SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වාමාංශික සිතීම සහ බුර්ෂුවා සිතීම අතර වෙනස කුමක්ද යන්න පිළිබඳව අප විවිධ අයුරින් අදහස් ඉදිරිපත්කොට ඇත.

නමුත් එය මතු කියවෙන ආකාරයෙන් විමසා බලා ඇති අවස්ථා දුර්ලභය. උදාහරණයක් සඳහා ''Colombo cats'' නමැති පොෂ් නාගරික කණ්ඩායම පිළිබඳව විමසා බලන්නේ නම්, ඔවුන් විසින් බෞද්ධ දර්ශනයේ සම්ප්‍රදායක් පදනම් කරගනිමින් දිගින් දිගටම විඥානවාදී අදහස් දැක්වීම් සිදු කරමින් සිටී. ඒවායේ පැටලෙන ප්‍රධානතම කොටස් දෙක වන්නේ තකතීරු සහ මෝඩ වාමාංශිකයින්ය (අධ්‍යතන තකතීරු වමේ උච්ඡතම ප්‍රකාශනය වික්‍රමභාහු(Vama Bahu) නම් මෝඩ වමේ උච්ඡතම ප්‍රකාශනය වන්නේ Pubudu Jayagodaය).

පහතින් දක්වා ඇත්තේ "Colombo cats'' ප්‍රකාශයකි.

cats 1

ඔවුන් මාක්ස්ගේ ඡායාරූපයක මෙසේ ලියා ඇත. "රට, ජාතිය, ආගම ආදී වශයෙන් වන දෘෂ්ටිවාදයන්ගෙන් බැහැර වූ පසුව ධනවාදය නමැති අතිශය අයුක්තිසහගත යථාර්තය ඔබට මුණගැසෙනු ඇත".

ඒ සමගම බුද්ධ ප්‍රතිමාවක ඡායාරූපයක මෙසේ ලියා ඇත. "මමත්වය, මානය, ඇලීම නිසා හටගන්නා වූ දෘෂ්ඨීන් බැහැර කරන්න. එවිට ඔබට ස්වභාවය නමැති බියකරු වූ පැවැත්ම මුණ ගැසෙනු ඇත".

මාක්ස්වාදයට අනුව සහ අදාළ බෞද්ධ දාර්ශනික සම්ප්‍රදාය තුල ඉහත ප්‍රකාශයන් දෙකෙහි කරුණුමය නිරවද්‍යතාවය පිළිබඳව සැලකිල්ලක් නොදක්වමින් ඒවායෙහි ප්‍රකාෂමානය තුල විශ්ලේෂණයට ලක්කළ හොත් පෙනී යන්නේ "සත්‍යය" ප්‍රකාශ කරනුයේ මාක්ස් නොව බුදුන් බව ''Colombo cats''කට්ටිය පැවසීමට උත්සාහ දරන බවය."

ඉහත ප්‍රකාශයන් දෙකට අදාලව සංවාදයක් ආරම්භ වී ඇත (පහතින් දක්වා ඇති සබැඳියාවේ කොමෙන්ටු කියවන්න). එම සංවාදය මෙන්ම මෙවැනි ප්‍රකාශයන්ට අදාලව ඊට පෙර ඇති වූ සංවාද වලදීද ප්‍රකාශ වී තිබූ අදහස් එක සමානය.

එයට ප්‍රතිචාර දක්වන එක් අයෙකු ප්‍රකාශ කොට සිටින්නේ ලංකාව ඩෙන්මාර්කය මෙන් ගොඩනැගිය හැකි නම් කල හැකි උපරිමය එය බවය.

happy 3

තකතීරු වාමාංශිකයින්ට අනුවද සමාජවාදයට පෙර ධනේශ්වර සංවර්ධනය සිදු වීම අනීවර්යතාවයකි. නමුත් ඩෙන්මාර්කයේ (නොර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්ඩතය වැනි....) තත්වය සමාජවාදය පිළිබඳව කතා කරන්නන් හට ප්‍රශ්නාර්තිකයක් ඇති කරන්නකි. කෙසේ වෙතත් තකතීරු වාමාංශිකන්ගේ උපරිම ප්‍රකාශනය වන්නේ ධනපති ප්‍රජාතන්ත්‍රවාදය ඉහි ශුද්ධ වූ ආකාරයෙන් පිහිටවිය යුතු බවය. නමුත් ඉන් වඩාත්ම රිදෙනුයේ මෝඩ වාමාංශයටය. මෝඩ වාමාංශිකන් සඳහා ධනේශ්වර සංවර්ධනය උපරිම වීම න්‍යායික ස්ථාවරය වුවද, ඔවුන්ගේ සියලු ප්‍රකාශනයන් සහ ක්‍රියා මෙහෙයවන අවිඥානය එය වුවද ඔවුන්ගේ න්‍යායික-දේශපාලන ස්ථාවරයට අනුව එය එසේ ප්‍රකාශ නොකළ යුතුය.

තකතීරු සහ මෝඩ වාමාංශිකයින්ට අනුව "මනුෂ්‍ය වර්ගයා" පෙලන සකල විධ ප්‍රශ්න වලට හේතුව වන්නේ ජීවත් වීමට අවශ්‍ය සම්පත් (පාරිභෝගික භාණ්ඩ සහ සේවා) හිඟ කම, ඒවා දිගින් දිගටම දියුණු වීම සිදු විය යුතු වීම සහ ඒවා එක සමානව සියලු දෙනා අතර බෙදී නොයාමය. එය තවත් අකාරයකින් පැහැදිලි කරන්නේ නම්, අදාළ සම්පත් අවශ්‍ය ප්‍රමාණයට ඇති වීමට නම් ධනේශ්වර සංවර්ධනය උපරිම වී තව දුරටත් එම සම්පත් සංවර්ධනය කිරීමට සහ සමානව බෙදී යාමට සැලැස්වීම සඳහා ධනවාදය අපොහොසත් වන තත්වයට පත්වීම විසින් සමාජවාදී විප්ලවයට මග පාදයි. එනම් ඊළඟ "අනීවාර්ය සමාජ ක්‍රමය" වන සමාජවාදය පැමිණීමේ අනීවර්යතාවය ඇති වන්නේ ධනවාදී සංවර්ධනයේ එම අපොහොසත්කම නිසාය.

happy 4

ඒ අනුව ඉහත Colombo cats ප්‍රකාශ දෙකට අදාලව ඇති වී ඇති සංවාදය තුල එක් පාර්ශවයක් කියා සිටින්නේ නොර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය වැනි රටවල් දියුණු තත්වයේ ඇති බවත්, සියලු දෙනා අතර සම්පත් සමානව බෙදී යාමට සලසා ඇති බවත්, එබැවින් එහි ජනයා ප්‍රීති-ප්‍රමෝදයෙන් ජීවත් වන බවත්ය. එවිට අනෙක් පාර්ශවය කියා සිටින්නේ එවැනි තත්වයක් මේ වන විට එම රටවල් වල නොමැති බවත්, අදාළ තත්වය ඇතිකොට ගෙන තිබුනේ එම රටවල බහුජාතික සමාගම් විසින් පරිධියේ රටවල් සූරාකෑම නිසා බවත්ය. එවිට එම ප්‍රකාශයේ සරල අන්තර්ගතය වන්නේ, එම රටවල් විසින් ඉතා හොඳ ජීවන තත්වයක් ඇතිකොට තිබුනා වුවද (සතුට සඳහා අවශ්‍යතාවය එය බව සමාජවාදීන් විසින් එහි දී පිළිගන්නා අතර ඔවුනට අනුව එම රටවල් විසින් එය සාක්ශාත් කොටගෙන තිබින්නේ පරිධියේ රටවල් සූරාකෑම විසිනි) සිදුව ඇත්තේ ධනවාදය අර්බුධයට යාම සහ සූරාකෑමය (සත්තකින්ම ඒ දෙකෙන් එකක්වත් ඔවුන් බලාපොරොත්තු වන අකාරයෙන් නොමැත).

මෙහිදී වැදගත්ම කාරණය වන්නේ වාමාංශික සහ වාමාංශික නොවන යන පාර්ශව දෙකටම අදාළ මහා පොදු සාධකය පිළිබඳව විමසා බැලීමය. එනම් මිනිසුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය සම්පත්වල ස්වභාවයක් (නිශ්චිතව අවශ්‍ය ප්‍රමාණයක් සහ ඒවායේ ඊට අදාළ සංවර්ධනීය තත්වයක්) සහ මාත්‍රාවක් ඇති බවය (ඒ තත්වය ඇතිකොට ඇත්තේ විද්‍යාවේ දියණුව විසිනි). එම සිතීමට අනුව අදාළ සම්පත් වල සංවර්ධනයට (යම් නිශ්චිත කාලයකට අදාලව ඔවුන් විසින් පවසන තත්වය) පෙර සිටි මිනිසුන් ඉතා අවාසනාවන්තය. තව දුරටත් සලකා බලන්නේ නම් වාසනාවන්ත පරිපූර්ණ මිනිසා කෙදිනක ජීවත්වීම ආරම්භ කරයිද යන්නම එම සිතීමට අනුව ප්‍රශ්නයකි (ජීවිතය තීරණය වන්නේ සම්පත් වල සංවර්ධනය විසින් නම්). එවිට දෙපාර්ශවය අතර ආරවුල වී ඇත්තේ ඩෙන්මාර්කය වැනි රටවල කලක් එසේ තිබුනද වර්තමානයේ එය අර්බුධයට ගොස් ඇති බව පෙන්වීමට සහ කොතරම් දියුණුවක් අත්කොට ගෙන තිබුනද සම්පත් එක සමානව සියලු දෙනා අතර බෙදීයාම සැලැස්වීම සහ සියලු දෙනාට එක සමානව බුක්ති විඳීමට අවශ්‍ය සම්පත් ප්‍රමාණය නිෂ්පාදනයට ධනවාදය අසමත්ය යන්න මතය.

එනම් දෙපාර්ශවයම පවසන්නේ සම්පත් තිබේ නම් ජීවිතේ මල් යන්නයි.

happy 2

නමුත් Colombo Catsලාට අනුව එය සේ නොවේ. ඔවුන්ට අනුව පවතින්නේ සම්පත් තිබීම හෝ නොතිබීම අතර ප්‍රශ්නයක් නොව එවැනි භෞතික තත්වයන්ට අදාළ නොවන හුදු විඥාන මූලික ප්‍රශ්නයකි. එනම් ඔවුනට අනුව ප්‍රශ්නය විසඳා ගත යුත්තේ "මම" තුලය. ප්‍රශ්නය වී ඇත්තේ මමත්වය, මානය, ඇලීම ආදිය නිසා හටගන්නා දෘෂ්ටිවාදයන්ය. ඔවුන්ගේ එම බෞද්ධ ස්ථාවරයට අනුව දෘෂ්ටිවාදයන් ඇතිවීමට සහ පැවැත්මට අනෙකා අදාළ නැත. ඔවුනට අනුව එම දෘෂ්ටිවාදයන් වෙතින් මිදුන කල "බියකරු ස්වභාවය" මුණ ගැසේ.

නැවතත් දෙපාර්ශවයේ වෙනස තවත් ආකාරයකට සලකුණු කරන්නේ නම් ලිබරල් සිතන්නන් සහ වාමාංශික සිතන්නන් භාණ්ඩ සහ සේවා වල දියුණුව සහ ඒවා සාමනව සෑම දෙනා අතර බෙදී යාම නමැති අත්පත් කොට ගැනීම විමුක්තිය ලෙස භාරගන්න විට ඒවා තිබීම හෝ නොතිබීම අදාළ කොට නොගනිමින් Colombo Catsලා දෘෂ්ටිවාදයන්ගෙන් මිදීම විමුක්ති මාර්ගය ලෙස භාරගෙන ඇත.

එනම් එක් පාර්ශවයක් අත්කර ගැනීම විමුක්තිය ලෙස භාරගන්නා විට අනෙක් පාර්ශවය අත්මිදීම විමුක්ති මාර්ගය ලෙස තෝරාගෙන ඇත.

happy 5

දැන් ප්‍රශ්නය වන්නේ ඇති තරම් සම්පත් ඇති ජීවිත ගත කරන අය (පවතින සම්පත් වල උපරිමය දරා සිටින ජීවිත) Colombo Cats වැනි ආගමික ආස්තානයන් කරා ගමන් ගන්නේ ඇයිද යන්නයි. එසේම ඉහත සඳහන් කල නොර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය වැනිරටවල පාරිභෝගික භාණ්ඩ සහ සේවා උපරිමයෙන් තිබියදී එම රටවල මිනිසුන්ගේ ජීවිත අර්බුධයට ගොස් ඇත්තේ ඇයිද යන්නයි (එසේ අර්බුධයට ගොස් නැතැයි කිසිවෙකු පවසන්නේ නම් ඒවා පෙන්වා දීමට අපට හැකිය). එම අර්බුධයට යාම නිසා එම රටවල මේ වන විට නැවත සම්ප්‍රදාය වෙත ගමන් කල යුතුය යන්න, ආගම් කරා යොමු වීම, විශේෂයෙන්ම බුද්ධාගම ජනප්‍රිය වීම, භාවන කිරීම්, මනෝ විද්‍යාව වැනි දේ වෙත යොමු වීම සිදු වෙමින් පවතී.

ප්‍රශ්නය ඇත්තේ භාණ්ඩ සහ සේවා වල නම් ඒවා උපරිමයෙන් ඇති, එවැනි රටවල එසේ වන්නේ ඇයි?

ලංකාවම උදාහරණයට ගත්තත් යහමින් මුදල් හදල් ඇති අයගේ ජීවිත සාමාන්‍ය මිනිසුන්ගේටද වඩා අර්බුධයට ගොස් ඇත්තේ ඇයි?

ඒ ලෝකයේ සිටින උපරිම ධනපතීන්ට පවා තිබෙන සම්පත් තවමත් පරිපූර්ණ මිනිස් ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් නොවන නිසාද?

ඉහත ප්‍රශ්න වලට තකතීරු සහ මෝඩ වාමාංශිකයින් හට පිළිතුරු තිබේද ?

පසු සටහන :

ඉහත සටහනට අදාලව අනීවාර්ය වශයෙන් අවධාරණය කල යුතු දෙයක් තිබේ. ඒ X කණ්ඩායම සහ එයින් කැඩී බිඳී ගොස් සිටින දැනට දේශපාලනය තුල සිටින අය සහ X කණ්ඩායමේ සම්ප්‍රදාය තුලින් බිහි වී ඇති කිහිප දෙනා පිලිබඳවය.

සුමිත් චාමින්ද-විදර්ශන කන්නගර සහ විමුක්ති ව්‍යාපාරය වැනි එහි අවශේෂ නිෂ්පාදන, වංගීස සුමනසේකර, භූපති නලින් වික්‍රමගේ, ප්‍රභා මනුරත්න වැනි අය ඍජුවම මනොවිශ්ලේෂණය තම ඉදිරිපත් කිරීම් සඳහා යොදා ගනී. ඒ දීප්ති කුමාර ගුණරත්න විසින් ඉදිරිපත් කරන ලද මොනොවිශ්ලේෂණය නමැති අටමගල ඉදිරිපත් කිරීම් ආකෘතිය තුලයමය. ඔවුන් දීප්තිගෙන් අබමල් රේණුවක තරම් වත් වෙනසක් නොමැත. දීප්තිගේ ඒ බොහෝ ඉදිරිපත් කිරීම් අවබෝධාත්මක ලෙස මෙන්ම කරුණුමය වශයෙන්ද වැරදි සහගත වන අතර ඒවා ඉදිරිපත් කෙරුනේ සිනමාව, සිනමා විචාරය, නාට්‍යය, නවකතා-කෙටි කතා, කාව්‍ය වැනි කළා නිර්මාණ වලට අදාලවය. ඉහත නම් සඳහන් කල අයද ක්‍රියාත්මක වන්නේ එහිම දිගුවක් ලෙස වුවද ඒ කිසිවෙකුටත් දීප්ති කුමාර ගුණරත්න සමයේ තිබූ සෞභාග්‍යයේ අහලකට හෝ පැමිණීමට නොහැකිව ඇත. ඊට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ප්‍රධාන වශයෙන් සිනමාව ඇතුළු කලාව සමාජය තුලින් ක්‍රමක්‍රමයෙන් වියැකී ගොස් කොළඹ කේන්ද්‍රීය සුළු සංවාදයක් ලෙස පමණක් ඉතිරිව ඇති තත්වයක් උදා වීමත්, ඔවුන් කෙතරම් උත්සාහ කලද විශ්ව විද්‍යාල තුල පවා එවැනි සංවාද වලට ඉඩ කඩ විවර නොවන තත්වයක් ඇති වී තිබීමත්ය. කෙසේ වෙතත් විපරීත කලාව එසේ වියැකීම ඉතාම හොඳ තත්වයකි.

ඒ අනුව දීප්තිට මෙන් රට පුරා පිරිසක් ගොඩනගා ගැනීමට නොහැකි සහ උත්සාහ නොකරන දීප්ති මෙන් කතා කරන, දීප්ති මෙන් ඉදිරිපත් කිරීම් කරන, මෙම පොඩි දීප්තිලා හට තම මාන්නක්කාර කටයුතු සඳහා බලයක් ගොඩනගා ගැනීම සඳහා ඇති එකම විසඳුම ඇත්තේ කලානුරූපිව මෝඩ වමේ ප්‍රධාන නියෝජනය වන ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ එල්ලී සිටීමය. ඒ හැරුන විට එසේ වීමට ඇති අනෙක් ස්ථානය වන්නේ කොළඹ විශ්ව විද්‍යාලය සමග සම්බන්ධ කම් පවත්වා ගැනීමය.

එනම් මැතිවරණ කාලයට ජ.වි.පෙ. ද උද්ගෝෂණ කාලයට පෙ.ස.පෙ ද ඒ දෙකම නැති කාලයට (මේ අයගේ නත්තල වන්නේ සාහිත්‍ය මාසයයි) සංස්කෘතික-දේශපාලනයෙහි (සිනමා, කලා විචාර, දාර්ශනික අධ්‍යයන සහ දේශනා) නිරත වේ.

දැන් ප්‍රශ්නය වන්නේ අප ඉහත සිදු කොට ඇති ඉදිරිපත් කිරීම සහ ඊට අදාළ ප්‍රශ්න මෝඩ වාමාංශය සමග පෑහෙන මේ අය ඉහත ප්‍රශ්න අදාළ කොට ගන්නේ කෙසේද යන්නයි (විශේෂයෙන්ම තම ඉදිරිපත් කිරීම් සඳහා මනොවිශ්ලේෂණය යොදාගන්නා අය).

සත්තකින්ම මෝඩ සහ තකතීරු වාමාංශික දේශපාලනයේ නිරත වන අය මේ ඉහත නම් සඳහන් කල තක්කඩි රැලට වඩා දහස් ගුණයක් අවංකය. එම තක්කඩින් විසින් සිදු කරනුයේ ඔවුන් පාවිච්චි කිරීමය. ඒ අතරිනුත් එය උපරිමයෙන් කරන පාහරයා වන්නේ ප්‍රංශයට ගොස් දාර්ශනිකයෙකු වීමට සිහින දකින වංගීස සුමනසේකරය. ඔහුට පමණක් දෙවෙනි අනෙක් පාහරයා වන්නේ රාජ්‍ය උපදේශකයෙකු වීම සඳහා පෙරුම් පුරන සුමිත් චාමින්ද ලීලරත්නය (ඔහුගේ සිහිනය දයාන් ජයතිලක කෙනෙකු වීමය).

නවතම ලිපි