SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සත්තු පළමුව අනෙකාව ඉවකරනව. ඒ නිසා සත්තුන්ට දෙවනුව ඉව ඇතුලෙ ලෝකයේ ගැලපීම් හමුවෙනව.

මිනිස්සු පළමුව තමන්ව අර්ථ ගන්වනව ඒ නිසා මිනිස්සුන්ට ලෝකයේ නොගැලපීම් හමුවෙනව. මීමැස්සො කුහුඹුවන්, පක්ෂින්, මත්ස්‍යයයින්, අලි ඇතුන් සාමූහිකව එකම ගැලපීමක රෑන් ලෙස පවතින්නෙ ඒකයි. එනිසා ඔවුන් ඔවුන්ට එකඟව පැවැත්ම සාක්ෂාත් කරනව.

කුරුළු රෑනක් තුළ වෙන් වෙන් වූ හැසිරිම් ඇති විහඟුන් ප්‍රමාණාත්මකව හඳුනාගන්න අපහසු වෙන්නෙ ඇයි? ඔවුන් සියල්ලෝ සමාන චලන හැසිරිම් හා පුරුදු හුවා දක්වනව. කොතරම් මානව ඇස තියුණු වුවත් කුඹියෙකු ගෙන් කුඹියෙකු වෙන් කරගන්න මිනිස්සු අසමත් වෙනව.

bird1

සත්තුන්ට වෙන් වෙන් චරිත පවතින්නෙ කතාන්දර සාහිත්‍යයෙහි පමණයි. ඒ බොහෝ කතාවල සත්තු පූර්වාදර්ශ උපමා ලෙස ගෙන හැර දක්වා තියනව.ඒ තරම්ම මිනිස්සුන්ට සත්ව හැසිරිම් උපමා රැගෙන ඇවිත් තියනව.

ඔවුන් එකම හැඩයක වරල් සරනව , ඔවුන් එකම රටාවක පියාපත් සලනව. එකම හඩකින් කැ ගහනව. එකම වර්ණයක හැඩයක පෙනී සිටිනව. ඒ නිසාම එකම සත්ව කොට්ඨාසයකගේ හැසිරිම් වෙන් කර දක්වන්න බැරි නිසා මිනිස්සු විසින් සත්ත්වයින් සමුහ රෑන් පන්ති, රංචු ලෙස නම් කරල නිකන් ඉන්නව.

වටු කුරුළු කතාවෙ දැල මට මතක් වෙනව. ලෝකයේ වැඩිම ළමා කතා සත්තුන් එක්ක සබැදි වෙනව.

සත්තු මෙතරම් වැදගත් වෙන්නෙ ඇයි? ඒ සමාන වූ හැසිරිම් මත ඔවුන් එකම රටාවක අභියෝග ජය ගන්න නිසා.

සමාන චලන වේගයේ ශක්ති න්‍යාය සත්තුන්ගෙන් මිනිස්සුන්ට ඉගෙන ගන්න වෙලා තියන නිසා.

bird2

කෙසේ නමුත් සත්ව ඉවට වඩා මානව හඳුනා ගැනිම් වෙනස්ව පවතිනව. මිනිස්සු අනෙකාව නම් කරල තමන්ව ඊට ප්‍රති පක්ෂව ස්ථානගත කරනව. එනිසා අර්ථ ගැන්වීම් ඇතුලෙ මිනිස්සුන්ට ලෝකයේ නොගැලපීමි හමුවෙනව. එනිසා කොතරම් ජනාවාස ඇතුලෙ මිනිස්සු එකට වාසය කරන්න සම්මුති ගතව ට්‍රයි කලත් - සබඳතා තුළ මිනිස්සු සිය අනෙකාට දුරස් වෙනව. මිනිස්සු හැම මොහොතකම තමාගෙන් අනෙකා වෙන්කර ගන්න අර්ථ නිරූපන රැගෙන එනව.ඒකට සිය අනන්‍යතා නඩත්තු කරනව. එනිසා මානව සංස්කෘතින් තුළ සත්තුන්ට වඩා මිනිස්සුන්ට මිනිස්සු පිළිබඳ විවේචන වැඩි. තරගය සහ ප්‍රතිවිරෝධය වැඩි. ඕනෑම මානව සබඳතාවයකම කෙලවර අනෙකා පිළිබඳ අවිඥානික කුහුලක් සහ සැකයක් පවතිනව. සත්ත්ව කියන පොදු විෂයය තුළ වැඩිම විකෘතිමය හැසිරිම් පවතින්නෙ මානවයාට. ඒ නිසා මනෝ විද්‍යාව වඩාත් සංවර්ධනය වුනේ් මිනිස්සු කේන්ද්‍ර කර මිස සත්ත්වයින් සුවපත් කරන්න නොවේ.

bird3

ඔවුන්ට සිය හිමිකම් පිළිබඳ අර්බුදය ,අසමානතා පිළිබඳ ගැටළුව උත්පාදයේ සිට මරණය දක්වා පවතිනව. මිනිස්සු අස්වාභාවික චාරිත්‍ර ඇතුලෙ සමාන විම අගයනව. සාමුහිකත්වය , සාමය පිළිබඳ දින සැමරුම් ඔවුන් සංස්කෘතිකව රැගෙන එනව.

මිනිස්සු තමන්ගේ උපත ද විපත ද එකසේ සමරනව.

ඉතිං සැමරුමක් අවශ්‍යවෙන්නෙම නැති එකක් නඩත්තු කිරිමට මිස තියන එක රැකිමට නොවේ. සැමරුම් සංස්කෘතිය වඩාත් සක්‍රිය සමාජ වඩාත් හිස් සමාජ වෙනව. ඒක අර්ථ ගැන්විම් ඇතුලෙ අසරණ වූ පැටළුන මිනිස්සු තමන්ගේ ෆැන්ටසිය පාරමින් ලබන වින්දනයක්.

bird6

මිනිස්සු කොතරම් සමානතා , එකඟතා , මිත්‍රශීලීතා පිළිබඳ කවි රචනා , වැකි ,නිබන්ධන ලිවත් - ඒ හැම තැනකම පවතින්නෙ සාමූහික බව පිළිබඳ ඔවුන් සතු ප්‍රාථමික භාවිතයයි. විද්‍යාත්මක දියුණුබවක් ගැන කොතරම් උදම් ඇනුවද ,සත්ව ඉව තරම් මානව අර්ථගැන්ව්ම් අතිශය ප්‍රථමික තලයක පවතින්නෙ ඒ නිසයි.

ලෝකයේ වඩාත්ම බෙදිම් පිළිබඳ න්‍යායන් හා මතවාද පවතින්නෙ සතුන් පිළිබඳ නොවේ . මානව හැසිරිම් පිළිබඳ වීම එයට ඇති සාක්ෂියයි.

(සත්ත්ව හැසිරීම් පිළිබඳ අධ්‍යයනයක හා පර්යේෂනයක සිටින අදරැති විශ්ව විද්‍යාල සගයෙකුගේ මුණ ගැසිමක ප්‍රතිඵලක් මත වූ කතා බහකි)

නවතම ලිපි