SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවති ශිෂ්‍ය විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා පැමිණි කැරළි මර්දන පොලිස්  කණ්ඩායම්වලට අමතරව රාජකාරියේ යොදවා සිටි හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ටී පනස් හය අවි හා පොලු රැගත් කණ්ඩායම පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ.

මෙම සන්නද්ධ කණ්ඩායම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය මිල්ටෙරි කරණය තුල සිර කොට ලේ සාගරයක ගිල්වා දැමීමේ ආදර්ශයක් විය හැකි බව ආණ්ඩුවට එරෙහි දේශපාලන පක්ෂ වලද සිවිල් සමාජ සංවිධාන වලද අදහසයි.හෙට දවස තුළදී ආණ්ඩුවට එරෙහිවන්නන් මර්දනය බටලන්ද පන්නයට සිඳු කිරීමට සැලැසුම් කර ඇති බවට ඉඟියක්ද අනන්‍යතාව සැඟවුන මේ සන්නද්ධ කණ්ඩායමින් විදහා දැක්වේ.

  වෙඩී 3

 

මෙම සන්නද්ධ කණ්ඩායම පිළිබඳව යුද හමුදාව දැනුවත් නැති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා නිවේදනයක් නිකුත් කරමින් සිටී.එම ප්‍රකාශය හාස්‍යජනකය.හමුදාව ඒ ගැන නොදැන සිටියේ නම් අද මෙරට ජාතික ආරක්ෂාව ඇත්තේ බරපතල අවදානමකි.එලෙසම හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශයක් කර ඇත්තේ මේ වන විට ජිනීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුව රැස්වී තිබියදී බවද ආණ්ඩුව සිහිපත් කර ගත යුතුය.

හෙට අනිද්දා දවසක හමුදාපතිවරයා ගේ අමුඩයේ අසූචි තැවරී තිබුණහොත් අනේ එය කොහොම සිද්ධ වුනා දැයි නොදන්නා බව කීමට තරම් හමුදාව මොනිටිසෝරි වී තිබීම ඉතා කණගාටුදායකය. ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් හා සටන් කර  වෘත්තීමය අත්දැකීම් ඇති හමුදාවක් මෙතරම් බාල්දු වීම හිතාගන්නට බැරි තරම්ය.

 

 

(පොලු හමුදාව පිළබඳව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ප්‍රහසන වීඩියෝවක්)

 

මෙම විරෝධතාව මර්දනය සඳහා යොදවා තිබූ සන්නද්ධ හමුදා කණ්ඩායම පිළිබඳව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් යුද හමුදාව නොදැන සිටි බව ප්‍රකාශ කර ඇති හෙයින් එම කණ්ඩායම කවුරුන්ද යන වග හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාට හඳුන්වා දෙන්නට අප කැමතිය.

මෙරට මේ වන විට ආන්දෝලනාත්මක සිද්ධියක් වී ඇති මේ සන්නද්ධ කණ්ඩායම මේජර් ජනරාල් මාන්නගේ ගේ සැළසුමක් අනුව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණරත්න ගේ අනුමැතිය යටතේ යෙදවූ හමුදා කණ්ඩායමකි.මෙම සන්නද්ධ හමුදා කණ්ඩායමට අයත් සෙබළුන් විජයබා රෙජිමෙන්තුවට අයත් වූවන්ය.

 

හමුදාව1

 

මේජර් ජනරාල් මාන්නගේ මෙරට යුද හමුදාපතිවරයා ලෙස පත්වීමට කුරුමානම් අල්ලමින් සිටින්නෙකි.

දැන් මේජර් ජනරාල් මාන්නගේට අවශ්‍ය වී ඇත්තේ ජනපතිවරයා ගේ අවධානයට ලක්වන ආකාරයට මොනවා හෝ නාඩගමක් නටන්නටය. ඒ හමුදාපති වීමේ සුදුසුකම සපුරා ගැනීම සඳහාය. මෙවැනි නොසන්ඩාලයකු හමුදාපති කර ගැනීමට පෙර ජනපතිවරයා විසින් වඳුරාට මගුල් කඩුව දුන් කතන්දරය සිහිපත් කර ගත්තා නම් හොඳය.

ඒ කෙසේ වෙතත් මෙරට අධිකාරී ලත් හමුදා නිළධාරීන් පත් කිරීමේදී ජනපතිවරයා විසින් ඔවුන් හට  ලබා දෙන අක්ත පත්‍රයේ සඳහන්ව ඇති මේ වගන්තිය ගැන අවධානය යොමු කිරීමට කැමතිය.

“… තවද ඔබගේ ආඥාපථයට යටත්වන ඔබගේ ධුරයට පහත් නිළධාරීන් හා සන්නාහ සන්නද්ධව සිටින වෙනත් තැනැත්තන් ද පුහුණු කොට අභ්‍යාසයන්හි යොදවා විනය ගරුක ශික්ෂිණය දෙන ලෙසද ,සංග්‍රාම නීති රීති හා විනය අනුව ඔබගේ ධුරයට උසස් නිළධරයන් විසින් කරනු ලබන නිත්‍යානුකූලව ආඥාවන්ට කීකරු වන ලෙසද ඒ සඳහා සම්පාදිත නීති වලට අනුකූලව ක්‍රියා කරන ලෙසද අතිගරු ජනාධිපති විසින් ඔබට මෙයින් අණකර ඇති බවද දන්වා සිටිනු ලැබේ…” 

මෙහි දැක්වෙන වැදගත්ම සඳහන වන්නේ “සංග්‍රාම නීති රීති හා විනය අනුව ඔබගේ ඉහළ නිළධරයන් විසින් කරනු ලබන නිත්‍යනුකූල ආඥාවන්ට'” යන්නය.

 

මේජර් ජනරාල් මාන්නගේ ගේ ලී පොලු ඛණ්ඩයේ එක සෙබළෙකු හඳුනා ගැනේ

 

හමුදාව4

 

එම ඛන්ඩය විජයබා හා ගජබා පාබල රෙජිමෙන්තුවලට අයත් සෙබළුන් පිරිසක් බවද තහවුරු වී තිබේ.විනය පිරිහුණු හා හමුදාවෙන් පැන ගිය සෙබළුන් ගෙන් සමන්විත මෙම හමුදා ඛණ්ඩය නිර්මාණය කර ඇත්තේ මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී හමුදාපතිවරයා වූ  මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වේ.

 

හමුදා සේවයෙන් පැන ගොස් නැවත හමුදා සේවයට එක්වූ ජල්තර මැර පාදඩ සෙබළුන් මේ ලී පොලු ඛණ්ඩයට සම්බන්ධ කර සිටී.මෙහි සේවයේ නිරත ඇතැම් සෙබළුන් හමුදාවෙන් පැන ගොස් සිටි කාල සීමාව නැවත  හමුදා සේවයට එකතු කර ගැනීම සඳහා රාජකාරියේ නිරතවන මැදිවිය ඉක්මවා ගිය අයවළුන් වේ.

 

එම ඛණ්ඩය පිහිටුවීමේ අරමුණ වී ඇත්තේද මෙවැනි විරෝධතාවන්ට සම්බන්ධවන අයවළුන්ට පහර දී එළවා දැමීම බව අපගේ හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

WhatsApp Image 2023 03 10 at 06.18.27

 

WhatsApp Image 2023 03 10 at 06.18.28

 

මේ වන විට එම ඛන්ඩයේ සිටි සෙබළෙකු හඳුනා ගැනීමට හැකි වී තිබේ.ඔහු විජයබාහු පාබල රෙජිමෙන්තුවේ සෙබල අංක 519430 සැරයන් සුසන්ත එච්.එස්.කේ. නැමැත්තාය.

මෙම සෙබළා පොළොන්නරුව ලක්ෂ උයන පදිංචි කරුවෙකු බව පැවසේ.

 

අවුරුදු 12 ක  සේවා කාලයෙන් පසුව හමුදාවෙන් ඉවත්වූ මොහු කටුනායක ඇඟළුම් කම්හලක ආරක්ෂක නිළධාරියා ලෙස සේවය කර නැවත හමුදා සේවයට එක් වී තිබේ.පෞද්ගලික ජීවිතයේ ලද නොයකුත් පීඩාවන් නිසා මොහු සමාජය සමග දැඩි වෛරයකින් පෙළෙන තැනැත්තෙක් බව වාර්තා වේ.

ගාලු මුවදොර අරගල කරුවන්⁣ට රාත්‍රී කාලයේදී සිදු කළ පහර දීමටද මෙම සෙබළා සම්බන්ධ වූ බවට අපට තොරතුරු ලැබී තිබේ.

 

 

උපුටාගැනීම - @lankadawasa.com

නවතම ලිපි