SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැං අපි දන්නව අවුරුදු පන්දාහකට විතර කලින් ඇරඹුනු ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයත් භූමියේ තමයි වර්ථමාන ඇෆ්ඝනිස්ථානය තියෙන්නෙ කියල.

ඒ එක්කම ග්‍රීසියේ..තුර්කියේ පර්සියාවේ .. බ්‍රිතානන්‍යයේ ඉඳල එන බටහිර ආක්‍රමන වලත්, චීන.. මොංගෝලියානු ..ඉන්දියානු ආක්‍රමණ වලත් ‍රළ බිඳෙන තැන වුනේ ඇෆ්ඝන් භූමිය කියල.

බොහොම ලස්සන ඇෆ්ඝනිස්තානයක් බිහි කරමින් හිටපු මොහොමඩ් සහිර් ශා රජතුමා ඉතාලියේ නිවාඩුවකට ගිහින් හිටිය ඒ අවුරුද්ද 1973.

මේ 1973 ජූලි 17 .. ඉතාලියේ හිටපු ශා රජතුමාට දැනගන්න ලැබෙන්නෙ හොඳ ප්‍රවෘත්තියක් නෙවේ,

අවුරුදු දහයක තරම් කාලයක් තමංගෙ අගමැති වෙලා හිටිය .. තමංට හිතවත්ව හිටපු ඥාති සහෝදරය තමංගෙ රජය පෙරලල දාල .

ඒ විතරක් නෙවේ රජතුමාට ඇෆ්ඝනිස්තානයට ඇතුල් වෙන්න තහණම් කරල. අවුරුද්දක ඉඳන් හෙමින් හෙමින් සැලසුම් කරපු මේ යටිකූට්ටු වැඩ පිලිවල පිටි පස්සෙ ඉන්නෙ කවුද.

 

sha 6

 

හිතුව හරි... සෝවියට් වරු.

සෝවියට් වරු තමන්ට පක්ශ ජනාධිපති කෙනෙක් පත් කර ගන්නව. මෙතනදි අපිට පුළුවන් නම් විනිශ්චයන්ගෙන් බේරිලා ඉන්න වඩා හොඳයි.

හේතුව කාල් මාක්ස්., ෆ්‍රෙඉඩ්‍රිච් ඉන්ගල්ස් වැනි දාර්ශණිකයන්ගේ ලස්සන අදහස් මත බිහිවූ සමාජ වාදය ඉතාම ලස්සන සංකල්පයක්..

උතුරු ඉන්දියානු භුමියේ බිහිවූ සිද්ධාර්ථ ගෞතම ඉතාම වටිනා සමාජවාදී මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අදහස් තිබූ දාර්ශණිකයෙක්.

නමුත් දේශපාලන බල අරගලය තුල ඕනෑම විශිෂ්ඨ අදහසක් අපයෝජනයට ලක්වෙන්න පුළුවන්.

අමතක නොකල යුතුයි කඳවුරු දෙකේ බල අරගලය.

 

sha 3

 

කොහොම වෙතත් මේ බිහිවෙන්නෙ ඇෆ්ඝනිස්තානයේ පලවෙනි ජනාධිපති. මොහොමඩ් දවුඩ් ඛාන් . ( Mohammad Daud Khan)

මේ අතරෙ ඇමරිකානු ඔත්තු සේවා උත්සාහ ගන්නව ශා රජතුමා උනන්දු කරවන්න ආපහු බලය ලබා ගන්න.

එයාගෙ උත්තරේ වෙන්නෙ

"ඇෆ්ඝන් වරුම තීරණය කරපුවාවෙ එයාලට ඕනෙ කවුද කියන්න. ඒ අයට මාව අවශ්‍ය නම් මම ඒ ගැන මම සලකල බලනව . ඔබට ස්තුතියි ..නමුත් එපා ස්තුතියි ඔබේ යොජනාවට...." යනුවෙන්.

(ශා රජතුමා ඇෆ්ඝන් ආණ්ඩුවට ලියපු ලිපිය විශිෂ්ඨ වගේම සංවේදී එකක්)

මොහොමඩ් ඛාන් මහත්තයා හෙමින් හෙමින් වැඩ පටන් ගන්නව. මේ මහත්තයා සමහරු හඳුන්වන්නෙ "රතු කුමරා" කියල (Red prince).

 

sha 8

 

ඒකට හේතුව තමයි සෝවියට් වරුන් සමග තියන සම්භන්ධය. නමුත් බොහෝ දෙනෙක් හිතුව විදිහට දවුඩ් ඛාන් මහත්තයා කොමියුනිස්ට් රටක් හදන්න ඉක්මන් වෙන්නෙ නෑ.

නමුත් සෝවියට් වරු එක්ක තියන සමීප සම්භන්දයත් ශා රජුට තිබූ බටහිර සම්භන්ධත් නොමැතිවීමෙන් රටේ ආර්ථිකයට හොඳක් නෙවේ සිද්ධ වෙන්නෙ.

ආර්ථිකය කඩා වැටීම නවත්තන්න සමාජවාදී අදහස් අනුව යමින් 1975 දී ඇෆ්ඝනිස්තානයේ සියලුම බැංකු රජයට පවරා ගන්නව.

මේකෙන් වෙන්නෙ බටහිර විශ්වාසය විතරක් නෙවේ රටේ ආර්ථිකයත් තව තවත් බිඳවැටීම.

1977 අප්‍රියෙල් මාසෙදි මේ මහත්තයා යනව මොස්කව් වලට ලෙනොයිඩ් බ්‍රෙශ්නෙව් මුණ ගැහෙන්න.

නමුත් සාකච්ඡා සාර්ථක වෙන පාටක් පේන්න නෑ. ඇෆ්ඝණිස්තානයේ තව දුරටත් රැඳී ඉන්න නේටෝ නියෝජිතයන් ගැන බ්‍රෙශ්නෙව් අනතුරු අඟවනව.

 

sha 9

 

ඒ එක්ක්ම මේ වෙද්දි ඇෆ්ඝනිස්තානයේ බිහිවෙලා තියන ( සෝවියට් වරු බිහි කරපු) ප්‍රධාන කොමියුනිස්ට් පක්ශ දෙක පාචාන් ( Parcham) හා ඛාල්ක් ( Kalq) එකතු කරන්නත් .. බටහිරින් ඈත් වෙලා ඉන්නත් බ්‍රෙච්නෙව් උපදෙස් දෙනව මොහොමඩ් මහත්තයාට.

මට නිකමට හිතෙන්නෙ දවුඩ් ඛාන් මහත්තයාට නැත්තෙ කේවල් කිරීමේ හැකියාවත් ශා රජුට තිබුනු පෞරුශයත් කියල. කොහොම උනත් තමන් පෝශණය කරපු රතු කුමාරයා තමන්ට ඕනෙ විදිහට නටන්නෙ නැති උනාම බ්‍රෙච්නෙව් තරහ ගැනීම සාධාරණයි.

සිය රට ආපු දවුඩ් ඛාන් මහත්තයා සෝවියට් වරු සමග තියන සම්භන්ධතා බිඳ දාන්න තීරණය කරනව. මේක මොස්කව් ලබපු කණේ පාරක්.

අපි දැන් දන්නව තෙල් හරහා පෝසත් වෙන මැද පෙරදිගත්, ඒ කලාපයේ බලය පතුරුවමින් ඉන්න එකසත් ජනපදටත් ගැන.

මේ වෙනකොට පෙට්‍රල් වලින් පෝස්ත් සෞදි අරාබියත්.. ඉරානයත් එක්ක ගිවිසුම් කීපයක් අත්සන් කරන්න දවුඩ් ඛාන් මහත්තයා තීරණය කරනව.

ඇමරිකානු ආධාර නැතිව අඩපන වෙලා ඉන්න ඇෆ්ඝන් හමුදාව පුහුණු කරන්න ඊජිප්තුව ඉදිරිපත් වෙනව,

මේක සෝවියට් වරු දකින්නෙ අණතුරු ඇඟවීමක් විදිහට.

 

sha 10

 

මොකද 1974 දී සෝවියට් දේශයෙ එක්ක තිබ්බ සබඳතා බිඳ දාපු ඊජිප්තුව නතර වුනේ සෞදි අරාබියත් ඒ හරහා ඇමරිකාවත් එක්කයි.

සාවුර් විප්ලවය. (Saur Révolution)

1978 අප්‍රේල් 19 වෙනිදා කොමියුනිස්ට් පක්ශ ලැදි ඒ වගේම දීප්තිමත් නායකයෙක් වුණු මීර් අක්භාර් කයිබර් මහත්තයා ඝාතනය වෙනව. මේ අවමංගල්‍ය උත්සවයේදී කොමියුනිස්ට් නායකයන්ගෙ කතා අහන්න 3000 ක පමනක් පිරිසක් සහභාගි වෙනව.

මේ තත්වය ජනාදිපති වරය බලාපොරොත්තු වුනු තත්වයක් නෙවේ. මේ කතා වලින් රජය දැඩිව විවේචනා කෙරෙනව. හේතුව මේ ඝාතනය සිදු වෙලා තියෙන්නෙ රාජ්‍ය අනුග්‍රහයෙන්.

නමුත් සෝවියට් වරුන්ගෙ සහයෙන් කොමියුනිස්ට් පක්ශ බොහෝ දුර ගිහිල්ල මේ වෙද්දි.

සමාජවාදී පක්ශ නායකයන්ව අත් අඩංගුවට ගන්න ජනාධිපති විසින් නියෝග කරාට ඒක සිද්ධ වෙන්නෙ බොහොම හෙමින්.

මේ නිසාම බාබරක් කර්මාල් ( Barbara’s Karnal) නම් පක්ශ නායකය සෝවියට් දේශයට පැනල ගිහිල්ල රැකවර්ණය ලබනව. හෆිසුල්ලාහ් අමීන් නම් අනිත් නායකයා නිවාස අඩස්සියට පත් වෙනව.

 

sha 2

 

ජනාධිපති වරයා පරක්කු වැඩියි... මේ අය බොහොම කල් ඉඳල බලන් හිටපු ආන්ඩුවේ බලය ැහැර ගැනීම හෙවත් කුප් ද එතා ( coup d’état ) සිද්ධ වෙනෙ හමුදාවෙ හා පොලීසියේ සම්පූර්ණ සහය ඇතිවයි.

1978 අප්‍රේල් 27/28 දවස් දෙක ඇතුලත ජනාදිපති ඩවුඩ් ඛාන් මහත්තයයි එයාගෙ පවුලෙ අයයි මරා දානව ඒ වගේ ඒ මහත්තයාට සමීප බොහෝ දෙනෙකුත් මරාදානව (මේක වස දීම්..අඩපන කිරීම්.. සාහසික ඝාතන වලින් පිරුණු සිද්ධි මාලාවක්).

ජනාධිපති නිල නිවස ආක්‍රමණයේදී ඇෆ්ඝන් හමුදාව එක්ක කේජීබී ඔත්තු කරුවන් බොහෝ දෙනෙක් එක්ව වැඩ කරපු බවට පැහැදිලි සාක්ශි තියනව.

ඔන්න දැන් රටේ නායකය වෙනව ප්‍රභල කොමියුනිස්ට් සාමාජිකයෙක් වගේම හමුදා නායකයෙක් වුනු අබ්දුල් කාදිර් මහත්තයා. රජය පෙරලපු හමුදා නායකයන්ගෙ ප්‍රධානියා තමයි මෙයා.

මාස තුනකට පස්සෙ රටේ නායකත්වය වාමාංශිකයෙක් වුණු නූර් මුහමඩ් තකාරි මහත්තයා.

 

sha 11

 

ඒ මහත්තයා බලයෙ ඉන්නෙ අවුරුදු එක හමාරයි.

මේ කාලෙ තමයි මේ අපූරු රට එකතු කරන්න බැරි තරමට ආපහු බෙදෙන්නෙ.

අපි මෙහෙම බලමු...

කඳුකර ගොවියන් හා එඬේරන් මෙන්ම කම්මැලි නැති ජන කොට්ඨාශයක් වූ ඇෆඝන් වරු ඉතිහාසය පුරාම ගැටුම් වලට මැදි වෙනව.

ඉරාන.. සෝවියට් හා ඉංග්‍රීසීන්ගේ කෙණෙහෙලි කම්වලට අහුවෙනව.

මැදපෙරදිගින් එන ඉස්ලාම් ආගමේ බලපෑමට නතු වෙන්නත් .. ඒ ආගම දඩමීමා කරගෙන බිහිවූ අන්ත්වාදී අදහස් වලට ආකර්ශණය වෙන්නත් ඇෆ්ඝන් මිනිස්සුන්ට සිදුවෙනව.

ඒ අතරෙ ඇමරිකානුවන් මැදිහත්වෙනව . මෙන්න මේකයි පහුගිය ලිපි හරහා අපි කතා කරේ.

 

sha 4

 

කොමියුනිස්ට් පක්ශ දෙකත් දෙකට බෙදිල.. ඉස්ලාම් අන්තවාදී නායකයො වෙනම.. ඒ අතරෙ දක්ශිණාශිංක කණ්ඩායම්.. රජ පවුලට පක්ශ කණ්ඩායම්... පශ්තූන් කුලය තව පැත්තක්...

ඇෆ්ඝන් මිනිස්සුන්ට වෙහෙසයි.. වැඩියෙන්ම දුක් විඳින්නෙ කාන්තාවන්..

එක කොටසක් කාන්තාවන්ට සම්පූර්ණ නිදහස දෙනව.. තව කොටසක් කියනව "ආන්ඩුවයි උඹලගෙ නිදහස තීරණය කරන්නෙ..". ඊලඟ දවසෙ තව කණ්ඩායමක් කියනව " ගෑණුන්ට නිදහස දුන්නොත් ඒක ආගමට අපහාසයක්" ... " ගෑනුන්ට නිදහස දීම බටහිර නාඩගමක්"

මේ හැම දේටම මැදි වෙලා ඇෆ්ඝන් කාන්තාවන් හැම තැනම තැලෙනව, පොඩි වෙනව.

ඒ අතරෙ කඳුකර ගොවියො වගේම .. ඉස්ලාම් ආගමේ අන්තවාදී අදහස් දරණ කණ්ඩායම් බලාගෙන ඉන්නව අවස්ථාව එනතුරු .

මෙන්න මේක තමයි දේශපාලන කැඳ හැලිය.

මේ තත්වෙ හෙමින් සැරේ ඇති කරේ කවුද කියන්න කියවන අයට බාරයි.

 

@ Malcolm Sang

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි