ශ්‍රී ලංකාවේ නම වැනි ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට
මැතිවරණ කොමිසමට බලය ලැබීමට තවත් ඇත්තේ දින ගණනකි.
එසේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිමට තිබිය දී ජනමත විචාරණයකින් වත්මන් ජනාධිපතිවරයාගේ කාලය දිර්ඝ කර ගැනීමට මෙන්ම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට වසර 6ක කාලයක් ධූරයේ රැඳි සිටිය හැකි බවට මත පළ වීමත් සමගම දේශපාලන පිටිය උණුසුම් වී තිබේ.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එම පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩල සභිකයෝ පවසති.
කෙසේවෙතත් තම ප්‍රථම ජනාධිපතිවරණයට මුහුණ දී එය ජය ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙතෙක් තම පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුදැයි ප්‍රකාශ කර නැත.
ගාල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සමග එක්වූ හිටපු අමාත්‍ය කරුණා අම්මාන්
මෙරට පැවති පසුගිය ජනාධිපතිවරණ පිළිබඳ නිරීක්ෂණය කිරිමේ දී උතුරු නැගෙනහිර ප්‍රමුඛව රට පුරා දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ඡන්දය අතිශය තීරණාත්මක වී තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ප්‍රධාන අපේක්ෂකයන් උතුරු නැගෙනහිර පළාත්වල සංචාරය කරමින් තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට උත්සාහ දරමින් සිටියි.
මීට පෙර යාපනය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සංචාරය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තයේ මඩකලපුවේ සංචාරයක නිරත විය.
යුද්ධයෙන් පසුව පැවති ජනාධිපතිවරණවලදී උතුරු - නැගෙනහිර පළාත් ප්‍රමුඛ දෙමළ ඡන්ද පදනම පිළිබඳව බීබීසී සිංහල විසින් සරල විශ්ලේෂණයක් කරනු ලැබීය.
යුද්ධයෙන් පසුව පැවති පළමු ජනාධිපතිවරණය
රට තුළ 30 වසරක් පැවති සිවිල් යුද්ධය අවසන් වීමෙන් අනතුරු පැවති ප්‍රථම ජනාධිපතිවරණය 2010 දී පැවති අතර එයට යුද්ධය අවසන් කිරිමට සේනාධිනායකා ලෙස නායකත්වය දුන් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් වු අතර විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා ලෙස යුද්ධ අවසන් කිරිමට යුද හමුදාවට නායකත්වය දුන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඉදිරිපත් විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් බුලත් කොළය ලකුණෙන් තරග කළ මහින්ද රාජපක්ෂ හට ජනාධිපතිවරණය ජය ගත හැකිවු අතර එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂ සන්ධානයේ පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වු සරත් ෆොන්සේකා පරාජයට පත් විය.
එහෙත් උතුරු සහ නැගෙනහිර දෙපළාතෙන්ම වැඩි ඡන්ද ලබා ගැනීමට සරත් ෆොන්සේකාට හැකි වු අතර එම පළාත් හැර ඔහුට ජය ගත හැකි වුයේ කඳුකර දෙමළ ජනයා වැඩි වශයෙන් දිවි ගෙවන නුවරඑළිය දිස්ත්‍රික්කය පමණි.
උතුරු සහ නැගෙනහිර දෙපළාතෙන්ම වැඩි ඡන්ද ලබා ගැනීමට සරත් ෆොන්සේකාට හැකි වු අතර එම පළාත් හැර ඔහුට ජය ගත හැකි වුයේ කඳුකර දෙමළ ජනයා වැඩි වශයෙන් දිවි ගෙවන නුවරඑළිය දිස්ත්‍රික්කය පමණි
.
එවක දී උතුරු පළාතේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 988,334ක් වුවද ඡන්දය පාවිච්චි කර තිබුණේ 298,898 දෙනෙකු පමණි. එයින් ඡන්ද 186,410ක් හිමි කර ගැනීමට සරත් ෆොන්සේකා සමත් විය.
එම ප්‍රතිඵලය විශ්ලේෂණය කළ විට පෙනී යන්නේ උතුරු පළාතේ ඡන්ද දායකයින් ලක්ෂ හතකට අසන්න සංඛ්‍යාවක් ඡන්දය පාවිච්චි කර නොමැති බව ය.
නැගෙනහිර පළාතේ මැතිවරණ දිස්ත්‍රික්ක තුනෙන් ම ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 690,265 වූ අතර ඉන් ඡන්ද 386,823 ලබා ගත් සරත් ෆොන්සේකා එම පළාත ජයග්‍රහණය කළේය.
එම ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ඡන්ද 6,015,934 ලබා ගනිමින් ජනාධිපති ධුරයට පත් වු අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකාට හිමිවූයේ ඡන්ද 4,173,185 කි.
මහින්ද රාජපක්ෂ පරාජයට පත් වු ජනාධිපතිවරණය
2015 ජනාධිපතිවරණය ඉතිහාස ගත වන්නේ ශ්‍රී ලංකාවේ බලයේ සිටි විධායක ජනාධිපතිවරයෙකු සිය ධුරය සඳහා තෙවැනි වරට තරග කළ ප්‍රථම අවස්ථාව ලෙස ය.
තම දෙවන ධූර කාලය අවසන් වීමට වසර දෙකක් තිබිය දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය කැඳවු අතර එහි දී ඔහුගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත් වුයේ එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේනය.
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් පොදු අපේක්ෂකයා ලෙස ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් විය.
මෛත්‍රීපාල සිරිසේන උතුරු පළාතෙන් ඡන්ද 394,991 ලබා ගෙන තිබු අතර නැගෙනහිර පළාතෙන් ඡන්ද 583,120 ක් ලබා ගෙන ඔහු විසින් එම පළාත් ජය ගන්නා ලදී.
මහින්ද රාජපක්ෂ උතුරු පළාතෙන් ඡන්ද 108,831 ක් ලබා ගනිද්දි ඔහුට නැගෙනහිර පළාතෙන් ලබා ගැනීමට හැකි වුයේ ඡන්ද 214,769 කි.
එවර උතුරු පළාතේ ඡන්ද දායකයින් 782,297ක් ලියාපදිංචි වී සිටි අතර ඉන් 2015 ජනාධිපතිවරණයට ඡන්දය පාවිච්චි කර තිබුණේ 531,014 දෙනෙකු පමණි.
නැගෙනහිර පළාතේ 1,087,776 දෙනෙකු ඡන්ද දායකයින් ලෙස ලියාපදිංචි වී තිබුණ ද ඡන්දය ප්‍රකාශ කර තිබුනේ 816,769 දෙනෙකි.
දිවයිනේ සමස්ත ප්‍රතිඵලය අනුව ප්‍රකාශිත ඡන්ද අතුරින් ඡන්ද 6,217,162 ක් හිමි කර ගනිමින් මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපති ධූරය හිමි කරගන්නා ලදී.
මෛත්‍රීපාල සිරිසේන උතුරු පළාතෙන් ඡන්ද 394,991 ලබා ගෙන තිබු අතර නැගෙනහිර පළාතෙන් ඡන්ද 583,120 ක් ලබා ගෙන ඔහු විසින් එම පළාත් ජය ගන්නා ලදී
පොහොට්ටුව කුලුඳුල් ජනාධිපතිවරණය ජය ගැනීම
මහින්ද රාජපක්ෂ හට සිය ජනාධිපති ධූරය අහිමි වීමෙන් පසුව බිහි කර ගන්නා ලද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව) කුලුඳුලේ ජනාධිපතිවරණයකට මුහුණ දෙනු ලැබුවේ 2019 වසරේ දී ය.
එම මැතිවරණයට ඊට පෙර කිසිදු මැතිවරණයට ඉදිරිපත් නොවී තිබු යුද සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය හෙබවු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වු අතර ඔහු ඉන් ජයගෙන ජනාධිපති ධූරයට පත් විය.
එහෙත් වැඩි වශයෙන් දෙමළ භාෂාව කතාව කරන ජනයා ජීවත් වන උතුරු නැගෙනහිර ජය ගැනීමට ඔහුට ද හැකි වුයේ නැත.
එවර ඔහුගේ ප්‍රතිවාදියා ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස ඉදිරිපත් විය.
එම ජනාධිපතිවරණය ජය ගත් ගෝඨාභය රාජපක්ෂ උතුරු පළාතෙන් ඡන්ද 49,366 ලබා ගනිද්දි පරාජයට පත්වු සජිත් ප්‍රේමදාස ඡන්ද 487,461 ක් ලබා ගෙන තිබුණි
එම ජනාධිපතිවරණය ජය ගත් ගෝඨාභය රාජපක්ෂ උතුරු පළාතෙන් ඡන්ද 49,366 ලබා ගනිද්දි පරාජයට පත්වු සජිත් ප්‍රේමදාස ඡන්ද 487,461 ක් ලබා ගෙන තිබුණි.
නැගෙනහිර පළාතේ ප්‍රකාශිත ඡන්දවලින් ඡන්ද 665,163ක් සජිත් ප්‍රේමදාස ලබා ගනිද්දි ජනාධිපති ධූරයට පත් ගෝඨාභය රාජපක්ෂ ලබා ගත්තේ ඡන්ද 227,653 පමණි.
එම ජනාධිපතිවරණයේ දී උතුරු පළාතේ ලියාපදිංචි ඡන්ද දායකයින් 846,833 දෙනෙකු අතරින් 600,236 දෙනෙකු ඡන්දය භාවිතා කර තිබු අතර නැගෙනහිර පළාත් ඡන්ද දායකයින් 955,449 දෙනෙකු සිය ඡන්දය භාවිතා කර තිබුණි.
2019 ජනාධිපතිවරණයේ දී සිය ඡන්දය භාවිතා කිරිමට නැගෙනහිර පළාතේ 1,183,205 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.
සමස්ත දිවයිනෙන්ම ඡන්ද 6,924,255ක් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂ අට වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වු අතර සජිත් ප්‍රේමදාස හිමි කර ගනු ලැබුවේ ඡන්ද 559,921 පමණි.
දෙමළ පොදු අපේක්ෂකයා සහ ජවිපෙ
මෙවර ජනාධිපතිවරණයට දෙමළ පොදු අපේක්ෂයකු ඉදිරිපත් විය යුතු බවට උතුරු නැගෙනහිර සිවිල් සංවිධාන සහ ඇතැම් දේශපාලන පක්ෂ විසින් යෝජනා වී ඇති අතර ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඊට ප්‍රසිද්ධියේම විරෝධය පළ කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් නායකත්වය දරන දෙමළ ජනතා ජාතික සන්ධානය ද පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට කැමැත්ත පළ කර ඇත.
ජනාධිපතිවරණය වර්ජනය කරන මෙන් උතුරු නැගෙනහිර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දෙන දෙමළ ජාතික ජනතා පෙරමුණයි.
දේශපාලන පක්ෂ 5 කින් සැදුම්ලත් ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (DTNA) නියෝජනය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් 2010 වසරේ දී මෙන්ම 2019 දී දෙමළ අපේක්ෂකයකු ලෙස තරග වැඳුනු අතර මෙවර ද ජනාධිපති අපේක්ෂකයා වීමට ඔහු කැමැත්ත පළ කර ඇත.
දශක දෙකකට පමණ පසුව ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය නමින් සන්ධාන ගත වී අනුර කුමාර දිසානායක ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වුයේ 2019 දී ය.
ඉදිරි ජනාධිපතිවරණයට ද එම පක්ෂයෙන් අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට තරග කරන බව මේ වන විටත් නිවේදනය කර අවසන් ය.
ජනාධිපති ධූරයට පත් රාජපක්ෂවරු පරාජය වු උතුරු නැගෙනහිර
බීබීසි සිංහල විසින් විශ්ලේෂණයට ගත් යුද්ධයට පසුව පැවැත්වු ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව පසුගිය ජනාධිපතිවරණ තුනේදීම උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාව බහුලව ජීවත්වන ප්‍රදේශවල බහුතර ඡන්ද ලබා ගැනීමට රාජපක්ෂ කඳවුර අසමත් වී ඇත.
2010,2015 වසරවලදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට තරග කළ අතර 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා විය.
ඉන් 2010 සහ 2019 දී පිළිවෙලින් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වුවත් ඒ සෑම අවස්ථාවකම උතුරු නැගෙනහිර දෙපළාතේ වැඩි ඡන්ද ලබා ගැනීමට ප්‍රතිපාර්ශවයේ ප්‍රධාන අපේක්ෂකයා සමත්ව ඇත.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරණ තුනටම එක්සත් ජාතික පක්ෂය තනිව තරග කර නොමැති අතර ඒ සෑම අවස්ථාවකම ඔවුන් සන්ධාන ගතව ඉදිරිපත්ව ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ය.
ගෝල්ෆේස් අරගලයෙන් පසුව ආර්ථික හා දේශපාලන අර්බුදය මැද මෙන්ම IMF ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිමෙන් පසුව පවත්වන පළමු ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීම මෙවර විශේෂවත්වයයි.
උතුරු - නැගෙනහිර ඡන්ද අනුර කුමාරට නැති වෙයි ද?
පැවති ජනාධිපතිවරණවලදී රාජපක්ෂ කඳවුර උතුරු නැගෙනහිර පළාත් පරාජයට පත් වීමට යුද්ධයේ දී සිදුවු දේ බලපෑ බව, දෙමළ ඡන්දවල හැසිරීම සම්බන්ධව බීබීසී සිංහල කළ විමසුමකට පිළිතුරු දෙමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සඳහන් කළේය.
යුද්ධයට නායකත්ව දුන් මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා ඉදිරිපත් වු 2010 වසරේ දී පවා එම පළාත් සරත් ෆොන්සේකා ජය ගනු ලැබුවේ ජාතික මැතිවරණවලදී සම්ප්‍රදායිකව එජාපයට උතුරු නැගෙනහිර වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබීම නිසාවෙන් බව ඔහු පැවසීය.
එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේ දී යුද්ධයෙන් පීඩාවට පත් අයෙකු අපේක්ෂයකු වුවහොත් දෙමළ පක්ෂවලට ඊට සහාය නොදී සිටීමට නොහැකි වනු ඇති බව ද ආචාර්ය සරවනමුත්තු කියා සිටියේය.
“කතාවක් තියෙනවා දෙමළ ස්වාධීන අපේක්ෂකයෙක් පත් කරන්න යනවා කියලා. ඒ ස්වාධීන අපේක්ෂකයා විදියට අතුරුදහන් අයගේ පවුලක කාන්තාවක් දැම්මොත් ඒගොල්ලෝ දෙමළ ජාතිකයින්ගේ අභිලාෂ ගැන කතා කරනවා නම් මාගේ තර්කය දෙමළ පක්ෂවලට එයාට එරෙහිව කැම්පේන් කරන්න බැරි වෙයි.”
“ඒක වුනේ නැතිනම් මම හිතන්නේ ඒ ඡන්දයත් කැඩෙයි. රනිල් වික්‍රමසිංහ ගොඩක් දේවල් කරනවානේ දැන් උතුරු නැගෙනහිරට ඉතින් එයාට ඡන්දේ තියෙයි. අනිත් එක සජිත් ප්‍රේමදාසට ඡන්ද තියෙයි. මම හිතන්නේ ඡන්ද නැති එක්කෙනා තමයි අනුර කුමාර එයාට සමහර ඡන්ද ලැබෙයි හැබැයි බහුතරය අනිත් දෙන්නට තමයි යන්නේ.” යනුවෙන් ආචාර්යවරයා පැහැදිලි කළේය.
ජනවාර්ගික ගැටලුව ගැන සජිත් හා අනුරගේ ප්‍රතිපත්තිය
ANURA KUMARA DISSANAYAKE
“මේ සැරේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි දැනට දකුණේ දේශපාලනය අතින් ඉස්සරට ඇවිත් ඉන්න නායකයින් ගත්තොත් එක පැත්තකින් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක සහ අනිත් පැත්තෙන් සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස. ඒ දෙන්නම ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්තිවල ලොකු වෙනසක් තියෙන බවක් පේන්නේ නෑ. ඒ නිසා දෙමළ සමාජයට 2010, 2015 සහ 2019 ඒ ජනාධිපතිවරණවලදී වගේ තමන්ට පැහැදිලිව අඳුරගන්න පුලුවන් තමන්ගේ විරුද්ධ අපේක්ෂයෙක් කියලා නැහැ. ඒ වෙනුවට ඔවුන්ට වෙනත් සාධක මත පදනම් වෙලා තමයි තමන්ගේ අපේක්ෂකයාව තෝරගන්න වෙන්නේ.” යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද කියා සිටියේය.
අරගලයෙන් පසුව සමාජ ආර්ථික හා දේශපාලන ගැටලු ඉදිරියට පැමිණි අලුත් දේශපාලන සන්දර්භයක් නිර්මාණ වී ඇති බව මෙන්ම එය ඉදිරි ජාතික මැතිවරණයක දී මුලික කරුණ වනු ඇතැයි ඔහු සඳහන් කළේය.
‘කේවල් කිරිමේ උපක්‍රමයක් විය හැකියි’
දෙමළ පාර්ශවයෙන් අපේක්ෂයකු ඉදිරිපත් කරන බව පැවසීම කේවල් කිරිමේ උපක්‍රමයක් විය හැකි බව සුමිත් චාමින්ද විශ්වාසය පළ කළේය.
“දෙමළ සමාජය පැත්තෙනුත් තමන් වෙන අපේක්ෂයකු ඉදිරිපත් කරනවා කිව්වාම ප්‍රධාන පෙලේ සිංහල දේශපාලන පක්ෂවලට සිද්ධ වෙනවා ඒක වළක්වලා ඒ වෙනුවට කොහොමහරි දෙමළ අයගේ සහයෝගය ලබා ගන්න. එතකොට දෙමළ සමාජයේ කේවල් කිරිමේ බලය වැඩි වෙනවා. මම හිතනවා එහෙම උපක්‍රමික තලයේ ඉදිරිපත් වෙනවා වෙන්නත් පුලුවන්. මොකද වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරිමේ කලින් අත්දැකිම් ගත්තොත් ඒක එතරම් සාර්ථක වෙලා නැහැ. මෙතෙක් අපි නිරීක්ෂණ කරලා තියෙන විදියට උතුරෙත් දකුණෙත් දෙකේම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනෙක් අතර තරගයක් බවට ජනාධිපතිවරණය පත් වෙනවා.”
යැයි කථිකාචාර්ය සුමිත් චාමින්ද බීබීසී සිංහල වෙත පැවසීය.
@BBC sinhala