SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ සෞඛ්‍ය සේවාව අර්බූධයට යැවීමේ සම්පූර්ණ වගකීම ගතයුත්තේ මෙවැනි අර්බූධකාරී මොහොතකත් ඖෂධ වලින් කෝටි ගණන් වංචා කිරීමට ගන්නා ක්‍රියාමාර්ග නිසා බව පහුගිය කාලය පුරාම වරින්වර අප හෙළිදරව් කළෙමු.

ඊයේ දිනයේදීත් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා කඩිනමින් ඖෂධ මිළදීගැනීමේ මුවාවෙන් සිදුකරන්නට ගිය මගඩියක් මාධ්‍ය මගින් හෙළිදරව් කළ අතර (අපේක්ෂා රෝහලේ ඖෂධ මගඩිය - කැතයි!ලැජ්ජයි!හිරිකිතයි!) අද වනවිට ඒ සඳහා සුපුරුදු පරිදි පිලිතුරක් සකස් කරගනිමින් අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වා ඇති අයුරු අප දුටුවෙමු.

 

 කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ, කිසිදු පිළිකා නාශක ඖෂධයක් ඉහළ මිලක් යටතේ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු නිර්දේශයක් ලබා දී නැති බවයි. පසුගිය වකවානුවේ තහනමට ලක්කර තිබූ ඉන්දියානු ඖෂධ සමාගමක් හරහා ඖෂධ ගෙන්වීමට කැබිනට් පත්‍රිකාවක්ද යොමුකර කටයුතු කර තිබියදීත් අමාත්‍යවරයා කීවේ මෙවැනිම ප්‍රලාපයකි.

ඉනික්බිති දිගින් දිගටම සිදුවන්නේ ප්‍රතිපාදන තිබියදීත් නිසි පටිපාටියක් හරහා ඖෂධ ගෙන්වීම තවදුරටත් ප්‍රමාද කරමින් රෝගීන් අනතුරේ හෙලීමය. ඔහු හා සම්බන්ධ නිළධාරීන්ද අමාත්‍යවරයාගේ පදයටම නටන්නෝ වෙති. යළිත් ටික කාලයක් මේ ආකාරයෙන්ම අර්බූධය තවත් උග්‍ර වනතෙක් සිට පරණ විදිහටම කඩිනම් මිළදී ගැනීමට කටයුතු යෙදීමය. මෙම ලැජ්ජා නැති විගඩම සෞඛ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම කරගෙන යද්දීත් රාජ්‍ය නායකයා නිහඩව බලා සිටින්නේය.

මේ පිළිබඳව අද මාධ්‍ය හමුවක් කැඳවමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කර සිටියේ ඖෂධ හිඟය හරහා ක්‍රම දෙකක් ක්‍රියාත්මක වන බවයි.

එනම්,

1.    ටෙන්ඩර් කැඳවීමකින් තොරව විශාල මිළගණන්වලට ඖෂධ මිළට ගැනීම. ඒ මගින් විශාල ලෙස කොමිස් ගැනීම පිළිබඳ සැකයක් මතුවීම.

2.    ඖෂධ හිඟයි කියා බාල ඖෂධ, ලියාපදිංචි නොවූ බෙහෙත් ගෙන්වීම.

දැන් කෙහෙළිය ඇමතිවරයා කරන්නේ මුලින්ම ඖෂධවලට ප්‍රතිපාදන වෙන් නොකර ඖෂධ හිඟයක් හදනවා. ඉන්පස්සෙ ඖෂධ හිඟයි හිඟයි, ලෙඩ්ඩු මැරෙනවා කියල හදිසි මිළදීගැනීම් කරන්න යනවා. ඒ හදිසි මිළදී ගැනීම්වලදී ටෙන්ඩර් කැඳවන්නේ නැතිව අධික මිළගණන් වලට ඖෂධ මිළට ගන්නවා. ඒ ඖෂධ හරහා කෝටි ගණනක වංචාවක් කරන්න හදනවා යනුවෙනි.

 

 

 

 

නවතම ලිපි