අප ජීවත් වන මේ යුගය යනු මුළු ලෝක තලයම ස්වාවික අපදාවලින් වසා ගත් යුගයක්.
ජර්මණියේ ක්‍රියාත්මක වන දත්ත සමාගමක් වන Statista Research Department පවසන ආකාරයට ගත වු දස වසර තුළ සාමන්‍ය වශයෙන් වසරකට 417ක් මහා පරිමාණ ස්වාභාවික ආපදා සිදුවී තිබෙනවා. මේ සංඛ්‍යාව සුළුපටු නෑ. අප ජීවත් වන්නේ ආපදා යුගයකයි!
නමුත් සෑමදා -නොමරඳා -මේ ලෙනේ කියමින් සිංහබාහු ගල්ලෙන හැරදා ගිය ආකාරයට සෑමදා- ආපදා සහිත මෙි ලෝකය හැරදා අපට යෑමට වෙනත් ලෝකයක් නෑ. ආපදා සමග අප ජීවත් විය යුතුයි. කෙසේ හෝ ජීවත් වීම නොවෙයි.යහතින්ද ජීවත් යුතු බැවින් ආපදා වලට සාර්ථක ක්‍රමවේද ඔස්සේ මුහුණදිය යුතුයි.
වාද විවාද තිබුනත් මේසා විශාල ආපදාවන්ගෙන් ලෝකය වැසී යෑමට හේතුව පෘථිවිය මුහුණ දෙන දේශගුණ විපර්යාසය බව මැදිහත් මතයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.දේශගුණ විපර්යාසයට දේශගුණ සමනය (climate mitigation) සහ දේශගුණ අනුවර්තනය (climate aduptation ) කියන ක්‍රම දෙක ඔස්සේ මුහුණ දිය හැකි දැණුම ප්‍රතිපත්ති හා ක්‍රමවේද මේ වන විට ලෝකයේ දියුණු කරල තිබෙනවා. මේ දැණුම, ප්‍රතිපත්ති හා ක්‍රමවේද අපේ රටෙත් සෑහෙන ලෙස දියුණු වෙලා තිබෙනව.
2004 සුනාමියෙන් පස්සේ චන්ද්‍රිකා ජනාධිපති තුමිය ඉතා දුරදර්ශීව කටයුතු කරමින් 2006 ජාතික ආපදා පණත ගේන්න මුලික වුනා.ඒ පනතෙන් පස්සේ ආපදාවන්ට සාර්ථක ලෙස මුහුන දියහැකි ආයතන, ප්‍රතිපත්ති රාමු ගොඩක් හැදුණා. අපි හදල තිබෙන ප්‍රත්පත්ති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට එකඟයි.
ඒ ප්‍රමිතීන්,
ආපදා අවම කිරීම සඳහා වූ සෙන්ඩායි රාමුව (Senadai Framework)
තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs)
දේශගුණ ව්පර්යාස පිිළිබද පැරිස් සම්මුති්ය (Paris Agreement) වගේ මුලික ලෝක සම්මුතීන් වලට අනුකූලවයි ඒව හදල තිබෙන්නෙ. අපේ රටත් මේවයෙ කොටස් කරුවෙක්. ඉතින් මේව අනුව කටයතු කරනවනම් මේ දුෂ්කර වෙලාවෙ දැනට වඩා ලෝක මට්ටමේ අවධානයක් සහ සහයෝගයක් අපේ රටට බාහිර ලෝකයෙන් ලැබෙනවා.
ඉතින් මේ ආණ්ඩුවට රෝදය අලුතින් හොයාගන්න දෙයක් නෑ. ආපදාවට උත්තර හොයන්න රෝහණ විජේවීර මහත්තයගේ දේශපාලන කතා පස්සෙ යන්න ඔිනි නෑ. හැම මහජන ප්‍රතිපත්තියකම උල්පත පැලවත්ත විය යුතුයි කියල මාලිමාවට චන්දය දීපු අය කියන්නෙත් නෑ.
ආණ්ඩුවට තියෙන්නෙ අවංක වෙලා නිහතමානි වෙලා 2006, පනත, ජාතික අපදා මධ්‍යස්ථානය, ජාතික අපදා සැලැස්ම 2023-2030 වගේ දැනට රටක් ලෙස දියුණු කරල තිබෙන නීති,ප්‍රතිපත්ති ආයතන හා ඒවා පිටුපස තිබෙන බුද්ධිමය මැදිහත් වීම පිළි අරගෙන කටයුතු කරන්නටයි.
එහෙම නැතිව අපදාවෙන් ගොඩ ඒම වෙනුවට පක්ෂය ගොඩනැගීම මුලික කර ගෙන වැඩ කරන්න ගත්තොත් අධි දේශපාලනීකරණයෙන් බරවුන මුලු ලෝකෙටම මරගාතයක් වෙච්ච ඔය බොල්ෂෙවික් පක්ෂ කෙරුවාවත් කඩා වැටෙන්නේ මහජනයාගෙ ඔළුව උඩටමයි. එතකොට ආපදාව වෙන්නෙ ආණ්ඩුවමයි. ඒක මීට හපන් ආපදාවක් වෙයි.
@කරු පරණවිතාන
( photo credit goes to the originator)

