SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"ස්ත්‍රිය යනු රෝග ලක්ෂණයකි". වඩාත් පැහැදිලිව පවසන්නේ නම් ස්ත්‍රියක් යනු පිරිමියෙකුගේ රෝග ලක්ෂණයකි.

එම අර්ථයෙන් ස්ත්‍රියට පිරිමින්ගේ චෛතසික ආර්ථිකය වෙත ඇතුල්විය හැක්කේ ෆැන්ටසි වස්තුවක් ලෙස පමණි, ෆැන්ටසි වස්තුව යනු කිසි දා අත්පත් කොට ගත නොහැකි දෙයි.... object petit (a)....

ස්ත්‍රීවාදීන් හෝ ස්ත්‍රීවාදිනියන් ලෙස හඳුන්වා ගන්න අමන හැත්තට අනුව ස්ත්‍රීන් හට විමුක්තිය ලැබිය හැක්කේ පිරිමින් හා සමාන වීමෙනි (නමුත් එම සමාන වීම යනුද රෝග ලක්ෂණයේ වර්ධනයකි ). එනම් පිරිමින් කරන රැකියා, ක්‍රියාකාරකම්, මත් පැන් පානය, සිගරැට් බීම, ඇඳුම් පැළඳුම්, ගස් නැගීම, වාහන එළවීම, මෝටර් සයිකල් පැදීම වැනි තවත් බොහෝ දේ (මෙහි උපරිමයට පැමිණි ස්ත්‍රීන් පිරිමින් මෙන් තමන්ද බඩු ගසන බව පවසමින් පිරිමින් සමග නිදා ගනිති. නමුත් ඔවුන්ට නැවතත් එසේ කිරීමට හැකි වන්නෙම පිරිමියාගේ රෝග ලක්ෂණය වීමෙන්මය.) පිරිමින් හා සමානවම සිදු කිරීමට යාම තුල ස්ත්‍රී විමුක්තිය අත්පත් කොට ගත හැකිය යන්න ඔවුන්ගේ ස්ථාවරයයි.

 

මාධව 1

කොම්යුනිස්ට් ප්‍රකාශනය කියවන ග්‍රයිම්ස්...

කෙසේ වෙතත් ඉහත සඳහන් කල සියල්ල තුල ස්ත්‍රියක් බවට පත්වන්නේ නම් ඇය අනීවාර්ය ලෙස පිරිමියාගේ ෆැන්ටසි වස්තුව බවට පත්විය යුතුමය (එකී සමානත්වය අත්පත් කොට ගැනීම යනුම නැවතත් පිරිමියාගේ ආශාවේ වස්තුව බවට පත් වන තත්වයක් බවට පත්ව ඇත). නැතිනම් එහිම ඊට එහා ගිය විපරීතභාවයක් කරා ගමන්කරනු ඇත. එවිට පිරිමියා යනු උග්‍ර රෝගියෙකි.

රාජ්‍යය යනු ස්ත්‍රියගේ නිර්මාණයක් නොවේ. ඒ අර්ථයෙන් ස්ත්‍රීන් යනු හුදෙක් එම පුරුෂ නිර්මාණය නඩත්තු කිරීමට පුරුෂයාටත් වඩා වැඩියෙන් සේවය කරන්නන් පමණි.

 

මාධව 12

 

ඒ අනුව දියුණුව, සංවර්ධනය, ලෙස අප අත්විඳිනුයේ වක්‍රව ගතහොත් ලුබ්ධිමය ආර්තිකයේ වුර්ධීන්ය. මහා මාර්ග, වර්තමාන නිවාස, වාහන, පාරිභෝගික භාණ්ඩ හා සේවාවන්, දැනුම, අධ්‍යාපන මට්ටම්, ශරීර ස්වභාවයන් සකසා ගැනීම, ඇඳුම් පැළඳුම් වැනි තවත් එවැනි බොහෝ දෑ ඇතුළු සියල්ල පවත්වාගෙන යන්නේ රාජ්‍යය තුලය.

රජයේ රැකියා කරන්නන් යනු ඒ සියල්ල පවත්වා ගැනීමේ යාන්ත්‍රණයේ විවිධ දූරාවලීන්ය. එවිට 'ස්ත්‍රීවාදී' ස්ත්‍රී විමුක්තියේ' එක් ප්‍රධාන ඓතිහාසික කාරණයක් වන්නේ පිරිමියා හා සමාන ලෙස රාජ්‍යය සේවක 'අයිතිවාසිකම්' (රජයේ රැකියා) ඉල්ලා සිටීමේ ඉතිහාසයයි. ඒ අනුව ලංකාවේ නියෝජ්‍ය පොලිස් නෝනලා තුන් දෙනා යනු එහි එක් සන්ධිස්ථානයකි. ලංකාවේ පමණක් නොව එවැනි තනතුරු ලෝකයේ සෑම රටකටම අදාලව ගතහොත් වැදගත් සන්ධිස්තානයන්ය. නමුත් ලෝකයේ කිසිම රටක තවමත් යුධ, නාවික, ගුවන් වැනි හමුදා වල එවැනි වගකිවයුතු ප්‍රධානත්වයන් ස්ත්‍රීන්ට ලබා නොදේ (යම් මට්ටමක ඒවා ලබා දීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටී).

 

මාධව 6

 

වර්තමාන පිරිමියා ආශා කරනුයේ අධ්‍යාපනය (උගත්කම) දැනුම, සපිරි රූපලාවන්‍යාගාර වෙත නිරන්තරයෙන් යනනෙන ස්ත්‍රියටය. එසේ නොමැතිව පිරිමියෙකු ලෙස පොල් කඩන්නියකට නොවේ. එබැවින් රූපලාවන්‍යයට අදාළ විශාල ආර්ථිකයක් නිර්මාණය වී ඇත (එවැනි ආර්ථිකයන් නැවතත් ලුබ්ධිමයතත්වය ප්‍රතිමූර්ති ගත වීමකි).

ඒ අනුව සත්තකින්ම, සමස්ත මහා ආර්ථිකයේ මෙන්ම එහිද නිර්මාතෘන් පිරිමින් වන විට ස්ත්‍රිය යනු එයට සහභාගී වන්නා පමණි. නමුත් එම තත්වය විද්‍යාමාන වන්නේ ස්ත්‍රී විද්යාඥවරියන්, මහාචාර්යවරියන්, වෛද්‍යවරියන්, ඉන්ජිනේරුවරියන්.... වැනි ලෙස බස් ඩ්‍රයිවර්වරියන් දක්වා ස්ත්‍රී සහභාගීත්වයක් ලෙසය (ධනවාදයට හොඳින්ම අවශ්‍ය තත්වය). ඒ තත්වය එසේ විද්‍යාමාන වන විට වාම මෙන්ම ලිබරල්වාදීන් ද දිගින් දිගටම ඒ තුල ඉදිරියට යාම (නමුත් ස්ත්‍රීයට පොල් ගස් නැගිය හැකිය වැනි සටන් පාඨ නැති වීම නැවතත් පිරිමියාගේ ආශාවට අදාළ ප්‍රශ්නයකි) ස්ත්‍රී විමුක්තිය ලෙස වටහා ගැනීම ඛේදවාචයක් බව පෙන්වා දිය හැක්කේ ලකානියානු මනොවිශ්ලේෂණයට පමණි.

 

මාධව 5

 

ලකානියානු ස්ථාවරය වන්නේ, ස්ත්‍රීන්ට මෙන්ම පුරුෂයින්ටද විමුක්තිය ලැබිය හැක්කේ මින්ස් වාර්ගික සත්තාව අත්කොට ගැනීම තුලය යන්නයි. එනම් ස්ත්‍රිය ස්ත්‍රිය ලෙසත්, පිරිමියා පිරිමියා ලෙසත් (සමනය කල නොහැකි ප්‍රතීඝතාවය) සියලු ආකාරයේ පරාරෝපනයගෙන් මිදී, තහවුරු වීම තුල මිස ස්ත්‍රිය ධනවාදය තුල සිටිනා පිරිමියා වීමට යාමෙන් විමුක්තිය අත්පත්කොට ගත නොහැකිය යන්නයි.

උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් ළදරුවා අනීවාර්ය ලෙස මව සමග සිටිය යුතුය. ඒ ළදරුවාගේ අවශ්‍යතා සපුරාලීම සඳහාය. ළදරුවා මවගෙන් වෙන් කිරීම ඔහුට අදාළ වර්ධනීය විපරීතභාවයන්ට හේතු වේ. එසේ වන්නේ මව නොවන අයෙකු ළදරුවාගේ සත්කාර කරන්නා වීම තුල තම මවගෙන් ලැබෙන සත්කාර සහ ප්‍රතිචාර වලට වෙනස් තත්වයක් උද්ගත වීම තුලය.

 

මාධව 9

මව රැකියාවකට යා යුතුය යනු දරුවා බලා ගැනීමට සේවකයෙකු හෝ සේවා ස්ථානයකට භාර දිය යුතුය (වැඩිහිටියන් ඒ සඳහා පාවිච්චි කිරීම වාම මෙන්ම ලිබරල් ස්තාවරයන්ටද පටහැනිය, එසේ කලද මවගේ අවශ්‍යතාවය සපිරෙන්නේ නැත).

සරත් අමුණුගම මුදල් ඇමති සමයේ ඔහුගේ අයවැයක් තුලින් ප්‍රථම වරට ස්ත්‍රීන් සඳහා ප්‍රසූත නිවාඩු පූර්ණ වැටුප් සහිතව රජයේ නිවාඩු දින හැර, දින 80ක්ද, අර්ධ වැටුප් සහිතව තවත් දින 80ක්ද, අවශ්‍ය නම් වැටුප් රහිතව දින 80ක් ද ලෙස සංශෝදනය කරන ලදී. එකී අයවැය යෝජනාව පාර්ලිමේන්තුව තුල ඉදිරිපත් කල අවස්ථාවේ විපක්ෂ UNP මන්ත්‍රීවරුන් උසුළු විසුළු ස්වභාවයෙන් එයට දැඩි විරෝධයක් දක්වද්දී සරත් අමුණුගම විමසා සිටියේ "මේවා දියණු රටවල කරන දේවල් තමුන්න්නන්සේලා මේවටත් විරුද්ධද ? " යනුවෙනි (එතෙක් ස්ත්‍රීන් සඳහා ප්‍රසූත නිවාඩු ලෙස පැවතියේ දින 40ක් පමණි).

නොදියුණු - දියුණු සහ සම්බන්ධ ප්‍රතිපක්ෂය තුල නොදියුණු ලෙස හඳුනාගන්නා රටවල් සෑමදාම කරනුයේ දියුණු ලෙස හඳුනා ගන්නා රටවල් වල ප්‍රතිපත්ති අනුගමනය කිරීම පමණි. නමුත් දියුණු ලෙස හඳුනා ගන්නා රටවල් එවැනි ප්‍රතිපත්ති තුලට ප්‍රවේශ වී ඇත්තේ දැරිය නොහැකි ලෙස ඔවුන්ගේ සමාජයන් ව්‍යාකූලත්වයට පත් වීම හේතුවෙනි (මෙය නැවතත් ලිබරල්වාදීන් සහ වම්මුන් රෙදි උස්සගෙන බෙටි දාගෙන පැමිණෙන ස්ථානයකි. ඒ අනුව අවශ්‍ය නම් ඒ පිළිබඳව වෙනම සාකච්චාවක් කල හැකිය). එවැනි ප්‍රතිපත්ති යනු ඒ රටවල සමාජ ව්‍යාකූලත්වයන් සමනය කිරීම සඳහා මොනෝවිද්යාඥයින්, සමාජවිද්යාඥයින්, වැනි උගතුන් විසින් ලබා දී ඇති විද්‍යාත්මක නිර්දේශයන්ය. ඒ තවදුරටත් ධනවාදය පවත්වාගෙන යාම සඳහාය. නමුත් දින 240ක් තුලින් ඊට විසඳුමක් ලැබේද (ඉතාම සුළු පිරිසක් හැර අනෙක් සියලු දෙනා දින 80න් පසු සේවයට වාර්තා කරනු ඇත) ?

 

මාධව 7

 

විපරීතභාවය යනු ධනවාදය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නිෂ්පාදන-සේවා ආර්ථිකයක් වර්ධනීය ලෙස නිර්මාණය කරන තත්වයයි. උදාහරණයක් ලෙස විපරීතභාවයේ උපරිමම ස්ථානයක් වන සීරියල් කිලර්ලා ගතහොත් ඇමරිකාව වැනි රටවල ඒ සඳහාද විශාල ආර්ථිකයක් තිබේ. සිලිකන් වැලි ව්‍යාපාරිකයින් LGBTIQ+ 'ඓතිවාසිකම්' වෙනුවෙන් පෙනී සිටින්නේ නිකන් නොවේ ( ඔවුන් එසේ කරන විට පශ්චාත් මාක්ස්වාදීන් පවසන්නේ LGBTIQ+ පමණක් නොව විෂම ලිංගික නොවන ඕනෑම ලිංගිකත්වයක් වෙනුවෙන් සහ ඒවා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ද පෙනී සිටිය යුතු බවය ). ඒ අනුව විපරීතත්වය යනු ධනවාදයේ වර්ධනයට ඉතා හොඳ තෝතැන්නකි.

 

මාධව 4

 

දැන් අපට උසුළු විසුළු කරනා Nirmal Dewasiri වෙත පැමිණිය හැකිය. ඔහු සහ ඔහු සමග එකඟ වන සියලු දෙනාගෙන් අප විමසන ඍජු ප්‍රශ්නය මෙයයි.

1. ළමයාගේ 'අවශ්‍යතාවය' ඊනියා 'අයිතිවාසිකමක්' නොවී ස්ත්‍රියගේ 'අයිතිවාසිකම' (සත්තකින්ම නිර්මාණය කරන ලද අයිතිවාසිකම) 'අයිතිවාසිකමක්' වන යාන්ත්‍රනය කුමක්ද ?

2. ළමයාගේ 'අවශ්‍යතාවය' (නිදහස) අයිතිවාසිකමකින් යටපත් කිරීම හඳුනාගත හැක්කේ කෙවැනි තත්වයක් ලෙසද ?

ඒ අනුව ඉහත කෙටියෙන් විස්තර කරන ලද, ඉහත ආකාරයේ ස්ත්‍රී විමුක්තිය අත්පත් කොට ගැනීමේ උපරිමය සනිටුහන් වනු ඇත්තේ 'පශ්චාත් මනුෂ්‍ය' ව්‍යාපෘතිය තුලය. ඒ මනුෂ්‍ය ප්‍රජනනය සඳහා තව දුරටත් ලිංගික සම්බන්ධතා අවශ්‍ය නොවී යන්ත්‍රානුසාරයෙන් එය සිදු කිරීම තුලය (දැනට අනාවැකි පල කරන පරිදි ඉදිරි අවුරුදු 20-40 ඇතුලත එය ආරම්භ වනු ඇත).

ඊලන් මස්ක් විසින් තමන්ව හඳුන්වා ගන්නේ 'සමාජවාදියෙකු' ලෙසය. ඔහුට අනුව සමාජවාදය වෙත පිවිසිය හැක්කේ විද්‍යාව සහ තාක්ෂනය තුලිනි. කෘතීම බුද්ධිය එහි මස්තක ප්‍රාප්තිය බව ඔහු පවසයි.

ඊලන් මස්ක් වෙතින් බාගෙට වෙන් වී ඇති බිරිඳ වන ජනප්‍රිය ගායිකාවක වන ග්‍රයිම්ස්ට අනුවද කොම්යුන්ස්ට්වාදය කරා ලඟා විය හැකි මූලිකම මාවත වැටී ඇත්තේ කෘතීම බුද්ධිය තුලිනි. නමුත් ඇය කොමියුනිස්ට්වාදිනියක් නොවන බවද ඇය විසින් පවසයි.

 

මාධව 11

 

ලංකාව තුල ස්ත්‍රිය කාර්යක්ශ්‍යම ලෙස ධනවාදයට අවශෝෂණය කරගත් මෑත කාලීන හොඳම උදාහරණය වන්නේ ඉතාම කෙටි කලක් තුල ස්ත්‍රීන් මෝටර් සයිකල් පැදීමට හුරු වීමයි. ස්ත්‍රීවාදිනියන් සහ ස්ත්රීවාදීන් මෙන්ම ලිබරල් සහ වාම සිතන්නන්ටද අනුව මෙය ස්ත්‍රී විමුක්තියේ විශාල පියවරකි. නමුත් සත්තකින්ම සිදුව ඇත්තේ ස්ත්‍රීන් ද කාර්යසාධක ලෙස ප්‍රාග්ධන තර්කනය වෙත උරා ගැනීමය. සෑම ස්ත්‍රී විමුක්ති පියවරකම ඉරණම අනීවාර්ය ලෙසම එයයි. එනම් වඩ වඩාත් පුරුෂ රෝගය තුල සිර වීමය.

 

මාධව 10

 

නිර්මාල් හෝ වෙන ඕනෑම අයෙකු තවදුරටත් අපට එරෙහිව අදහස් ප්‍රකාශ කරන්නේ නම් ඉහත කෙටි සටහන තුල අප මතු කරන කාරනා නිෂ්ප්‍රභා කල හැකි තාර්කිතාවයක් ස්ථාපිත කල යුතුය. එසේ නොමැති නම් තමන්ද ඊලන් මස්ක්ගේ අඩිපාරේ යන අය බව පිළිගත යුතුය. එනම් නිර්මාල්ලාගේ බලාපොරොත්තුව පශ්චාත් මනුෂ්‍ය යුගයක්ද යන්නයි.

 

සංවාදයට විවෘතයි.

ඔබගේ ලිපි @LadyLeader.lk අපගේ ෆේස්බුක් පිටුව හරහා යොමු කරන්න.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි