රටේ පවතින දේශපාලන තත්වය වෙනදා පැවැති සාමකාමී ස්වභාවයෙන් වෙනස්ව ඇත.
බොහෝ අය මෙම දේශපාලන වෙනස්කම් සම්බන්දයෙන් විමතියට පත්වී සිටීම විශේෂත්වයකි.මෙසේ විමතියට පත්වීම සිදුවන්නේම මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතාවයන් පහසුවෙන් ඉටුකරගැනීමට බාදා පැමිනීම හා ඔවුන්ගේ පහසු ජීවිතය ගෙවීමට ඉදිරියේදී නොහැකී වේවිද යන අවිනිශ්චිතතාවයක් මතුව පැවතීම නිසායි.
පැයගණන් පෝලිමේ සිටිමින් තම වාහනවලට ඉන්දන සපයාගැනීමට හේතුව වන්නේ ඉන්දන හිගයක් රටතුල පැවතීම බව පැහැදිලිය. එහෙත් වෙලඳපලේ පැවැති ප්ලාස්ටික් බූලි, කෑන් හිගවිමට හේතුව කුමක් විය හැකිද?
එයට හේතුව වන්නේ අනාගතය සදහා ඉන්දන එක් රැස් කිරීමයි. මෙසේ අනාගතය සදහා ඉන්දන එක් රැස් කිරීමට වන්නේ අනාගතයේ ඉන්දන නැතිවුවහොත් වෙන අවිනිශ්චිතතාවයට මුහුන දීම සදහායි. ගෑස් වල තත්වයද මෙයට දෙවෙනි නැත. බෙහෙත් හිගයක් ඒය යන බිය නිසාම මුදල් කෙසේ හෝ හොයාගෙන මාස ගනනකට බෙහෙත් වෙන්කරගන්නේද මේ හේතුවෙනි. එහිම තවත් දිගුවක් ලෙස ගොඩනැගෙන ජන අරගල, උද්ඝෝෂණ ගත හැකිය. මෙම උද්ඝෝෂණ හරහා ඔවුන් මතුපිටින් පෙන්වන්නේ ආණ්ඩුවට පණිවිඩයක් දීමයි. එනම් පෙර මෙන් නොව ජනතාව රැවටීමට ආණ්ඩුවට සහ ඇමති වරුන්ට නොහැකි බව කියාපෑමටයි.
දේශපාලන උවමනාවන් මත සහ ස්වේච්ඡාවෙන් මතුවන මෙම උද්ඝෝෂණ තුල වන ඇත්ත අරමුණ වන්නේ කෑදර පාරිභෝජනය සදහා ඉඩ සපයාගැනීම බව පැහැදිලියි. එසේ අවිනිශ්චිතතාවයට පත් මිනිසුන් පාවිච්චි කරමින් තම දේශපාලන අරමුණු ඉටුකරගැනීමට දේශපාලන පක්ෂ මානබැලීමද ඉතා පැහැදිලියි. එය එසේ වුවත් මෙම අරගල මතුවීම තුල එක් යහපතක් සිදුවී ඇත. එනම් වමේ දේශපාලන පක්ෂ අතේ පැවැති උද්ඝෝෂණ සහ ජන අරගල වල අයිතිය ඔවුන්ගෙන් ගිලිහෙමින් පැවතීමයි.
කෙසේ වෙතත් අප මේ ප්‍රවේශ වන්නේ මෙම මතුවෙමින් පවතින ජන අරගල හෝ ජන ජීවිතයේ අවිනිශ්චිතතාවයන් පෙන්වා දීමට නොවේ. ධනවාදය තුල පවතින දේශපාලන වෙනස්කම් විශාල දේශපාලන අර්බූධයක් ලෙස හැදින්වීමේ සහ හුවා දැක්වීමේ බොරුව පෙන්වා දීමටයි.
අපට අනුවනම් ධනේශ්වර දේශපාලනයම අර්බුධයකි. වර්තමානයේ සිදුවී තිබෙන්නේ එම අර්බුධයේ වෙනස් කමකි. සමස්තය අර්බුධයක්ව පවතිද්දී නව අර්බූධ හටගන්නේ නැත. අර්බූධය විවිධ විට වෙනස් ලෙස මිනිසුන්ට දැනෙන්නට ගනියි. එම නිසා මෙම අර්බූදයක් නොව වෙනස්කමකි.
මෙවැනි වෙනස්කම් අර්බූධ ලෙස උත්කර්ශයට නගන්නේ මාධ්‍ය සහ උපයෝගීතාවාදී ලෙස දේශපාලන පක්ෂය. ඔවුන් මින් පවසන්නේ ධනේශ්වර දේශපාලනය යනු අර්බූධ වලින් තොර සුසංවාදී දේශපාලන පැවැත්මක් බවයි. මිනිසුන්ගේ පාරිභෝජන අවශ්‍යතා සපුරාලමින්, ආර්තික ගැටලු වල්න් තොර, හෙට ජීවිතය අවිනිශ්චිත නොවන සාමකාමී දේශපාලනය විදේශ සංචිත ගිගය නිසාවෙන් අර්බූදයක් බවට පත්වී ඇත.
එසේනම් කල යුත්තේ මෙම අර්බූදය මගහරවා ගැනීමට විදේශ සංචිත එක් රැස් කර ගැනීමයි. ගෝඨා, බැසිල් කොටින්ම කිව්වොත් රාජපක්ෂ කදවුර ෆේල් වී ඇත්තේ මෙම විදේශ සංචිත එක් රැස් කරගැනීමේ ක්‍රමය ඔවුන් නොදන්නා නිසායි. ඒ සදහා ඔවුන් ඉවත්කොට හැකියාව ඇති අයෙකුට හෝ කණ්ඩායමකට බලය දිය යුතුය. එවිට ඔවුන් කෙසේ හෝ ඩොලර් සංචිත රැස් කරගනු ලබන්නේනම් (ණය ගැනීම්, රට සතු දේපලක් විකිනේම, බැදුම්කර නිකුතුව ආදී ලෙස කුමකින් හෝ) අර්බූදය පහව යනු ඇත. එවිට හෙට දවස සුව පහසුව ජීවත් විය හැකිය. මෙය මෙසේ විය හැකිද?. නැතහොත් පවතින අර්බූදය එසේම තිබියදී ඩොලර් හිගවීමේ දේශපාලන වෙනස්කම වෙනස් වු විට ජනතාවගේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා ඉවත් වන්නේද යන්න ප්‍රශ්න කල යුතුය.
සිදුවන්නේ ජනතාවගේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් එසේම පැවතීමයි. නැතහොත් අර්බූදය එසේම පැවැතීමයි.
මෙහි භයානක කම වන්නේ මිනිසුන් තුල මෙම වෙනස්කම අර්බූදයක් ලෙස හුවාදැක්වීම තුල පවතින ධනවාදී දේශපාලන කෙරෙහී විශ්වාසය ගොඩනැගීමක් සිදුවීමයි.එනම් ධනවාදයම අර්බූදයක් බවට ජනතාවට අවබෝධ වීමට ඇති අවස්තාව මග හැරීමයි. සමස්ත ධනවාදයේ අර්බූදය ඩොලර් හිගයට ඌනනය කිරීමයි.
එවිට එම හිගය මග හරවාගැනීම උත්කර්ෂයට නැගීම තුල එම හිගය මගහරවා ගන්නේනම් අර්බූධය පහව යනු ඇතැයි යන විශ්වාසය මිනිසුන් තුල ගොඩ නැගීමයි. එම නිසාම මෙම වෙනස්කම අර්බූදයක් ලෙස සලකන ජන මාධ්‍ය, සියලු ලිබරල් වාදීන්, සියලු වමේ පක්ෂ සහ පුද්ගලයින් සිදුකරන්නේ නැවත වටයකින් ධනවාදය කෙරේ ජනතාවගේ විශ්වාසය ගොඩනැගීම සහ ධනවාදයේ පැවැත්ම යතාවත් කිරීමයි. එමගින් ගොඩනැගෙන සියලු උද්ඝෝෂණ සහ ජන අරගලයන් සේවය කරන්නේ එයටය.
මෙහිදී මතු කරගත යුතු තවත් අදහසක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාකාරීත්වය ගැනයි. අපට අනුවනම් ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදු සංකල්පයකි. එය හැඩයක් නැති උපයෝගීතා අර්තයෙන් භාවිතාකල හැකි දෙයකි. ප්‍රජාතන්ත්‍රවාදය අගයමින් ඒ වෙනුවෙන් පෙනීසිටින්නන්ගෙන් අප විමසන ප්‍රශ්නය වන්නේ මෙම සංකල්පය එකවිට ඕනම කෙනෙකුට බලපැවැත්වෙන ලෙස භාවිතා කල හැක්කේ කෙසේද යන්නයි.
එනම් ආණ්ඩුව ජනතාව පීඩාවට පත් කරන විට ඊට විරුද්ධව කතා කිරීම, උද්ඝෝෂණ කිරීම, අරගල කිරීම සදහා වූ අයිතියක් ජනතාවට ඇත. එලෙසම එවැනි ජනතාවට ත්‍රස්ථවාදීන්, අන්තවාදීන් ලෙස සලකා ඔවුන්ට පහර දීම, හිරේ දැමීම, මරාදමා හෝ පාලනය කල යුතුයැයි පවසන ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ හැකියාවද ආණ්ඩුවට ඇත. ඒ සදහා ඇදිරිනීතිය පැනවීම, ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත වැනි පනත් ගෙන ඒම, හදිසි නීතිය පැනවීම ආදිය කල හැකිය. ජනතාව පීඩනයට පත්වනවිට ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින ප්‍රජාතන්ත්‍රවාදයම එම ජනතාව මරා දැමීමටද සේවය කරයි.
අප අසන්නේ එක විට දෙවිදියකින් පෙනීසිටීමට හැකි ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අර්තවත් වන්නේ කෙසේද යන්නයි. එසේම සෑම අවස්තාවකම මිනිසුන් පීඩාවට පත්කර අවසන්වන ප්‍රජාතන්ත්‍රවාදය සේවය කරන්නේ කා වෙනුවෙන්ද යන්නයි. එනම් මින් පැහැදිලි වන්නේ ධනවාදය හැර ප්‍රජාතන්ත්‍රවාදය යැයි යතාර්තයක් පවතීද යන්නත්, ප්‍රජාතන්ත්‍රවාදය අර්තවත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ප්‍රතිපක්ෂ වටා බවත් ය.
මීටම අදාල තවත් කාරනයක් වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කුමක්ද යන්න විමසීමයි. ව්‍යවස්ථාව යනුද ධනවාදයේම් පැවැත්ම සදහා වූ ලියවිල්ලකි. කවුරුන් හෝ තර්ක කරන්නේනම් ඉන් ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා වෙනවා කියා එය සිහිනයකි. ව්‍යවස්තාව එහි ආත්මීයවම සේවය කරන්නේ පවතින ක්‍රමය පවත්වාගැනීමටයි. එමෙන්ම එය පරස්පරතා සහිත ලියවිල්ලකි.බොහෝ ලිබරල් වාදීන් පවසන්නේ මෙය බලය තුලනය කිරීම සදහා වූ ලියවිල්ලක් බවයි. එය මනෝ විකාරයකි. එය ඕනම කෙනෙකුට තමන්ට අවශ්‍ය පරිදි අර්ත නිරූපනය කල හැකිය. මෙහිදී අපට පැවසීමට ඇති විශේෂ කාරණය වන්නේ ව්‍යවස්ථාව සහ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ දේශපාලන අර්බූධ විසඳීමටය යන ලිබරල්වාදීන්ගේ අදහස විහිලුවක් බව පැවසීමටය. ඔවුන් ප්‍රගතිශීලීන් ලෙසද මාක්ස්වාදීන් දෙසද, වම්මු ලෙසද කිනම් නමකින් හදුන්වා ගත්තද ඔවුන් පෙනී සිටිනුයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්නම් ඔවුන් පෙරලා සේවය කරන්නේ ධනවාදයටමය. මිනිසුන්ට ධනවාදයේ වෙනස්කම් කොතෙක් වුවත් අර්බූදය සමනය වන්නේ නැත යන්න සගවා සිදුවන වෙනස්කම් අර්බූදයන් ලෙස උත්කර්ශයට නංවා අර්බූදය සමනය වූ පසු සියල්ල විසඳේය යන දෘෂ්ටිවාදයේ ගිල්වා තැබීමටයි.
මින් සිදුවන තවත් කාරනයක් වන්නේ මෙම දේශපාලන අර්බූධ නිසා මිනිසුන් පීඩාවට පත්වනවා යන අදහසයි. එහි දෘශ්‍යමානය එය වුවද සැබැවින්ම සිදුවන්නේ වෙනත් දෙයකි. එනම් ඔවුන්ගේ හෙට දවසේ ජීවත්වීම පිළිබදව වන අවිනිශ්චිතතාවය මගහරවා ගැනීමටනම් මෙම අර්බූධය ලෙස පවතින සිද්ධිය මගහරවා ගන්නේනම් ප්‍රශ්නය අවසන් යැයි විශ්වාසයක් මිනිසුන් තුල ඇති කිරීමයි. එනම් මේ ප්‍රශ්නය ඇති නොවන්නට අපගේ ජීවිතයේ සියලු ප්‍රශ්න වලට විසදුම් මෙම දේශපාලන හරහා ලබාගත හැකියැයි විශ්වාසය ගොඩ නැගීමයි. ආර්ථික අර්බූධ වලින් ධනවාදය විනාශ නොවන බවත් එම විනාශය මතින් ෆීනික්ස් පක්ෂියෙක් ලෙස ජයග්‍රාහීව ධනවාදය නැවත නැගීසිටින බව මාක්ස් පවසන්නේ මේ නිසාය. එනම් ජනතාව හැම විටම මේ ක්‍රමය තුල ඔවුන්ගේ ප්‍රශ්න වලට විසදුම් බලාපොරොත්තු වීමට හේතුව එයයි. දසක 7 කට වැඩි කාලයක් කොතෙක් වාමාංශික පක්ෂ උත්සහ කලත් මිනිසුන් මේ ක්‍රමයෙන් එලියට නොයන්නේම එම නිසාය. (වමේ පක්ෂද මිනිසුන් මේ ක්‍රමය තුලම පවත්වාගෙන් යමින් සිටියි) එය කොතෙක්ද පවසන්නේනම් වමේ පක්ෂ සහ පුද්ගලයින්, ලිබරල්වාදීන් දිගින් දිගටම පවසන්නේ මේ අර්බූධ නමින් වන වෙනස්කම් සමනය කරගත හැකි බවයි.ඒ සඳහා ඔවුන් පෙන්වන්නේ අපේ රටේ දේශපාලනය බල්ලට ගියාට බලන්න යුරෝපයේ රටවල් දෙස කියායි. ඕස්ට්‍රේලියාව දෙස බලන ලෙසයි. ඉන් අදහස් වන්නේ මේ ක්‍රමයේ ගැටලුවක් නොව මේ අර්බූධ නමින් එන වෙනස්කම් වලයි ගැටලුව පවතින්නේ බවයි. ඒ නිසා අපේ රට අවුල් වුනාට ඕස්ට්‍රේලියාව, බටහිර රටවල් වල පවතින්නේත් මේ දේශපාලනයමයි. ඒවා නියමෙට පවතිනවා. මෙතන තියෙන්නේ කලමනාකරනයේ දෝසයක් ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ. එම නිසාම එවැනි කලමනාකාරීත්වයක් සහිත නායකයකු බලයට පත් කිරීමෙන් ප්‍රශ්නය විසඳෙන බවයි. (ගෝඨා ජනාධිපති වන්නේද මෙම යතාර්ථය තුලයි.) මෙය ප්‍රබන්ධයකි. මේ වගේම වෙනස්කම් එම රටවලත් නහුතයක් වරින් වර මතුවේ. සිය දිවි හානි කරගැනීම, පවුල් සංස්ථාවන් බිද වැටීම්, වැඩිහිටියන් අතහැර දැමීම් වැනි ගැටලු වැඩිම ප්‍රමාණයක් පවතින්නේ එම රටවලය. නමුත් මෙසේ හැදෙන විශ්වාසය නිසාම අද අපේ රටේ බහුතරයකගේ අදහස වන්නේ මේ ප්‍රශ්න වලට විසඳුම එවැනි රටකට යෑම බවයි. ඇත්තටම එවැනි විසඳුමක් ඇද්දැයි විමසිය යුත්තේ එසේ රට හැර ගිය මිනිසුන්ගෙන් සහ ගැහැනුන්ගෙනි.
එසේනම් අපට අවධාරණය කල යුතු වන්නේ, සමස්ත ධනවාදයම අර්බූදයක් බවයි. මෙම අර්බූදයෙන් මිදිය හැකි වන්නේ ධනවාදය විනාශ කිරීමෙනි. ඒ සදහා වන අවබෝධය ලබාගැනීමෙනි. එසේ නොමැතිව ධනවාදයේ වෙනස් කම් අර්බූද ලෙස හුවාදක්වමින් එම අර්බූදයන් සමහන් කරගැනීමෙන් ප්‍රශ්නය විසදේයැයි සිතීම සහ විශ්වාස කිරීම මායාවකි. එය දෘෂ්ටිවාදයකි.
එනමින් පැමිනෙන විරෝධතා, උද්ඝෝෂණ, අරගල, පාර්ලිමේන්තු, මැතිවරණ, ප්‍රජාතන්ත්‍රවාදය, වයවස්තා , වයවස්තා සංශෝධන, නීතිය යන සියල්ල පවතින ක්‍රමය ආරක්ෂා කරමින් මිනිසුන් තුල මේ ක්‍රමය ගැන විශ්වාසය ගොඩනගයි. එය මේ මොහොතේ ලිබරල් වාදීන්, වමේයැයි කියාගන්නා ඊනියා පක්ෂ සහ පුද්ගලයින්, පුද්ගල කණ්ඩායම් යන කවුරුන් කලත් ඔවුන් ආත්මීයව සේවය කරන්නේ ධනවාදයටමය. මේ තුල ඔවුන් දේශපාලනය පවතීයැයි කීමද විහිලුවකි. විරුද්ධවනවායැයි පැවසීමද පක්ෂ වීමකි. අපට අනුවනම් ඒ තුල දේශපාලනය නොපවතියි. අපට කීමට ඇත්තේ ඒ මහතුන්ට ඔය කාදමන කාලය අපරාදේ බවයි. මන්ද ඔබ ධනවාදයට ධනපතියකුට වඩා සේවය කරන්නෙකි.
එමෙන්ම හෙට දවස යහපත් කරගැනීම වෙනුවෙන් ජීවිතය පරදුවට තබා අරගල කරන, උද්ඝෝෂණ කරන මිනිසුනේ, ඔබ ඔය කරන්නේද නැවත වටයකින් මේ ක්‍රමය පිළිසකර කර පාරිභෝජන ෆැන්ටසියේ ගිලී ආතල් ජීවිත ගත කිරීමටය. එහෙත් ඔබට ඔවැනි ක්‍රම තුලින් කිසිදින එම ආතල් ජීවිතය හමු නොවනු ඇත. වෙන්නේ ධනවාදයේ මෙම වෙනස්කම මගහරවා ගැනීමට ඒ මොඩලයේම කවුරුන් හෝ බලයට ගෙනඒමේ ක්‍රියාවකි. ඉන් කිසිවිට අර්බූදය සමහන් නොවනු ඇත.