SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

83 දී සිය පවුලේ හතර දෙනෙකු ඇස් පනාපිට මරා දැමු පසුත්, විරාගය දෙමළ බසට හැරවූ සුන්දරම් සෞම්‍යන්.

1942 ජූලි 25 වනදා පස්සර පල්ලගස්තැන්න වතුයායේ උපත ලද සුන්දරම් සෞමයන්ගේ මුත්තණුවන්වු මාරිමුත්තු ඉන්දියාවේ සිට දහසක් සිහින මවා ශ්‍රී ලංකාවේ කඳුකරයට රැගෙන ආ කම්කරුවන්ගෙන් කෙනෙකි.

සෞම්‍යන්ගේ මව්පියන් අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් දැක්වූ මුල් කාලීන කඳුකර දෙමළ ප්‍රජාවට අයත් වූ වූවන් බැවින් ඔහුව පස්සර උඩුගම විද්‍යාලයට ඇතුලත් කළ නිසා හේ සිංහල මාධ්‍ය, අධ්‍යාපනය ලැබීය. ඊට අමතරව පල්ලගහතැන්න සුචරිතාකාර දහම් පාසලෙන් බුදුදහමද හැදැරීම නිසා ඔහුගේ සිංහල භාෂාව ඔප මට්ටම් විය.

 

කඳුකර දමිළ ප්‍රජාව සම්බන්ධයෙන් එක් අමිහිරි කතාවක්ද සෞම්‍යන්ගේ අධ්‍යාපනය තුළ සැගවී ඇත. එනම් දමිළ බසින් ඉගෙනීමට එකලද මෙම ප්‍රජාවට හොඳ පාසල් නොතිබුණු බවයි. වතු පාසල් බොහොමයක් තිබුණේ පස්වෙනි පංතිය දක්වා පමණක් වන අතර බොහෝ විට මුළු පාසලටම සිටියේ එක් ගුරුවරයෙක් පමණි. ඒ පාසල් පිහිටවූයේ එම ප්‍රජාවේ ජනයාට අධ්‍යාපනය දීමේ අරමුණින් නොව කුඩා දරුවෝ තේ දළු කඩා නාස්ති කරමින් සෙල්ලම් කිරීම වලක්වා යාන්තම් වත්තේ වැඩට යා හැකි වයස වනතෙක් මව්වරු වැඩ ඇරි එනතුරු දරුවන් රඳවා ගැනීමටය.

 

1972 වතු රජයට පවරා ගන්නා තෙක් වතු පාසල් රජයට අයත් පාසල් ලෙස නොසලකන ලදි. අනිත් කාරණය නම් හින්දු දහම උගන්වන දහම් පාසල් පද්ධතියක්ද පාසල්වල ඊට ගුරුවරුන්ද නොවුනු නිසා බොහෝ දරුවන්ට විභාග සඳහා ඉගෙන ගැනීමට වූයේ බුදු දහම වීමයි.

1963 දී පස්සර මහ විද්‍යාලයෙන් උසස් පෙළ සමත්වන සෞම්‍යන් 1966 දී පුල්මුඩේ රජයේ මුස්ලිම් පාසලේ සිංහල ගුරුවරයා ලෙස වෘත්තීය ජීවිතය අරඹන ලදි. ගුරු පුහුණුවෙන් පසු පස්සර ගෝනකැලේ දෙමළ විදුහලේ විදුහල්පති ලෙස උසස් වීමක් ලැබුවද ඔහු කඳුකර දෙමළ ජාතිකයෙකු වීම නිසා විවිධ පිරිස් එය ලබා ගැනීමට ඔහුට ඉඩ නුදුන්හ.

උසස් පෙළ නිමාවෙනවාත් සමගම වාගේ සාහිත්‍යකරණය කෙරෙහි ඔහුගේ සිත යොමු විය. මඩොල්දුව නව කතාව සිංහල බසට පරිවර්තනය කිරීම ඇරඹුවත් ඔහුම ඒ ගැන සෑහීමට පත් නොවු නිසා අත් හැර දමන ලදී.

 

1983 කළු ජූලියේදී කඳුකර දෙමළ ජනයා ඉලක්ක වූයේ වෙන කිසිදු හේතුවක් නිසා නොව ඔව්හූ ‘දෙමළ’ වීම නිසාමය. වර්ගවාදි රාජ්‍යයේ ප්‍රතිප්තතිය ක්‍රියාවට නැංවූ මැති ඇමැත්තෝ පළමුදින දෙකේ නිහඬව තිබු කඳුකරයද ගිනි තැබීමට ක්‍රියා කළෝය. ඒ ගින්නෙන් බොහෝ කලක් සිංහල ජනයා අතර ජීවත්වූද ඒ වන විටත් පල්ලගහතැන්න සිංහල පාසලේ ගුරුවරයෙකු වූද සෞම්‍යන්ගේ පවුලටද බේරීමට නොහැකි විය.

සෞම්‍යන්ගේ තාත්තාවද (අප්පා) සහෝදරයින් දෙදෙනෙකුවද, මස්සිනාවද නිවසටම පැමිණි මරා දමද්දී සෞම්‍යන් තේ වත්තට පැනගොස් ජීවිතය බේරාගත්තේය. පස්සර නගරයේ ඔවුන් තනා ගත් නිවස තුළම තම අප්පා ඇතුලු සහෝදයෝ දැවි හළු වන හැටි හැංගි බලා සිටිමේ වේදනාකාරි ඉරණම ඔහුට උරුම කර දුන්නේ වර්ග සංහාරක සිංහල ජාතිවාදය විසිනි.

 

තමා උපත ලබා හැදී වැඩුණු භූමියේදි තමන්ගේ නෑසියන්, සහෝදරයන් සේ ඇසුරු කළ පිරිස් වෙතින් ලද සාහසික කුරිරු රුදුරු අත්දැකීමෙන් පසු ඔහු මාරුවක් ලබා මඩකලපුව බලා ගියේය. එතැන් සිට අඳුරු වේදනාවන් තුරුළු කොටගෙන වූවද ඔහු සිංහල දෙමළ සාහිත්‍ය පාලමක් තැනීමට කැපවූයේය. ඒ සාහිත්‍යය ගමනේදී 1990 දී විරාගයන්, 1993 මඩොල්දුවත් 1999 දී පාලම යටතේ දෙමළ බසට පෙරළු ඔහු තම සාහිත්‍ය චාරිකාවේ විශිෂ්ඨ සම්ප්‍රදානය වු තමා වැනිම කඳුකර දෙමළ ප්‍රජාවට අයත් වු කෝකිලම් සුප්පයියා නම් ලේඛීකාවගේ ‘තරෙත්තු පච්චෙයි’ නව කතාව ‘හරිත මිරිගුව’ නමින් සිංහලයට පරිවර්තනය කළේය. මුද්‍රණයෙන් එය පළ කිරීමට පෙර මේ සෞම්‍ය සුන්දර මිනිසාට හදිසි අනතුරකින් 2015 ජනවාරි 30 වෙනිදා තම මොලොව මෙහෙවර නිම කරන්නට සිදු විය.

 

කඳුකර දමිළ සාහිත්‍ය වසර 2022

@ විනැණ Vinena வினேனா

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි