මේ කෙටි චිත්‍රපටය මුලින්ම බලන්න.
චෙම්මනිය - ගැන මගේ මිත්‍ර Joy Jegarthan හදපු විනාඩි පහක කතාවක් මේක. මේකෙ වචනයක් වචනයක් ගානේ කියන කතාව සමහර වෙලාවට දකුණේ අපිට හිතන්නවත් බැරිවෙයි !!
/ මේ කතාව: 1996 යාපනයේ සාමාන්‍ය දවසක - ජෝයි (රජයේ ගුරුවරයෙක්) රේඩියෝ එකේ 1995 තිරගත වූ 'මුත්තු' චිත්‍රපටයේ සින්දුවක් අහගෙන බයිසිකලයක් පැදගෙන එනවා. එයාගේ බයිසිකලේ පිටිපස්සේ තියෙන්නෙ ලේක්හවුස් මුද්‍රණය කරපු සිලබස් පොතක් - යාපනේ කියල අමුතුවෙන් දේවල් ඉගැන්නුවෙ හෝ ඉගෙන ගත්තෙ නෑ. අපි වගේම එකම සිලබස් එක.
/ ගුරුවරයෙක් වෙච්ච ජෝයි බයිසිකලේ එනවා - ඔව් යාපනයේ ඕනෑ තරම් රජයේ රැකියා කරපු අය හිටිය. නමුත් දූෂණය කරලා හමුදාව මරලා දාපු ක්‍රිෂාන්තිව පවා ඒ දවස්වල දකුණේ මාධ්‍ය කිව්වේ කොටි කෙල්ල කියලයි.
/ජෝයිගෙන් ඉගෙන ගන්න ළමයෙක් පාරේ හම්බෙනවා. ඇයි ක්ලාස් ආවෙ නැත්තේ කියලා ඇහුවම එයා කියනවා, අපේ පැත්තෙ ‘අපේ පැත්තෙ ඊයෙ Round Up’ කියල. - හමුදාව ඒ කාලේ දෙමළ ගම් වට කරනවා. ගමේ ඉන්න හැම දෙනාවම පිට්ටනියකට ගෙන්නලා ඔලුව සම්පූර්ණයෙන්ම වහගත්තු මනුස්සයෙක්ව එයාලගේ ඉස්සරහට ගෙන්නනවා. ඌ කාවහරි බලලා ඔළුව වැනුවත් එයාව අරන් යනවා. එහෙම අරන් ගිය කවුරුත් ආයේ ආවේ නෑ කියල තමයි යාපනයේ මිනිස්සු අදටත් කියන්නේ. මේ හැමදේම ඒ දවස්වල එයාලගේ ජීවිතේ කොටසක් වෙලා තිබුණා.
අපි 2022 තෙල් ගෑස් පෝලිම්වල ඉන්නකොට ජෝයි දවසක් Office එකේ කියනව,
- අපිට ඒ දවස්වල කරන්ට් එක තිබ්බෙ පැයක් විතරයි,
- ඉගෙන ගත්තෙ කෑම හැදුවේ හැම දේම කරේ කළුවරේ,
- පාන් රාත්තලයක් ගන්ඩ පැය තුනක් පෝලිමේදල තියෙනවා,
- ලාම්පුතෙල් ලීටරයක් ගන්න දවස් දෙකක් පෝලිමේ ඉඳලා තියෙනවා,
- බයිසිකලේ තමයි හැමදේම,
- කෝච්චියක් දැක්කේ 2011 ට පස්සෙ,
- මිසයිල් බෝම්බ වෙඩි තැබීම් මේ හැමදේම අපේ ජීවිතයේ කොටසක්….
/ඊට පස්සේ ජෝයි ‘මුත්තු’ චිත්‍රපටයේම තවත් සිංදුවක් කුඹුරේ හිටපු යාලුවට මතක් කරනවා. ඒ සින්දුව කෑල්ලක් තියෙනවා “පොළොවට මනුස්සයා ආසයි, මනුස්සයාට පොළව ආසයි” නමුත් ජෝයි කියනවා පොළොව කියන්නෙ අපිට ආස දෙයක් නෙමෙයි, එක අපේ අයිතියක් කියල - මං අහන්නේ එක වැරදියිද ?
/ජෝයි සතුටින් ඉන්න හේතුව එයාගේ මල්ලි කොළඹ කැම්පස් එකට Select වෙලා - හොඳට අහගන්න. කොළඹ කැම්පස් එක. යාපනය නෙමෙයි.
/ ඊළඟට යාලුවට මේ පණිවිඩය කියල මල්ලිගේ සතුට සමරන්න චිත්‍රපටයක් බලන්න TV ඩෙක් සහ ජෙනරේටර් සෙට් එකක් කුලියට ගන්න යනවා - ඒ දවස්වල ටීවී තිබ්බේ ගෙවල් කිහිපයක විතරයි සහ ජෙනරේටර් දාලා තමයි Film වුනත් බලන්නේ.
/ එතකොට නංගි ඇවිල්ල කියනවා Campus එකට Clearance ගන්න ආමි කෑම්ප් එකට ගිය මල්ලි තවම ආවෙ නෑ, පොඩ්ඩක් බලන්න කියලා - කෑම්ප් එකේ නම 'චෙම්මනි' කිව්වම හැමෝගෙම මූණ වෙනස් වෙනවා.
/ මල්ලිව හොයාගෙන කෑම්ප් එකට ගිය අයියත් ආපහු කවදාවත් ආවේ නෑ. ජෝයි එක්ක මගට එන යාළුවටත්, එන්න එපා මං තනියම යන්නම් කියලා යනවා - ඒක තමයි කතාවේ සාරාංශය.
මේ කතාවේ කිසිම තැනක අනවශ්‍ය උත්කර්ෂයට නැංවීමක් නෑ. එදිනෙදා ජීවිතවල තිබුණු පොඩි කොටසක් තමයි රඟපාලා තියෙන්නේ. ඇත්තටම ජොයිලට මේ වගේ අත්දැකීම් අමුතුවෙන් රඟපාන්න ඕනේ නෑ.
Joy තමයි මට මුලින්ම ‘යුද්ධයක් වෙලාවෙත් අපි උතුරේ ජීවත් වුණා’ කියන එක සරලව කිව්වේ.
@ Shabeer Mohamed