SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කන්දක් සේමා පොත රචනා කරන්නේ සුමිත්‍රා රාහුබද්ධ ලේඛිකාවයි.

කන්දක් සේමා නමින් සිනමාපටයක් බවට පත් වුණාට පස්සේ එම  තිර රචනය ජපන් බසට පරිවර්තනය කළ කනෝ මිත්සුරු.

මෙය එක්තරා ආකාරයක සමාජ දේශපාලන කතාවක්.

එක්තරා යුගයක් තිබුණා ජපානයේ මහලු ගොවීන්ට ආසියාතික රටවල තරුණියන් විවාහ කර දෙන. මෙම විවාහ හරහා ඒජන්තවරු බොහෝ මුදල් සරි කර ගත්තා. දුගී දුප්පත් තරුණියන් වගේම කිසියම් හිරිහැරයකට ලක්වූ තරුණියන්ද මෙබදු විවාහ කරගෙන ජපානයට ගියා.

නුපා ජපානයට ගියෙත් එබදු කාරණාවක් නිසයි. මේ දිගහැරුම ඔස්සේ තමයි කන්දක් සේමා සිනමාපටය ගලාගන යන්නේ…

නුපා ජපානයට යන්නේ සියලු දුක් කරදර අවසන් කරගන්නට. අදත් බොහෝ අය හිතනවා පිටරටකට ගිහින් ජීවිතේ දුක් නිවා ගන්නවා කියල. ධනවාදය වැඩිපුර සංරචනය වන රටවල සැප වැඩියි කියල හිතුවොත් ඒ රටවල ලෞකික ආසාවන් අත්හරින්න ඉන්න ප්‍රමාණය වැඩි වෙන්නෙ ඇයි කියල තේරුම් ගන්න පුළුවන්. කතාවෙ නම් ඒ පැත්ත ගැන නෙවෙයි කතාවෙන්නෙ.

කොහොම උනත්  ජපානයේදී නුපාට නොසිතු අන්දමේ ගැටලුවලට මුහුණ දෙන්න සිද්ද  වෙනවා. නුපා පැමිණි දුක් සැපතක් කරගන්නට වෙහෙසෙනවා. නුපගේ ජපන් ජාතික සැමියා මසායා සාන් නුපට වඩා බොහෝ වැඩිමල්. මේ දෙන්නගේ ජීවිතවලට සකුරා මල් වගේම භුමි කම්පාවලුත් එකතු වෙනවා.

නුපා හොයන්නේ ආදරය. සෙනෙහස. මසායා ආදරය සෙනෙහස හිත ඇතුලේ හිරකරගෙන ඉන්න ස්වාමි පුරුෂයෙක්. හිතින් මවාගත් ආදරණීය පුද්ගලයකුගෙන් නුපා ආදරය යදිනවා. මේ අතරෙ චිත්‍ර ශිල්පිනියක් ඉන්නවා නුපා වෙනුවෙන් පන දෙන.

සුමල් කියන්නේ වීසා නැතුව ජපානෙ ඉන්න සිංහල තරුණයෙක්.

 

කන්දක් සේමා  ට්‍රේලරය

 

තනූජා ජයවර්ධන කන්දක් සේ මා ගැන ෆේස්බුක් සටහනක් ලියා තිබුණා. අපි හැමෝම කතාව කියවන්නෙ තමන්ව ඒතුළ ප්ලේස් කරගෙන. ඒත් තනූජාගේ සංවේදී කියැවීම රහයි. අවංකයි.

 

කන්දක් සේමා ...........

මගේ පොත් අතර තියෙන මම වැඩිපුරම කියවපු පොත තමයි

කන්දක් සේමා... විශේෂයෙන්ම

හිත රිදුනම.....

ජීවිතේ වගේ පරිස්සම් කරන පොත් අතර කිලුටුම වෙලා තියෙන්නේ ත් මේ පොත.

ඒ තරම් මගේ හිත රිදිලා ඇති... රිද්දලා ඇති...

ඒ පොත අත පත ගගා.. පිටු පෙරල පෙරල හැම වෙලාවකම මේ පොතේ කොතනකින් හරි මම හිත හදාගෙන තියෙනවා.

 

ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටී ම් එක අපිව නැත්තටම නැති කරලා දැම්මා ලෝකයක් ඉස්සරහා.

ලෝකේ මිනිස්සු හිතනවා ඇති ලංකාව කියන්නේ ඉන්දියාව පාමුල තියෙන කදුළු බිංදුව කියලා ...

අපේ කැත සිස්ටම්ස් හැමදාමත් අපිව කදුළු බිංදුවක් බවට පත් කළා.

ඒත් එහෙම නැහැ...

 

(පිටුව 64) කන්දක් සේමා

මගේ නම නූපා

මසායා සාන්ගේ බිරිඳ

ඔව්

නූපා සාන් මෙහාට අලුත් වගේ

මම ලංකාවෙන් බව කිව්වම ලංකාව ඉන්දියාවේ පාමුල තියෙන කදුළු බිංදුව නේද කියලා සෝරා සාන් ඇහුවා .

මම කිව්වා

නෑ මුතු ඇටය කියලා....

රිදී වලට වතුර දැම්මත් රත්තරං පාට වෙනවනේ කියලාත් කතාවක් මේ පොතේ තිබුනා.

කොහොම උනත් මේ රටේ ඉන්න අපි හැමෝම මේ මොහොතේ ප්‍රශ්න ජංජාලයකයි ඉන්නේ .

 

 

පිටුව 77

 

මම සොයමින් යන්නේ නිදහසද

සිරවීම ද ආලයද අයිතිය ද

සියලුම කිරා බැලීම් වලට පස්සෙත් විවාහක පුරුෂයා කරා යාමේ තීරණය බරටම දැනෙන්න වුණා.

දුවෙක් දීග දුන්නම බෑණා නරියෙක් වුණත් ආපහු නරියා ළගටම පලයන් කියන සංසංස්කෘතියක බින්න බැහැලා හිටපු දෙමව්පියොත් බෑණා තනිවෙයි කියල දුක්වෙමින් හිටියා

 

මේ මොක උනත් නූපා යන්නේ නූපාට ඕනේ හින්දා......

නූපා ජපානෙට යන්නේ සකුරා මල් බලන්න නෙවේ....

තමන්ගේ රටේ සමාජ ආර්ථිකයයි

සංසංස්කෘතියයි දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා.

කන්දක් වගේ දරා ගන්නා ඒ සැරිසරන්නිය නිරූපණය කරන්නේ මගේ ආදරණීය සහෝදරිය නිරෝෂා පෙරේරා.මගේ හිතේ මැවුන නූපාව ඒ විදිහටම නිරූපණය කරපු ඔයාට මගේ ආදරය

කන්දක් සේම දරා ගන්නා ඒ ගැහැනිය පරිකල්පනය කළ සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය ඇතුලු කණ්ඩායමට සුබ පැතුම්...

ඔයාලා හැමෝම ආදරෙන් නරඹන්න

කන්දක් සේමා

(තනූජා ජයවර්ධන)

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි