SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ

පුහුණුකරු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළු පුහුණුකරුවන් තිදෙනෙකු එම ධූරවලින් ඉවත් වූ බව මුම්බායි ඉන්දියන්ස් කළමනාකාරීත්වය නිල වශයෙන් නිවේදනය කර තිබේ. මාලිංගට අමතරව එම කණ්ඩායමෙන් ඉවත් වී ඇත්තේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වූ පාරස් මාම්බ්‍රේ සහ පන්දු රැකීමේ පුහුණුකරු කාල් හොප්කින්සන් ය.

 

 

 

2024 සිට 2026 දක්වා කාලය තුළ මුම්බායි ඉන්දියන්ස් පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මාලිංග, එම කණ්ඩායම් ඉතිහාසයේ සුවිශේෂීම චරිතයකි. ක්‍රීඩකයෙකු ලෙස මුම්බායි කණ්ඩායමට IPL ශූරතා 4ක් සහ 2011 ශූරයන්ගේ ලීග් විස්සයි20 ජයග්‍රහණය ගෙන ඒමට මාලිංග දැක්වූ දායකත්වය මෙන්ම, ඔහුගේ තරගකාරීත්වය සහ කැපවීම අනාගත ක්‍රීඩකයන්ටද මහත් ආදර්ශයක් වූ බව මුම්බායි කණ්ඩායම සිය නිවේදනයෙන් අගය කර ඇත.

 

 

2025 සහ 2026 වසරවලදී පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ පාරස් මාම්බ්‍රේ, 2010 සිට 2017 දක්වා කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙසද (2013 ශූරතාව ඇතුළුව) විශිෂ්ට සේවයක් ඉටු කළේය. මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඔප්නැංවීමට ඔහු දැක්වූ දායකත්වය එහිදී ඇගයීමට ලක්විය.

 

 

එසේම, 2025 වසරේදී පන්දු රැකීමේ පුහුණුකරු ලෙස එක්වූ කාල් හොප්කින්සන් එංගලන්ත ජාතික කණ්ඩායම සමඟින් ලබාගත් ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගී කරගනිමින් කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය ඉහළ නැංවීමට කළ කැපවීමද කළමනාකාරීත්වයේ විශේෂ ඇගයීමට ලක්ව තිබේ.

 

 

නවතම ලිපි