SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමරිකාව සහ ජපානය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව මෙන්ම වෙනත් ආකාර වලින් ද ලංකාවට ආදාර උපකාර කිරීමට යුහුසුළුව ඉදිරිපත්ව ඇත.

එය රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ නියම නියෝජිතයා ලෙස ඔවුන් විසින් පිළිගෙන ඇති බවට මෙන්ම මැතිවරණයෙන් ජයග්‍රහණය කරන බවට වන සලකුණකි. 22වන සංශෝධනය තුනෙන් දෙකට වැඩි ඡන්දයෙන් සම්මත වීමට නියමිත වීම තුලින්ද පෙනී යන්නේ එයයි.

 

බොහෝ දෙනෙකු එය බැසිල්ගේ පරාජයක් ලෙස දුටුවද එය සිදුවන්නේ බැසිල්ගේ ඍජු අනුග්රහය සහ ආශීර්වාද මැදය. ඊට බැසිල් විරුද්ධ බව පෙන්වීම ව්යාජ රඟපෑමකි. බැසිල් චෞර දුෂ්ටයා ලෙසත් ගොඨාභය යුද්ධ කිරීමට පමණක් දන්නා රාජ්ය පාලනයේ අසමතෙකු ලෙසත් සියළු පව් වලට කරගසන චරිත රඟපෑ යුතුව ඇත්තේ නාමල්ගේ අනාගතය වෙනුවෙනි. ඉදිරි මහාමැතිවරණයේදී UNPය සමග එකතුව මැතිවරණයට තරඟ කරනු ඇත්තේ මහින්ද, නාමල්. ශෂීන්ද්ර යන රාජපක්ෂවරුන්ගේ ප්රධානත්වයෙනි. එහිදී බැසිල් සහ ගොඨා යනු ඔවුන්ගේ මැතිවරණ වේදිකාවේ ප්රධාන විවේචනයට ලක්වන දෙදෙනා වනු ඇත. රටේ නායකයා වීමේ නාමල්ගේ අනාගතය සුරක්ෂිත වනුයේ රනිල්ගේ මග පෙන්වීම යටතේ බව මහින්ද හොඳින් අවබෝධ කොටගෙන ඇත.

 

ලංකාවට අදාළ පරමාදර්ශී රාජ්‍ය වන්නේ සිංගපූරුවයි. 1977න් පසුව ලංකාව සිංගපූරුවක් වීමට උත්සාහ දැරුවද මෙතෙක් එය අසාර්ථකව ඇත. ජපානය, දකුණු කොරියාව, මැලේසියාව වැනි තවත් ලංකාවට අදාළ පරමාදර්ශයන් කිහිපයක් පවතී.

 

පහතින් දක්වා ඇත්තේ සිංගප්පූරුවේ මේ වන විට ඇති වී ඇති තත්වය පිළිබඳව කෙටි විඩියෝවකි.

 

එම වීඩියෝවේ ඇති ප්‍රකාශනය (අර්ථකථනය) තුළම එහි විරුද්ධාභාශය පවතී. සිංගප්පූරුව යනු සාර්ථකව "දියණු" වූ රටක් බව පවසන එම වීඩියෝව ඒ සමගම පවසන්නේ එම "දියණුව" තුළ ඇති වී ඇති මහා ඛේදවාචකය සහ මූසලත්වය පිලිබඳවය. එනම් "දියණුව" පිළිගත හැකි වුවද ඛේදවාචකය සහ මූසලත්වය යනු වලකා ගත හැකි තත්ත්වයක්ය යන්නයි. එහි සාකච්ඡාඡාකරනුයේ සමාජීය අර්බුධයේ එක් අංශයක් පිළිබඳව පමණි. එය සමස්ථ අර්බුධය ආවරණය නොකරයි.

සිංගප්පූරුවට නිදහසින් පසුව සංවර්ධනය වීමට තිබූ ප්‍රධාන මාර්ගය වූයේ විදේශ ආයෝජන සඳහා අවශ්‍ය ශ්‍රම බලකාය සැපයීමයි. එබැවින් නොනිදා වැඩ කරන ලාභ ශ්‍රමය සහ විදේශ ආයෝජකයින් සඳහා වන බදු නිදහස සීග්‍ර විදේශ ආයෝජන පැමිණීම සඳහා බලපෑවේය. අනෙක් ප්‍රධාන සාධකය වූයේ සිංගප්පූරුවේ පිහිටීමයි.

 

ධනවාදයට අවශ්‍ය ශ්‍රමිකයින් නිෂ්පාදනය ප්‍රමිතිගත ගුණාත්මකභාවයකින් සිදු කිරීම ලී ක්වාන් යූ විසින් සිදු කල මූලිකම කටයුත්තයි. එබැවින් ආයෝජකයින්ට අවශ්‍ය ඥානත්මක ශ්‍රමය, එහි ගුණාත්මකභාවයෙන් සහ ඉතාම ලාභදායි ආකාරයෙන් සැපයීමට සමත් වීම සිංගපූරුවේ දියුණුවේ සහ සංවර්ධනයේ ප්‍රධානතම සාධකය විය. ඒ අනුව ලී ක්වාන් යූ යනු ඥානසම්බන්ධී ධනවාදය නැගී එන සමයේ ඊට අදාළ ගුණාත්මක සහ ලාභ ශ්‍රමය සැපයීමට ඉදිරිපත් වූ සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඔහුට ඊට අවශ්‍ය ආකර්ශනීය භෞමික පිහිටීම, රටේ මිනිසුන් ඒ සඳහා සූදානමක් පැවතීම (සිංගප්පූරුවේ සහ මැලේසියාවේ චීන ප්‍රජාව යනු කම්මැලි නැතිව දැඩිව වැඩ කිරීමට සූදානම් ප්‍රවණතාවයක් සහිත පිරිසක් ලෙස එම රටවල් දෙකෙහි කතිකාවක් ගොඩනැගී තිබේ), බටහිර ආධිපත්‍ය සහ මුදල් පොම්ප කිරීම, එම ව්‍යාපාරිකයා සාර්ථක වීමට බලපෑ කොන්දේසීන්ය.

ලංකාවටත් අවශ්‍ය වූයේ එවැනි ව්‍යාපාරික පවුලකි. රාජපක්ෂ පවුල ලී ක්වාන් යූගේ අඩි පාරේ යමින් සිටියද ඔවුන් ඒ සඳහා දැඩි උත්සාහයක් දැරුවද සියලු දෙනාට ව්‍යාපාරිකයින් විය නොහැකිය යන තත්වය තහවුරු කරමින් ඔවුන් අසාර්ථක විය. ධනවාදය තුල සියලු දෙනා හට ව්‍යාපාරිකයින් විය නොහැකි බව සාමාන්‍ය ජනයා අත්දැකීමෙන් දන්නවා වුවද රටක් සම්බන්ධයෙන් එය පිළිගැනීමට මිනිසුන් අකමැතිය ("ධනවාදී කතිකාව").

සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව වැනි රටවල් ඔය කියන "දියුණුව", "සංවර්ධනය" අත්පත් කොට ගත්තේ බලවත් රාජ්‍යයන්ගේ බලපෑම් සහ එම රාජ්‍යයන්ගේ ආර්ථිකයේ පැවැත්මට සහ වර්ධනයට අවශ්‍ය නිසා අදාළ තත්වයන් තුල තෝරාගැනීම්, යුද්ධ, අදාළ කාලයට ගැලපෙන තත්වයක් නිර්මාණය කොට ගැනීමට සමත් වීම, අහඹු සිදු වීම් වල බලපෑම, වැනි තවත් බොහෝ සාධක තුලය (ජපානය, දකුණු කොරියාව වැනි රාජ්‍යයන්ගේ තත්වය සිංගපූරුවේ තත්වයට වඩා දරුණුය).

එබැවින් "අපත් එවැනි තත්වයට පත කරව්" යන හිස්ටීරික සටන් පාඨය තුල ඇත්තේ "ලී ක්වාන් යූලාට පුළුවන් නම් අපේ නායකයින්ට එසේ බැරි මොකද" යන්නයි (ලංකාව යනුද ලෝක මට්ටමින් ගත්තද විශාල උන්නතිකාමීත්වයකින් පෙලෙන මිනිසුන් සිටින රටකි. එසේ වීමට හේතු වී ඇති ප්‍රධාන සාධකය වන්නේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ ඊට අදාළව ගොඩනැගී ඇති සදාචාර මූලධාර්මිකත්වයන්ය. නමුත් ලංකාව මේතාක් දුරට ලෝක ආර්ථිකයෙන් සේවා හෝ නිෂ්පාදන කුට්ටියක් ඩැහැ ගෙන සාර්ථක වීමට අසමත්ව ඇත). එබැවින් හිස්ටීරික කතිකාව නිරන්තරයෙන් ඉල්ලා සිටින්නේ තමන්ව තෘප්තිමත් කල හැකි දක්ෂ, ශක්තිමත්, පුරුෂයෙකි.

නමුත් කෙතරම් ශක්තිමත් සුපර් මෑන් කෙනෙකුට (කෙතරම් පැල්ලසයකට හිමිකම් කියුවද) වුවද හිස්ටීරිකත්වය තෘප්තිමත් කල නොහැකිය. එසේ නොහැකි වන, අසාර්ථක වන ඕනෑම අවස්ථාවක ඉල්ලීම දැඩි වන්නේ නම් එම ශක්තිමත් පුරුෂත්වයේ ප්‍රහාරයට හිස්ටීරිකත්වය ලක් වීම නොවැලැක්විය හැකිය. එවිට අර මිනිහට අච්චර ගෙයක් හදලා, හොඳ වාහනයකුත් ගන්න පුළුවන් නම් තමුසෙට බැරි මොකද? අහන බිරිඳකට ස්වාමියෙකු හෝ දීමට නොහැකි දේ ඉල්ලන දරුවන්ට පහර දෙන විට හා හා ඔහොම ගෑනුන්ට ගහන්න එපා යයි දිව එන අසල්වැසියන් සේ මානව හිමිකම් සිහිපත් කරන පිරිසක් සිටීමද ධනවාදයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියකි.

ලාංකීය හිස්ටීරිකත්වය හොඳින්ම නියෝජනය වන්නේ පෙසප සහ ජවිපෙ තුලිනි. හිස්ටීරිකත්වයේ ස්වභාවය වන්නේ ස්වාමියාගෙන් ඉල්ලා සිටීම මෙන්ම ඔහුගේ අසමත්භාවය පෙන්වමින් තමන් (හිස්ටීරිකයා) ආධිපත්‍යදාරි වීමට දරන උත්සාහයයි.

 

@spartacus.lk

 

අදාළ සබැඳියාවන්:

http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6.../2022/

https://www.facebook.com/madawa.rp/posts/pfbid0g68PSRNP3DaA4t3BPHivMGhdGA7fAmWoB4yVtcFaf6ENfTk2E5vv8k7d7jbjXSrYl

http://www.spartacus.lk/%e0%b7%80%e0%b6%b8-%e0.../2022/...

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි