මහත් ආන්දෝලනයකට තුඩු දෙමින් පසුගිය ජූනි මස 14 වන දින ඉන්දියාවේ
අහමදාබාද් නුවර ශාරාදා පටේල් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට එංගලන්තයේ "ගැට්විග්" ජාත්‍යාන්තර ගුවන් තොටුපල දක්වා ගමන් ගත් එයර් ඉංඩියා ගුවන් සමාගමට අයත් ගුවන් ගමන් අංක 171 දරණ ගුවන් යානය මගීන් දෙසිය හතලිස් එක් දෙනෙකු සහ යානය අනතුරට පත් ස්ථානයේ පිහිටා තිබූ වෛද්‍ය විද්‍යාලයේ සේවය කළ සේවකයන් සහ වෛද්‍ය සිසුන් හතළිහකට ආසන්න පිරිසකට මරු කැඳවමින් සිදුවූ ගුවන් අනතුර සම්බන්ධව ඉන්දියාවේ ගුවන් යනා අනතුරු විමර්ශන බියුරෝව (A A I විමර්ශකයන් විසින් සිදු කරනු ලැබූ විමර්ශනයට අදාල මූලික පරීක්ෂණ වාර්තාව පසුගිය ජූලි මස 8 වන දින ඉන්දියානු සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මෙම වාර්තාව පසුගිය සිකුරාදා එනම් ජූලි මස 11වන දින ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබූ අතර මූලික පරීක්ෂණ වාර්තා විසින් හෙළි කරනු ලබන කරුණු මෙම අනතුර සම්බන්ධව තවත් ප්‍රශ්න ගත කරුණු රාශියකට මුල් වන තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබ තිබෙනවා.
මෙයින් ප්‍රධානම කරුණු ලෙස දැක්විය හැක්කේ ගුවන් යානය කඩා වැටීමට ප්‍රධානම හේතුව ලෙස දැනට හඳුනාගෙන ඇති ගුවන් යානයේ එන්ජින් වලට ඉන්ධන සපයන ප්‍රධාන ස්විච් යතුරු දෙකම ක්‍රියා විරහිත වීම හෝ යමකු විසින් ක්‍රියා විරහිත කිරීමයි.
ගුවන් යානා ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ විශේෂයෙන්ම බෝයින් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන ගුවන් යානාවන්හි ක්‍රියාකාරීත්වය සම්බන්ධව සුවිශේෂ දැනුමක් ඇති විශේෂඥයන් මේ වන විටත් සඳහන් කර ඇත්තේ මෙම ප්‍රධාන ඉන්ධන සැපයුම් යතුරු දෙක අතපසුවීමකින් හෝ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ක්‍රියා විරහිත වීමට ඇති ඉඩ ප්‍රස්ථාව ඉතා අල්ප බවක්, මෙම ස්වීච් යතුරු නිෂ්පාදනය කර ඇති රටාව සලකා බැලීමේදී ඒවා ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියා විරහිත කිරීම ගුවන් නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු විසින් වුවමනාවෙන්ම සිදු කළ යුතු කාර්යයක් බවයි.
මේ අනුව අහමදාබාද් ගුවන් අනතුරට මුල්වූ හේතුව ගුවන් යානා ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රශ්න රාශියකට මං පෙත් විවර කරන තත්ත්වයක්ද පෙන්නුම් කරන තත්ත්වයක් උද්ගත කිරීමටද සමත්ව තිබෙනවා.
පිටු පහළොවකින් සහ ප්‍රධාන ශීර්ෂ 13කි යුක්ත මූලික විමර්ශන වාර්තාවේ පිටුවන්ක දොළහෙහි සඳහන් ගුවන් යානයෙන් නියමු මැදිරියළ ප්‍රධාන නියමුවා සහ සහය නියමු අතර සිදුවූ කතාබහ අනුව ප්‍රධාන නියමුවා වූ සුමිත් සබ්රවාල් විසින් සහාය නියමුවාවූ ක්ලයිව් කුන්දර් ගෙන් යානයේ ඉන්ධන සැපයුම් යතුරු ක්‍රියා විරහිත කිරීම ඔබ සිදු කළේ දැයි විමසන අතර එයට පිළිතුරු වශයෙන් සහාය නියමුවා ඔහු එය සිදු නොකළ බව ප්‍රකාශ කර සිටිනවා මේ අනුව මෙම ගුවන් නියමුවන් දෙදෙනා අතරින් කවුරු කුමන හේතුවක් නිසා මෙම ඉන්ධන සැපයුම් යතුර ක්‍රියා විරහිත කළේද යන්න ප්‍රශ්න සහගත කරුණක් ලෙසයි දැකිය හැකි වන්නේ. බොහෝ විට මෙම සිද්ධිය ගුවන් නියමුවන් දෙදෙනාගෙන් කෙනෙකු විසින් වුවමනාවෙන්ම සිදුකරන ලද්දක්ද යන විශාල සැකය මෙය වන විටත් විමර්ශන නිලධාරීන් අතර පවතිනවා.
මේ හා සමාන සිදුවීම් දෙකක් මෑත ගුවන් යානා ඉතිහාසයේ සිදුව ඇති අතර 2017 මාර්තු මස අටවන දින ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට චීනයේ බෙයිජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොල දක්වා ගමන් ගත් MH-370 දරණ ගුවන් යානය මගීන් 227 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකුද සමග වියට්නාම් ගුවන් කලාපයේදී රේඩාර් තිරයෙන් අතුරුදහන්වීම සිදුවූ අතර මේ සම්බන්ධව කරනු ලැබූ දීර්ඝ පරීක්ෂණයේදී හෙළිදරව් වී ඇත්තේ යානය පැදවූ ප්‍රධාන නියමුවා වූ මැලේසියානු ජාතික කපිතාන් ස්වාහීර් අහමඩ් ශා විසින් ගුවන් යානයේ ගමනාන්තය උවමනාවෙන්ම වෙනස්කර ඕස්ට්‍රේලියානු මහද්වීපයට නාවුක සැතපුම් 1726 ක් පමණ ගැඹුරු මුහුදට යානය කඩා වැටීමට සැලැස්වීමෙන් මෙම අනතුරු සිදුකර ඇති බවයි.
මේ හා සමාන තවත් සිදුවීමක් 1994 දෙසැම්බර් මස 19ම වන දින සිංගප්පූරු ගුවන් සමාගමේ උප සමාගමක් ලෙස සැලකෙන සිල්ක් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් ගමන් අංකය 185 දරණ බොයිං 737-300 ගුවන් යානය ඉංදුනීසියාවේ සුඛර්ණෝ හතා ජාත්‍යන්තර ගුවන් .තොටුපලේ සිට සිංගප්පූරුවේ චන්ගි ජාත්‍යන්තර ගුවන් තොටුපොල දක්වා ගුවන් මගින් 97ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 7 දෙනෙකු සමඟ ගමන් කළ අවස්ථාවේදී ගුවන් යානය පැදවූ සිංගප්පූරු ජාතිකයෝ ව
ටිසූ වේ මිං නැමැති 41 හැවිරිදි කපිතාන්වරයා සියදිවි හානිකර ගැනීම සඳහා යානය ගුවන් ගතවී විනාඩි 24 ක් ඇතුළත ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත්හි "මූසි ගඟ"ට කඩා වැටීමට සලස්වා තිබූ අතර පසුව කරන ලද පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ මෙම කපිතාන්වරයා අධික ණයබරයකින් පීඩා විඳි තැනැත්තකු බවත් ඔහුගේ බිරිඳ පවා ඔහුගෙන් වෙන්ව ජීවත් වන අතර මේ හේතුන් නිසා ඇති වූ දැඩි මානසික පීඩනය සහ කම්පනය හේතුවෙන් සියදිවි හානි කර ගැනීම සඳහා ඔහු තමා පැද වූ යානය උවමනාවෙන්ම කඩා වැටීමට සැලැස්වූ බවය.
කපිතාන්වරයාගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධව නිසි අධ්‍යයනයකින් තොරව කටයුතු කිරීම සම්බන්ධව සිල්ක් එයාර් ගුවන් සමාගමේ බලධාරීන්ට සිංගප්පූරු රජය විසින් නඩු පැවරීම පසුව සිදු කරනු ලැබුවා.
මෙම සිද්ධීන් දෙක සම්බන්ධව සැලකීමේදී අහමදාබාද් ගුවන් අනතුර ද කපිතාන්වරයා වූ සහාය ගුවන් නියමුවා විසින් ගුවන් යානයට ඉන්ධන සැපයුම් යතුරු දෙක උවමනාවෙන්ම ක්‍රියා විරහිත කිරීමෙන් ගුවන් යානය කඩා වැටීමට සලස්වූවාද යන ප්‍රබල සැකය මතුවනන අතර මෙම අවාසනාවන්ත තත්ත්වය ඉදිරියේදී ගුවන් ගමන්වල යෙදෙන සහ යෙදීමට බලාපොරොත්තු වන මගීන් තුළ විශාල අනාරක්ෂිත භාවයක් ඇති කරන තත්ත්වයක්ද උද්ගත කිරීමටද සමත්ව පවතින බවද කිව යුතු වනවා.
@ප්‍රියන්ත ජයකොඩි
හිටපු නියෝජ්‍ය පොලිස්පති.