SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ අල්කයිඩා ප්‍රහාරය නොහොත් 9/11 ප්‍රහාරය සිදුවෙලා මේ මාසයට අවුරුදු විස්සක් සම්පූර්ණ වෙනවා.

මේ මහා ඛේදවාචකය සිදුවන අවස්ථාවේ එවකට එක්සත් ජනපදයේ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් සිටියේ වොෂින්ටන් අගනුවරින් සැතපුම් දහස් ගණනක් ඈතින්. ඔහු එදින ෆ්ලොරීඩා ජනපදයේ සරසෝටාහි පාසලක උත්සවයකට සහභාගි වීමට නියමිතව තිබුණා.ඊට කළින් දින ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ වොෂින්ටන් සම්ප්‍රාප්තිය නිසා බුෂ් මහතාට ෆ්ලොරීඩා වෙත පැමිණීමට සිදුවුණේ බොහෝ රෑ බෝ වෙලා.

ජනාධිපතිවරයා සමඟ පැමිණි කුඩා කණ්ඩායමට එවකට ධවල මන්දිරයේ කාර්ය මණ්ඩල ප්‍රධානී ඇන්ඩෲ කාඩ් මහතා ද ඇතුළත්ව සිටියා. ඉතිහාසයේ ඇමෙරිකානු ජනාධිපතිවරකුට අසන්නට සිදුවු අභියෝගාත්මකම පුවත බුෂ් මහතාට දැනුම් දීමට සිදුවූයේ ඔහුටයි. මෙම ලිපියේ ඡායාරූපයේ දැක්වෙන්නේ එවකට මේ ග්‍රහලෝකය මත සිටි බලවත්ම පුද්ගලයා තිගැස්සී ගිය ඒ මොහොතයි.

 shanaka 3

 

ජනාධිපතිවරයා එදින උදෑසන සරසෝටා පාසලේ පළමු වසරේ දරුවන් ඉදිරියේ සැහැල්ලුවෙන් වාඩි වී සිටියා. පංතිභාර ගුරුතුමිය ජනාධිපතිතුමාට තමාගේ දරුවන්ගේ හැකියාවන් ප්‍රදර්ශණය කිරීමට තෝරාගෙන තිබුණේ "එළු පැටියා" නම් වූ පාඩමක්. දරුවන්ගේ දඟකාරකම් දැක සිනාසෙමින් සිටි ජනාධිපතිවරයාට කිසිවෙක් බාධාකරන්න ගියේ නැහැ. නමුත් ලෝක ඉතිහාසයේ තීරණාත්මක සිදුවීමක් ඒ මොහොතේ ඊට සැතපුම් දහස් ගණනක් ඈතින් සිදුවෙමින් පැවතුණා.

2001 සැප්තැම්බර් මස 11 වැනිදා උදැසන ලෝකයේ මහා නගරය වූ නිව්යෝක් හි දැවැන්ත ගොඩනැගිලි වලට ඉහළින් පැහැදිලිව හිරු පායා තිබුණා. නගරය කාර්යබහුල වෙමින් තිබුණේ කඩිගුලක් වගේ. ලෝකයේ බලවත්ම රාජ්‍යය වූ ඇමෙරිකා එක්සත් ජනපදයට එදිනත් සුපුරුදු රාජකාරී දවසක් වුණා.

ඒ අතරම ඇමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයක් වූ කැලිෆෝනියා ජනපදයේ සිට ගමන් අරඹා තිබූ American Airlines සහ United Airlines යන සමාගම්වලට අයත් මගී ගුවන් යානා දෙකක් වෙන් වෙන්ව නිව්යෝක් වෙත ළඟා වෙමින් තිබුණා. ඒ ගැන කාගෙවත් අවධානයක් යොමුවී තිබුණේ නැහැ. නමුත් කිහිපදෙනෙකු පමණක් දැනුවත්ව සිටි යම් භයානක සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. මේ ගුවන්යානා දෙකෙහිම පාලන බලය එතෙක් ලොව වැඩි ප්‍රසිද්ධියක් නොලැබූ අල් කයිඩා නම් ත්‍රස්තවාදී ජාලයේ ගුවන් නියමුවන් විසින් අත්පත් කරගෙන තිබුණා. ඉන් මොහොතකට පසුව මෙකී ගුවන්යානා දෙක නිව්යෝර්ක්හි ලෝක වෙළඳ මධ්‍යස්ථානය නම් වූ දැවැන්ත කුළුණු ද්විත්වයේ ගැටෙන්නට සැලැස්වා තිබුණා. ඒ ගුවන් යානා වල සිටි මඟීන් ද සමඟයි.

World Trade Center නම් වූ මේ මහල් 110කින් සමන්විත නිවුන් ගොඩනැගිලි ද්විත්වය පිහිටියේ නිව්යෝක් නගරයේ හදවත බඳු පහල මෑන්හැටන් ප්‍රදේශයේ. සුපිරි බලවතාගේ අභිමානය සමග අහස උසට නැගී සිටි මේ කුළුණු ද්විත්වය බිමටම සමතලා කරන්න ඔසාමා බින් ලාඩන්ට ගියේ හෝරාවක් වැනි කාලයක් පමණයි.

ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 2750ක්. තවත් 30000ක් පමණ තුවාල ලබා තිබුණා. මීට අමතරව අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් එදින තවත් ගුවන්යානා දෙකක් පැහැරගෙන තිබුණා. ඉන් එකක් පිහාසර කළේ ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වූ පෙන්ටගනයට දෙසටයි. පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් 184 දෙනෙකු මියගියා. ඉතිරි ගුවන්යානයේ සිටි මඟීන් ත්‍රස්තවාදීන් සමඟ සටන් කිරීම නිසා එය එහි ගමන් කරමින් සිටි මඟීන් 44 දෙනෙකු සමඟ පෙනිසිල්වේනියාවේ ගොවිපළකට කඩාගෙන වැටුණා. එහි ඉලක්කය වී තිබුණේ එක්සත් ජනපද සෙනට් සභාව හා පාර්ලිමේන්තුව රැස්වෙන වොෂින්ටන්හි කැපිටල් ගොඩනැගිල්ල බවයි පැවසෙන්නේ.

 

shanaka 2

ගොඩනැගිලි ද්විත්වය තිබූ භූමිය Ground Zero ලෙස නම් කර ඇති අතර එහි කිසිදු ඉදිකිරීමක් නොකරයි.

Photo-Shanaka Liyanagama 

 

මෙය ලෝක ව්‍යාප්ත ත්‍රස්තවාදයේ කූඨප්‍රාප්තිය සටහන් වූ අවස්ථාවයි. ඇමරිකා එක්සත් ජනපදය නමැති යුද දේශපාලනික දැවැන්තයාගේ හදවතටම එල්ල කළ මෙම ප්‍රහාරයෙන් සමස්ත ලෝකයම සලිත වී ගියා.

ඇන්ඩෲ කාඩ් මහතා විශ්‍රාම ගිය පසුව ඒ මොහොත පිළිබඳව ඔහුගේ මතකය අවදි කළේ මෙහෙමයි.

අපි සරටෝසාහි රිසෝට් හෝටලයට එන විට බොහෝ රෑ බෝවෙලා තිබුණා. ඒ අවට අමුතු දුර්ගන්ධයක් පැතිරී තිබුණා. දියවැල් වලට අහුවෙලා මියගිය මාළුන් වෙරළට ගොඩගසා තිබීම නිසා මේ අප්‍රසන්න තත්ත්වය ඇති වූ බවයි අහන්න ලැබුණේ.

පසු දා උදෑසන අවදි වුණාමත් මේ අප්‍රසන්න දුර්ගන්ධය පැවතුණා.ඒ ගැන මා බොහෝ සෙයින් සැළකිලිමත් වුණා. ජනාධිපතිතුමා කොහේ ගියත් උදේ පාන්දරින් දුවන්න යනවා. අපිරිසිදු වාතය නිසා එතුමා අසනීප වෙයිද කියා මට සැකයක් ඇතිවුණා. ජනාධිපතිතුමාගේ වෛද්‍යවරයාගෙන් මම මේ ගැන විමසුවා.

"නෑ නෑ එතුමා හොඳින්"

වෛද්‍යවරයා පැවසුවා.

පසුව මට ව්‍යායාම් සඳහා යන ජනාධිපතිතුමා මුණ ගැසුණා.

"පුදුම ගන්ධස්කාරයක් එළියෙ තියෙන්නේ ජනාධිපතිතුමනි. නමුත් වෛද්‍යවරයා කිව්වා ඔබතුමා හොඳින් ඉන්නවා කියලා. ඔබ ආපසු ආවම අපි බුද්ධි තොරතුරු හමුව සූදානම් කරන්නම්. අද ඔබට විවේකී දවසක් වේවි."

ජනාධිපතිතුමා ව්‍යායාම් කර ආපසු පැමිණි පසුව අපේ බුද්ධි හමුව පැවත්වුණා. ඉන් පසුව අපි ලිමොසින් වාහනයේ නැගලා පාසලට ගියා. එතැන සිටි අය අතර යම් කසුකුසුවක් ඇති වී තිබුණ බවක් පෙනී ගියා.

"කාට හරි ආරංචිද නිව්යෝක් වල ගුවන් අනතුරක් ගැන?"

සමහරු කතාවෙනවා. ඒත් වැඩි තොරතුරක් වාර්තා වෙලා තිබුණේ නැහැ. ශාලාවේ දොර අසළ ජනාධිපතිතුමයි, මමයි, විදුහල්පතිතුමයි සිටගෙන හිටියා. එතැනට ජාතික ආරක්ෂක මණ්ඩලයේ නිලධාරියෙක් පැමිණියා.

"සර්, නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුනක ඇන්ජින් දෙකේ පොඩි ප්ලේන් එකක් හැප්පිලා."

ඔහු කිව්වා.

"අපොයි! ඒක භයානක අනතුරක්. ගුවන් නියමුවාට හාට් ඇටෑක් එකක් හැදෙන්නැති."

මට එහෙම කියවුණා. ජනාධිපතිතුමාටත් එය ඇසුණා. ඒත් එක්කම පංති කාමරයේ දොර විවෘත වුණා. විදුහල්පතිවරයා විසින් ජනාධිපතිතුමාව කැඳවාගෙන ගියා. ශාලාවේ දොර වැසීගියා.

ඒ අතර ආරක්ෂක නිලධාරියා නැවතත් මා වෙතට ආවා.

"සර්.ඒක එන්ජින් දෙකේ පුංචි ප්ලේන් එකක් නෙවෙයි.කොමර්ෂල් ජෙට් එකක්."

"මොනවා" මගේ හිත ගැස්සුණා.මට එක් වරම මතක් වුණේ එහි ගමන් ගත් මගීන්ව. ඔවුන්ට දැනුණු බය වැනිම හැඟීමක් මටත් දැණුනා.

"අනේ ඒ අසරණයන් හිතන්න ඇති ප්ලේන් එක උඩට යනවා කියලා. ඒක භයංකර අත්දැකීමක්."

මට ඉබේටම කියවුණා. ඒ වෙනකොටත් මම හිතුවේ ඒක කාර්මික දෝෂයක් නිසා සිදුවූ අනතුරක් කියලයි.

ක්ෂණයකින් ආරක්ෂක නිලධාරියා නැවතත් පැමිණියා.

"දෙවියනේ."

ඔහුට කියවුණා. යම් විශාල දෙයක් සිදුවී ඇති බව මට ඉවෙන් මෙන් දැණුනා.

තවත් ගුවන් යානයක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අනෙකු කුළුණේ හැපී ඇති බව ඔහු කළබලෙන් කිව්වා. එසේනම් එය හදිසි අනතුරක් හෝ අහඹු දෙයක් නොවන බව මම තේරුම් ගත්තා.

මට ඒ මොහොතේ අල් කයිඩා ජාලය මතක් වුණා.මක් නිසාද යත් ඔවුන් ඊට කළින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයට යම් පහරදීමක් කර ඇති බැවින්. අල්කයිඩා හෝ ඔසාමා බින් ලාඩන් පිළිබඳව එදා මගේ සිතේ ඇති වූ අනුමානය මටම පුදුමයක්. මේ සිදුවීම ජනාධිපතිතුමාට වහාම වාර්තා කළ යුතු බව මට පෙනී ගියා.

ඒ මොහොතේ මම විශාල ගැටළුවකට මුහුණ පෑවා. තීරණය ලෙහෙසියි තමයි. මෙය ජනාධිපතිවරයා දැනගත යුතුයි. නමුත් කුමක්ද ඔහුට කියන්නේ? කොහොමද ඒක කියන්නේ? එතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස අමාරුම කාර්යයක් කිරීමට මට සිදු වී තිබුණා.

මම තීරණයක් ගත්තා.මේ පිළිබඳව ජනාධිපතිතුමාට කෙටි දැනුම් දීමක් කර ඔහුට නැවත ප්‍රශ්නයක් ඇසීමට ඉඩ නොතබා වහාම එතැනින් ඉවත් වීමට මම සිතා ගත්තා.

පංති කාමරයේ දොර ඇරගෙන එහි පසුපස සිටි පිරිස අතරින් තෙරපෙමින් මම ඉදිරියට ගියා.ජනාධිපතිතුමාගේ දකුණු කණ වෙත නැවෙන විට ඔහු ඊට අවධානය යොමු කළා.

"සර්, දෙවෙනි ගුවන් යානයක්...."

මම ඉතාම සරලව මගේ වචන තෝරා ගත්තා.

"තවත් ගුවන් යානයක් දෙවෙනි කුළුණේ හැප්පිලා. ඇමෙරිකාවට ප්‍රහාර එල්ල වෙනවා ජනාධිපතිතුමනි"

ජනාධිපතිතුමා කිසිවක් අසන්නට කළින් වහාම නැගිට ශාලාවේ දොර අසළට ආවා. මගේ අමාරුම රාජකාරිය එසේ නිමා වුණා.

ඇන්ඩෲ කාඩ් මහතා අමෙරිකානු හදවත ගිණිගත් සංවේදී මොහොත සිහිකරන්නේ එලෙසින්.

 

shanaka 4


ලෝක ත්‍රස්තවාදයට එරෙහිව ඇමෙරිකානු ක්‍රියාන්විතය ආරම්භ කිරීමට මුල් වූ සැප්තැම්බර් 11 ප්‍රහාරය ලෝකයේ භූ දේශපාලන සිතියම බොහෝ සෙයින් වෙනස් කළා. ඒ නිසාම මේ ඡායාරූපයත් විසි එක් වන සියවසේ වඩාත්ම අවධානයට ලක්වූ ඡායාරූපයක් ලෙස සැළකෙනවා. එකම මොහොතක එල්ල වූ ප්‍රහාර මාලාව නිසා ජනාධිපතිවරයා ආරක්ෂිත ස්ථානයකට ගෙන යෑමටත් ආරක්ෂක නිලධාරීන්ට සිදුවුණා.

ප්‍රහාරයට වසර විස්සක් සපිරෙන මොහොතේ ලොව පුරා මාධ්‍ය ඒ පිළිබඳව වැඩසටහන් විකාශය කරනවා. බොහෝ වාර්තාකරුවන් එදා සරසෝටා පාසැලේ හිටපු පළමු වසර පංති භාර ගුරුතුමිය හා දරුවන් සම්මුඛ සාකච්ඡා වලට ලක්කළා. ඒ දරුවන් දැන් ලොකු මහත් වූ තරුණ තරුණියන්. ඔවුන්ට මතක ජනාධිපතිතුමා පාඩම හමාරවෙලා සතුටින් ගිය බව පමණයි.

ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටයක මෙන් දිගහැරුණු ප්‍රහාරයේ රූපරාමු මිසක් එදා සරසෝටා පාසලේ රූපරාමු ගැන කවුරුත් දැනගෙන හිටියේ නැහැ. පසු කාලයක මේ ඡායාරූප මාධ්‍යට නිකුත්වුණා. ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ දරුණුම ප්‍රහාරය හමුවේ බුෂ් මහතා දැක්වූ සැහැල්ලු ප්‍රතිචාරය ගැන බොහෝ අය එතුමාව දැඩිව විවේචනය කළා. ඔවුන් කීවේ ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ වහාම එතැනින් නැගිට ඉවත්ව යාම බවයි.

ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් මහතාගෙන් පසුකළෙක මාධ්‍යවේදියකු මේ පිළිබඳව විමසා සිටියා. ඔහු කියා සිටියේ තම රටට මෙවැනි දරුණු ප්‍රහාරයක් එල්ල කරන්න තරම් බලවත් පුද්ගලයා කවුද යන්න පිළිබඳව තිගැස්මක් ඇතිවුණත් දරුවන් ඉදිරියේ වෙනසක් පෙන්වීමට තමන්ට අවශ්‍ය නොවූ බවයි.

@ ශානක මධුශාන් ලියනගම

    2021 සැප්තැම්බර් 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි