SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වින්දනය වින්දිතයා, සමග conservatorship සහ බ්‍රිට්නි "Conservatorship tantamount civil death."

බ්‍රිට්නි ස්පියර්ස් ඔබ හැමෝම දන්නා ගායිකාවක්. මෑතකදී ඇයට මූණ දෙන්න වෙලා තියෙන බරපතලම ප්‍රශ්නය එයාට එයාව අහිමි වීම කියන ගැටලුව. බ්‍රිට්නිට එයාගෙ තාත්තගෙ ආධිපත්‍යයෙන් ගැලවෙලා නිදහස් වෙන්න නොහැකිව වින්දිතයෙක් බවට පත් වෙලා ඉන්නවා සමස්ත ලෝකයක් වින්දනය කරවන ගමන්.

බැලු බැල්මට ඔබට පෙනෙයි මොකද්ද මේ ප්‍රශ්නය. ඕක මොන ප්‍රශ්නයක් ද ? අපිට මේ කොච්චර ප්‍රශ්න තියෙනවාද කතා කරන්න. අනික මේ යොහානි වාගෙ කෙනෙක් ඉන්නැද්දී ඇයි මේ බ්‍රිට්නි කෙනෙක් ගැන කතා කරන්නෙ? ඔව් යොහානිට තමයි ගොඩක් වැදගත් බ්‍රිට්නි කියවන එක.

britni 2

 

බ්‍රිට්නි ගීත ලෝකයට පිවිසුණේ අවුරුදු 13 දී. හිතාගන්න පුළුවන් ද මේ වයසට මුදල් මිලියන ගණන් ගලාගෙන එන ජනප්‍රියත්වයට ළමයෙක් පත්වුණාම වෙන සංගෙඩිය. කොහොම වුණත් එයා එයාගෙ ජනප්‍රියත්වය මාරාවේශයෙන් ගොඩ නගා ගත්තා. (දැන් තේරෙනවා නේද මාරාවේෂය කියන වචනය ධනාත්මක පැත්තටත් යොදන්න පුළුවන්) එයා ජීවිතයෙ හිනි පෙත්තට යද්දි එයා දෙදරු මවක්. ඒ කියන්නේ ළමා අම්මෙක්. (ඔයාලට මතකද මන්ද මම එකසැරයක් ලීවා ළමා අයිතිවාසිකම් සහ සිඟිති තරු කියලා එකක්, ඒක මම ආපහු දැම්මා ඒ අපේ ලංකාව ගැන)

හැබැයි බබාලා දෙන්නෙක් ගෙ අම්මා වෙච්ච මේ බ්‍රිට්නි ළමයාට මම අර ලිපියෙ විස්තර කළ විදිහටම වැඩ සිද්ධ වෙලා තිබුණා ඒ විදිහටම. එයාට දරාගන්න බැරි තරමට එයාගෙ ජනප්‍රියත්වය පස්සෙ ඇදිලා ආවෙ මිලියන ගණන් සල්ලි, ඒ සල්ලි වටේට කාක්කො රංචු වශයෙන් පිරිලා හිටියා. පැපරාසි දන්නවානෙ. ඇත්තටම ඒ තරමට ජනප්‍රිය උණාම ඒ අය පොදු වස්තු බවට පත් වෙනවා ඉබේම. මොකද ඒ අයට කියලා ජීවිත අහිමි වෙන අඩිතාලම එයාලා අතින්ම හැදෙනවා.

 

britni 1

 

ඔය කීර්තිය පස්සෙ මුදල් හඹාගෙන එද්දී මාර විදියට ඒ දෙන මාරාවේශ වසවර්ති වෙනවා. මත් කුඩු වගේ දේවල් නැතුව බැරි වෙනවා. මේවා එන්නෙ සමහරවිට එයාලටත් නොදැනී. කොහොම වුණත් එයා අපොහොසත් වෙනවා එයාගෙ දරුවන්ට සාමාන්‍ය මවක් වෙන්න. ඒ පිළිබඳ ප්‍රශ්නයක් දී දරුවන් ඇගෙන් වෙන් වෙනවා. ඇය තවත් අසරණ වෙනවා. මතින් තොර ජීවිතයක් ඇයට අහිමි වෙනවා. ඇයට ඇය අහිමි වීමේ ආරම්භය ඇයයි. වින්දනයේම වින්දිතයෙක් බවට එයා පත්වෙනවා. හැබැයි එයා ඒ වෙනකොට සංගීත ලෝකයේ හිටපු තැන, ලබලා තිබුණු සම්මාන ආදිය ගැන වෙනමම කියවා ගන්න වෙනවා. මම කතාකරන්න යන්නේ ඒවා ගැන නොවෙයි නෙ.

දැන් බලමු මේ conservatorship කියන්නේ මොකක්ද කියල. මම උඩින්ම දැම්මෙ conservatorship tantamount civil death කියලා. ප්‍රජා අයිතිය අහිමි වෙනවා එතැනදී. හැබැයි බ්‍රිට්නිට උණේ ඔය අපි දන්න ප්‍රජා අයිතිය අහිමි වීම වාගෙ සෙල්ලම් වැඩක් නොවෙයි. මෙතෙන්ට ආවෙ ඒ වෙන කොට ණය බරින් මිරිකිලා හිටපු ඉස්පියර් මහත්තයා හෙවත් James Spears, එයාගෙ තාත්ත. ඒ වෙනකොට කළමණාකරුවන් ගණනාවක් සිටි බ්‍රිට්නි ගේ සම්පූර්ණ වගකීම තමාවෙත පවරා ගැනීමට තමයි මේ conservatorship කියන business model එක ප්‍රයෝජනයට ගත්තෙ එයා. Conservatorship කියන්නේ සම්පූර්ණයෙන්ම හොදම වචනයෙන් කියවනවා නම් "පංච උපාදානස්කන්ධයම" වෙනත් කෙනෙකුට පවරා දීමක්. ඒ කියන්නේ සංඤා සංකාර විඤ්ඤාණ කියන පරාසයම පවරා ගන්නවා ලියවිල්ලකින්.

 

britni 3

බ්‍රට්නිට කළේ ඒක. ඇය මානසික රෝහලකට ඇතුළත් කරලා අයටවත් හරිහැටි තේරුම් ගන්න බැරි අවස්ථාවක ඇගෙන් අත්සන් ගන්නවා මෙම පත්‍රිකාවට. ඒ පත්‍රිකාව අස්සන් කරදෙන ඕනෑම කෙනෙක් තමන් වෙනුවෙන් ගන්න හැම තීරණයක්ම, කොටින්ම සමස්ත ක්‍රියාකාරිත්වයම තවත් කෙනෙක්ට පවරා දෙනවා.ඒ තීරණ process කරලා ක්‍රියාත්මක කරන්න අධ්‍යයක්ෂ මණ්ඩලය ක් ම ඉන්නවා. හැබැයි ඇයට බර්ගර් එකක් හෝ කොෆී එකක් ගන්න උවමනා නම් ඒ සදහා අවශ්‍යය බලධාරියා ගෙන් අවසර සහ මුදල් ලබාගැනීමට අවශ්‍යය වෙනවා. මේ කළමණාකාරීත්වය වෙනුවෙන් අති විශාල මුදලක් ඇයගෙන් ම ලබාගන්නවා. බ්‍රට්නි මේ agreement එක යටතේ conservatee වන අතර, ඇගේ පියා තමයි conservator. මට හිතෙන සිංහල පරිවර්තනය නම් ආඥාදායකයා සහ වහලා තමයි හරිම එක. මේ වැඩේට ප්‍රධාන දායකත්වය දෙන්නෙ නීතිඥ වරු. ඒක තවත් කතාවක්. ඇත්තටම මේ conservatorship කියන එක ක්‍රියාත්මක කරන්න පුළුවන් රජයකට කියලා තමයි කියන්නේ. හැබැයි සමාගම් මේක පාවිච්චි කරනවා. පුද්ගලයන්, විශේෂයෙන් කීර්තිමත් මිල අධික පුද්ගලයන් සඳහා මේක hybrid business මොඩිල් එකක් විදියට පාවිච්චි කරනවා.

 

britni 7

 

දැන් උද්ගත වෙලා තියෙන ප්‍රශ්නය තමයි බ්‍රිට්නි ට මේකෙන් ගැලවෙන්න තියෙන නොහැකියාව. මාරයි නේද? ඇය මේ තත්ත්වය දැන ගත්තාට පසුව තමයි ඇයට අවබෝධ උනේ මෙහි ඇති බැරෑරුම් කම. ලොවක් උද්දාමයට පත්කර වින්දනය කරන ඇය එම සිස්ටම් එක ඇතුළෙම වින්දිතයෙක් බවට පත් වෙලා. ඇයට මෙයින් ගැලවීම තියෙන්නේ කොහෙද? කවුද විශ්වාස කරන්න පුළුවන්? මේවා සම්බන්ධයෙන් රජයක් ගන්නා ක්‍රියාමාර්ග තිබෙනවාද ? ඔන්න තරු පහේ ලිබරලය.

දැන් අපි බලමු යොහානි ගැන. කළමණාකරුවන් අවශ්‍යය වෙනවා ව්‍යාපාරයක් පවත්වාගෙන ලාභදායී ලෙස ඒක ගෙනියන්න. ඇත්තටම යොහානී, අර සැහැල්ලුවෙන් සිංදු කියපු කෙල්ල කළේ සල්ලි හොයන බිස්නස් එකක් ද? ඇගේ මහන්සිය සහ අධිෂ්ඨානය ව්‍යපාර කළමනාකරුවන්ගේ ධනෝපායන නියාය ධර්ම සමග පෑහේද? ඇයගෙ "පංච උපාදානස්කන්ධය" මින් පසු උපාදානය කරන්නේ කවුද? ප්‍රශ්නයක් විතරයි.

 

yo

 

ඇත්තටම ඒ අයගේ සංකාර නිර්මාණය කිරීමේ අයිතිය කළමණාකරුවන් කරද්දී ඒ අය කරන්නේ කුමක්ද? සිහින ලෝකවල විතරක් පිය මැනීම නේද? බ්‍රට්නි ඇගේ මානසික රෝග ඹෘෂද මාත්‍රාව නොවරදවා ගත යුතුයි. හැබැයි ඇයට ඇයව නැවත ලබාගැනීමේ හැකියාව අහිමි වෙලා තියෙනවා. මොකද මාත්‍රාව තමයි ඇයව බිස්නස් කාරයන්ට අවශ්‍යය තැන ඇයව නවතා ගන්නෙ.

ඇයට ආදරය කරන ඇගේ රසිකයින් අද "free Britney movement" එකක් දියත් කර තිබෙනවා. එහෙත් එය කවදා වෙයිද යන්න සැක සහිතයි. මොකද ධනවාදී මුදල කියන සංකල්පය ඔළුගෙඩි ඇතුළේ තියන සමාජ ඇයව දකින්න මානසික ආතතියෙන් පීඩා විඳින තවත්, සල්ලි ගහක් සමග ලෙඩෙක් කියලා විතරයි.

 

bri

 

"නගෝ නගෝ කෙල්ල" දැං කෝ? මම හිතනවා එයා ඔය කියන සල්ලි රැල්ලට අහුනොවී තමන්ට තමන් හිමි කරගෙන ජීවිතය නිදහස් කර ගත්ත කෙල්ලක් ද කියලා. ආපහු ඒවි එයාට ඕනෑ වෙලාවට. මොකද එයා තමයි එයාගෙ පංච උපාදානස්කන්ධ පාලනය කරන්නෙ.

ඒ විතරක් නොවෙයි, කෝ අපේ ජඩ මාධ්‍යය ජාලා පුප්පවාපු තරු.  සුපර් ස්ටාර් පට මොකද උනේ. කවුරු හරි හොයලා බලන්න ඔය සුපිරි තරු ඔය ජඩ මාධ්‍යය ජලා එක්ක අත්සන් කරලා තියෙන agreement කොහොමද කියලා. අර කට්ටිය මෙයා මගේ ටීම් එකට කියලා ගත්ත ගමන් හොඳ ට හිතලා බලන්න, එයාලා ගන්නෙ අර ළමයාගෙ පංච උපාදානස්කන්ධයම එහෙන් පිටින්ම්මද කියලා. ඊට පස්සේ අර ළමයෙක් ඉතුරු වෙන්නෙ නෑ. අනික අර එයාලා එක්ක අස්සන් කරන agreement වලින් ඒ අය ඒ අයගෙ සිවිල් අයිතිවාසිකම් පවා දෙනවා අවුරුදු ගානකට. හැබැයි ඒ අවුරුදු ගාන ඉවර වෙනකොට රසිකයින් ට එයා අමතක වෙනවා, වෙන වෙන තරු පිපෙනවා. යනවා. හොඳට හිතලා බලන්න. ඒ අයට ස්වාධීන ව එන්න බැරි වෙනවා. මේක හරිම ඛේදවාචකයක්!

 

yo 2

 

නවත්තන්න බෑ මේක. හැබැයි අද සමාජ මාධ්‍ය ප්‍රබලයි. තමන්ගෙ දක්ෂතා එක්ක තමන්ට යමක් ගොඩනගා ගන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට ජඩ මාධ්‍යයේ පිහිට පතන්න වෙනවා. යොහානිට මුල ඉඳලම නිදහස තිබුණා. හැබැයි යොහානි උණත් දැන් conservatorship එකකට අහු වෙයිද කියලා මට සැකයි.

අපේ යොහානි ගැන බය හිතෙනවා නේද? මේ ලෝකය මහා පුදුමයි නේද? ජනප්‍රියත්වය තිබිලත් බෑ නැතුවමත් බෑ.

වින්දිතයෙක් නොවී වින්දනය දෙන්න සහ ගන්නෙ කොහොමද? ටිකක් වෙන්න බොන්න ඕනෑ ප්‍රශ්නයක්. හැබැයි මේකට බයවෙන්ඩ දෙයක් නෑ, අර රාගය කළමනාකරණය ක්‍රමය පොඩ්ඩක් ස්පර්ශ කළා නම්.

 

(බ්‍රිට්නි ගැන තොරතුරු අන්තර්ජාලයෙන් සහ Netflix documentary එකෙන්. අනෙක් ඒවා මට හිතෙන දේවල්)