ආරුගම්බේ ප්රහාර සැලසුමේ මහ මොළකරු කව්ද?
ආරුගම්බේ ප්රදේශයේදී ඊශ්රාල ජාතිකයන්ට යම් ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ සිදුවීමේ
ආරුගම්බේ ප්රදේශයේදී ඊශ්රාල ජාතිකයන්ට යම් ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ සිදුවීමේ
දහතුන් වන සංශෝධනයට එහා ගිය බලයක් උතුරු නැගෙනහිරට ලබා දිය යුතු බව
අද වන විට ලංකාවේ ඉතිරි වී ඇති එකම සැබෑ සමාජවාදියා ලෙස හැඳින්විය හැක්කේ
ලාල්කාන්තට කිරිකෝඩු කෙනෙක් ගැන හිතක් පහළ වෙලා..
කොළඹ දිනපොත
(පළමුවැනි කොටස)
2024 මහමැතිවරණය දේශපාලන දිනපොතේ අලුත් පරිච්ඡේදයකට අප යොමු කරවයි. කොළඹ සිතියම මත ඇවිද යමින් සිටිමි.
මේ කටු සටහන් ඒ පිය සටහන් හා සමාන්තරය.
මාලිමාවේ අපි එකටය. 'එකට' යනුවෙන් කී විට මුල් තැන මෙන්ම සාමූහිකත්වය ද ගම්ය වෙයි. සාමූහිකව මුල් තැන ගැනීම මාලිමාවේ අභිප්රායයි. අපි ඒ වෙනුවෙන් වෙහෙසෙමින් සිටිමු.
ආවිස්සාවේල්ලේත් කඩුවෙලත් හෝමාගමත් කැස්බෑවේත්, මොරටුව මහරගම දෙහිවල රත්මලාන සහ බොරැල්ලේත්, උතුරු බටහිර නැගෙනහිර මැද ලෙස බෙදී ගිය කොළඹත්, මිනිස්සු ඉතිහාසයේ අන් කවරදාවත් නොවූ තරමට අපේක්ෂා සහගතව සිටිති. අප කොළඹ සිතියම මත ඇවිද යන්නේ ඒ අපේක්ෂාවන් පොකුර උර මත දරාගෙනය.
ආදරණීය කොළඹ මිනිසුනි, ඔබගේ උස් අපේක්ෂාවන් මහපොළොවේ යතාර්ථයක් බවට පත්වන දිනය තෙක් අපි අපේ ගමන නොනවත්වන්නෙමු. ආදරයෙන් සහ විශ්වාසයෙන් යුතුව අපේ අත් හා බැඳුනු ඔබේ අත් අපි අත් නොහරින්නෙමු.
@ කැටිපෙ
දෙදහස් විසි හතරේ ඔක්තෝබර්
විසිතුන්වනදා කොළඹදීය.