SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් ප්‍රධාන තීරණ දෙකක් අරන්.

එකක් තමයි කැලෑ කපලා පාම් වගා කිරීම. ඒ නිසා සිදු වන හානිය අදාලම නැති තත්වයක් ඇති වෙමින් තියනවා. අනිත් තීරණය තමයි විදේශිකයින්ට ලංකාවේ ඉඩම් විකිණීම. ඒ සඳහා වන නීති සංශෝධන ගෙන එන්න තීරණය කරලා.

කැලෑ ඉඩම් විදේශ ආයෝජකයින්ට විකුණන කොට ලංකාවට ඩොලර් හම්බ වෙනවා. ඒ ඉඩම් වල විවිධ වගාවන් තුලිනුත් රටට විදේශ විනිමය එන්න පටන් ගන්නවා. විදේශිකයෝ ඉඩම් මිල දී ගන්නකොටත් එහෙමයි. රාජ්‍යය ආයතන 8ක් දැනටමත් විකුනන්න තීරණය කරලා (අර්බුධයට ක්ෂණික සහනයක් ඉන් ලැබේවි). ඔය දේවල් කරනොට IMF යන්නත් පුළුවන්. ලංකාව IMF ප්‍රතිපත්ති වලට අනුකූල උනාම ආයෝජකයෝ ලංකාව ගැන විශ්වාසයක් ඇතිකර කරගන්නවා.

ඔය විධියට වැඩ කලොත් විදේශ විනිමය ප්‍රශ්නය ඉක්මනින් විසඳේවි. රුපියලත් ශක්තිමත් වේවි. ලැබෙන විදේශ විනිමයෙන් වාහන ඇතුළු විදේශ භාණ්ඩ සහ ආහාරපාන ආපහු ආනයනය කරන්න පුළුවන් වෙනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයත් පුළුල් කරන්න පුළුවන්. එතකොට ආපහු සුපුරුදු යාන්ත්‍රනය ක්‍රියාත්මක වේවි. නමුත් මිනිසුන්ගේ අපේක්ෂාවන් වෙනුවෙන් ඒ තත්වය ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

මේ තියන තත්වය තුල ලංකාවට කර්මාන්ත සඳහා ආයෝජකයෝ ගෙන්වා ගන්න අමාරුයි. ඒ සඳහා තත්වයන් කීපයක් ඇති කරන්න වෙනවා.

ප්‍රධාන දේ රාත්‍රී ආර්ථිකයක් ගොඩනැගීම. ඊළඟට පැය 14කවත් වැඩ මුරයක් සහතික කිරීම අනීවාර්යයක් වෙනවා. ඒ සඳහා කම්කරු නීති වෙනස් කල යුතු වෙනවා. අනිත් ප්‍රධානම කාරණය පාරිසරික නීති සහ ඊට අදාළ බදු ප්‍රතිපත්ති ආයෝජකයින්ගේ වාසියට හේතුවන ආකාරයෙන් වෙනස් කිරීම. ඒ වැඩ ටික කලොත් කර්මාන්ත සඳහා ආයෝජකයෝ එන්න ඉඩ තියනවා.

එහෙම උනොත් හැමෝගෙම සාක්කු පිරේවි. රනිල් හැමදාම කිව්වේ අපි හැමෝගෙම සාක්කු පුරවනවා කියල. බැසිල් අවුරුදු 10ක් විතර ඒ වැඩේ කළා. එහෙම කරගෙන යද්දී හිර වුනා. දැන් ආපහු ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න නම් වෙනත් වැඩපිළිවෙලක් අවශ්‍යයි.

 මාධව

අර්බුධය තමයි ධනවාදයේ ස්වභාවය. ඒ තුල සෑම ක්ෂේස්ත්‍රයකකට ම අදාලව සකල විධ අර්බුධ තියනවා. ධනවාදය පුළුල් වෙන්නේ, ඉදිරියට යන්නේ ඒ අර්බුධ ජය ගැනීම සඳහා ඊටත් වඩා විශාල තවත් අර්බුධ නිර්මාණය කරමින්. ඉන් පස්සේ ඒවටත් විද්‍යාත්මක විසඳුම් එනවා. ඉවරයක් නැති අර්බුධ සහ විසඳුම්.

ඒ අනුව ධනවාදයේ පදනම තමයි නූතන විද්‍යාව. සියලු රාජ්‍යයන් දියුණුව සංවර්ධනය කියන තත්වය අත්පත් කරගන්නේ අර්බුධ සඳහා විද්‍යාත්මක විසඳුම් තුලින් සහ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය සහ ඒ සඳහා වන වෙළඳපොල ප්‍රවර්ධනය තුලින්. එය ඉහලින්ම ක්‍රියාත්මක වන රටවල් සංවර්ධිත සහ දියුණු රටවල් ලෙස හැඳින්වෙනවා.

ඉහත විස්තර කල තත්ත්ව සාක්ෂාත් කරගන්න රනිල්-බැසිල් ආණ්ඩුව සමත් උනොත් තෙල් මිල අඩු කරන්න බැරි උනත් ඒ තත්වයට ගැලපෙන ආදායමක් එන්න ගනීවි. ඊට පස්සේ "ජනතාවට" ඉන්ධන මිල ප්‍රශ්නයක් නෙවෙයි.

අමාරුවෙන් ඉගෙන ගෙන වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, කළමනාකරුවෝ, වගේ ක්ෂේත්‍රවල රැකියා කරන අයට කෝටි 5ක නිවසකුත් කෝටි තුන හතරකට වහනයකුත් ගන්න පුළුවන් වෙනවා. ඒ අයගේ බිඳ වැටුන සිහින සැබෑ වෙනවා.

ඒ වගේම කෝටි දෙකක තුනක ගෙයක් සහ කෝටියක වාහනයක් මට්ටමේ අයගෙත් සිහන සැබෑ කරගන්නත් පුළුවන් වේවි. එහෙම, එහෙම කෝටියේ මට්ටම සාමාන්‍ය මට්ටමේ ගෙයක් වේවි. හැමෝගෙම රෝද හතරේ වාහන සිහිනය සැබෑ කරන අභියෝගය ජයගන්න එක තමයි ඊළඟට තියන විසඳන්න අමාරුම ප්‍රශ්නය. මොකද වාහන ගෙන්නවන්න පුළුවන් උනත් ඒවා දුවන්න මාර්ග පද්ධතීන් අහසේ හරි හදන්න වෙනවා. එහෙම නැත්තම් පොලව යට හදන්න වෙනවා. එහෙම හදනවා කියන එකත් ආපහු දියුනුවම තමයි. ඒ දෙකම නැත්තම් අහසේ යන කාර් එනකම් ඉන්න වෙනවා. ඒ සඳහා ලිබරල්වාදීන්ට සිද්ධවෙනවා විද්‍යාව විසින් ඉදිරි විසඳුමක් ඉදිරිපත් කරනකම් බලන් ඉන්න. දැනටමත් ගුවන් කාර් සංකල්පය ක්‍රියාත්මකයි. නමුත් ඒ වෙනකොට ආර්ථික විද්යාඥයින්ට සිද්ධ වෙනවා හැමෝටම ගුවන් කාර් ගන්න පුළුවන් වෙන විධියේ ආර්ථිකයක් ලංකාවේ හදන්න. ඒ වෙනකොට බැසිල්වත් රනිල් වත් ජීවත් වෙන එකක් නම් නැහැ.

කොහොම උනත් බැසිල්ට කරන්න බැරි උන දේ දැන් බැසිල් සමග එකතුව රනිල් කරන්න හදනවා. බැසිල්ට ඔය ටික කරන්න බැරි උනේ පොහොට්ටුවේ ජාතිකවාදී-වාම නැඹුරුතාවය නිසා. අර්බුධය විසින් රනිල්ට ඊට අවශ්‍ය මග පෑදුනා.

2002 රනිල් කරන්න ගියෙත් මේ ටිකමයි. නමුත් ඒ වෙලාවේ ඔහුට කරගන්න බැරි උන දේවල් දැන් කරන්න පුළුවන් වේවි ද කියන එක නම් වෙනම ප්‍රශ්නයක්. නමුත් "ජනතාව" නම් මේ සැරේ ඔය වගේ දේවල් වලට විරුද්ධ වෙන එකක් නැහැ.

නවතම ලිපි