SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ වර්ග 43 ක් ඉතා ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

හදිසි මිල දී ගැනීම් ලෙස පිළිකා නාශක ඖෂධ ඉතාමත් අධික මිල ගණන් යටතේ ලබා ගැනීමට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබේ.

 

පසුගිය දා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේ අත්‍යවශ්‍ය ඖෂධ හිගයට පිලියමක් ලෙස කඩිනමින් ඖෂධ වර්ග කිහිපයක් මිළදී ගැනීමට කටයුතු යොදා ඇති බවයි. මීට පෙරද මෙම අමාත්‍යවරයා රජයේ ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් ඖෂධ නියාමන අධිකාරිය තහනම් කර තිබූ ඖෂධ සමාගමක් වෙත කැබිනට්ටුවද නොමග යවා අනුමැතියක් ලබාගනිමින් ඖෂධ මිළදී ගැනීමට උත්සාහයක් ගත් බව මාධ්‍ය මගින් හෙළිදරව් වී තිබූ අතර, මේ පිළිබඳව මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමග එම මගඩිය නතරව ඇත. මෙම නවතම ඖෂධ මගඩිය වාර්තාවන්නේ මේ වනවිට පිලිකා රෝගීන්ගේ ජීවිත අත්‍යවශ්‍ය පිලිකානාශක ඖෂධ නොමැතිවීම නිසා අහිමිවෙමින් තිබෙන වටපිටාවකය.


මීට පෙර ඩොලර් තුනකට මිල දී ගත් ඖෂධ වර්ගයක් මෙවර ගෙන්වීමට නිර්දේශ කර ඇත්තේ රුපියල් තිස් එක් දහසක මිලකට වන අතර එම ඖෂධය වෙළෙඳපළේ රුපියල් තුන්දහසකට පමණ මිල දී ගැනීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන් ම මීට පෙර රුපියල් පන්දහසක පමණ මිලකට ලබා ගත් ඖෂධයක මෙවර මිල රුපියල් හතළිස් නව දහසක් ලෙස දක්වා තිබේ.  

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවල සඳහන් නොවන මාර්ගෝපදේශයක් ප්‍රථම වරට මෙම ඖෂධවලට අදාළව ඉදිරිපත් කර තිබෙන අතර එම මාර්ගෝපදේශය සපුරා ඇති එක් ආයතනයකට පමණක් ඖෂධ දහනවයකට අදාළ ටෙන්ඩර් පිරිනැමීමට නිර්දේශ කරනු ලැබ ඇත.

මෙවර මෙම මාර්ගෝපදේශය ඉදිරිපත් කර ඇත්තේ වැඩි ටෙන්ඩර් ප්‍රමාණයක් එම ආයතනයට ලබා දීමේ වුවමනාව මත බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම ආයතනයට පමණක් ලබා දීමට නිර්දේශ කර තිබෙන ටෙන්ඩර්වල වටිනාකම රුපියල් කෝටි දහයකට අධික ය.

ඇතැම් ඖෂධ වර්ග සඳහා එක් එක් ආයතන ඉදිරිපත් කර තිබෙන මිල ගණන් අතර විශාල පරතරයක් පවතියි. වැඩිම ටෙන්ඩර් ප්‍රමාණයක් ලබා ගැනීමට නිර්දේශ කර තිබෙන ආයතනය ඖෂධයකට නියම කර තිබෙන රුපියල් හතළිස් නව දහස තවත් ආයතනයක් මිල කර ඇත්තේ රුපියල් අටදහස් පන්සිය අසූහතරක් වැනි අඩු මිලකට ය. එවැනි අවස්ථා ගණනක් මෙම නිර්දේශයන්හි සඳහන් වෙයි.

 

පිලිකා 1

 

 

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් පරිත්‍යාගයක් !


විදේශ සේවා නියක්ති කාර්යාංශයෙන් රජයට ලබා දුන් රුපියල් කෝටි තුන්සියයක මුදලින් රුපියල් කෝටි දහයක් පමණ මෙම ඖෂධ මිල දී ගැනීමට යෙදවෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. ටෙන්ඩර් කැඳවා ඇත්තේ  ඖෂධ වර්ග හතළිස් තුනක් වෙනුවෙනි.

මෙම ඖෂධ ලැයිස්තුවට අදාළව ටෙන්ඩර් පිරිනැමීම සඳහා කර ඇත්තේ නිර්දේශ පමණක් බවත් කුමන නිර්දේශ කළ ද අවසන් තීරණය ගැනෙන්නේ ටෙන්ඩර් මණ්ඩලයෙන් බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක පැවසීය. ටෙන්ඩර් මණ්ඩලය මෙම සතියේ දී රැස් වීමට නියමිත බවත් අතිරේක ලේකම්වරයා කීවේය.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට පරිත්‍යාග කර තිබු ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක මුදලින් ද මෙවැනිම ආකාරයට ඉතා ඉහළ මිල ගණන් යටතේ ඖෂධ මිලදී ගැනීම් සඳහා යෙදවීමේ සුදානමක් පවතින බව වාර්තාවේ.

 

රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව මෙන්ම රට තුළ බරපතල ආර්ථික අර්බූධයක් පවතින මෙවන් මොහොතකත් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ වරින් වර වෙට්ටු දමමින් තම මඩිය තරකරගැනීමට දරන නිර්ලජ්ජිත උත්සාහයන් දැකබලා ගනිමින්, අසමින්, රාජ්‍ය නායකයා ඇතුළු ආණ්ඩුවේ බළධාරීන් නොඇසූකන්ව බලා සිටින්නේ වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂගේ ලගම හිතවතෙකු වීම නිසාදැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රශ්න කර ඇත.



පුවත් මුලාශ්‍රය - aruna.lk ඇසුරෙන් සකස්කර ඇත.

නවතම ලිපි