SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝල්ෆේස්හි සිටින අරගලකරුවන් යම් පිරිසක් යුධ අපරාධ පිළිබද චෝදනාව ගෝඨාණ්ඩුවට කරනවා.

ඒ කාලෙ ගෝඨාභය ජනාධිපති නොවුනත් ආරක්ෂක ලේකම් ලෙස හිටියා. ඉසිප්‍රියා නම් එල්ටීටීඊ මාධ්‍ය අංශයෙ හිටියා කියා සැලකෙන තරුණිය ඝාතනය කරපු අවස්ථාව ලෙස චැනල් 4 නාලිකාවෙ ගියපු ඡායාරූප ආදියත් ඔවුන් ප්‍රදර්ශනය කරා.

අරගලය යනු හුදෙක් ආර්ථික ප්‍රශ්නයක් පිළිබද එක්ක නොවන බව මෙයින් පේනවා. ඊට වඩා පුළුල් දේශපාලනයක් එහි තියෙනවා. නමුත් ආර්ථික ප්‍රශ්න හින්දම ඒකට දායකත්වය දෙන අයත් ඉන්නවා. නමුත් අරගලයෙ මතවාදය මෙහෙයවන්නන් ඊට වඩා පුළුල් දේශපාලනයක් එහි කරන්නෙ. ඒකෙ වැරැද්දක් නැහැ. නමුත් ඒ ගැන සවිඥාණික විම වැදගත්.

යුධ අපරාධ පිළිබද කතාව සංවේදී මාතෘකාවක්. අත්අඩංගුවට ගත් එල්ටීටීඊ සාමාජිකයන් දහස් ගණනක් නැවත සාමාන්‍ය ජීවිත ගත කරනවා. ඔවුන් අතර සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කරපු අයත් ඇති. නමුත් ඒවට සාක්ෂි තියෙනවද කියන එක ප්‍රශ්නයක්.

අනෙක් අතට හමුදාවෙ අපරාධ කරපු අය (ඔිනම යුද්ධයකදි යම් පිරිසක් යුද්ධයෙ සීමා ඉක්මවා ගිහින් අපරාධ කරනවා) සම්බන්ධයෙන් මොකද කරන්නෙ කියන ප්‍රශ්නය තියෙනවා.

මං හිතන්නෙ එල්ටීටීඊයෙ වුවත් හමුදාවෙ වුවත් සිවිල් වැසියන්ට විරුද්ධව අපරාධ කරපු අය සහ අත්අඩංගුවට අරන් මරා දැමීම් ස්ත්‍රී දුෂණ වැනි චෝදනා ඇත්නම් සහ නිශ්චිත සාක්ෂි ඇත්නම් ඒවට නීිතිය ක්‍රියාත්මක විය යුතු බව.

නමුත් ඒක සාක්ෂි මත පදනම්ව කෙරෙන්නක් මිස දේශපාලන දඩයමක් නොවිය යුතුය. මේවට සාධාරණව වීම ඉතා වැදගත් මේ ආයතන ගැන විශ්වාසනීයත්වයක් ඇති වෙන්නනං.

G14

ඉසිප්‍රියාගෙ සිදුවිම ගැන වුවත් චැනල් 4 නාලිකාව ප්‍රසිද්ධ කරත් ඒ ගැන සාක්ෂි එළිකරලා නැහැ. මෙතන ඉන්නෙ ඇත්තටම හමුදාවෙ අයනං වීඩියෝ කරපු කෙනත් හමුදාවෙ වෙන්න ඔින. එවැනි පුද්ගලයන්ගෙ නම් එළි නොවී මේ පරීක්ෂණ ඉදිරීයට යන්නෙ නැහැ. යම් හෙයකින් සාක්ෂි එළිකරාට පස්සෙත් පරීක්ෂණ වෙන්නෙ නැත්තං ඒක ප්‍රශ්නයක්.

මෙතනදි චැනල් 4 අය කියන්නෙ සාක්ෂිකරුවන් එළිකරොත් ඒක ඔවුන්ට ප්‍රශ්නයක් වෙන බව. මේක ඩෙඩ්ලොක් එකක්. ඒකට විසදුම ලෙස ඔවුන් කියන්නෙ (සහ මං හිතන්නෙ අරගලකරුවන්ද කියන්නෙ) අන්තර්ජාතික පරීක්ෂණයක්. ඇත්තටම අරගලකරුවන්නං මේකට ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු බවට තීන්දුව දීලත් ඉවරයි.

ispriya2

නමුත් මේ අන්තර්ජාතික පරීක්ෂණ වුනත් සාධාරණද කියන එක ප්‍රශ්නයක්. මොකද ඒවයෙත් සාක්ෂිකරුවන් සෑහෙන කාලයක් යනකං හෙළි කරන්නෙ නැහැ. එතකොට ඒ සාක්ෂිවල නිරවද්‍යතාව මනින්ඩ විදියක් නැහැ. මේක එක්සත් ජාතින්ගෙ සංවිධානයෙ යුධ අපරාධ වාර්තාවලත් ඇති ප්‍රශ්නයක්. එනම් සාක්ෂිකරුවන් හෙළි නොකිරීම. ඔවුන් කියන්නෙ එයින් සාක්ෂිකරුවන්ට හානියක් වෙන්න පුළුවන් කියන එක. නමුත් අනෙක් අතට යුක්තිය පසිදලීමෙ මුලිකම කාරණයක් තමා සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම.

මේකට හොද උදාහරණයක් තමා යුගෝස්ලාවියාවෙ හිටපු ජනාධිපති ස්ලොබෝදාන් මිලොසොවිච්ගෙ නඩුව. බටහිර මාධ්‍ය ඔහු රාක්ෂයෙක් විදියටත් හංවඩු ගැහුවේ. ඒ නඩුවට හේග් නුවර ඔහු රදවාගෙන ඉන්දැද්දි සැක සහිත ලෙස ඔහු මියගියා. පසුව තිබ්බ වෙනත් නඩුවකදි තීන්දු උනා ඔහුට විරුද්ධව චෝදනා ශක්තිමත් නැති බව.

isapriya5

දැං ඒකත් ජ්‍යානත්තර පරීක්ෂණයක්. ස්ලොබෝදාන් අත්අඩංගුවට අරන් ඔහුව නිරපරාදෙ නිසි ප්‍රතිකාර නොදී මරා දැම්ම කියල ඔ්න්නං කියන්න පුළුවන්. ඒ නඩුව අහන්නෙ කවුද? ජ්‍යාත්‍යන්තර වූ පමණින් දේශපාලනයක් නැතැයි කියන්න බැහැ. ඒ නඩු අහන්නෙත් මිනිස්සු. හම සුදු උනාට ඔවුන්ද මිනිස්සු. සමහරු හිතනවා හම සුදු උනාම දෙවිවරු කියල. එහෙම නැහැ.

එනම් පවතින තත්වය යටතේ කරන්න පුළුවන් හොදම දේ ජ්‍යාත්‍යන්තර පරීක්ෂණ ගැන විශ්වාසය තැබීමට වඩා මේ සම්බන්ධ සාක්ෂි මතු කරගැනීම. ඒ අනුව නීතිමය පියවර ගැනීම. එහෙම ගන්නෙ නැත්තං අදාළ ආයතනවලට විරුද්ධව නඩු පැවරිම වගේ දේවල්. ඒ හැර වෙන කරන්න දෙයක් නැහැ. සාක්ෂි නැතුව හුදෙක් ප්‍රචාරාත්මක කරුණු ගෙනහැර දැක්විම සහ ඊනියා ජ්‍යාත්‍යන්තර පරීක්ෂණ ගැන කීම ප්‍රශ්නය තවත් දේශපාලනිකරණය කිරිමක් පමණි.

එල්ටීටීඊ සංවිධානය පැත්තෙනං නායකත්වයක් ඉතුරු වෙලා නැහැ. කරුණා වගේ අයට යුධ අපරාධ චෝදනා ගේන්න ඔින කියා එජාපය ඒ කාලෙ කිව්ව. කරුණා මහින්දවාදී කාලෙ. නමුත් කරුණා වගේ අය කැඩුනෙම එවකට පැවැති ආණ්ඩු එක්ක (එවකට තිබ්බෙ එජාප ආණ්ඩුවක්) යම් එකගතාවයකට ඇවිල්ල කියල හිතන්න පුළුවන් නීතිමය පියවර නොගන්න. කරුණා කැඩුන එක එල්ටීටීඊයට අවාසිදායකව බලපෑව. එල්ටීටීඊය පරාජය ‌උනාට පසු නොව එය ශක්තිමත් කාලෙ ස්වාධීනව එයින් කැඩිලා බාර වෙච්ච ‌කෙනෙක් ගැන පසුකාලීනව ‌නීතිමය පියවර ගැනීම ගැන ප්‍රශ්නයක් තියෙනවා.

isapriya3

කෙසේ වෙතත් ඇන්ටන් බාලසීංහම්ගෙ බිරිද ඇඩෙල් බාලසිංහම් මේවන විට එංගලන්තයෙ ඉන්න බවට සැලකෙනවා. ඇය ළමා සොල්දාදුවන් පුහුණු කිරීම, මරාගෙන මැරෙන අයට මානසික 'උපදේශනය' කිරීම වගේ ඒවට සම්බන්ධය කියනවා. නමුත් ඇයට විරුද්ධ යුධ අපරාධ චෝදනා ගොනු කරන්න කියා ලංකාවෙ හෝ ජ්‍යාත්‍යන්තර කිසිම සංවිධානයක් කියනවා අහන්න ලැබිල නැහැ. ඒ ඇයි? ඒ වගේම ඇය යුධ අපරාධවලට සම්බන්ධනං ඇයට රැකවරණය දීමෙන් බ්‍රිතාන්‍යය කරන්නෙත් වරදක්. බ්‍රිතාන්‍යය ඇයට දේශපාලනික රැකවරණ දෙන්නෙ ඇයි? මේ වගේ ප්‍රශ්න අරගලකරුවන්නං අහන එකක් නැහැ.

@fb wall

නවතම ලිපි