රනිල්ගේ උත්සාහය වන්නේ UNPය නැවත ගොඩනැගීම සහ පොහොට්ටුව නැවත ශක්තිමත් කිරීමයි.
අති විශාල ජයග්‍රහණයක් ලබන ඕනෑම ජනප්‍රිය ආණ්ඩුවකට දෙවන වර බලයට පත්වීමට සිදු වන්නේ ඉතාම අපහසුවෙනි (ලෝක තත්වයද බොහෝ දුරට එසේය). ඒ අනුව කාලයෙන් කාලයට ආණ්ඩු මාරු වීම සිදුවන්නේ ද්විපක්ෂ යාන්ත්‍රණයක් ලෙසිනි. UNPය බලයට පැමිණිය ද ප්‍රධාන විපක්ෂය විය යුත්තේ පොහොට්ටුව බව රනිල්ගේ ස්ථාවරයයි. ඊට හේතුව නම් UNPයට බැරි නම් එම කාර්ය කරගෙන යා හැකි හොඳම ස්ථාවරය සහිත පක්ෂය එය බැවිනි. එහි අනාගත නායකයා විය යුත්තේ නාමල් බව දැන් රනිල් පිළිගෙන ඇත්තේ ඔහුගේ ප්‍රතිපත්ති නිසාවෙනි. ඒ අනුව රනිල්ට එක විට UNPය සහ පොහොට්ටුව යන පක්ෂ දෙකම ගැන වග බලා ගැනීමට සිදුව ඇත.
රනිල් බලයට ගෙන ඒමට කැප වී ක්‍රියා කරන ලද්දේ මෝඩ වමේ පෙරටුගාමීන්ය. ඔවුන් සිදු කොට ඇත්තේ රාජපක්ෂවරුන්ට වඩා හොඳින් ධනවාදය කළමනාකරණය කල හැකි ව්‍යාපාරිකයින්ගේ බලාපොරොත්තුව වූ නායකෙයෙකු බලයට ගෙන ඒම සහ එම නායකයා වෙනුවෙන් සියලු ප්‍රභූන් එක්සත්කොට දීමයි. පෙ.ස.ප. මෝඩයින් ගිනි පිඹින විට ඊට ගිනි දැල්වීමට අවශ්‍ය කළමනා සපයන ලද්දේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු ඉහල සහ පහල මධ්‍යම පාන්තිකයින්ය. එනෙකුත් අරගල ප්‍රධානීන් වූ යූ ටියුබ් කරුවන් වැනි අය අද වන විට රනිල් තුරුලේය.
පෙ.ස.ප. ක්‍රියාත්මක වන චක්‍රයක් ඇත (කලින් ජ.වි.ප.). ඒ කුමක් හෝ ඉල්ලීම් පෙරදැඩි කරගනිමින් උද්ඝෝෂණ කිරීම - පෙළපාලි යාම - නෑම සහ ගුටි කෑම - අත්අඩංගුවට පත්වීම... ඉන් පසුව ඔවුන් මූලික වශයෙන්ම ක්‍රියාත්මක වන්නේ අත්අඩංගුවට පත්වූවන් නිදහස් කොට ගැනීම වෙනුවෙනි. ඉන් පසුව ඒ සඳහා උද්ඝෝෂණය - පෙළපාලි - උපවාස අරඹනු ලැබේ. නමුත් ඒ වන විට ඔවුන්ගේ ශක්තිය දුර්වල වන්නේ, මෝඩ අභිමානය සිතේ දරාගෙන එවැනි ක්‍රියාවන් ගණනාවකට පැමිණ, ඒ කාර්තුවේ සරවියේ සිටින මෝඩ සරසවි සිසුන් හෙම්බත්ව එපා වී ඇති නිසාත්, ඔවුනට අදාළ ප්‍රේම-ලිංගික සබඳතා වල සීමාවන් සලකුණු වෙන නිසාත්ය. ඉන් පසුව පෙ.ස.ප. කාලයක් එවැනි ක්‍රියාවන්ගෙන් ඈත්ව සිටී. නැවතත් කලකට පසුව, අලුත් සිසුන් සරසවි වලට ඇතුල් වූ තත්වයක් යටතේ, අලුත් කඳවුම්කරුවෙකු පත්කොට ගනිමින්, නැවතත් අර මෝඩ ක්‍රියාවලියට ඔවුන් අවතීර්ණ වේ. 1994 සිට ජ.වි.පෙ. වෙතින් පෙ.ස.ප. ලෙස දෙකඩ වෙන තෙක් එම ක්‍රියාවලිය ජ.වි.පෙ. ලෙස ද, දැන් පෙ.ස.ප. ලෙස.ද ක්‍රියාත්මකය.
"අන්තරේ" විසින් පාවිච්චි කරනා ප්‍රධාන සටන් පාඨ දෙස බැලූ විට පෙනී යන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු යම් කිසි ඓතිහාසික කාර්යභාරයක් ඉටු කරමින් සිටින, සහ එසේ කල යුතු අයෙකු සේ ඔවුන් සිතා සිටිනා බවය.
"අපි යන්නේ කොයි පාරේ නිෂ්මි බාලේ ගිය පාරේ"
"අපි යන්නේ කොයි පාරේ ජනක සිසිත ගිය පාරේ"
මෙම සටන් පාඨයේ අන්තර්ගතය වෙනස් වුවද මෙය අතීතයේදී මුලින්ම භාවිතා වූයේ "අපි යන්නේ කොයි පාරේ විජේවීර යන පාරේ" ලෙසය. ඒ විජේවීර ජීවත්ව සිටි, ජවිපෙ තහනමට ලක් වීමට පෙරය.
මෙම මෝඩ වාමන්ශිකයින් සිතනුයේ ධනේශ්වර ආණ්ඩු සැදී පැහැදී සිටිනුයේ "ජනතාව" පීඩාවට පත් කිරීමට, පාරිභෝජන අවශ්‍යතා, අධ්‍යාපනය, සෞඛ්‍ය, වැනි දේ ලබා නොදීමට හෝ ඒවා කපා හැරීමට බවය. ධනේශ්වර ආණ්ඩු එසේ කරන්නේ ඇයිද යන්නට ඔවුන්ගේ පිළිතුර වනු ඇත්තේ ධනපති පන්තියේ අවශ්‍යතාවය වැනි මුග්ධ පිළිතුරකි. ඔවුන් ධනවාදයම ඉත සිතින් පාර්ථනා කරමින්, ධනවාදය විසින්ම ගොඩනගන ලද දේවල් සහ අවශ්‍යතා ධනපති ආණ්ඩු වලින්ම වැඩි වැඩියෙන් ඉල්ලා සිටී. නමුත් ඒවා ඔවුන් ඉල්ලන විට ලබා දීමට කිසිඳු ආණ්ඩුවකට නොහැකිය. ඒ අනුව ආණ්ඩු, ව්‍යාපාරික ප්‍රජාව, උගතුන්-බුද්ධිමතුන්, විසින් තීරණය කරනුයේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරා යාමටය. එවිටද ඔවුන් ඒවාට එරෙහි වේ. නමුත් කෙසේ හෝ ටිකින් ටික ප්‍රතිසංස්කරණ කරමින් දියණු සහ සංවර්ධිත යයි සම්මත රටවල් අනුගමනය කරමින් "ජනතාව" සන්තර්පණය කිරීම සඳහා, රටට දියුණුව සහ සංවර්ධනය කැඳවීම සඳහා ආණ්ඩු ක්‍රියා කරයි. එවිට එම තත්වයන් තුලද අඩු පාඩු පෙන්වමින්, ඒවාට අදාළ ඉල්ලීම් වලටද මොවුන් ගමන් කරයි. ඒ අනුව මෙහි කෙළවරක් නොමැත. කෙළවරක් දැකීම ද කල නොහැකිය.
ඉහත සඳහන් කල ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා නියම ගොං බානක් පෙ.ස.ප.ට මුණ ගැසී ඇත. ගොං බානෙහි එකෙකු ග්‍රාම්ස්චිවාදී න්‍යායාචාර්ය වරයෙකු වන විට අනෙකා සකල කළා වල්ලභ, සකල කළා විචාරක, සකල මාධ්‍ය සංදර්ශක සහ සකල උද්ඝෝෂණ වල්ලභයෙකු බවට පත්ව ඇත.
පසුගිය දිනක නිර්මාල් දේවසිරි විසින් ප්‍රකාශ කොට තිබුනේ සුමිත් චාමින්ද ශ්‍රේෂ්ට බුද්ධිමතෙකු උවත් ඔහුගේ සහභාගිත්වය අසතුටුදායක බවය. මොවුන්ගේ "බුද්ධිමය සංවාද" මෙම උද්ඝෝෂණ වලට ගැම්මකි.
මෙහි දක්වා ඇති වීඩියෝවේ වසන්ත මුදලිගේ විසින් පවසන ප්‍රධාන කාරණය වන්නේ තෙල් සහ ගෑස් මිල පිළිබඳව ප්‍රශ්නයයි. පෙසපෙට අනුව මේවායේ මිල අඩු කල හැකි මුත් ධනපති ආණ්ඩු විසින් එසේ නොකොට "ජනතාව" සූරා කයි. ඔවුන් "ජනතාවට" පවසන දෙය එයයි. නමුත් "ජනතාව" මොවුන් සිතන තරම් මෝඩ බවක් නොපෙනේ. එබැවින් දැන් ඔවුන් උද්ඝෝෂණ ගැන උනන්දුවක් නොමැත. ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ රනිල් කෙසේ හෝ කුමන රාජ්‍ය දේපලක් විකුණා දමා හෝ ආර්ථිකය තිබූ තත්වයට හෝ ගෙන එනු ඇති බවය. "ජනතාවට" අවශ්‍ය එයයි.
කෙසේ වෙතත් මෙම වීඩියෝවට අනුව මෝඩ "ජනතාවගේ" දරවන් වන මෝඩ විශ්ව විද්‍යාල සිසුන්ගේ අභිමානය දුර්වලව ඇති බවක් පෙනේ. මෙවර පෙළපාලිය විසුරුවා හැරීම එතරම් අපහසු නොවීය (ගොඨා-මහින්ද යටතේ ගිය පෙළපාලි රනිල් එක්ක බැරි බව පෙන්නුම් කරන ලදී). පොලීසිය සිනහ වෙමින් පවසනුයේ "හාපෝ තියන බය.... දුවනවා..." යනුවෙනි. ඒ අනුව කාලයක් විවේක ගැනීමට පෙ.ස.ප.ට සිදුවේ ඒ සරසවි වලට නව බඳවා ගැනීම් සිදු කොට කාලයක් ගතවන තුරුය. ඒ අනුව අන්තරයට නව කැඳවුම්කරුවෙකු ද අවශ්‍ය වනු ඇත. පරණ කරත්තය නැවත පැමිණෙන්නේ එසේය. ඒ අතරතුර රනිල් පොලීසියේ වැටුප් වැඩි කිරීමට තීරණය කොට ඇත.
මොවුන්ගේ මෙම මුග්ධ "ජනතාවාදය" (ලොව පුරාම වාමාංශික බලවේග වල ප්‍රශ්නය මෙයයි) හේතුවෙන් විමුක්ති දේශපාලන විභවයන් හකුලවනු ලැබ ඇත.