SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝලීය ධනවාදය විසින් පසුගිය කාලය තුළ ගෙන ගිය වර්ධනය මගින් විශාල ගෝලීයකරණයක් සිදු වුනා.

මේ ගෝලීය ධනවාදය තුළ පවතින තන්ත්‍රයන්ට විරුද්ධව නැගීම් ඇති වුනා.මහ ධනවාදය ඉල්ලා සිටින්නේ ඉතා දියුණු වන තන්ත්‍රය හැටියට සමාජය පෙල ගැස්සිය යුතුයි කියලයි.

ගෝලීයකරණයට මුල් වුන ආයතන වන ලෝක බැංකුව (WB), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක වෙළඳ සංවිධානය (WTO) තුළම තියුණු වෙනස්කම් ඉල්ලා සිටියා. ඒවාට විවිධ ලෙස අලුත් වීමට බලපෑම් ආවා.

මුළු තන්ත්‍රය තුළ කාන්තාවන්ට, කළු මිනිසාට, දිළිඳුකම් ඇති අයට මේ ආදී පැති වලින් විශාල වෙනස්කම් දැන උගත් පාලකයන් ඇති කළා.

කාන්තාවන් හරියට බාගයක් හැම තන්ත්‍රයක් තුළම ඉහල දක්වා වැඩෙන්නට පටන් ගත්තා.

මේ විදියට ප්‍රජාතන්ත්‍රවාදය විකසනය වුනේ මේ සංවිධාන තුළින්මයි.

ගෝලීය ධනවාදය තියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලා සිටියා. ඒ නිසා එම පෙරළිය ඇමරිකාව තුළින්ම – ඉහළ මණ්ඩල තුළින්ම දියත්ව, ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියක් සිදුවුනා.

හැමතැනම මුල් පෙලේ හරි හරියට කාන්තාවන් වැඩ කරන්නට පටන් අරන්. කළු මිනිසුන් ඉදිරියට එන තත්වයක් තියෙනවා.

මිනිසත්කම, එකම මිනිසත්කමක් ලෙසට ඇත්තටම ඇති විය යුතුයි යන කථාව ලොව පුරා ගලා ගියා. එයට මුල් වුනේ ඇමරිකාව. ඒ නිසාම ඒ රටෙන් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පුපුරා එලියට ආවා.

එය හෙලිවුනේ බයිඩන් ගේ ජය ග්‍රහනය තුළින්. ඔහු මේ ගලායන පෙරලිය තුළ සැබෑ නායකත්වයක් ලෙසට, වීරයන් ලෙසට එලියට ආවා. ජනතාවට ලංවුන විප්ලවවාදියෙක් ලෙසට පියවර නැගුවා.

ධනවාදයේ මුල් කාලයේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් ලෙසට ඒබ්‍රහම් ලින්කන් එලියට ආවා. ඒ විශාල ප්‍රජාතන්ත්‍රීය නැගීම මිනිසා ඉදිරියට තැබීමෙන්, ඒ සටනේ ආලෝකය ලංකාවටත් ගලා ආවා. ලොව පුරා ප්‍රතිගාමීන් දණ ගැස්සෙව්වා.

ඒකාධිපතීත්වය විසින් විනාශ කළ සමාජවාදී විප්ලවය

රුසියන් විප්ලවයට එදා ඉදිරියට ගෙන ආ ප්‍රජාතන්තුවාදයේ වඩාත් දියුණු පියවරක් පිලිබඳ බලාපොරොත්තුව ඉටුකර ගැනීමට බැරි වුනා. ඒකාධිපති බලයන් විසින්, ලෙනින්ගේ ඒ බලාපොරොත්තුව පසුකාලීනව විනාශ වුනා.

ඒ විනාශයෙන් ඇතිවූ දරුණුතම අගාදයට චීනය බිලි වෙලා කියල විද්වතුන් පෙන්වා දෙනවා.

ඒ විදියට මිනිසා නිවනට ගෙනයාමට ඉදිරිපත් කළ සමාජවාදී විප්ලවය, විශාල අගාදයකට වැටිල මිනිසාට ශෝක ජනක තත්වයක් ඇති කරමින් තිබෙනවා.

එයින් එලියට එන්න අද දියත් වුන ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට හැකිය යන අදහස අද සාකච්ඡාවට ඇතුල් වෙලා තියෙනවා.

ඇමරිකාව, ඉන්දියාව, ජපානය එකතු වෙලා ගෙන යන්නට හදන ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අප හැම වගබලාගත යුතුයි.

එයට ඇමරිකානු එක්සත් ජනපද කම්කරු පංතිය එක් වෙලා තිබෙනවා. ඔවුන්ට මාක්ස්වාදී නූතනය දෙසට ගමන් කිරීමට, පොල්පොට්වාදීන් සමඟ සටන තුළින් හැකිවේවි ය කියල බලාපොරොත්තු තැබිය හැකියි.

ඒ මොකද, රුසියන් විප්ලවයත් ආරම්භ කළේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් ලෙසටයි. එහි නායකයා වූයේ කෙරන්ස්කි. ඔහු රාජ්‍ය බලය අතට ගෙන විප්ලවීය සභාවට පැවරීම නොකර සිටි නිසා, ලෙනින් ජනතා මණ්ඩල වලට බලය දිය යුතුයි කියන සටන ගෙනගියා. ඒ අනුව බලය ප්‍රජාතන්ත්‍රවාදීන්ට අත්වුනා.

එහෙත් එය ඒකාධිපති රජයක් බවට ස්ටැලින් පෙරළුවා.

මෙය ප්‍රජාතන්ත්‍රවාදයේම මළගම වන බව ලෙනින් ප්‍රකාශ කළා. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූයේ නැත්නම් සමාජවාදයත් නැති වෙනවා කියන කාරණාව දැන් හොඳට ඔප්පු වෙලා තියෙනවා.

ඒ නිසා තමා චීනයේ පවතින සමාජය, සමාජවාදී නොවන බව මාර්ක්ස්වාදීන් හෙළි කර තිබෙන්නේ. අද අප ඉදිරියේ තිබෙන්නේ එදා ලෙනින් දුන් ප්‍රකාශයමයි.

ඇමරිකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා විශාල සටනක් ඇති වෙලා, විශාල ජන බලයක් ගොඩනැගී තිබෙනවා.

ඒ රටේ ධනපතියන්ට පමණක් ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම අසීරුයි. එය දැන් නිර්ධනීන්ගේ ශක්තිය උඩ පවතින ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්. එයින් ලෝකයටම බලපෑමක් එල්ල වෙනවා.

එදාට වඩා මෙදා ඇතිවුන ප්‍රජාතන්ත්‍රවාදය දුරදිග යන එකක්. මොකද ලෝකය පුරාම මේ නිදහස ගලාගෙන යන නිසා.

ජාතිවාදයට උර දුන් හොර සමාජවාදීන්ගේ ත්‍රස්ත සමාජවාදය

අද වනවිට ලෝක නිර්ධනීන් ප්‍රජාත්නත්‍රවාදය ගැන හොඳට දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය නැති සමාජවාදය මොකද්ද කියන එක ඔවුන්ට පොල්පොට් රට වලින් බලාගන්න පුළුවන්.

ජනතා විමුක්ති පෙරමුණ වැනි ත්‍රස්ත බලයෙන් සමාජවාදීන් මරා, ජාතිවාදයට උර දුන් හොර සමාජවාදීන් පමණයි ත්‍රස්ත සමාජවාදයක් විශ්වාස කරන්නේ. ඒක ජාතිවාදයට යටවුන ත්‍රස්ථවාදය පිළිගත් පිරිසක් මාර්ක්ස්වාදීන් ලෙස කරන රගපෑමක් පමණයි.

අද බයිඩන් ගේ ප්‍රජාතන්ත්‍රවාදී රැල්ල ලෝකය පුරා පොල්පොට් බලයට විරුද්ධව පෙනී සිටිනවා.

අද අපි ඇමරිකානු නිර්ධනීන් ගේ මේ සටන සමඟ එකතු වෙලා ඊනියා කොමියුනිස්ට් පොල්පොට්ලාට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සටන් වැදිය යුතුයි.

වසර සීයකට පෙර ඇමරිකන් ඒබ්‍රහම් ලින්කන්ට උදව් වුනා වගේම, ජය වේවා කීවා වගේම, අද අපි බයිඩන්ට ජය වේවා කියනවා. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදී රැල්ල, ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදය යලි පිහිටුවීමට එන රැල්ලක්.

එය අවසන් වෙන්නේ සමාජවාදයට දොර ඇරලා. සැබෑ සමාජවාදය එන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක් තුළයි.

ඒකාධිපති හොර දෙටුවන් සමාජවාදීයි කියන එක ලෝක විහිලුවක්.

ලෙනින්ගේ තියරිය අනුව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන සටන තුලින් සමාජවාදයේ දොර අරිනවා කියූ ලෙසටම, දැන් ලෝකය පුරා ඒ දෙසට ගමන් කිරීම ආරම්භ වෙලා. බොරුවට, මුලාවට පිටුපාලා එඩිතර අම්මාවරුන් යන ගමන පසුපස ගමන් කිරීමට පටන් ගනිමු.

 

නවතම ලිපි