SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"මගේ රාජකීය මහිමය, ඩයනා"

ලොව එතෙක් මෙතෙක් බිහි වූ ජනප්‍රියතම කාන්තාව සේ සැළකෙන ඩයනා ෆ්‍රාන්සස් ස්පෙන්සර් ලෝකප්‍රකට වී ඇත්තේ ඩයනා කුමරිය නමින් ය.

ඩයනා යනු අතිශය රූමත් කාන්තාවකි. රාජකීය බවින් පොහොසත් ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක් ඇති බ්‍රිතාන්‍යයේ වංශවත් පවුලක් වන ස්පෙන්සර් පවුලේ කැපී පෙනෙන සාමාජිකාවක් වු ඩයනා ස්පෙන්සර් බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල වෙත බැඳෙන්නට වරම් ලැබීය. ඒ ඩයනා කුමරියට වඩා වයස අවුරුදු දොළහකින් වැඩිමහල් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයා වු චාල්ස් කුමරු සමඟ ය.

Diana wed 1

1981 ජූලි 29 දින ලන්ඩනයේ සාන්ත පාවුළු දේවස්ථානයේ දී චාල්ස් - ඩයනා විවාහය සිදු විය. ලෝකය පුරා සිටි මිලියන ගණන් ජනතාව මෙම මහා විවාහ මංගල්‍යය රූපවාහිනියෙන් සජීවිව නැරඹු අතර 1952 දී පැවති මහ රැජිණගේ මෞලි මංගල්‍යයෙන් පසු බ්‍රිතාන්‍යයේ පැවති විශාලතම උත්සවය ලෙස සැළකේ. මෙම විවාහයෙන් පසුව ඩයනා වේල්සයේ කුමරිය(Princess of Wales) ලෙස හැඳින් විය.

 

Diana 5

ඩයනා කුමරියගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වු චාල්ස් කුමරුගේ ජීවිතයෙන් පළා යෑම නොහොත් ඩයනා-චාල්ස් විවාහ දිවිය දෙදරා යෑම පිළිබඳ පාදක කරගෙන "ස්පෙන්සර්" නමින් චිත්‍රපටයක් මෙි වසරේ තිරගත විය. "ස්පෙන්සර්" චිත්‍රපටය තුළ අධ්‍යක්ෂණය, තිරරචනය, සංස්කරණය, කැමරාකරණය, රංගනය, ආලෝකකරණය, කලා අධ්‍යක්ෂණය, වේෂ නිරූපණය, සංගීතය, වර්ණ සංයෝජනය වැනි ප්‍රධාන පෙළේ චිත්‍රපට අංග මෙවලම් හෝ පැවරුම් පිළිබඳ ඇත්තේ පරිසමාප්ත බවක්. රාජකීය බවේ සංකේතයන් බඳු විසල් වතුයායකින් සමන්විත දැවැන්ත මැදුරක් වෙත බ්‍රිතාන්‍යයේ මහ රැජිණ වු දෙවන එළිසබෙත් රැජිණ ඇතුළු රාජකීය කුටුම්භ සහපිරිවර සම්ප්‍රාප්ත වීමෙ රූපාවලියකින් චිත්‍රපටය ආරම්භ වෙයි. මේ දැවැන්ත මාලිගය වෙත පැමිණෙන්නේ නත්තල ගත කිරීම සඳහා ය.

 

Diana2

ඒ නමුත් බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාව ඩයනා කුමරිය මාළිගය වෙත පැමිණෙන්නේ තනිවම ය. චිත්‍රපටය ආරම්භවන්නටත් පෙර ඩයනාගේ චරිතය කෙබඳු එකක්ද යන්න සිනමාකරුවා පවසා හමාර ය. ඩයනා සිටින්නේ වියවුල් වු මනසිනි. රාජකීයබව සමඟ නිරතුරුවම පැටළී ඇති සුඛෝපභෝගී දිවිය ඩයනාට දිවි එපා කරවයි. දවසින් ඇවිද නිමාකළ නොහැකි කුවෙිරගේ ආලකමන්දාව බඳු මැඳුර ඩයනාගේ මනස සංකීර්ණ කරවයි. ඇය සිරගෙයක සිටින බව සිනමා රූප අපට ඉඟි කරයි. ඇයට මෙම රාජකීය ගති සිරිත්, චාරිත්‍ර වාරිත්‍ර, වික්ටෝරියානු සදාචාරවත් පැවැත්ම මානසික වධයකි. ඇයට අවශ්‍ය වන්නේ නිදහස ය. ඩයනාට වැදගත්ම දෙය සිය සංකීර්ණ දිවියේ දී මඟහැරී ඇත. එනම් සතුට යි. අව්‍යාජත්වයයි. චිත්‍රපටයේ සංස්කරණය වන රූපාවලිය එය අපිට ඉඟි කරයි.

 

Diana 4

සැමවිටම ඩයනා සිටින්නේ සතුටින් නොවේ. විටෙක ඩයනා සිටින්නේ එළිසබෙත්ගේ අණසක යටත්විජිතයක් ලෙසින් දෝ යන්න සිතෙයි. ඩයනාගේ මානසික නිදහස ගිලගත්ත රාජකීය ව්‍යාපෘතිය ඈට අවසානයේ සියළු දෑ අවබෝධ කර දෙයි. ඈ අවසානයේ රාජකීය දිවා භෝජන, සැප සම්පත් හැර දමා මධ්‍යම පාන්තිකයන්ගේ පාරිභෝජන දේවස්ථානයන් බඳු KFC වැනි ක්ෂණික ආහාර රසවිඳියි.

Diana 8

චිත්‍රපටය පුරාවටම අප දකින්නේ ඉහළ පන්නයේ රාජකීය ජීවිතයයි. ආහාරපාන, පිළිගැනීම්, යටහත් පහත් සේවකයන්ගේ ගෞරව බහුමානය, කෑම මේස චාරිත්‍ර, ඇඳුම්, විලාසිතා, අබරණ, කුරුළු දඩයම සහ ඇවිදීම, බල්ලන් සුරතල් කිරීම, විවාහ ජීවිතයේ කොටු පවුර, ගෘහ භාණ්ඩ, ගෘහ නිර්මාණවලින් චිත්‍රපටය පිරී ඇත. ස්පෙන්සර්" චිත්‍රපටයේ පසුබිම් සංගීතය සිදු කරන්නේ Jonny Greenwoodය. බොහෝ විට චිත්‍රපටයක සංගීතය මඟින් සිදුකරනුයේ චිත්‍රපටයට අදාළව තිරයේ දැක්වෙන රූපාවලිය සඳහා කිසියම් ආධාරකයක් ලෙස මනෝභාවය(Mood) තීව්‍ර කිරීමයි. එමෙන්ම එම රූපාවලියට රිද්මය ලබාදීමයි. "ස්පෙන්සර්" චිත්‍රපටයේ ඩයනාගේ චරිතය ඔපමට්ටම් වීමට මනා පිටිවහලක් සපයන්නට පසුබිම් සංගීතය සමත්කම් දක්වයි.

 Dianaa 7

ඩයනා ස්පෙන්සර්ගේ චරිතයට පණ පොවන ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ගේ අධි රංගනය චිත්‍රපටය පුරාවටම කැපී පෙනෙයි. ඩයනාගේ මනසේ රැව්දෙන අඳුරු හා ගූඪ ප්‍රදේශ සිනමාරූපිව ප්‍රකාශ කරනු පිණිස "ස්පෙන්සර්" චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වු Pablo Larraín සමත් වී ඇත. නිරායාසයෙන්ම ඇයගේ එම රංගනය වෙනුවෙන් ලෝක සම්භාවනාවට පාත්‍ර විය යුතුම ය. කැමරාව වම්පසට, දකුණුපසට pan වීම. කැමරාව track වීම සිනමාකරණයේ සුවිශේෂි බව පෙන්වයි. චිත්‍රපටය පුරාවටම යොදා ඇති ක්‍රීම් පැහැති වර්ණ සංයෝජනය චිත්‍රපටය කෙරෙහි තදින් සිත් ඇද බැඳ තබාගන්නට සමත් වෙයි. අති ශිෂ්ටකරණයට යටත් වු ප්‍රබල රාජකීය පවුලක සාමාජිකාවක් වු ඩයනාගේ මානසික පාළුව, හුදෙකලාව, අසාරත්වය, අතෘප්තිමත් මානව සබඳතා මනා රෑප සත්කාරයකින් යුතුව "ස්පෙන්සර්" චිත්‍රපටය තුළ ස්ථානගත වී ඇත.