SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සූරාකෑම පිළිබඳ කාරණය මේ යුගයේ අදාළ කාරණයක් නොවේ.

අතිරික්ත වටිනාකම උපදිනුයේ ශ්‍රම සූරාකෑම මගින්ය යන්න අද දවසේ කිසිවෙකුට පෙන්විය නොහැකිය.

නමුත් අතිරික්ත වටිනා කම විසින් ප්‍රාග්ධන සමුච්ඡනය සිදුවන්නේ කෙසේද යන්නත්, ප්‍රාග්ධනය සමස්ත සමාජය සහ පරිසරය මත සිදු කරන බලපෑම පිළිබඳවත්, එකල මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් නොවැදගත් බව මින් අදහස් නොවේ. එබැවින් අතිරික්ත වටිනාකම නිෂ්පාදනය වන්නේ කෙසේද යන්න කතා කිරීමම අද අනවශ්‍ය දෙයකි. නමුත් මාක්ස් සිටි යුගයේට වඩා තීර්වතාවයකින් අද දවසේ අතිරික්ත වටිනාකම නිෂ්පාදනය වේ.

 

පෞද්ගලීකරණයේ නව ආකාරයන් ග්‍රහණය කර ගැනීමට නම්, අප මාක්ස්ගේ සංකල්පීය උපකරණ විවේචනාත්මකව පරිවර්තනය කළ යුතුය. ඔහු "සාමාන්‍ය බුද්ධියේ" ("general intellect") සමාජ මානය නොසලකා හැර ඇති නිසා, "සාමාන්‍ය බුද්ධිය" ම පුද්ගලීකරණය කිරීමේ හැකියාව අපේක්ෂා කිරීමට මාක්ස් අසමත් විය. "බුද්ධිමය දේපල" පිලිබඳ අරගලයේ හරය වන්නේ මෙයයි. මෙම රාමුව තුළ, සම්භාව්‍ය මාක්ස්වාදී අර්ථයෙන් සූරාකෑම තවදුරටත් නොපවතී. එබැවින් සෘජු නීතිමය පියවරයන් මගින්, එනම් ආර්ථික නොවන ක්‍රම මගින් එය වඩ වඩාත් බලාත්මක කිරීමට සිදු වන්නේ එබැවිනි. අද, සූරාකෑම වැඩි වැඩියෙන් "බදු" (මෙහිදී "බදු" යනු රජයේ ඍජු සහ වක්‍ර බදු නොවේ. උදාහරණයකට, බුද්ධිමය ශ්‍රමිකයෙකු ලෙස වෛද්‍යවරයාගේ ගාස්තුව යනු බද්දකි) වල ස්වරූපය ගන්නේ මේ නිසාය.

මාක්ස්ගේ සීමාව වූයේ, මාක්ස් හට ඓතිහාසිකව බලපෑම් සහගත වූයේ, ඔහු මධ්‍යගත හා ධුරාවලිගත ආකාරයෙන් සංවිධිත යාන්ත්‍රික ස්වයංක්‍රීය කාර්මික ශ්‍රමයට සීමා වී තිබීමය. ඒ අනුව, "අභෞතික ශ්‍රමයේ" නැගීම සහ එහි අධිපතිවාදී භූමිකාව සම්භාව්‍ය මාක්ස්වාදීන්ට කෙසේවත් අදාළ නොවේ.

මෙම "අභෞතික ශ්‍රමය" බුද්ධිමය (සංකේතාත්මක) ශ්‍රමය (අදහස්, කේත, පෙළ, වැඩසටහන්, සංඛ්‍යා නිෂ්පාදනය: ලේඛකයින්, ක්‍රමලේඛකයින්...) සහ "අවේදනික ශ්‍රමය" ("affective labor"-අපගේ ශාරීරික බලපෑම් සමඟ කටයුතු කරන අය: වෛද්‍යවරුන්ගේ සිට ළදරුවන්, කුඩා ළමුන් රැක බලා ගන්නා පුහුණු සේවකයින් දක්වා, සහ ගුවන් සේවිකාවන් වැනි...). යන ධ්‍රැව දෙක අතර විහිදේ.

වර්තමානයේ අභෞතික ශ්‍රමය ආධිපත්‍යධාරි වන අතර, 19 වැනි සියවසේ ධනවාදයේ දී, මහා කාර්මික නිෂ්පාදනය ආධිපත්‍යධාරි විය. එසේම එය සමස්තයට එහි ස්වරය ලබා දෙන නිශ්චිත වර්ණය ලෙස මාක්ස් ප්‍රකාශ කළ, නිශ්චිත අර්ථයෙන් අද දවසේ ප්‍රමාණාත්මකව පෙන්විය නොහැකි මුත් ප්‍රධාන කාර්යභාරය එය විසින් ඉටු කරන ලදී. එනම් ධනවාදයෙහි ගුණාත්මකභාවය අර්ථවත් කරනා දෘෂ්ටාන්ත ව්‍යුහාත්මක භූමිකාව ඉටු කරන ලදී.

ඒ අනුව ධනවාදයේ ආරම්භයේ භෞතික ශ්‍රමයට අදාළ එම ගුණාංගය අමතක කරමින් සරලව මාක්ස් වෙත උසුළු විසුළු කල නොහැකිය. කාර්මික ධනවාදය තුල භෞතික ශ්‍රම සූරා කෑම ඉතාමත්ම බිහිසුණු විය. ඒ අනුව ලිබරල් ආර්ථිකවේදීන් අමතක කරන, මගහරින, ලාභය උපද්දවන, නිෂ්පාදනයේ අනීවාර්ය කොන්දේසිය ‘ශ්‍රමය’ බව මාක්ස් විසින් පෙන්වා දීම කිසි සේත්ම වැරදි නොවනවා සේම "දුක් වින්දා වූ, බර ඉසිලුවා වූ", ආක්‍රමණයන්ට, යටහත්භාවයට ලක්වෙමින් සුවහසක් කම්කටලු විඳිමින්, මර්ධනයට ලක් වෙමින්, ශ්‍රමය වැගිරූ මිනිසුන් ධනවාදයෙහි "ප්‍රධාන දෙය" (capital) සමුච්ඡනයේ අනීවාර්ය කොන්දේසිය බව පෙන්වා දීමද වැරදි නොවේ.

අද දවසේ බහු විධ ශ්‍රම නියුක්තීන් විසින් නිෂ්පාදනය කරනු ලබන්නේ භාණ්ඩ හෝ සේවා පමණක් නොවන අතර, විවිධාකාර ජන සමූහයන් සහ වඩාත් වැදගත් ලෙස සහයෝගීතාව, සන්නිවේදනය, ජීවන ආකාර සහ සමාජ සම්බන්ධතාද නිෂ්පාදනය කරයි. එමගින් මතුවන්නේ "පොදුවේ බුක්ති විඳින දේවල්" ("commons") වලට අදාළ විශාල නව සමාජ තත්වයකි. ඒ අනුව, දැනුම, සහයෝගීතාවයේ සහ සන්නිවේදනයේ ආකාර යනාදිය, කලින් පැවතී තත්වයේ පුද්ගලික දේපල ස්වරූපයෙන් තවදුරටත් අඩංගු විය නොහැක.

අභෞතික නිෂ්පාදනයේ දී නිෂ්පාදන යනු තවදුරටත් ද්‍රව්‍යමය වස්තූන් නොවන මුත් ඒවාම නව සමාජ (අන්තර් පුද්ගල) සම්බන්ධතා වේ. කෙටියෙන් කිවහොත්, අභෞතික නිෂ්පාදනය සෘජුවම ජෛව දේශපාලන, සමාජ ජීවිතයේ නිෂ්පාදනය වේ. ද්‍රව්‍යමය නිෂ්පාදනය සෑම විටම එය සිදුවන සමාජ සම්බන්ධතාවන්ගේ (ප්‍රති)නිෂ්පාදනය වන්නේ කෙසේදැයි මාක්ස් විසින් කලින්ම අවධාරණය කළේය (ප්‍රාග්ධනය කෘතියේ සැබෑ අදාලත්වය). කෙසේ වෙතත්, වර්තමාන ධනවාදය සමගින් සමාජ සම්බන්ධතා නිෂ්පාදනය යනු ධනවාදී නිෂ්පාදනයේ ක්ෂනික සහ අවසාන ඉලක්කය වේ. "එවැනි නව ශ්‍රමය විසින් ආර්ථික ස්වයං කළමනාකාරීත්වය සඳහා නව ශක්‍යතාවන්, විය හැකියාවන්, ප්‍රධානය කරනුයේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහයෝගීතාවයේ යාන්ත්‍රණයන් ශ්‍රමයම තුළ අන්තර්ගත වන බැවිනි.

සමාජවාදය පිළිගන්නා අයට අනුව සැලකෙන්නේ නම්, අතිශයින් සංවිධිත, සංගත, ධනවාදය යනු දැනටමත් "ධනවාදය තුළ සමාජවාදය" වැනිය. (එක්තරා විදියක ධනවාදයේ සමාකාරණයකි. හිමිකරුවන් නොමැති වඩ වඩාත් හිමිකරුවන් අනවශ්‍ය වෙමින් පවතින), එවිට අවශ්‍ය වන්නේ හිමිකාරීත්වයේ නාමික හිස කපා දමා සමාජවාදය ලබා ගැනීම පමණි (වාමාංශිකයන් සහ පශ්චාත් මාක්ස්වාදීන් ප්‍රජාතන්ත්‍රවාදයට ආවඩනුයේ එබැවිනි).

අවධාරණයෙන් පැවසිය යුතු කාරණය වන්නේ මාක්ස්ගේ ප්‍රාග්ධනය යනු ආර්ථික විද්‍යා ග්‍රන්ථයක් නොවන බවය. ඒ තුල මාක්ස් විසින් කිසිදු ආර්ථික මොඩලයක් යෝජනා නොකරයි.

@spartacus.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි