දේශපාලන "දකුණ" (political right) පිළිබඳ විස්වාසය ලෝකය පුරා ප්‍රායෝගික ව අහෝසි වී යන විට
ලංකාවේ ඒ ගැන සංවාදයක් ඇති වී තිබෙනවා. දේශපාලන දකුණේ චැම්පියන් ඇමරිකා එක්සත් ජනපදය.
මේ වන විට ට්‍රම්ප් පාලනය ඇමරිකාව තුළ කරමින් ඉන්නෙ ජාතිකවාදී ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් සහ ආරක්ෂණවාදී ආර්ථික ව්‍යාපාරයක්. තම රට තුළට නිෂ්පාදනය නැවත කැඳවිය යුතුය කියන එක තමා ට්‍රම්ප්ගේ Make America great again කියන්නෙ ම ඒක.
ඇමරිකාව හිතනවා 1980න් පස්සෙ ඇමරිකාව විසින් චීනය ඇතුළු රටවලට outsource කළ නිෂ්පාදන කර්මාන්ත නැවත සියරටට ගෙන්න ගන්න ඔින කියල. ඔය තීරුබදුවල මූලික අරමුණ ඒක. ට්‍රම්ප් කියන්නෙ බදු ගෙවන්න බැරිනම් ආපහු ඇමරිකාවට ඇවිත් කර්මාන්තය කරන්න, එතකොට බදු නැහැ කියල. දැන් ට්‍රම්ප් ඔහුගේ අලුත්ම පනතින් විශාල ලෙස ව්‍යාපාරික බදු කපන්න යනවා.
මේකෙන් පේන්නෙ දකුණු ආර්ථික-දේශපාලන මොඩලය අසාර්ථකයි කියල. හැම දෙයක්ම පිටරටින් ගෙන්නගෙන කාලා හැමදාම ඉන්න බැහැ කියල එම මොඩලයේ දෙවිවිරුන්ටම තේරිලා.
ලංකාවේ දකුණු සංවාදය එන්නෙ ආර්ථික අර්බුදයට පසුව. ඒ සමහරු හිතුව අපේ ප්‍රශ්නය සුබසාධන මිළ කියල. විදුලි බිල, ඉන්ධන මිළ වගේ දේවල් පිරිවැයට ගලපන්න කියල ඉල්ලුමක් ආවා. මිළ සූත්‍ර එන්නෙ ඒ අනුව. ඒක හොඳයි. ඒත් ලංකාවේ ප්‍රශ්නය නම් ඒක නෙවෙයි. අපේ ජාතික නිෂ්පාදනයක් නැහැ. ඒ නිසා රාජ්‍යයට ධනය ඉපයීමට ක්‍රමයක් නැහැ. ලංකාවට වඩා අද ඇමරිකාව ලෝකයට ණයයි. ඩොලර් ට්‍රිලියන 36ක්. නමුත් ඔවුන් යන්තම් පාවෙන්නෙ ඩොලරයට තියෙන විදේශ ඉල්ලුම නිසා. දැන් ඒකත් අඩුවෙලා. 2025 විතරක් ඩොලරය 10%කින් කඩා වැටුණා.
දකුණ දකුණ කිය කියා ගිරව් වගේ දෙසුම් පවත්වන අයට මේ සමස්තය ගැන අවබෝධයක් නැහැ. ඔවුන් ආකර්ෂණීය, මතුපිට (shallow) විසඳුම්වල හිරවෙලා.
ආර්ථිකයක් නැංවීම ගැන පාඩම් ඉගෙන ගන්න නම්, ලංකාවේ විද්වතුන් මහින්ද-බැසිල් ක්‍රමය හදාරන්න ඔින. හැබැයි කවුරුත් මේක කරන්නෙ නැ. ඒ දේශපාලන විරසක නිසා. ඉතාම වටිනා මොඩලයක් අතහැරල අඳුරේ අතපත ගාණවා. ලංකාවේ GDP එක ඩොලර් බිලියන 24 ඉඳල 85ට ගෙනාපු ක්‍රමය, ඒක පුද්ගල ආදායම ඩොලර් 1200 ඉඳල 3835ට ගෙනාපු ක්‍රමය ඒ නිසාම අපගේ ජීවන මට්ටම ඇතුළු සියල්ල සමාජ විප්ලවයක් වූ ආකාරය හැදෑරිය යුතුයි. මේක ණය ආර්ථිකයක් යනාදි කතා කියල වහල තියෙන්නෙ. මහින්ද-බැසිල්ගේ එක ණය ආර්ථිකයක් නම්, රනිල් මහින්දට වඩා ණය අරගෙන හදපු ආර්ථිකය කෝ? යහපාලන කාලෙ ආර්ථික වර්ධනය 2% බැස්සා. මේව ගැඹුරින් හදාරන ආර්ථික විද්‍යඥයින් ලංකාවේ නැහැ.
විසඳුම දකුණවත් වමවත් නෙවෙයි. දැන් එහෙම බෙදුම් ඉරි නැහැ. ප්‍රායෝගික මිශ්‍ර ආර්ථික ක්‍රමයකින් විතරයි හදවත සහ මොළය දෙකම එකතු කරමින් ජනතාවට අවශ්‍ය විසඳුම් ලබාදිය හැක්කේ. අද චීනය පවා යන්නෙ එහෙම. ඉන්දියාවත්. චීනය ධනවාදී පොතෙන් වගේ ම සමාජවාදී පොතෙනුත් කොළ අරගෙන රට හැදුවෙ.
මහින්දත් ගියේ ඒ පාරේ. ඒකයි ඔහු නිදහසට පසු ගෙවී ගිය වසර 60 තුළ ලංකාවේ ආර්ථිකයට එකතු වුන සමස්ත ඩොලර් ප්‍රමාණය වගේ තුන් ගුණයක් අවුරුදු 9කින් ආර්ථිකයට එකතු කළේ. ඒ විශ්වකර්ම කාර්යෙන් පාඩම් අරගෙන අලුත් ප්‍රවණතාත් එකතු කරගෙන යන මාර්ගයකයි අපේ අනාගතය තියෙන්නෙ. මම විස්වාස කරනවා ඒ චින්තනය වගේ ම ප්‍රායෝගික වැඩපිළිවෙළත් නාමල්ට එහෙම් පිටින්ම පිහිටලා තියෙනවා කියල. අපි ආපහු මුලට යමු.
@මහින්ද පතිරණ