SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෙර-සටහන
නේරුට ඉන්දියාව තුළ ඉංග්‍රීසි භාෂාව රඳවාගන්නට මතවාදී අරගලයක් කරන්නට සිදුවිය. නේරු එසේ කළේ, ප්‍රථම වශයෙන් එංගලන්තය හරහා ලැබුණු කාර්මික-විප්ලවානුකූල වූ කාර්මික නිෂ්පාදන උපකරණ (Means of Production) සහ සේවා උපකරණ වල උරුමය අත්නෑර තබා ගන්නටත්, ඒ කාර්මීකරණය ඔසවා තබන්නට බලපෑ ලෝක තාක්ෂණ අත්පත්කරගන්නටත් තිබූ අනවරත උවමනාවෙනි. නූතන ඉන්දියාවේ සංවර්ධනයට කාර්මිකරණය සහ ඊට යාදෙන තාක්ෂණය භාවිතා කිරීමට සහ යලි යලිත් උපුටාගනිමින්, අනුකරණය කිරීමට සහ ආභාෂය ලබා ගැනීමට ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය බව ඔහු දැන සිටියේ ය.

එලෙස ම ඉන්දියාව සංස්කෘතිකව ලෝකයට විවෘත්ත වී හරහා එහි සංස්කෘතීන් පුළුල් පෝෂණයකට ලක් කරගැනීමට නම් ඊටත් විදේශ භාෂාවක් ලෙස ඉංග්‍රීසිය ඉන්දියාව පුරා ප්‍රචලිත කිරීමේ අවැසිතාව හඳුනාගෙන සිටියේ ය. එනයින් නේරු ඉන්දියාව තුළ බිහිවූ ජාතිකවාදී ඉන්දියන් ජනයාට සේ ම පුවත්පත්කලාවේදීන්ට ඉදිරියෙන් සිට ඉන්දියාවේ අනාගතය දුටු නූතනවාදී නායකයෙක්(Modern Leader) බව ලොව පිළිගනීි. (පරිවර්තක)
  
neru 1
අගමැති නේරු විසින් මධ්‍යම-ආණ්ඩුවේ භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තම අදහස් පල කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සමුළුවක් ආරම්කර තිබූ අතර, ඉන්දියාවේ පුවත්පත් අංශයක් ඔහුගේ අදහස් විවේචනය කළේ ය.

පුවත්පත් වල තිබූ අදහස් කියවා නේරු පුදුම වුණේ ය. තම අදහස් වරදි ලෙස වටහා ගැනීම මේ විවේචනවලට හේතුවී අතැයි අනුමාන කළ නේරු, එකී වරදවා වටහාගැනීම ඉවත් කර දමන ලෙස ඉල්ලමින් ඔහු රටට පැහැදිලි කිරීමක් කළේ ය.
   
 
මේ සමාරම්භක දේශනයේද නේරු රටේ බොහෝ දෙනෙකු විදේශීය භාෂා ඉගෙන ගැනීමේ අවශ්‍යතාව ප්‍රකාශ කර ඇත. එහිදී ඔහු විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත. විවිධ සංවර්ධන වැඩසටහන් ද, දෙවන පස් අවුරුදු සැලැස් ම ද, ඉන් අනතුරුව පැවති පස් අවුරුදු සැලැස්ම ද මීට සම්බන්ධකොට ඔහු අදහස් දැක්වූවේ ය.
 
 
neru3

මේ සැලසුම්වල සාර්ථකත්වය උදෙසා ඉහළ මට්ටමේ නූතන විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනයක් අවශ්‍ය බවට නේරු තර්ක කළේ ය. මේකට අවම වශයෙන් විදේශීය භාෂා (බටහිර භාෂා) එකක හෝ දැනුමක් අවශ්‍ය බව ඔහු පැවසී ය. විවිධ භාෂාවලින් ප්‍රකාශයට පත්කරන ලද විද්‍යාත්මක සාහිත්‍යය කියවා තේරුම් ගැනීමට හැකිවන පරිදි වෙනත් රටවල විශේෂඥයින් නම් භාෂා කිහිපයක් දනී.

 
එහිදී තමන් හින්දි භාෂාවට විරුද්ධව කතා නොකළ බව නේරු පැහැදිලි කර දුන්නේ ය. ඒ නිසා ම ඔහු ඊට පක්ෂව යමක් කතා කළේ ය. ප්‍රාදේශීය භාෂාවන් භාවිතා කරන ප්‍රාන්ත හැර ඉන්දියාවේ සෑම තැනක ම අධ්‍යාපනය සහ පරිපාලන කටයුතු සඳහා හින්දි භාෂාව වැඩි වැඩියෙන් භාවිතා කරන බව කියන්නට නේරුට සිදුවිය. එහෙත් ඒ සමග ම අවම වශයෙන් ඒක් විදේශීය භාෂාවක්වත් (බටහිර භාෂාවක්වත්) ප්‍රමාණවත් ලෙස ඉගෙන ගත යුතු නේරු නැවත නැවත අවධාරණය කළේ ය.


ප්‍රංශ, ජර්මන්, ස්පාඤ්ඤ, රුසියානු සහ චීන වැනි වෙනත් විදේශී්‍ය භාෂා ඉගෙනගත හැකි වුව ද, පවතින තත්වයන් තුළ ඉංග්‍රීසිය ඔහුගේ සිතේ තිබූ ඒ විදේශීය භාෂාව විය. ඉංග්‍රීසි භාෂාව ලෝකයේ වඩාත් ව්‍යාප්තික විදේශීය භාෂාව බවට සැකයක් ඇත්තේ නැත. ලෝකයේ විද්‍යාත්මක සහ තාක්ෂණික පත පොතින් තුනෙන් දෙකක් ම ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් වූ ඒවා ය.
 
 
neru4

මෙහිදී නේරු තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, ඉන්දියාවේ බොහෝ මිනිසුන් කාර්මීකරණයේ සම්පූර්ණ හැඟවුම්-අරුත් තේරුම් නොගෙන සිටින බවයි. මොකද මිනිසුන් හිතුවේ කර්මාන්තශාලා ගණනාවක් එනවා කියා යි. ඒත් කාර්මිකකරණයේ වැදගත් ම අංගය වන්නේ පිරිස් නිසිලෙස පුහුණු කිරීම යි. අර්ථවත්වන සහ වේගවත්වන කාර්මිකකරණයක් උදෙසා ඉන්දියාවට විද්‍යාඥ්ඥයින්, තාක්ෂණවේදීන් සහ ඉංජිනේරුවන් විශාල සංඛ්‍යාවක් අවශ්‍ය වුණා. ඉතිං මෙම තාක්ෂණිකරණය වෙන්නට නම් පුද්ගලියින් සඳහා සුදුසු පසුබිමක් තිබිය යුතු වුණා. එපමණක් නෙවෙයි, සමහර ඉංජිනේරුවන් සහ කෘෂිකර්ම විශේෂඥ්ඥයින් විද්‍යාල කිහිපයකින් පුහුණු කිරීම පමණක් ප්‍රමාණවත් වුණේ නැහැ. ඉතින් එවැනි පුද්ගලයින් විශාල වශයෙන් අවශ්‍ය වූ අතර ඔවුන්ව පුහුණු කළ යුතු ද වුණා.


“ඉන්දියාවේ අනාගත ප්‍රගතිය බොහෝ දුරට රඳා පවතින්නේ, කාර්මීකරණය සහ ඉහළ පන්නයේ නවීන තාක්ෂණ ක්‍රම භාවිතය මත. සාමාන්‍යයෙන් ඉහළ ම පන්නයේ විද්‍යාඥ්ඥයෙකු හෝ ඉහළ ම පන්නයේ කාර්මිකයෙකු බිහිකරගන්නට ගොඩක් කාලයට ගතවෙනව. ලෝහ විද්‍යාඥ්ඥයෙකු පුහුණු කිරීමට ගතවන කාලය වානේ බලාගාරයක් ම සකසා ගැනීමට ගතවන කාලය වගේ දෙගුණයක්. පරමාණුක හේතුවක් සමාජගත කරන්නට යන කාලය වගේ පස් ගුණයක කාලයක් පරමාණුක විද්‍යාඥ්ඥයෙකු පුහුණු කිරීමට ගත වෙනවා. ඉතිං දෙවන හා තුන්වෙනි පස් අවුරුදු සැලැස්මට විශේෂඥ්ඥයින් පුහුණු කිරීම සඳහා අප සංවිධානය විය යුතුයි. එය ප්‍රමාද කළ නොහැකියි”, නේරු අවධාරණය කලා. එය වහා විසඳගත යුතුව තිබූ දෙයක්.
 


“විදේශීය භාෂාවක් පිළිබඳ දැනුමක් නොමැතිව සුපිරි පන්නයේ තාක්ෂණික පුහුණුවක් ලබා දීමට බැහැ. හින්දි හෝ වෙන්ත ඕනෑ ම ප්‍රාදේශීය භාෂාවකින් ප්‍රාථමික විද්‍යා හා තාක්ෂශණ පුහුණුවක් ලබාදීමට අවශ්‍ය වුණා සහ හැකි වුණා තමයි. සමහර විද්‍යාත්මක පොත් හින්දි භාෂාවට පරිවර්තනය කරන්නට පුළුවන් වුණා තමයි. ඒ වගේම සමහර තාක්ශණික යෙදුම් එම භාෂාවෙන් ගොඩනගා ගන්නටත් පුළුවන් වුණා තමයි. ඒත් එපමණක් ප්‍රමාණවත් වුණේ නැහැ. උසස් විද්‍යාත්මක චින්තනය සම්බන්ධ පොත් ඉන්දීය භාෂාවලට පරිවර්තනය කරන්නට හැකි වුණේ නැහැ. විද්‍යාවේ තාක්ෂණ වෙනස්කම් ඇතිවීම කොයිතරම් නම් වේගවත් වුණාද කියනවා නම්, අද ප්‍රකාශයට පත් කරන පොත් ඉතා ඉක්මනින් ම කල් ඉකුත්වෙලා යනව. ඉන්දියාවේ සියළු ම විද්‍යාඥ්ඥයින්ගේ දැනුම යාවත් කාලීන විය යුත්තේ, වෙනත් විවිධ භාෂාවලින් ප්‍රකාශයට පත් වුණ විද්‍යාත්මක සඟරා කියවීමෙන්. මේ හේතුව නිසා දෙවෙනි භාෂාව ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමත්, එම ඉගෙනීම විශාල දෙස ඉදිරියට ගෙන යාමත් අත්‍යවශ්‍ය යි.”  
 
 
neru2

ඉංග්‍රීසි කියන්නේ ඉගෙනීමට පහුසුම විදේශ(බටහිර) භාෂාව වගේ ම ලෝකයේ වැදගත් ම භාෂාව යි. අපේ ආර්ථික හා තාක්ෂණ සංවර්ධනයට අමතරව විදේශ භාෂා පිලිබඳ දැනුම ද අපේ සංස්කෘතිය සංවර්ධනයට අවශ්‍ය වෙනවා. මෙයින් අපට ලෝකයේ විවිධ චින්තන ධාරා සමඟ සම්බන්ධව සිටීමට හැකි වෙනවා. ඒ වගේ ම හින්දි භාෂාවට පවා ක්‍රමයෙන් නව සිතිවිලි ඇති කරන වාහනයක් බවට පත්වී පොහොසත් වන්නට උදව් ලැබෙනවා.

ස්වයංක්‍රීයකරණය(Automation) සහ පරමාණුක ශක්තිය ගැනත්, ලෝකය පුරා මහා වෙනස්කම් සිදුවෙමින් පවතින බවත්, අපි ඒ සමඟ වේගයෙන් නොගියහොත් අපිව පහළට ලිස්සා යැවෙන බවත් නොදන්නා බොහෝ මිනිසුන් අපේ රටේ සිටී යැයි නේරු ම පැවසුවා. හින්දි සහ අනෙකුත් භාෂා සීග්‍රයෙන් සංවර්ධනය වීම සිදුවිය යුතු තමයි. අපේ ජන්ම භාෂාවන් දිගින් දිගට ම පුවත්පත්-කලාවේදය පැත්තට බර වුණා. සිතිවිලි අවමයෙන් යොදවා කෙරෙන වේගවත් පරිවර්තනවල ඇති නොසැලකිල්ල භාෂාවල ආත්මය සහ සාරය අහිමි කරනව.


අනාගතේ මහා ප්‍රගතියක් ලබාගත හැක්කේ අපේ ම භාෂා වලින් මිසක විදෙස් භාෂාවලින් නෙවෙන බව හැබෑව යැයි නේරු පැවසුවේය. ඒත් අවාසනාවන්ත ලෙස බි්‍රතාන්‍යයට යටත් ඉන්දියාවේ නව-කුලයක් හෙවත් අලුත් ඉංග්‍රීසි දන්නා පංතියක් බිහි වුණා. ඒකට හේතුව වුණේ අධ්‍යාපනය සීමා සහිත වීම යි.  අධ්‍යාපනය ව්‍යාප්තව තිබුණේ වී නම්, එය කොහෙත් ම සිද්ධ වෙන්නේ නැහැ. අනාගතයේදී ඉගැන්වීමේ මාධ්‍ය ඉංග්‍රීසි නොවිය යුතු යි. ඉදිරියේදී භාෂා මාධ්‍යය හින්දි හෝ වෙනත් ප්‍රාදේශිය භාෂාවක් වෙන්නට පුළුවන්. පරිපාලනයට පොදුජනයා සමඟ යාවත්කාලීනව සම්බන්ධව සිටින්නට  සහ ඒකාකාරී වර්ධනයක් අත්කරගන්නට හැකි වන්නේ එවිට යි. ඒත් විද්‍යා හා තාක්ෂණ සංවර්ධනය වෙනුවෙන් අපිට ඉංග්‍රීසි හෝ වෙනත් විදේශීය භාෂාවක් දැනගත යුතුමයි. දෙවනුව අපිට අපේ සංස්කෘතිය සංවර්ධනය කරගන්නට ඉංග්‍රීසි සහ-හෝ වෙනත් විදේශ භාෂාවක් දැන සිටිය යුතු ම යි. නැතිනම් අපව සංස්කෘතික වශයෙන් හුදෙකාලා වෙන්නට ඉඩ තියෙනව.  
       

නේරු විසින් තව දුරටත් නිගමනාත්මකව කතා කළේ ය. හින්දි භාෂාව අධ්‍යාපනික සහ පරිපාලනමය අරමුණු සඳහා නිසි ලෙස භාවිතා වෙන්නට නම්, එය නිසි ලෙස වර්ධනය විය යුතු බවයි. වාචික වචනවලින් බැහැර පුවත්පත්කලාවේදය සහ මතුපිටින් බලා කියෙවීම සඳහා සෑම දිරිගැන්වීමක් ම කරන්නට උවමනා තමයි. දෙවනුව හින්දි හෝ වෙනත් ඕනම ප්‍රාදේශීය භාෂාවක් ඉගැන්වීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කළ හැකි තමයි. තෙවනුව ඉංග්‍රීසිය අනිවාර්ය වූ දෙවන හෝ තෙවන භාෂාවක් විය යුතු ම යි. රටේ සියළුම මිනිසුන්නට එකවර ඉංග්‍රීසි දැනගැනීමට නොහැකි වූයේ එය කළ නොහැකි වූ බැවිණි. ඒත් මම අර කලින්ු සඳහන් කළ හේතු නිසා රටේ විශාලත ම පිරිසක් ඉංග්‍රීසි දැනසිටිය යුතු ම ය. ඔවුන්ට ආකාර දෙකකින් ඉංග්‍රීසි දැනගත හැකි වෙන්න උවමනයි. එක පැත්තකින් ජනයාට ඉංග්‍රීසි පිළිබඳ මනා දැනුමක් ඇතිකරගන්න් පුළුවන්. පොත්  සහ වාර-සඟරා කියවා තේරුම් ගන්නට අවශ්‍ය අවබෝදය ලබාගන්න නම්, ඉංග්‍රීසි ගැන ක්‍රියාකාරී අවබෝධයක් තිබිය යුතුයි. ජනයාට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ද තිබිය යුතු ම යි.

පාසල්වල ඉංග්‍රීසි අනිවාර්ය භාෂාවක් විය යුතුයි.

මාධ්‍ය හින්දි භාෂාව වීම හෝ ප්‍රාදේශීය භාෂාවක් කිරීමෙන් අවබෝධය සඳහා ප්‍රමාණවත් දැනුමක් ලබාදිය හැකි බව ඇත්ත. හැබැයි ඒකෙන් සාපේක්ෂ වශයනේ ඉංග්‍රිසි පිළිබඳව මනා දැනුමක් ඇතිකරගන්නට යොමු වන්නේ ඉතා කුඩා පිරිසක්. විශේෂ විෂයන් ඉගැන්විය යුතු විශ්වවිද්‍යාල වල ප්‍රාථමිකව ඉංග්‍රීසි ඉගැන්වීමක් කළ නොහැකියි.

විද්‍යාව ප්‍රාථමිකව උගන්වන්නට හින්දි භාෂාවට හැකි වුණත්, ඉහළ අදියරේදී ඉංග්‍රීසි අවශ්‍ය ම වෙනව.

ඉන්දියාව පුරා විද්‍යාත්මක පාරිභාෂිතය ඒකාකාර විය යුතුය. අවශ්‍ය වන ඕනෑ ම මොහොතක විද්‍යාව උගන්වන විද්‍යාත්මක යෙදුම් වෙනුවෙන් ජාත්‍යන්තර භාෂාවට අනුගත හැකි විය යුතුයි.


නේරු අවසන් වශයෙන් අදහස් එකතු කරමින් කීවේත්, “ ඉංග්‍රීසි ඉගෙන ගැනීම සහ ඉගැන්වීම යන කටයුතු දෙක පාසල්වල අනිවාර්්‍ය කර ඇත්තේ ලොව පුරා ඇති ඉංග්‍රීසිවල ඇති වැදගත්කම හින්දා” යනුවෙනි.


ඛාන් ඉෂ්කා විසිනි.
පරිවර්තනය - අරවින්ද  
 

නවතම ලිපි