SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිර්මාල් දේවසිරිගේ "මනුෂ්‍යත්වය"

දැන් මසකට පමණ ඉහත දී "මනුෂ්‍යත්වය" යනුවෙන් නිර්මාල් අදහස් කරන්නේ කුමක්දැයි විමසූ ප්‍රශ්නයට පිළිතුරු නොදුන් නිර්මාල්, මීට දින කිහිපයකට පෙර ඔහුගේ වීඩියෝවක් ඒවා තිබුණි. ඔහු පවසා සිටියේ එම වීඩියෝව තුල "මනුෂ්‍යත්වය" යනු කුමක්ද යන්න සම්බන්ධයෙන් තම ස්ථාවරය ප්‍රකාශ වන බවය. එම වීඩියෝව මරණ දඬුවම පිළිබඳව විද්වත් සාකච්ඡාවකි (එහි නිර්මාල් විසින් දෙතුන් පාරක් තමන් මරණ දඬුවම පිළිබඳව විශේෂඥයෙකු නොවන බව පවසා සිටිනුයේ එබැවිනි). එම වීඩියෝවේ 36 වන විනාඩියේ සිට 46 වන විනාඩිය දක්වා කොටසෙහි නිර්මාල් විසින් මනුෂ්‍යත්වය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැවසේ (ඔහු පැවසූ පරිදි).

වීඩියෝව: https://youtu.be/XIKx3WHKQyw?t=2178

එහිදී නිර්මාල්ගේ මූලික තර්කයක් වන්නේ දඬුවමක් විඳීමට නම් පුද්ගලයාගේ පැවැත්ම තහවුරු විය යුතු බවය (ජීවත්විය යුතු බව). එනම් ඉන් තහවුරු වන්නේ නිර්මාල් විසින් "අපරාධය සහ දඬුවමෙහි" පැවැත්ම මූලික වශයෙන්ම පිලිගනී යන්නයි. ඔහුට අවශ්‍යව ඇත්තේ එය වඩාත් සාධාරණව, විධිමත්ව, නීතියට කහටක් නොවන පරිදි පවත්වාගෙන යාම සඳහා වන බුද්ධිමය මැදිහත් වීමට දායක වීමටය. ඒ සඳහා ඔහු වැනිම තවත් බුද්ධිමතුන් අවශ්‍ය වන අතර අපරාධය සහ දඬුවමෙහි පැවැත්මද අනීවාර්ය වේ. එනම් බුද්ධිමය සංවාදය සහ බුද්ධිමතුන්ගේ පැවැත්ම තහවුරුවන්නේ ඒ තුල බැවිනි.

 

නිර්මාල් විසින් තවදුරටටත් ප්‍රකාශ කොට සිටිනුයේ වැරදිකාරයා සහ නිවැරදිකාරයා යනුවෙන් දෙදෙනෙකු ඇති බවත්, ඉතාම සියුම් කරුණු විමසා බැලීමක් යටතේ මරණ දඬුවම ලැබෙන කෙනා වුවද නිවැරදි කරුවෙකු විය හැකි බවත්, මරණ දඬුවම දුන් පසුව අදාළ පරිච්චේදය (chapter close) අවසන් වන බවත්, ඒ අනුව විය යුත්තේ එවැනි අවසානයකට නොයාම බවත්, ඒ පසුව ඇති වන තත්වයක් යටතේ වුවද අදාළ වරද ප්‍රතිශෝධනය කල හැකි තත්වය මරණ දඬුවම හේතුවෙන් වැලකි යන නිසා බවත්ය.

පඩිබ1

 

එනම් නිර්මල්ට අනුව මරණ දඬුවම යන්න නීතියේ පාරිශුද්ධභාවයට මරු පහරකි. ඔහුට අවශ්‍ය වන්නේ ඔහුගේ බුද්ධිමය මැදිහත් වීම තුලින් වඩාත් සාධාරණ නීතිමය පසුබිමක් ස්ථාපිත කිරීම සහ නීතිය පිළිබඳව මහජනයාට ඇතිවිය හැකි පිලිකුල්භාවය හැකිතාක් තුරන්කොට එය කෙරෙහි වඩාත් විශ්වාසය තහවරුකොට පවත්වාගෙන යාමය.

නිර්මාල් එම තත්වය පැහැදිලි කිරීම සඳහා උදාහරණයක් ගනී. ඒ "The Life of David Gale" නමැති කුජීත සිනමා පටයයි. මෙම චිත්‍රපටය නිර්මාල් හට උරුම වන්නේ X කණ්ඩායම වෙතිනි. X කණ්ඩායම තුල මෙම චිත්‍රපටය ජනප්‍රිය වූයේ එය ප්‍රභා-බුද්ධික යුවල (Samantha Bandara) විසින් හඳුන්වා දුන් නිසාය. එම චිත්‍රපටයේ කතා නායකයා ඇතුළු පිරිස අයත්වන්නේද X කණ්ඩායම වැනිම කන්ඩායමකටය. ඩේවිඩ් ගේල් යනු සේවයෙන් පහකරන ලද මහාචාර්යවරයෙකි. චිත්‍රපටයට අනුව ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ බුද්ධිමය මැදිහත්වීම තහවරු කිරීමටය. ඒ වඩාත් හොඳ ලිබරල් සමාජයක් වෙනුවෙනි.

 

the life of david gale 1 320

 

X කණ්ඩායමට අදාලව නම් මෙම චිත්‍රපටය වැදගත් වූයේ "ශිෂ්ටත්වයේ සිහිනය" ව්‍යාපෘතිය සඳහාය. ඇත්තටම නිර්මාල් ඇතුළු X කණ්ඩායමෙන් විසිර ගිය බොහෝ දෙනෙකු තම පුද්ගලික ව්‍යාපෘතීන් හරහා බුද්ධියමය මැදිහත් වීම් මෙන්ම හිඟන්නාට සත රුපියල දීම පන්නයේ වැඩකටයුතු වල නිරතව ඇත්තේ ඔවුන් තවමත් "ශිෂ්ටත්වයේ සිහිනයේ" පසු වන බැවිනි.

නිර්මාල්ගේ බුද්ධිමය මැදිහත්වීම තුල වැරදිකරු සහ නිවැරදිකරුගෙ පැවැත්ම ඔහු විසින් පිළිගනී. එනම් මරණ දඬුවමට කිසි දිනක නිවරදිකරුවෙකු ලක්විය නොහැක යන ආප්තයයි. නමුත් එසේ වියහැකිභාවයක් ඇත. එබැවින් අනාගතයේදී ඔප්පුවිය හැකි නිවරදිභාවන් සඳහා වන ප්‍රතිශෝධානයන්ට ඉඩ තැබිය යුතුය යන්න නිර්මල්ගේ "මනුෂ්‍යත්වය" වෙනුවෙන් ඇති තර්කයයි.

mvsn

ඒ සඳහා ලොව ජනප්‍රිය වූ උදාහරණ ඕනා තරම් ඇත. ලොව අංක එකේ ප්‍රජාතන්ත්‍රවාදී රටේ දියුණුම නගරයේ සිදු වූ "Central Park Five" සිද්ධිය ඒ සඳහා හොඳම උදාහරණයකි. එම සිද්ධිය පසුගිය වසරේ "When They See Us" නමින් ටෙලි නාට්‍යය මාලාවක් ලෙස Netflix ඔස්සේ විකාශනය විය. එකී සිද්ධියේදී මිනීමැරුමට සම්බන්ධයක් නොමැති තරුණයින් පස්දෙනෙකු සිරගත වේ. නමුත් බොහෝ කලකට පසුව සැබෑ මිනීමරුවා විසින් සිදුකරන පාපොච්චාරණයක් හේතුවෙන් ඔවුන් නිදහස් වේ. රජයෙන් විශාල වන්දි මුදලක් ද ඔවුන් එකිනෙකාට හිමි වේ. නමුත් එම කාලය තුල ඔවුන්ට විඳීමට සිදු වූ දුක් ගැහැට, වධ හිංසා සහ ඔවුන්ගේ ජීවිත වලට සිදු වූ බලපෑම නැවත හැරවිය නොහැකි මට්ටම විය. නිර්මල්ට අනුව එම සිද්ධියේදී එම තරුණයින් පස් දෙනාට නිදහස ලබාගත හැකි වූයේ මරණ දණ්ඩනයට භාජනය නොවීම නිසා ප්‍රතිශෝධනයට තිබූ ඉඩකඩ හේතුවෙනි. සත්තකින්ම නිර්මල්ගේ බුද්ධිමය මැදිහත් වීම තුල දේශපාලනය වන්නේ අන්න එවැනි ප්‍රතිසංස්කරණයන් බලාපොරොත්තු වීම තුලින් වන "මනුෂ්‍යත්වය" තහවුරු කිරීමයි.

ඇමරිකාව තුලම එවැනි සිද්ධීන් සහ එම සිද්ධීන් පාදක කොට ගනිමින් බිහි වූ චිත්‍රපට සහ ටෙලි නාට්‍යය මාල ඕනෑ තරම් ඇත.

 

nightof01 590x392

"The Night Of" නම් ටෙලි නාට්‍ය මාලාවේ තුල නීතිය යන්න අභ්‍යන්තරිකව ප්‍රශ්න කෙරේ. එහිදී මිනීමැරුම් චෝදනා ලබනා පුද්ගලයා සැබවින්ම මිනීමැරුම සිදු කලාද නැද්ද යන්න ඔහුවත් නොදනී. සිද්ධියට අනුව එය ඔහු විසින්ම කළා වීමට සහ ඔහු විසින් නොකලා වීමටද එක හා සමානව ඉඩ ඇත. පළමුව මරණ දණ්ඩනයට නියම වන ඔහු පසුව ඉන් නිදහස් වේ. ඊට විනිසුරුවරයාගේ වෙනස් වීම මෙන්ම තවත් කරුණු ගණනාවක් බලපායි. එවැනි සිද්ධියකට අදාලව නිර්මල්ගේ බුද්ධිමය මැදිහත්වීම කෙසේදැයි දැනගැනීම වටී.

අපගේ දේශපාලන ප්‍රවේශය වන්නේ නීතිය අභ්‍යන්තරිකව ප්‍රශ්න කිරීම හෝ අභ්‍යයන්තරිකව විචාරයට ලක් කිරීම නොවේ. නමුත් සමස්තයම ප්‍රශ්න කිරීම සහ ප්‍රතික්ෂේප කිරීමයි. නමුත් අපගේ දේශපාලන ප්‍රවේශය තුල නිර්මාල් හෝ වෙනත් කිසිඳු බුද්ධිමතෙකුට "බුද්ධිමය මැදිහත් වීම්" සඳහා ප්‍රවේශයක් හෝ ඉඩක් නොමැත. එනම් "බුද්ධිමය මැදිහත් වීම්" පවතින්නේම පවතින තත්වයේ ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් සහ පවතින තත්වයේ අංගෝපාංග සඳහා පරිකල්පනීය විකල්ප යෝජනා වීම තුලය. ඒ අනුව නිර්මල්ට දිගින් දිගටම මෙසේ "මනුෂ්‍යත්වය" වෙනුවෙන් පෙනී සිටිය හැකිය.

central park five promo 15106510

 

එවැනි බුද්ධිමය මැදිහත්වීම් තුලින් එවැනි අයට නිරාමිස සුවයක් විඳිය හැකි වන්නේ, අපගේ බුද්ධිමය මැදිහත්වීම විසින් නිකරුනේ මරණ දණ්ඩනයට ලක්විය හැකිව තිබූ කිහිප දෙනෙකු හෝ බේරාගත හැකි වූ බව වැනි සිතුවිලි තුලය.

මෙවැනි වාම නෂ්ටාවශේෂ තව තිබේ. ඒවා නම්: එන්නත්කරණයෙන් කිහිපදෙනෙකු හෝ බේරාගැනීමට දඟලන Maduwantha Liyanawatta වැනි අය, මහපොළොවට හොඳක් කිරීම වෙනුවෙන් තම සුළු දායකත්වය හෝ සපයා අධ්‍යාත්මික සුවයක් විඳින Ruwan Basnayake වැනි අය, "ජාතික ජන බලවේගය" වෙනුවෙන් වැඩ කරන නිර්මාල්, Pradeep Jayarathne, වංගීස, සුමිත්, Vidarshana Kannangara, ප්‍රභා-බුද්ධික වැනි අය ය.

ඔවුන් එමගින් බලාපොරොත්තුවන්නේ රටට, දුක් විඳින ජනතාවට, අධ්‍යාපනයට, පරිසරයට, නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, කෘෂිකර්මාන්තය ඇතුළු අනෙක් සියලු ක්ෂේත්‍රයන් වෙනුවෙන් තම විශේෂඥ දායකත්වය මෙන්ම බුද්ධිමය දායකත්වය සැපයීම වැනි කටයුතු සිදු කිරීමයි. ඒ මේ යුගයේ වම්මුන්ගේ බැරෑරුම් දේශපාලනයයි. ඔවුන්ගේ කැපවීම ලෝකයට තම බුද්ධිමය මැදිහත්වීමෙන් යම් කිසි හෝ යහපතක් සිදු කිරීමයි. අප නම් එවැනි ගුණ යහපත් මිනිසුන් නොවේ. අපට එසේ වීමට අවශ්‍යද නැත.

 

@Spartacus.lk

නවතම ලිපි