහා ද ඉදිකිරීම් කොන්ත්‍රාත්තු ඉටු කර ඇත්තේය.
වියට්නාමයේ නෝයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ, දෙවැනි පර්යන්ත ඉදිකිරීම සදහා ටයිසේයි කෝපරේෂන් දායක වූ අතර, එම නවීන පර්යන්තයේ ඉදිකිරීම්, 2015 වසරේදී සාර්ථකව නිම විය.
මැලේසියාවේ ප්‍රධාන ගුවන් ගමන් දොරටුව වන, ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඉදිකිරීම් කටයුතු සදහා ද ටයිසේයි කෝපරේෂන් සිය ඉදිකිරීම් දායකත්වය ලබාදුන්නේය. ටෝකියෝ හනෙඩා ජාත්‍යන්තර ගුවන්තොටුපල යනු ලෝකයේ සිව් වෙනි ස්ථානයට පත්වූ ගුවන් තොටුපලය. එය සහ චූබු, කන්සායි වැනි, ජපානයේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපල ඉදිකිරීම් සදහා ද ටයිසේයි කෝපරේෂන් දායක වී ඇත්තේ හෙයින්, ලෝකයේ දැවැන්ත ඉදිකිරීම් සදහා සේම, ගුවන් තොටුපල ඉදිකිරීම් සදහා ඔවුහු විශේෂඥයෝ බව අවිවාදිතය.
රට බුන්නත් වෙයි -ජැයිකා නවතියි
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දෙවැනි අදියරේ ඉදිකිරීම් ආරම්හකර සිදු කරමින් පැවති අවස්ථාවේදී ආර්ථික අතින් ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශ කරන ලද්දේය. ඒ සමගම විදේශ ණය ගෙවීම් අත්හිටුවීමට රජය තීන්දු කළ හෙයින්, විදෙස් ණය පහසුකම් සපයන ආයතන ද සිය අරමුදල් සැපයීම අත්හිටුවන ලද්දේය. ඒ ප්‍රකාරව ජැයිකා ආයතනය, 2022 ජූලි මාසයේදී, ශ්‍රී ලංකාව සදහා සිය අරමුදල් සැපයීම අත්හිටුවීය.
ඉදිවෙමින් පැවති කටුනායක දෙවන පර්යන්තය සදහා ණය පහසුකම් සපයන ලද්දේ ජැයිකා ආයතන බැවින් ඔවුන් ශ්‍රී ලංකාව විෂයෙහි සිය සේවාවන්ගෙන් ඉවත්වීමත් සමග අරමුදල් නොමැතිවීම හේතුවෙන් ටයිසේයි කෝපරේෂන් වෙත සිය කටයුතු නවතා දැමීමට සිදු වන්නේය. ව්‍යාපෘතියේ 6%ක පමණ කොටසක් ඒ වන විටත් නිම කර තිබු අතර, 2022 වසරේ දෙසැම්බර් මාසයේදී වැඩ අත්හිටුවා කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ටයිසේයි කෝපරේෂන් කටයුතු කරන ලද්දේ, ඉදිරිය වැඩ කටයුතු සදහා අරමුදල් නොමැති බැවිනි.
ඇමතිට චෝදනාවක්...
ව්‍යාපෘතිය නතර වූ පසු, එවකට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාට එරෙහිව චෝදනාවක් එල්ල වූයේ, ජපන් සමාගමෙන් අල්ලස් ඉල්ලා සිටීම සම්බන්ධයෙනි. මෙම චෝදනාව හමුවේ අමත්‍යවරයා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සිදුකළ පරීක්ෂණයකින් පසුව සාක්ෂි නොමැති හෙයින්, ඔහු නිදහස වි යළි ඇමති තනතුරට පත්විය.
ඉන් පසුව මැතිවරණ සමයක් පැමිණියේය. දුෂණයට, අල්ලසට තිත තබන බව ජනතාව හමුවේ සපථ කරමින්, ජාතික ජනබලවේගය ප්‍රධාන මැතිවරණ දෙකම ජයග්‍රහණය කළේය. අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත අවශ්‍ය වූයේ, දුෂණයෙන් තොරව, දේශය සංවර්ධනය කරා ගෙන යෑමය. නැවති තිබු අත්‍යවශ්‍ය ව්‍යපෘති පිළිබදව සොයා බලන ලද ඔහු, කටුනායක ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ සංවර්ධනය සම්බන්ධයෙන් විමසිලිමත් විය.
ජැයිකා ආයතනය සිය ණය ආධාර වැඩපිලිවෙල නවතා ඇත්තේ බැවින් එය යළි සක්‍රිය කර ගනිමින්, දෙවන අදියරේ ඉතිරි කොටස ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ විය. ඒ සදහා ජපානය සමග සාකච්ඡා පැවැත්වූ විට, අතීතයේ සිදුවූ දුෂණ ආදිය මතු කළ ජපානය, මේ සදහා සමස්ත ව්‍යාපෘති වියදමෙන් 30%ක් පමණක් ලබාදීමට එකගතාවය පළ කළේය. තමන් රට මෙහෙය වනුයේ විනිවදභාවයෙන් අනුන ක්‍රියා මාර්ග ඔස්සේ බව ප්‍රකාශ කරන ලද ජනාධිපතිවරයා, සමස්ත ණය මුදලම සහනදායි ආකාරයෙන් ලබා ගැනීම සදහා වූ, උත්සාහය අත් නොහළේය. ඒ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පැවති ආර්ථික අර්බුදය හමුවේ, ඉතිරි 70% යෙදවීමේ ශක්‍යතාවයක් නොතිබුණේ බැවින්, රටට ඇතුල්වන දොරටුව, තදබදයකින් තොරව සහ ලෝකයේ ඉහළම ගණයට අයත් වනසේ නිර්මාණය කර ගත යුත්තේ හෙයින් ජනාධිපතිවරයා සිය උත්සාහයේ අඛණ්ඩව නියැලුණේය.
නව ජනපති ගැන විශ්වාසය පළවේ
සිය ජපන් සංචාරයේදී, ජපන් නායකයන් සමග මේ පිළිබදව දිගින් දිගටම සාකච්ඡා කිරීමේ ප්‍රතිපලයක් ලෙස, නව ජනාධිපතිවරයා වෙත විශ්වාසය පළ කරමින්, සම්පුර්ණ ඇස්තමේන්තුවම ජැයිකා ආධාරයක් ලෙස ලබාදීම සදහා ජපාන රජය කැමැත්ත පළ කළේය. එය ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයක් විය. 30% දක්වා කප්පාදු කරන ලද සහන ණයක්, මුළුමනින්ම ලබාදීම සදහා, ලෝකයේ පස්වෙනි ආර්ථික බලවතා කැමැත්ත පල කිරීම, ජාත්‍යන්තරයේදී, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිරූපය සදහා සුබවාදී චිත්‍රයක් මතු කළේය.
ඉතිරි කොටස සදහා නව ටෙන්ඩරයක් කැදවීමට රජය තීරණය කළේය. එය අන් ව්‍යාපෘතිවලට වඩා වෙනස් හැසිරීමක් විය. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරිම ද මෙවැනිම අකරතැබ්බයකට ලක් වූයේය. ප්‍රමාදයට ලක්වූ වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා කොටසේ කොන්ත්‍රාත්කරු වන මෙටලර්ජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම (Metallurgical Corporation of China Ltd.) සිය වැඩ කටයුතු අතර මග නවතා දමන ලද්දේ, ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශ කිරීම නිසාය. චීන එක්සිම් බැංකුව විසින් ඒ අනුව ණය ලබාදීම අත්හිටුවන ලද්දේය. 2020 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම්, එහි වැඩ කටයුතු නවතා දමන විට 36.38%ක භෞතික ප්‍රගතියක් ලබා තිබුණේය.
අධිවේගයට වෙනස් ගුවන් තොටුපලේ ඉතිරි වැඩ කොටස
නව රජය පත්වීමෙන් පසු මධ්‍යම අධිවේගයේ ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබදව ඇති වූ කතිකාවතේදී, ශ්‍රී ලංකාවේ විශාලතම ඉදිකිරීම් සමාගම් පහක් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලා සිටියේ, 2015-16 වර්ෂවලදී MCC සමාගමට ලබා දුන් කොන්ත්‍රාත්තුව අවලංගු කර, නව, තරගකාරී සහ විවෘත ටෙන්ඩරයක් ඒ සදහා කැඳවන ලෙසය. මහාමාර්ග අමාත්‍යාංශය විසින් මැයි මාසයේදී, මෙම ටෙන්ඩරයේ ඉදිරි වැඩ කටයුතු සිදු කරනා ආකාරය පිළිබදව නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා සාමාජිකයන් හත් දෙනෙකුගෙන් කමිටුවක් පත් කළේය.
ටෙන්ඩරය සම්පුර්ණ කිරීම සදහා MCC සමාගම ඉදිරිපත් කරන ලද යෝජනාව අධ්‍යනය කරන ලද කමිටුව, නිර්දේශ කරන ලද්දේ, නැවත ටෙන්ඩර් නොකැදවීමටය. එසේම MCC සමාගම ඉදිරිපත් කර ඇති මූල්‍ය හිමිකම් පිළිබඳව විශ්ලේෂණය කර, එම සමාගමට ගෙවිය යුතු බිලියන ගණනක මුදල් ගෙවා, ඉතිරි වැඩ කොටසද එම සමාගමෙන්ම, සම්පූර්ණ කර ගැනීමට සාකච්ඡා කරන ලෙස ද කමිටුව නිර්දේශ කරන ලද්දේය. ඒ අනුව අදාළ කාලය සදහා පොලී ද ගෙවා දමමින්, මධ්‍යම අධිවේගයේ ඉදිරි කටයුතු එම සමාගමටම ලබා දුන්නේය.
දෙවැනි පර්යන්තයේදී තත්ත්වය සම්පුර්ණයෙන්ම ඊට වෙනස් ආකාරයක් ගත්තේය.
තෙවරක් කල් ගිය අවසන් දිනය
ජැයිකා අරමුදල් විසින් මුදල් ලබාදිමට එකගවිමත් සමඟ, ඉතිරි වැඩ කොටස සඳහා නව ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවීමට ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කළේය. මෙම ටෙන්ඩර් කැදවීම මුලසිටම මතභේදයක පැටලී තිබුණේය. 2024 සැප්තැම්බර් හතර වෙනිදා සිට එම වසරේ දෙසැම්බර් 24 වෙනිදා දක්වා ටෙන්ඩර් පත් කැදවීමේ කාලය නියම වී තිබුණි. දෙසැම්බර් 24 වෙනිදාට පෙර ටයිසේයි කෝපරේෂන් විසින් සිය ටෙන්ඩරය ඉදිරිපත් කළේය. කාලය නිමා වී ටෙන්ඩරය ලබා දිය යුතුව තිබුණේ මුත්, අවසාන දිනය මාර්තු 18 වෙනිදා දක්වා දික් කිරීමට අමාත්‍යංශ කටයුතු කළේය. එය ද මාර්තු 25 වෙනිදා දක්වා දීර්ඝ කළේය. ටෙන්ඩරයේ අවසාන දිනය තෙවරක්, මාස තුනකට කල් යන ලද්දේ කා වෙනුවෙන්දැයි පෙනී යන ලද්දේය.
සොජිට්ස් – ලාර්සන් ඇන්ඩ් ටුබ්‍රෝ (එල් ඇන්ඩ් ටී) කොන්සෝටියම් (Sojitz – Larsen & Toubro (L&T) Consortium) සමාගම, මෙම ටෙන්ඩරය සදහා ඉල්ලුම් කළ විට අවසාන දිනය, සත්‍ය ලෙසම අවසන් විය. අවසන් දිනය තෙවරක්ම දීර්ඝ වූයේ, කා වෙනුවෙන් දැයි සියල්ලන්ටම පැහැදිලිව දැක ගැනීමට හැකිවිය.
ප්‍රසම්පාදන විනිවිදභාවය උල්ලංඝනය කරමින් තනි සමාගමක් වෙනුවෙන් මේ ආකාරයට අවසාන දින කල්දැමීම මෙහි ඇති පළමු අක්‍රමිකතාවයය.
සොජිට්ස් –එල් ඇන්ඩ් ටී සදහා ප්‍රසම්පාදන කමිටුවෙන් අවුලක්...
ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව (HLPC - High Level Procurement Committee) හෙවත් ප්‍රසම්පාදන සම්බන්ධයෙන් ඇති ඉහළම රාජ්‍ය යාන්ත්‍රණ මගින්, සොජිට්ස් –එල් ඇන්ඩ් ටී සමාගම සම්බන්ධයෙන් අවුලක් මතු කළේය. ඊට හේතුව වූයේ, එම සමාගම ඉදිරිපත් කරන ලද ලංසුවේ ඇතුළත් වූ ඇටෝර්නි බලපත්‍රය, ශ්‍රී ලංකාවේ නීතිය යටතේ, දේශීය රෙජිස්ට්‍රාර්වරයෙකු විසින් සහතික කළ යුත්තේ වුවද එය සිදු නොකිරීම සහ එම සමාගම සන්තකයේ එය නොතිබීම යන කාරණාවය.
එසේ තිබියදී තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් එම අවනීතික නොගැලපීම නොතකා, ලංසුව ඉදිරියට ගෙන යාම සදහා අවස්ථාව ලබා දෙන ලද්දේය. එය ශ්‍රී ලංකා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ, පැහැදිලි ලෙසම උල්ලංඝනය කිරීමක් විය. විය යුතුව තිබුණේ එම අවශ්‍යතා ඉටු නොකළ, සොජිට්ස් – එල් ඇන්ඩ් ටී සමාගම ටෙන්ඩරයෙන් ඉවත් කිරීම වුවද, පළමු වටයේදී අවසන් දිනය තෙවරක් කල් ගියාසේ, එම නෛතික අවශ්‍යතාවය නොතකා, තාක්ෂණික ඇගයුම් කමිටුව, එම සමාගම ඇගයීම සදහා තීරණය කළේය.
කැබිනට් මණ්ඩලය පත් කරන ලද ඉහළම ප්‍රසම්පාදන මණ්ඩලය, එම සමාගම ඉවත් කරන ලෙස දැනුම් දුන්නේ වුවද, තාක්ෂණික ඇගයුම් කමිටුව එම නියෝග පැත්තකට දමා, සොජිට්ස් – එල් ඇන්ඩ් ටී සමාගම වෙත අවස්ථාව ලබාදෙන්නේ කුමන හේතුවක් නිසාදැයි කිසිවෙකු නොදත්තේය.
වෙළද සමාගමක් දෙබානක් වූ හැටි
වෙළද සමාගමක් වූ සොජිට්ස් මෙවැනි දැවැන්ත ඉදිකිරීම් සදහා කිසිසේත් සුදුසු නොවන බව පැහැදිලිය. මෙම සමාගම, ඊජිප්තුවේ ගුවන් තොටුපල ඉදිකිරීමේ ටෙන්ඩරයක් සදහා ඉදිරිපත් වුවද, ඔවුන් එරට ක්‍රියාදාමය විසින් නුසුදුසන් කරන ලද්දේ, ගුවන් තොටුපලක් ඊට පෙර ඉදි නොකිරීම පදනම් කරගෙනය. තමන්ගේ නුසුදුකම වසා ගැනීම සදහා ඔවුන් සිදු කරන ලද්දේ, ඉන්දීය එල් ඇන්ඩ් ටී සමාගම කරේ තබා ගැනීමය. පළපුරුදු ටයිසේයි සමාගම තනියෙන් ටෙන්ඩරයට පැමිණියේ මුත්, සොජිට්ස් සමාගම ‘දෙබාන බැද’ වැඩේට බසින්නේ, මෙවැනි ඉදිකිරීම් සදහා තමන්ට ඇති නොහැකියාව මකා ගනු පිණිසය.
2024 අගෝස්තු මාසයේ කැදවන ලද මෙම ටෙන්ඩරය දින 180 ක් තුළ අවසන් විය යුත්තේ වුවත්, දේශීය රෙජිස්ට්‍රාර්වරයෙකු විසින් ඇටෝර්නි බලපත්‍රය සහතික කිරීම ආදී කාරණා සදහා, අවස්ථා පිට අවස්ථා ලබාදෙමින්, වසරකට ද වැඩි කාලයක් මේ ටෙන්ඩරය තවම ඇදෙමින් පවතින්නේය. අනෙක් අතට ‘එල් ඇන්ඩ් ටී’ යනු සිය අතීතය පුරාම ශ්‍රී ලංකාවේදී, රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශය සමග සිදු කළ කොන්ත්‍රාත් හීදී, අති අසාර්ථකත්වයක් පෙන්වන ලද්දකි.
බැරි බැරියාවට කරට ගත එල් ඇන්ඩ් ටී
සොජිට්ස් විසින් තම බැරි බරියාව වසා ගැනීම සදහා කරට ගෙන සිටින එල් ඇන්ඩ් ටී සමාගම සිදු කළ එක කොන්ත්‍රාත්තුවක් වූයේ, මහ කොළඹ අපජල ප්‍රවාහන ව්‍යාපෘතියය. නිම කළ යුතු දිනට වඩා, දින 1840ක කාලයක් එය ප්‍රමාද විය. මේ වනාහි වසර පහකට අධික ප්‍රමාදයකි.
සොජිට්ස් යනු ගුවන්තොටුපල ඉදිකිරීම් පිළිබඳ කිසිදු පළපුරුද්දක් නොමැති ජපන් වෙළඳ සමාගමකි. ජැයිකා ආධාර ව්‍යාපෘති සදහා ජපන් සමාගමක් අවශ්‍යයය. ජපන් වූ පමණින් වැඩේ බැරි හෙයින්, එල් ඇන්ඩ් ටී වැඩේට එකතු විය. තමන් ජපන් නොවන්නේ බැවින්, එය වසා ගැනීම සදහා එල් ඇන්ඩ් ටි සදහා සොජිට්ස් ගැලපි යන්නේය. මේ වනාහි අන්ධයා හට පාර නොපෙන්නේ වුවද, සිගමන් යැදිම සදහා හඩ අවදි කළ හැකිය. ගොළුවාට ඉල්ලීම් කළ නොහැක්කේ වුවද, පාරේ පෙනෙන්නේය. දෙදෙනා එකතුව සිගමනකට යන්නා සේ, රටේ ප්‍රධාන දොරටුව බදු ගුවන් තොටුපල, අනාථයන් දෙදෙනකු වෙත නැටවීම සදහා දෙන තත්ත්වයක් බවට මෙම ටෙන්ඩරය දැන් පත්ව ඇත්තේය.
එල් ඇන්ඩ් ටී යනු, මෙරට රාජ්‍ය ආයතන ගණනාවක් සමග කොන්ත්‍රාත් සිදු කර වියවුල් රාශියක් ඇති කරන ලද සමාගමකි. යෝධ පොලු තැබීම් හේතුවෙන් එය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය, ලංකා විදුලි බල මණ්ඩලය ආදී ආයතන බේරුම්කරණ ක්‍රියාවලියේ සිටින්නේය. රජය මෙම සමාගම සමග අත්විද ඇති අතීතය අනුව, අනිවාර්යෙන්ම බ්ලැක් ලිස්ට් විය යුතු වුවද, ගුවන් තොටුපල දෙවන පර්යන්තය ඉදිකරන කොන්ත්‍රාත්තුව ගැනීම සදහා හොර පාරෙන් යන තරමට ඔවුන් සුක්ෂම සහ අත යට යාන්ත්‍රණයෙන් සවිමත් වී ඇත්තේය.
ජනාධිපතිගේ ඉලක්කය සුන්...?
එක් අතකින් ශ්‍රී ලංකා ජාතික ප්‍රසම්පදාන මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇත්තේය. අනික් අතින් ජැයිකා මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇත්තේය. එසේ වුවත් සොජිට්ස් –එල් ඇන්ඩ් ටී සමාගම වෙත කවුරුන් හෝ තදින් පෙම් කරන බව පැහැදිලිය. මෙම ප්‍රේමය වනාහි රටට සහ දුෂණයට එරෙහිව සටන් කිරීම සදහා ජනතාව බලයට ගෙනා, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවටම සිදු කරනා අමු ද්‍රෝහිකමකි.
ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය ඉදිරිපත් කරමින් පවසන ලද්දේ “ආර්ථික බිඳ වැටීම් සහ අනෙකුත් සාධක හේතුකොට ගෙන අතර මඟ නවතා දමා තිබූ ගුවන් තොටුපොල සංවර්ධනය කිරීමේ දෙවන අදියර 2026 වසරේ මුලදී ඉදිකිරීම් ආරම්භ කරනවා. ඒ සඳහා දැනටමත් ජපානයේ, ජයිකා ආයතනය මූල්‍ය පහසුකම් ලබා දීමට එකඟතාව පල කර තිබෙනවා...” යනුවෙනි.
වැඩේ දැනට කෙරීගෙන යන ආකාරයට නම් ලබන වසරේ නොව නිවන් දක්නා ජාති දක්වා හෝ ගුවන් තොටුපලේ දෙවැනි අදියර සිදු කෙරෙවිදැයි කිව නොහැක්කේය. වසර පහක් තිස්සේ ඇදි ඇදී ගොස් යන්තම් මෙවර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජැයිකා අරමුදලෙන් යළිත් සහන ණයක් ගෙන ඇත්තේය. ඒ මුදලින් පාරදෘශ්‍ය ආකාරයට ටෙන්ඩරය පිරිනමනවා වෙනුවට දැන් වැඩේ කැරකෙන බව පෙනී යන්නේ, ගතමන්ට් එක වටාය. මේ සුදානම කෙසේ හෝ තාක්ෂණ ඇගයුම් කමිටුවේ කඩුල්ලෙන් ද වැඩ බැරි සහ නුසුදුසු සොජිට්ස් –එල් ඇන්ඩ් ටී සමාගම පැන්නවිමය. ඉන් පසු ඇත්තේ මිළ ගණන් ටෙන්ඩරය වෙත යෑමය. එහිදී අඩු මිළට වැඩේ කරකැවෙන්නේ බැවින් කොලිටිය නැති සහ කාලයක් ආදිය පිළිබදව හැගීමක් නැති සමාගමකට ඕනෑම මට්ටමක අඩු ගණනක් කිව හැක්කේය.
මේ නිම වන්නේ රටේ ප්‍රධාන දොරටුව බව අප මුල සිටම කීවෙමු. එය අනර්ඝත්වයේ සංකේතය විය යුතුය. රටේ ආඩම්බරයේ, ආරම්භය විය යුත්තේය. අපට කලාපයේ තරගය ඇත්තේ සිංගප්පුරුව, නවදිල්ලිය, මැලේසියාව ඩුබායි, අබුඩාබි ආදී රටවල ගුවන් තොටුපළවල් සමගය. එහෙව් තරගයකදී, පාසල් ගොඩනැගිල්ලක් සේ ගුවන් තොටුපලක් ඉදි කළ නොහැක්කේය. අනෙක් තරගකරුවන් පසු කරගෙන ගොස්, ලෝකයේ මුල් පෙළේ ගුවන් තොටුපලක් අප ද නිමවා ගත යුතුය. ඒ සදහා ගැලපෙන්නේ ගුවන් තොටුපල ඉදිකිරීමේ කොන්ත්‍රාත් සිදු කර අත්දැකීම් ඇති සමාගමක් මිස යාචක එකමුතුවක් සේ කොල්ලය සදහා කල්ලි ගැසුණු අසාර්ථක නම් දෙකක් නොවේ, කොළඹ අපජල ප්‍රවාහන පද්ධතිය නිමා කිරීම සදහා නියමිත දිනට වඩා වසර පහක් කාලයක් ගන්නා ලද සමාගමක් වෙත එවැනි වැදගත් සහ බරසාර ව්‍යාපෘතියක් බාර දුනහොත්, ඊලග පාඩම ද ඔවුන් අපට උගන්වා පිටවෙනු ඇත, මිස ගුවන් තොටුපලේ දෙවැනි අදියර නම් නිමා නොවනවා ඇත්තේය.
ඊළගට මුහුණදීමට සිදුවන්නේ, නඩුකරයකට සහ අවනම්බුවටය. මුල සිටම දුෂණ මාදිලිය සදහා පෙළ ගැසුණු ආකාරය දැන් ප්‍රසිද්ධියේ පත්තු වී ඇත්තේ හෙයින් සුදුස්සා තම සුදුසුකම් වෙනුවෙන් නඩු කියනු ඇත්තේය. එය ඔහුගේ අයිතියය. ඒ සමග රටේ ගුවන් තොටුපල ගාරනා වට්ටියක් සේ තබා ගන්නා ලද පාලකයන් පිළිබදව ලොව පුරා පුවත් පැතිර යනවා ඇත්තේය. සහන ණය දෙන ආයතන යළි මේ පැත්ත හෝ බලාගෙන ආහාර ගන්නේ නැති තත්ත්වයකට පත්විය හැක්කේය. ඒ පසු පස එන්නේ, ආයෝජන සහ සංචාරක ඉලක්කයය. දිවා විවේකයේදී, කැන්ටිමේ පොරකන පාසල් ළමුන් සේ සංචාරකයා පාස්පෝට් එකට සිල් ගසා ගැනීම සදහා කවුළුව වට කර පොර කන්නේ නැත. එවැනි සිද්ධි දිනක් කිහිපයක් වූ විට, එය ලොව පුරා ප්‍රචාරය වීමත් සමග රටේ ඉලක්ක ද හාන්සිය.
අනික, පාරදෘශ්‍යභාවයේ රජ දහනක, ජනතාව කිරුළු පළඳන බව කියූ ආණ්ඩුවක කෙරුවාවය. මුල සිටම වැඩේ ගාණට යටින් යන්නේ හෙයින් ඇමති, නියෝජ්‍ය ඇමති, ලේකම්, සභාපතිවරු සහ බලධාරින්, කිසි ගාණක් නොමැතිව මෙම අක්‍රමිකතාව සදහා ඉඩදී ඇති බව පෙනේ.මේවා ගැන තැකීමක් ඇත්තේ රටේ ජනාධිපතිවරයාට පමණය. මේ, ඔහු විසින් රටට ,සිය උපරිම වැර යොදා ගෙන ආ ව්‍යාපෘතියකි. එය සමග අල්ලස් සෙල්ලම් කිරීම රටේ නායකයාගේ මහන්සිය සහ රටේ අනාගතය වතුරේ යැවීමකි.
එහෙයින් අවර ගණයේ සමාගම් දෙකක ඒකාබද්ධය විසින් වපුරන අල්ලසට යට නොවී, රටේ මුදුන් උළුවස්ස නිසි ආකාරව තබන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිමු. මුලදී කියූ ලෙස නිවසක ප්‍රධාන උළුවස්සෙ දෝෂය අපල කරනුයේ ගෙදර ප්‍රධානියාට මෙන් රටේ උළුවස්සේ දෝෂයක් වේ නම් එහි අපලය එනුයේ රටේ ප්‍රධානියා වෙතය. එහෙයින් එම අපලයෙන් ගැලවිය යුත්තේ, එය සදහා වැර වෑයමෙන් කටයුතු කළ එතුමාමය.
උපුටාගැනීම - Theleader.lk

