SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසු ගිය කාලය පුරා ස්ත්‍රීන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති කර ගැනීමට විශාල පිරිසක් විසින් ප්‍රයත්නයක් දරමින් පවතිනවා.

වංගීස සුමනසේකර සිද්ධිය සම්බන්ධයෙන් අපි මැදිහත් වෙන විට පැමිණි විවේචනය වුයේ ඔහු පමණක් ඉලක්ක කරනවාය යන්න. ඇත්ත වශයෙන්ම ඉන්පසු අප බොහෝ දුර ගොස් ඇතත් සමහරෙක්ට අපගේ පක්ෂපාතීත්වයන් පිලිබඳ තවමත් ප්‍රශ්න ඇති බවක් පෙනෙනවා. ඒ අපි වැඩ කරනා අවකාශයේ සිටින අනෙක් පුද්ගලයන් හෙළි නොකිරීම සම්බන්ධයෙන්. ඇත්තටම අපිට නැවත නැවතත්, නැවත නැවතත් දෙන්න පුළුවන් උත්තරය වන්නේ සෘජු සාක්ෂි නොමැතිව හිංසකයන් හෙළි දරව් කිරීම අපි කිසිවිටෙකත් නොකරන බවය. සාක්ෂි ඇති සිද්ධියක් මේ සම්බන්ධයෙන් යොදා ගනුයේ ඒ නිසාවෙනි.

අනෙකුත් රටවල මෙම ව්‍යාපාරයෙන් අපි උගත් පාඩම එයයි. අපි දඬුවම් දෙන විනිශ්චයකාරයන් නොව යුක්තිය වෙනුවෙන් සමාජය තුල නව කතිකාවක් ඇති කරගැනීම වෙනුවෙන් මහන්සි වන්නන්ය.

 

me 3

 

කෙසේ නමුත් හිංසනය සම්බන්ධ දේශපාලන කතිකාව තුල අපිට ලකුණු කිරීමට අවශ්‍ය මූලධර්මය නම් වින්දිත ස්ත්‍රියක් තමන්ගේ හිංසකයා හෙලි කරනා විට (පෞද්ගලිකව හෝ පොදු අවකාශයේ) අපි සැම විටම සිට ගන්නේ වින්දිතයින් සමග බවත් එයට හේතුව නම් බලය ස්ත්‍රීන් සහ පුරුශයින් අතර අසමානව බෙදී ඇති වීම නිසාවෙන් හිංසකයින්ට ආරක්ශිතව හිංසනය ස්ත්‍රීන් වෙත මුදා හැරීමට ඉඩ කඩ සකස් වී ඇති නිසාත්ය.

අපි මෙය හදුනා ගන්නේ වින්දිතයින් මූලික කරගත් යුක්තිය පිලිබඳව වූ අදහසක් ලෙසයි. වංගීස සුමනසේකර ගැන කතා කරමින් වින්දිතයින් මතට අවධානය ගෙන එමින් ඔවුන්ව පමණක් මූලික කර ගනිමින් අපි සකස් කරනා සංවාද අවකාශය තුලට ඉන්පසුව ඉදිරිපත් කෙරුණු ලිංගික හිරිහැර, හිංසනයන් විශාල ප්‍රමාණයක් තිබෙයි.

ඒවා අතර සාහිත්‍යය ක්ෂේත්‍රයේ උපේක්ෂා නුවන්ශ්‍රිනි විසින් තමන්ට සිදු වූ අගතීන් හා හිංසනයන් සම්බන්ධ අදහස් පද්දතිය ගත් විට පෙනෙන්නේ ඇය තමන්ට සිදුවන ලිංගික හිරිහැර ප්‍රසිද්ධියේ කියන විට ඇය වෙත මුදා හරින සාමුහික හිංසනීය ප්‍රතිචාරයේ බරපතල බව සහ ස්ත්‍රීන්ට එරෙහිව පවතින පුරුශමූලික අදහස් පද්ධතියේ ඇති විසකුරුබවයි.

 

closeup of white torn paper on red paper background with text - # me too

 

උදාහරණයක් ලෙස ඇය සාහිත්‍යය කලාපයේ ගැවසෙන පස් හය දෙනෙකු නම් කරමින් ඔවුනගේ අප්‍රසන්න ඉල්ලා සිටීම් සහ ඊට අදාළ කතා බස් ප්‍රසිද්ධියේ පල කරනු ලැබුවා. එයට එරෙහිව අදාළ පුද්ගලයන් කිසිත් නොකීවත් [විශේෂයෙන් ඒවාට අදාළ තිර සටහන් තිබෙන නිසා] මෙම සාහිත්‍යකරුවන්ට සහාය පල කරන්නන් ඇය මත විශාල හිංසනයක් මුදා හරිනවා. එය ඇයගේ රුපය සම්බන්ධයෙන්, ඇයගේ පෙනුම සම්බන්ධයෙන් වීම එහි ප්‍රධාන ලක්ෂණයක්. එනම් “ඇය නොතකා හැරිය යුතුය” “ඇයට තමන්ගේ ආශාවේ වස්තුව වීමට හැකියාවක් ඇත්තේ නැත” වැනි බරපතල හිංසනයක් දරා සිටින ප්‍රකාශන ඒ අතර ප්‍රමුඛයි.

මෙය බරපතල වෙන්නේ එහිදී ලිංගික හිංසනයක් සිදු වීමේ අදාළ හැකියාව පැහැදිලිවම පෙන්නුම් කරන නිසයි;

එනම්,

1) ඒ නිසාම ඇයට එසේ කල හැකිය යන්න.

2) එසේ කොට නොසලකා හැරිය හැකිය යන්න.

අපහාස කිරීම, මානසිකව වධ හිංසා කිරීම, තනිව ජීවත් වීම ඇයගේ යම් දෝෂයක් ලෙස ඇයට එරෙහිව යොදා ගැනීම, ලේබල් කිරීම ආදි ස්ත්‍රීන්ගේ කට වැසීමට හා ඔවුන් පාලනය කිරීමට යොදා ගත හැකි සෑම උපක්‍රමයක්ම ඔවුන් යොදා ගෙන තිබෙනවා. උපේක්ෂා අප ඉදිරියේ මතු කරන ගැටලුවක් වන්නේ වංගීසහේ හිංසනීය ක්‍රියාවන් පිළිබදව ඇති වන සංවාදය උපේක්ෂාව වසර ගණනක් හිංසාවට ලක් කරන ලද සාහිත්‍ය ක්ශේත්‍රයේ බලය හිමි පිරිමින් ගැන ඇති නොවන්නේ මන්ද යන්නයි.

නමුත් වංගීස සුමනසේකර පිළිබදව පවා මෙම සංවාදය මතු කර ගත හැකි වුයේ ස්ත්‍රීන් එක්ව සංවිධානය වීම, ස්ත්‍රීන්ගේම වූ දේශපාලන අවකාශ සකස් කර ගැනීම සහ අපි අත් විදිනා පීඩාවන් සාමූහිකව බෙදා ගන්නා පොදු අවකාශයට අයත් වූ දේශපාලන කරුණක් ලෙස මතු කිරීම නිසාවෙන් පමණකි. ලිංගික හිංසනය යනු පෞද්ගලික ආරවුලක් හෝ පෞද්ගලික අවකාශයේ විසදා ගත යුතු ගැටලුවක් නොව (පොලිසියට ගොස් විසදා ගත යුතු ගැටලුවක් නොව) ස්ත්‍රීවාදී සහ ප්‍රගතිශීලී දේශපාලනය බලය සම්බන්ධයෙන් සිදුකරනා දේශපාලන කතිකාව තුල කතිකා කල යුතු දේශපාලනික යමක් ලෙස අපි නැවත නැවතත් මතු කරන්නේ ඒ නිසායි.

 

me 4

 

කුඩෙන් ගහන්න, බ්ලොක් කරන්න වැනි පුද්ගල මූලික ප්‍රතිචාර වෙනුවට දේශපාලනික සමාජයෙන් ස්ත්‍රියට එරෙහිව සිදුවන හිංසනය සම්බන්ධයෙන් දේශපාලනික කැපවීමක් හා වග වීමක් අපි ඉල්ලා සිටින්නේ ඒ නිසායි. නමුත් ප්‍රගතිශීලී හා වාම ස්ත්‍රී ව්‍යාපාරයන්, දේශපාලන ව්‍යාපාර හා පුද්ගල චරිත තවදුරටත් වින්දිතයින් සමග සිට ගනිමින් හිංසනයට එරෙහිව තමන්ගේ පාර්ශවීයත්වය ලකුණු කිරීමට අසමත්ව සිටින්නේ ඇත්ත වශයෙන්ම ලිංගිකත්වය මත පදනම්ව ස්ත්‍රීන් මත මුදා හැරෙනා හිංසනය ඔවුන්ට දේශපාලනිකව නොවැදගත් යමක් ලෙස පෙනෙනා නිසා විය යුතුය. වංගීස සුමනසේකරව වග කිරීමට සමර්ථ වූ ප්‍රගතිශීලී දේශපාලන සම්ප්‍රදායකට, පොදු සමාජයේ ස්ත්‍රීන් තමන් අත් දකින හිංසනයට, බලයට එරෙහිව දේශපාලනිකව ක්‍රියාත්මක වීමට සහ සාමූහිකව ක්‍රියාත්මක වීමට තරම් වූ ශක්තියක් වීමට ඉඩ ඇත.

ඔබේ දේශපාලනය ට උපේක්ෂා ට ඇතුලත් වීමට නම්, ගෘහය තුල, සේවා ස්ථානවල, මහපාරේ, සයිබර් අවකාශයේ ස්ත්‍රීන් වීම නිසාවෙන්ම අනේකවිද මානසික, කායික හා ලිංගික හිංසනයට ලක් වෙන ස්ත්‍රීන්ට දේශපාලනය කිරීමට නම් ඔබ වින්දිතයින් සමග සිට ගත යුතුමය. අපගේ මැදිහත්වීම් ප්‍රශ්න කිරීම අභිමුවේ පවා අප විසින් පුනරාවර්තනය කරන “ඔබ සිට ගන්නේ කාගේ පැත්තේද” යන ප්‍රශ්නය මෙම සාමුහික සහෝදරාත්මක දේශපාලනයේ පළමු කොන්දේසිය තහවුරු කිරීම වෙනුවෙනුත් සහ පොදු කලාපයේ මෙම කතිකාව ඉතාමත්ම අපහසු වීම හේතුවෙනුත් සිදු කරන්නකි. ඒ අනුව අපගේ බල කිරීම වන “ස්ත්‍රීන්ගේ ප්‍රශ්නය ඉතාමත්ම බරපතලව ගත යුතුය” යන්න මගින් හෙළි කරන්නේ සමාජය පවතින්නේම මොන තරම් අගතීන් සමුහයක් දරාගෙනද යන්නයි.

Me too ව්‍යාපාරයට සහාය පල කරන්න. ඉන් ආරක්ෂා වන්නේ ඔබගේත් මගෙත් දේශපාලනය මිස මගේ දේශපාලනය පමණක් නොවෙයි.

 

@ ගීතිකා ධර්මසිංහ

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි