SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"විමුක්තිය "සොයාගිය" පිරිසකට, අනුන් වෙනුවෙන් භාණ්ඩ හා සේවා පාරිභෝජනය

එහි උපරිමයෙන් තහවුරු කිරීම සඳහා "කැපවීමට" සිදුව තිබේ." යන ප්‍රකාශය සඳහා ජවිපෙ ප්‍රබලයෙකු වන Janaka Adikari (ඔහුගේ සොයුරා එහි දේශපාලන බලමණ්ඩල සභිකයෙකි) විසින් ප්‍රතිචාර දක්වා තිබූ අකාරය මෙහි දක්වා ඇත (screen shots බලන්න).

 Kaama 2

 

ඔහු මෙසේ පවසයි:

"එයා විමුක්තිය කියන්නේ එලොව දේකට වගේ. අපි නම් විමුක්තිය කියන්නේ මිනිසුන්ට හොදට කන්න බොන්න නටන්න සාධාරණ සමාජයක් දීමම තමා."

 

එම ප්‍රකාශයට අනුව ඇඩ්වොකාටා සංවිධානය සහ ජවිපෙ අතර වෙනසක් නොමැත. ජානකට අනුව ස්පාටකස් සාමුහිකයේ ස්ථාවරය ආගමික වේ. නමුත් අපට අනුව ආගමික ඔවුන්ය.

 

ප්‍රධාන ආගම් සියල්ල ඉස්මතුවන්නේ අදාළ රාජ්‍යයන් දැඩි ලෙස වාණිජකරණය වී, සමාජ පන්තීන් ද බිහි වන තත්වයන් තුලය. සමාජ ධූරාවලියේ සුවිශේෂී භූමිකාවන් සමඟ සමාජය වඩාත් සංකීර්ණ වන විට, සමාජ ඒකාබද්ධතාවය සහ සදාචාරාත්මක මග පෙන්වීම සඳහා වැඩි අවශ්‍යතාවයක් ඇති වේ. සමාජීය අසමානතාවය හා ආර්ථික විෂමතා දුක් වේදනා හා අතෘප්තිය, සමස්තයක් ලෙස විඳවීම තුලින් ආගමික විශ්වාසයන් තුළ අර්ථය සහ සැනසීම සෙවීම සඳහා මිනිසුන් පොළඹවන තත්වයක් ඇති කරයි. ලොව ප්‍රධාන පෙලේ ආගම් බිහි වූ දැඩි ලෙස වාණිජකරණය වූ සමාජයන්හි මහා නගර බිහි වීම තුල නාගරික මධ්‍යස්ථාන බොහෝ විට සංස්කෘතික හා බුද්ධිමය හුවමාරු මධ්‍යස්ථාන බවට පත්වන අතර එමඟින් නව ආගමික අදහස් සහ භාවිතයන් වර්ධනය වීම සිදු විය.

 

ප්‍රධාන ආගම් වල සම්භවය පිළිබඳව මෙසේ කෙටියෙන් විමසා බැලිය හැක:

 

ධූරාවලි සමාජ ව්‍යුහයක් සහිත බලවත් හා සංකීර්ණ ශිෂ්ටාචාරයක් වූ පුරාණ ඊජිප්තුවේ මෝසෙස් ඉස්මතු විය. මෝසෙස්ගේ නායකත්වය යටතේ ඊශ්‍රායෙල්වරු වහල්භාවයෙන් මිදීම සහ ඔවුන්ගේම අනන්‍යතාව තහවුරු කිරීමට උත්සාහ කළහ.

 

යේසුස් කරලියට පැමිණෙනුයේ හෙලනිස්ටික් සංස්කෘතිය සහ රෝම පාලනයේ බලපෑමට ලක් වූ කලාපයක් වන ජුදයේ රෝම පළාතේය. ඒ ස්පාටකස් වහල් අරගලයට වසර 90කට පමණ පසුය. ඔහුගේ ඉගැන්වීම් ආදරය, දයාව සහ සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිමින්, ඔහුගේ කාලයේ සමාජ හා ආගමික සම්මතයන්ට අභියෝග කළේය.

 

විවිධ සමාජ හා ආර්ථික ව්‍යුහයන් සහිත ප්‍රදේශයක් වූ පුරාණ ඉන්දියාවේ මගධ ප්‍රදේශයේ බුදුන් ඉස්මතු විය. ඔහුගේ ඉගැන්වීම් සමාජයේ පවතින දුක්ඛිතභාවයට හා අතෘප්තියට ප්‍රතිචාරයක් වූ අතර, බුද්ධත්වයට, දුක්ඛිතභාවයෙන් සහ විඳවීමෙන් විමුක්තියට යන මාර්ගය කෙරෙහි අවධානය යොමු කළේය.

 

ඒ සියලු ආගම් ඉදිරිපත්වන්නේ අදාළ සමාජයන් උපරිම වශයෙන් වානිජකරණය වීම, නගර නිර්මාණය වීම, පන්ති නිර්මාණය වීම, සමාජ විෂමතා ඇති වීම සහ පරිවාර රාජ්‍යයන් ආක්‍රමණය කිරීම වැනි තත්වයන් තුල මිනිස් විඳවීම සඳහා විසඳුමක් වෙනුවෙනි.

 

බුද්ධාගම උදාහරණයට ගෙන සලකා බලන්නේ නම්, කාම සුඛල්ලිකානු යෝගය සහ අත්ථකිලමතානු යෝගය යන යෝගයන් එකල බොහෝ යෝගාවචරයන් විසින් පුරුදු කරන ලද ශරීරයට අධික සංතෘෂ්ටියක් ලබා දීම සහ අධික දුක්දීම පිළිබඳව ප්‍රතිපදාවන් දෙකකි. එනම්, එම යෝගයන් දෙකම විමුක්තිය සොයා යාමේ මාර්ග ලෙස, පංචේන්ද්‍රියන් පිනවීමට අදාලව අධිකම සැප සොයා යා හැක්කේ කෙසේ ද යන පංච කාම ශාස්ත්‍රයන් ප්‍රගුණ කිරීම සහ එහිම අනෙක් අන්තය වන අත්ථකිලමතානු යෝගය යනු අධිකම දුක් වේදනා විඳින ක්‍රම තුලින් විමුක්තිය සොයා යන විධි ක්‍රමයක් බව පැවසේ.

 

කාම-සුඛල්ලික-අනුයෝග යනු කාම සුඛයන්ගේ එළඹගෙන සිටීම උදෙසා අනුයෝග කිරීමයි. අද දවසේ මේ සඳහා ඉදිරිපත්ව ඇත්තේ නූතන විද්‍යාවයි. නමුත්, විද්‍යාව විසින් සැමවිටම සහතික කොට සිටිනුයේ වර්තමානයට වඩා සංතෘෂ්ටිය පවතිනුයේ අනාගතයේ දී බවයි (රනිල්ට අනුව නම්, 2048 වර්ෂයේ දී යම් කිසි සන්ධිස්ථානයකට පැමිණීමේ හැකියාව පිළිබඳව අපේක්ෂාවක් පැවතුනි). එනම්, විද්යාඥයින් විසින් උපරිම සංතෘෂ්ටිය ලැබීමේ මාර්ග තහවුරු කරමින් ඇතත් සාර්ථකව ඒවා අත්පත් කරගත හැකි අකාරය තවමත් "සොයාගෙන" නොමැත (විද්‍යාව ඉදිරියට වර්ධනය වන්නේ එහි ඇති අසාර්ථකත්වය නිසාය - Lacan). දැන් ඒ සඳහා ඉදිරිපත් වී ඇති මහා පුරුෂයා වන්නේ එලෝන් මාස්ක්ය. ඒ පිළිබඳව යම් සන්ධිස්ථානයකට අදාලව පැහැදිලි කරන්නේ නම්, තව මාස කිහිපයකින් පැමිණෙන ඔහුගේ ටෙස්ලා දුරකථනය Starlink, SpaceX, Neuralink, ඇතුළු අනෙකුත් Tesla ව්‍යපෘති සමග සම්බන්ධ කර ඇත. දුරකථනය භාවිතා කරන්නෙකු තම මොලයට Neuralink චිපය සවිකරගන්නේ නම් ඔහුගේ පරාසය පුළුල් වන අතර දුරකථනය සමග සිතුවිලි තුලින් ගනුදෙනු කල හැකිය. එපමණක් නොව, ටෙස්ලා මෝටර් රථයක් තිබේ නම් එය සමග ද එසේ ගනුදෙනු කල හැකි අතර ඉදිරියේ දී අනෙකුත් ටෙස්ලා ව්‍යපෘති සියල්ලට අදාලව ද මේ ඒකාබද්ධතාවය පවත්වාගත හැකිය (උදාහරණයකට ටෙස්ලා විසින් නිපදවන මානව රූපී රොබෝවරුන්). මේ සියල්ල තුලින් බලාපොරොත්තුවන්නේ මිනිසුන්ගේ පංචේන්ද්‍රියන් පිනවීම (දසුන්, සුවඳ, දැනීම හෝ සංවේදනය, රස සහ ශබ්ධය) උපරිම කිරීමයි. නමුත් සිදුව ඇත්තේ සිතා ගත නොහැකි විවිධාකාර වලින් දිගින් දිගටම විඳවීම උපරිමයට පැමිණීමයි. එනම්, සමාජය එන්න එන්නම සංකීර්ණ වෙමින් තිබියදී (මොලයට උපකරණ සවි කරගැනීමට සිදුවීම දක්වා...) තවමත් හරියාකාරව මේ සියල්ල කළමනාකරණය කරමින් පංචේන්ද්‍රියන් උපරිමයෙන්ම පිනවීමේ ක්‍රම "සොයා ගැනීමට" විද්යාඥයන් අසමත්ව ඇත.

 

මාක්ස්ගේ අදහස් පිළිගැනීමට ලක්වන්නේ ද ධනවාදය බිහි වී කාර්මිකකරණය ආරම්භ වී එතෙක් පැවති සමාජය එකවර සීග්‍රයෙන් ව්‍යාකූලභාවයට පත්වෙමින් තිබියදීය.

 

මාක්ස්ට අනුව, ලුද්විග් ෆොයාබාක් විසින් ක්‍රිස්තියානියෙහි න්‍යායාත්මක අකාරය එකම අවසන් මානව ආකාරය ලෙස භාරගන්නා අතර ෆොයාබාක් විසින් පවසන්නේ එහි ව්‍යවහාරය යුදෙව් විද්‍යාමාන වීම් තුල අපිරිසිදු වී ඇති බවය. ෆොයාබක් විවේචනය කරමින් (ඔහුගේ සැලකිය යුතු දායකත්වයන් පිළිගන්නා අතර) මාක්ස් විසින් ලබා ගන්නා ප්‍රවේශය තුල ඇත්තේ සියලු ආගම් සහ දර්ශනයන් (ආගමේ ලෞකික ස්වරූපය) ප්‍රතික්ෂේප කිරීමේ පියවරකි (මේවා මින් පෙර අපගේ වෙබ් අඩවියේ දීර්ගව විස්තර කොට ඇත). එනම්, අනෙක් අතට මාක්ස් ඉල්ලා සිටියේ මිනිසාගේ පැවැත්මේ භෞතිකමය තත්ත්වයන් පරිවර්තනය කල යුතු බවයි (මාක්ස්වාදී න්‍යායේ මූලිකම ස්ථාවරය එයයි). එය මිනිසුන්ගේ ජීවිත හැඩගස්වන ආර්ථික හා සමාජ ව්‍යුහයන් වෙනස් කිරීමේ ක්‍රියාවලිය වෙතට යොමු වෙයි (රාජ්‍යය, නිෂ්පාදන මාධ්‍යයන්, පුද්ගලික දේපල, දේපල සම්බන්ධතා, ශ්‍රම විභජනය සහ පන්ති බෙදීම් වැනි මෙම භෞතික තත්වයන්). පන්ති රහිත, අධිකාරීත්වයෙන් තොර සමාජය අත්පත්කොට ගැනීම මාක්ස්වාදයේ අවසාන ඉලක්කයයි. එනම්, මෙම පරිවර්තනයේ අවසාන ඉලක්කය වනුයේ සෑම කෙනෙකුටම ජීවිතයේ අවශ්‍යතා (අධිකරීත්වයක් විසින් තීරණය නොකරන) සඳහා ප්‍රවේශය ඇති කොමියුනිස්ට් සමාජයකි.

 

වර්තමානයේ අපගේ ආශාව, අවශ්‍යතාවය සහ කැමැත්ත යනු අපට ඉහලින් ඇති අධිකරීත්වයන් සහ වෙළඳපොලට ඇති අදාලත්වයකි.

 

ලොව පුරා අනෙකුත් වාමාංශික පක්ෂ සේම (ඊටත් වඩා) ජවිපෙ විසින් මාක්ස්වාදයේ මෙම ස්ථාවරය සහ නිර්ධන පන්තිය පිළිබඳව අදහස ඌනිතව අවබෝධ කරගෙන තිබේ (ජවිපෙ ඉතිහාසය තුලම එසේය). ඒ සඳහා මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් වල ඇති සීමාව, ඉතිහාසය පිළිබඳව මාක්ස්වාදයේ ඇති ග්‍රස්තිය සහ විද්‍යාව පිළිබඳව මාක්ස්ගේ ස්ථාවරය වැනි හේතු බලපෑම් සහගත වී තිබේ.

 

ප්‍රමෝදය (Jouissance) යන්න නෛසර්ගිකවම විරුද්ධාභාසි වේ. එය සතුටුදායක මෙන්ම දුක්-වේදනා (විඳවීම) සහගත ද වේ. එය ගැඹුරින් අපේක්ෂා සහගත (ආශාව) වන නමුත් අවසානයේ තෘප්තිමත් නොවේ. එය සංකේතණය (Symbolic) මගින් ව්‍යුහගත කර ඇති නමුත් එහි සීමාවන් ඉක්මවා යයි. එනම්, එය උල්ලංඝනය සමඟ බැඳී ඇති නමුත් එම උල්ලංඝනය විඳවීමට හේතු වේ.

 

මතුසම්බන්ධයි...

@ස්පාටකස් ලිපි

 

සබැඳි ලිපි :

https://slleader.lk/life-style/11443-01-4

(කාම සුඛල්ලි "ජනතාව" වෙනුවෙන් කැපවන අත්ථකිලමතානු මගමානවකයෝ 01)

 

 

නවතම ලිපි