වාමාංශිකයින්ගේ, ලිබරල්වාදීන්ගේ හා ජාතිකවාදීන්ගේ මනස්ගාත
පැත්තකින් තබා බැලුවහොත් ලංකාවේ ග්‍රාමීය ඡන්ද දායකයා සාමාන්‍යෙයන් හැසිරෙන ආකෘතිය මෙසේය.
පළමුවෙනුව 1950 ගණන්වල සිට ශ්‍රි ලංකා-යූඇන්පී යනුවෙන් ඇති වූ බෙදීමක් ඇත. මේ බෙදීම මත පදනම් වූ ඡන්දය දීමේ හැසිරීම සාමාන්‍යෙයන් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරයි. 1977න් පසු වේ තත්වය වෙනස් වීමට පටන් ගත්තේය. තවමත් නොවෙනස්ව ශ්‍රි ලංකා-යූඇන්පී ද්වෛතය තුළ ස්ථිරව සිටින ඡන්ද දායක ප්‍රමාණය ක්‍රමානුකූලය අඩුවිය. ඒ වෙනුවට අළුතෙන් වර්ධනය වූ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයක් යටතේ ඡන්ද දායකයා විවිධ වාසි සැලසීමේ ජාල හරහා සංවිධානය කිරීමේ ක්‍රමයක් ඇති විය. මෙය සම්භාව්‍ය වැඩවසම් ක්‍රමයට සමාන ව්‍යුහයකි. මේ වැඩවසම් ජාලය හරහා ඡන්ද දායකයා සංවිධානය කිරීමට සමත්වන පක්ෂය ජයගනී. රටේ ඇති වන විවිධ දේශපාලන ප්‍රවණතා නිසා ආණ්ඩු පිහිටුවීමේ හැකියාව තුළ සිදුවන වෙනස්කම්වලට සාපේක්ෂව මේ ඡන්ද දායක පක්ෂපාතිත්වය වෙනස් වේ.
ග්‍රාමීය දේශපාලන නායකත්වය යනු මේ වැඩවසම් ජාලය හරහා ඉහළ දේශපාලව ප්‍රභූන් (බොහෝ විට බලවත් ඇමති වරයෙක්) වෙනුවෙන් ඡන්ද දායක හැසිරීම කලසාණාකරණය කරන කලමණාකරණ ඒජන්තයින්ය. 1977න් පසු මූලික වශයෙන් යූඇන්පී ශීූ ලනිප පොහොට්ටු සමගි ජන බලවේගය යන් දේශපලාන ගොනුවීම් හී ග්‍රාමීය දේශපාලනය යනු මේ ග්‍රාමීය දේශපාලන කළමණාකරුවන්ගේ සහාය තමන්වෙත දිනා ගැනීමයි.
ග්‍රාමීය දේශපාලන පරිවර්තනයක් සදහා මේ ආකෘතිය කඩා බිද දැමිය යුතුය.
එය කරන්නේ කෙසේද?
එය කළ යුත්තේ මේ වැඩවසම් දේශපාලන කළමණාකරණ ඒජන්තයින් ලෙස පුහුණු වූ දේශපාලන පංතිය වෙනුවට වෙනත් ආකාර දේශපාලන පුහුණුවක් සහිත පිරිසක් ග්‍රාමීය දේශපාලනයේ ඉහළට ගෙන ඒමයි.
ඉදිරි මැතිවරණවලදී ග්‍රාමීය දේශපාලනය තුළ ආකර්ශන කේන්ද්‍ර දෙකක් ඇති වෙමින් පවතින බව පෙනේ. ඒ සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගයයි. අවාසනාවට සමගි ජනබලවේගයේ සාර්ථකත්වය රදා පවතින්නේ පසුගිය වසර 15තුළ පොහොට්ටුව වටා සිටි අර වැඩවසම් දේශපාලන කලමණාකරණ ව්‍යුහය තුළ පුහුණු වූ දේශපාලන පංතිය තමන්වෙත හරවා ගැනීම තුළයි.
ජාතික ජන බලවේගය ග්‍රාමීය දේශපාලනය තුළ ශක්තිමත් කිරීමේ වැදගත් කම වන්නේ ඒ තුළ මේ අධිපති වැඩවසම් ව්‍යුහයෙන් පිට දේශපාලන පුහුණුවක් ලැබූ පිරිසක් සිටින නිසාය. මේ පිරිස වාමාංශික ලිබරත්වාදී හා ජාතිකවාදී පෙළ පොත් නිර්වචනවලට ගැලපෙන පිරිසක් නොවූවත් ග්‍රාමීය දේශපාලනයේ සැලකිය යුතු ව්‍යුහාත්මක වෙනසක් සදහා මේ පිරිස තුළ ශඛ්‍යතාවක් ඇත.
@Nirmal Devasiri