SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජුඩ් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරන "ඩීමනස් ඉන් පැරඩයිස්" විත්ති චිත්‍රපටය පිළිබඳ නැවත වතාවක් සිතන්නට බලකරන්නේ මා සහභාගීවන එක්තරා වැඩමුළුවකදී ය.

විත්ති සිනමාව නොහොත් වාර්තා චිත්‍රපට කලාවට ඇති බලය සම්බන්ධව කදිම නිදර්ශනයක් ලෙස ජුඩ් රත්නම්ගේ "ඩීමන්ස් ඉන් පැරඩයිස්" චිත්‍රපටය ශ්‍රේණිගත කරන්නට පිලිවන.

"ඩීමන්ස් ඉන් පැරඩයිස්" චිත්‍රපටය වැදගත් වන්නේ යුද්ධය උත්කෘෂ්ටත්වයට නංවන චිත්‍රපට ගණනාවක් තැනු ලාංකේය සිනමාවේ, යුද්ධය පිළිබඳ විවෙිචනයට බඳුන් කරන යුධ විරෝධී චිත්‍රපට අතුරින් එකක් වීම ය. එය ලංකාවේ තවමත් ඔඩු දුවමින් සහ පැලැස්තර දමමින් යන සුවිසල් අර්බුදයක් පිළිබඳ සළකුණු සටහන් කරති. "ඩීමන්ස් ඉන් පැරඩයිස්" චිත්‍රපටය ප්‍රේක්ෂකයාගේ දෘෂ්ටිවාදයන්( Ideologies) සහ හැඟීම්(Imotions) වලට සෘජුවම සහ වක්‍රාකාරයෙන් පහර දෙති.

deemans 2

හැටපන්දහස් හයසිය දහයක ප්‍රමාණයක් සහිත භූමියක් තුළ සිංහල-බෞද්ධ අධිපතිත්වය විසින් නාමකරණයට ලක් කරන සුළුතරය නමින් හඳුන්වන දමිළ ප්‍රජාවගේ ඛේදය සහ එය පොදු අත්දැකීමක් ලෙස ජුඩ් තමන්ගේ ප්‍රකාශනය සෙලියුලයිඩ් පටයක් ආකාරයෙන් ගෙන එනවා.

83 කළු ජූලියේ දී ලංකාව පුරා පැන නැඟි ජාතිවාදී කලබල නිසා ජුඩ් තම පවුලේ සාමාජිකයන් සමඟ කොළඹ සිට උතුර බලා දුම්රියෙන් පිටත්වෙයි. මෙම කාල පරිචය තුළ ජුඩ්ට මුහුණ දෙන්නට සිදු වු, දුටු දේ මෙම වාර්තා චිත්‍රපටයට පාදක වෙයි. ඔහු විසින් ගිය එම ගමනාන්තය සඳහා කේන්ද්‍රීය වු රතු පැහැති දුම්රිය මුළු චිත්‍රපටය පුරාවටම සුවිශේෂි චරිතයක් බවට පත් වෙති.

deemans 3

ආන්ද්‍රේ තර්කොව්ස්කිගේ සිනමා න්‍යායට අනුව 'ඩීමන්ස් ඉන් පැරඩයිස්' වාර්තා චිත්‍රපටය හැඳින්විය හැක්කේ කාලයෙන් නෙළිමක් (Sculpting in time) බවයි. පැයයි විනාඩි තිහක් වැනි කෙටි කාලයක් තුළ ජුඩ් සහ ජුඩ්ගේ ප්‍රජාව පිළිබඳ මුළු දේශපාලනික, ආර්ථික, ආගමික පාරිසරික, ඓතිහාසිකමය වපසරිය එක මිටකට ගත් උත්සාහය නිසාම එසේ පැවසීම යුක්තිසහගතය ය.

වාර්තා චිත්‍රපටයේ මුලිකාංග සතර පිළිබඳ "ඩීමන්ස් ඉන් පැරඩයිස්" සිනමාකෘතිය සමඟ සම්බන්ධ කළහොත්,

1.වාර්තා කිරීම, අනාවරණය කිරීම, සංරක්ෂණය කිරීම

2. පොළඹවාලීම

3.විශ්ලේෂණය කිරිම හෝ ප්‍රශ්න කිරීම

4.අදහස් පළ කිරීම

යථෝක්ත මුලිකාංග "ඩීමන්ස් ඉන් පැරඩයිස්" වාර්තා චිත්‍රපටය තුළ පිහිටියේ ය.

deemans 4

"ඩීමන්ස් ඉන් පැරඩයිස්" වාර්තා චිත්‍රපටය ලංකාව තුළ දමිළ ප්‍රජාව පිළිබඳ නැවත වරක් සිතන්නට බල කරමින්, අලුත් ජන සමාජයක් සහ නව පරම්පරාවක් වෙත හඳුන්වා දෙන්නට අනාගතයට ඉතිරි කරන මහානර්ඝ නිර්මාණයකි. ශ්‍රව්‍ය හා දෘශ්‍ය මානවවංශ ලේඛනයකි. සත්‍ය ජීවන අඩවි වෙත කැමරාව දල්වන "ඩීමන්ස් ඉන් පැරඩයිස්" චිත්‍රපටය පැයකුත් විනාඩි තිස්හතක් පුරාවටම දමිළ ප්‍රජාව තම ජාතියට එල්ල වු අගතීන් සම්බන්ධ සාරය කැටිකරයි.

" ඩීමන්ස් ඉන් පැරඩයිස්" චිත්‍රපටය මුහුණ දුන් බාහිර අර්බුදය, එනම් එය යාපනය ජාත්‍යන්තර සිනමා උළේලෙ දී ප්‍රදර්ශනය අත්හිටුවීම සමිබන්ධ ලාංකීය සමාජයේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ පහරක් ලෙස හඳුන්වන්නට පුලුවන්. එය තුළින් පෙනෙන්නට තිබෙන බරපතළ කාරණාව නම් ඊනියා අන්තවාදී සංවිධානවලට සිනමාව ගොදුරු වීමයි.

deemans 6

අදිසි හස්තයකට මෙවැනි ගණයේ චිත්‍රපටයක් හසු වීම පිළිබඳ ශ්‍රී ලාංකික සමාජය සහ සංස්කෘතිය පිළිබඳ උත්කෘෂ්ට ලෙස උදම් අනන අයවලුන් තමන් සිටින්නේ කිනම් ස්ථානයකද යන්න විමසා බැලිය යුතුය.

"ඩීමන්ස් ඉන් පැරඩයිස්" චිත්‍රපටය තුළ කථිකා කරන ‘දෙමළ මනුෂ්‍යයා’ දකුණෙන් බැටකාපු විදිහ සහ අනික් පැත්තට උතුරෙන් බැටකාපු විදිය. ඒ පසුබිම පෙන්නන්න ජුඩ් විශාල වෑයමක් අරන් තියෙනවා. චිත්‍රපටය තුළ වඩාත් විවාදසම්පන්නව සහ තාර්කිකව දෙවන භාගයේ ජුඩ් ඍජුවම එල්.ටී.ටී.ඊ ක්‍රියාදාමය පිළිබඳව විවේචනයක් ගෙන එයි. LTTEයේ අධිපතිවාදී ආකල්පය පිළිබඳ ප්‍රශ්න කරයි.

deemans 7

"ජූඩ්ගේ ෆිල්ම් එක ඒකපාර්ශ්විකයි. ඒක දකුණේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කරපු යුද වින්දන සිනමාවේම දිගුවක්." මේ ප්‍රතිචාරය " ඩීමන්ස් ඉන් පැරඩයිස්" චිත්‍රපටයට එල්ල කරන සමහරුන් පිළිබඳව ඇත්තේ දෘෂ්ටිවාදය සම්බන්ධ විශාල ගැටලුවකි. ජුඩ් දෙමළ සමාජය විසින් ද්‍රෝහියකු ලෙස හංවඩු ගසා තිබියදී බව ඔහු තමන්ගේ පෞද්ගලික අත්දැකීම් සෙලියුලයිඩ් පටයකට ගෙන ඒමම නීර්භිත ක්‍රියාදාමයක් විදයටයි මා දකින්නේ.

deemans 8

දකුණේ සේම උතුරේද දමිළ තරුණයන් සන්නද්ධ අරගලයක් කළ බව සමාජයෙන් වැසුණු අප්‍රකට සහ අප්‍රකාශිත තොරතුරු ජුඩ් තම චිත්‍රපටය තුළින් ගෙන එයි. දේශපාලනිකව සහ සාමාජීයව ඔවුන්ට තම නිදහස සහ අයිතීන් නොලැබුනු කල පැවැත්ම සහ ජීවත්වීමේ නිදහස වෙනුවෙන් සටන් කළ වරදට ඔවුන් අද ජීවිතයෙන් වන්දි ගෙවයි. ජුඩ් මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමේ මුලික අභිප්‍රාය වන්නේ තිස් වසරක ජනවාර්ගික ගැටුමකින් පසුව සමාජගත වූ දුර්මතය නිවැරදි කිරීමයි. සමස්ත දෙමළ ජනතාව මත ත්‍රස්තවාදී හංවඩුව ගැසීමේ බහුතර ලාංකේය ජන මතය නිශේධනය කිරීමයි.

ගැටුම් හරහා අගතියට පත් දමිළ ප්‍රජාව වෙනුවෙන් කතා කිරීම සහ එය සිනමා ප්‍රකාශනයක් ලෙස එය ඉදිරිපත් කර අවසානයේ ඔහුගේ එම දමිළ ප්‍රජාවම "ද්‍රෝහියකු" හංවඩු ගැසීම කෙතරම් දුරට අශිෂ්ටද? ශ්‍රී ලාංකික ජාතියක් විදියට අප යා යුතු නිවැරදි දිශාව සොයාගත නොහැකිව තවමත් අතරමං වී සිටීමම ඉතාමත් සංකීර්ණ කාරණාවකි. " ඩිමන්ස් ඉන් පැරඩයිස්" මතු කරන කාරණාව එයයි.