SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ සමස්ත සමාජ අර්බුදය සම්බන්ධයෙන් දැනට ගොඩනැඟී ඇති කතා දෙක නැතහොත්, ප්‍රබන්ධ දෙක පහත පරිදි ය.

1.ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තව මාස දෙකකින් දැනට තිබෙන තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය සහ විදුලි අර්බුදය විසඳා තමන්ගේ තනතුර යළි තහවුරු කර ගනු ඇත.

        දෙවෙනි කතාව ඉතාම සිත් ගන්නා සුළු එකකි. එමගින්, රටේ සියලුම ප්‍රශ්න එක මොහොතකින් විසඳෙනු ඇත.

2.වාසු සහ විමල්-ගම්මන්පිල ජෝඩුව ජනාධිපතිවරයා මුණ ගැසී, රටේ ඇත්ත තත්ත්වය ඔහුට පහදා ලබන සතියේ ඔහුගේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන එනු ඇත. එයට දැනටමත් 75 කට  අධික මන්ත්‍රීවරු පිරිසක් අත්සන් කර ඇත. විශ්වාසභංගය පරාජය වූ පසු භාරකාර ආණ්ඩුව පත් කරනු ඇත. එම ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස මාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පත්වෙනු ඇත. ඉන්පසු, ඡන්දයක් පැවැත්වෙන අතර ඉන් රාජපක්ෂලා ඉතිහාසයෙන්ම අතු ගෑවී යනු ඇත. 

                      අපගෙන් බොහෝ දෙනා විමසන්නේ, මෙම අර්බුදය හමුවේ අප නිකං ඉන්නේ හෝ මිදි වැල කඩන්න උඩ පනින්නේ නැත්තේ ඇයි ද කියා ය.

                      පළමුවෙන්ම කිව යුත්තේ, අපි කිසිවෙකුගේ ජීවිත ධනවාදයට පිටින් නැති බවයි. ලංකාවේ මිනිස්සු නූතනත්වය කියා කියන්නේ, ධනවාදයටයි. සරලව කිවහොත්, සෑම හන්දියක් ගානේම ඇති කර ඇති වාහන තදබදයට වගකිව යුතු සුපිරි වෙළෙඳසල් පවා සිංහල මිනිසාට පෙනෙන්නේ, නූතනත්වයේ ලක්ෂණයක් ලෙසිනි. නූතනත්වය තුළ යක්ෂ, නාග ගෝත්‍රිකයන්ගේ පූර්ව-නූතන ආකල්ප ලෙසින් ධනවාදය වටහා ගැනීමට සිංහලයන් රුචි ය. ඒ අනුව, අධික පරිභෝජනවාදය පවා ධනවාදයේ අනිටු විපාකයකට වඩා නූතනකරණයක් ලෙසින් සිංහල මැද පන්තිය වටහාගෙන ඇත. 

              දැනට ‘පාරට බසිමු’ යැයි කියන බහුතරය යනු, මාසික වැටුප් ලබන ලංකාවේ පවුල් ලක්ෂ 3 ක් පමණ වූ බහුතරය යි. විදුලිය, පෙට්රල් සහ ගෑස් නැති වීම නිසා ප්‍රකෝප වී සිටින්නේ, මේ ගැහැණුන් සහ පිරිමින් ය. ”පාන්, ඉඩම්, සාමය” මෙන් ”පෙට්රල්, ගෑස් සහ විදුලිය” නැවත ලබා දීම ඉතාම දුෂ්කර දෙයක් නොවේ. ඉන්දියාව සහ IMF විසින් ඇති කරන ප්‍රතිව්‍යුහගත කිරීම් යොමු වන්නේ, ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ආයතන දෙසට ය. ලංකාවේ 60% ක් වන වැඩ කරන ජනයා විසින් එකතු කර දෙන ධනය රාජ්‍ය ආයතන 25 ක් විසින් කාබාසිනියා කරනු ලැබේ. රාජ්‍ය ආදායමෙන් 71% ක් පමණ වියදම් වන්නේ, රජයේ සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ය.

                ඒ අනුව, ජවිපෙ සිටින පැත්ත අනුව අපට කිව හැක්කේ, ඔවුන් සිටින්නේ මාසික වැටුප් ලබන මැද පන්තියේ පහළ කොටස් සමග බවයි. සමාජ ජාල උද්ඝෝෂකයන් වන්නේ ද මෙම මැද පන්තියේ කොටසයි. ඉතාම හොඳ බුද්ධි තොරතුරු ජාලයක් ඇත්නම්, මේ අය අතර ප්‍රතිවිරෝධතා බිහි කිරීම පහසු කටයුත්තකි.

                අප මේ ව්‍යාජ බොල් උද්ඝෝෂණවාදීන්ට කඩේ යන්නේ නැත. අප රාජපක්ෂලා බලයට ගෙන ආවේ ද නැත. නමුත්, ලංකාව අලුතින් නිර්මාණය කළ හැකි මංසන්ධියක් දැන් බිහි වී ඇත. මහජන බදු මුදල් විනාශ කරන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන ඕනෑම වැඩසටහනක්, මේ මොහොතේ දී විප්ලවීය යැයි අපි බය නැතිව ප්‍රකාශ කරන්නෙමු.

@ සමබිම පක්ෂය

නවතම ලිපි