බලයක් රහිත තැනෙක එනම් බලයක් සාධාරණීකරණය වී නොමැති රාමුවක් තුල කරන බලහත්කාර ඉල්ලීම් හිංසනයක් විය නොහැකි බව ජෙගනාදන්ගේ තර්කයකි.
මෙම විග්‍රහයට අනුව Fb චැටයකින් නොදන්නා ස්ත්‍රියකගේ නිරුවත බැලීමට ඉල්ලීම පිළිකුල් සහගත ක්‍රියාවක් වුවත් එය හිංසනයක් විය නොහැකිය. මන්ද සමාජ මාධ්‍ය තුල අපි සියල්ලෝම සමාන නිසාත් අපිට අවශ්‍යය නම් [බොහෝ පිරිසක් යෝජනා කර ඇති පරිද්දෙන්ම] එසේ යෝජනා කරන තැනැත්තා බ්ලොක් කල හැකි නිසාත් එම ඉල්ලීම් තුල අපිට හිංසකයෙකු නම් කල නොහැකිය. ඒ අනුව එය හිංසනයක් නොවෙයි.
එහෙත් අපි ප්‍රකාශ කරන්නේ යමෙක් විසින් තමන් නොදන්නා ස්ත්‍රියකගේ නිරුවත පෙන්වීමට ඉල්ලීම හිංසනයක් බවයි. එය එසේ වන්නේ එසේ කිරීමට ඇති බලයේ ඓතිහාසික රාමුව නිසාවෙනි.
එය පැහැදිලි කළහොත්: වින්සිකාගේ තිර දර්ශන දෙස බැලුවොත් එහිදී හිංසනය සිදු වී ඇත්තේ ඇය සමග කතා කිරීමෙන් නොව ඇය තමන් හමුවන්නේ කුමටදැයි ඇසු පසුවත් ඇයගේ නිරුවත පෙන්වන ලෙස ඉල්ලා සිටින මොහොතේය. ඇය විසින් සිය අකැමැත්ත පල කර තිබියදීත් වංගීස එය නොතකා ඇයගේ ස්වාධීනත්ව (autonomy) කලාපයට ඇතුළු වෙයි. මෙහිදී අපි දිගින් දිගටම පවසන්නේ වංගීස ක්‍රියාත්මක වන්නේ සමානයෙකු ලෙස නොව ඔහුට ඓතිහාසිකව ලැබී ඇති බලයක් දරාගෙන බවය. එනම් කිසිඳු වගවීමකින් තොරව ඇයට එය කල හැකිය යන බලයයි. උදාහරණයකින් කිවහොත් දෙමළාට "පර දෙමළා" කියන විට එය හිංසනයක් වන්නේ රාජ්‍යය තුල එනයින්ම දෙමළා සිංහලයාට අසමාන නිසා නොව, ඓතිහාසික රාමුව තුල දෙමළාට එරෙහිව සිංහලයාට ගොඩ නැගී ඇති බලය නිසාය. එය ඓතිහාසිකව ගොඩ නැගී ඇති බලයයි. එය නිදන්ගත හිංසනයයි (latent violence- ගුඨ හෝ ගුප්තමය යන අරුතින්- වෙනත් වචනයක් සොයා ගැනීමට අපහසුය). එය වාචිකව හිංසනයක් ලෙස සැලකෙන්නේ එම බලයට අදාළ ඓතිහාසික රාමුව හිංසනීය නිසාත් එය එසේ යැයි ඊට එරෙහි සමාජ සම්මුතියක් විසින් හඬ නගන නිසාත්ය (මෙහිදී රාමු දෙකක් ඇත).
ජෙගනාදන්ම පවසන පරිදි යම් හිංසනයක් සිදුවීමට අදාල සාධාරණිකරණය වූ ව්‍යුහාත්මක රාමුව තුල සෘජු හෝ වක්‍ර බලයක් තිබිය යුතුය. අපගේ යෝජනාව වන්නේ පිරිමියෙකුට ස්ත්‍රියකගෙන් ඇයගේ නිරුවත බැලීමට හැකිදැයි, ඇයව දුෂණය කිරීමට හැකි යැයි සිතෙන්නේ එම බලය ඓතිහාසිකව සාධාරණීකරණය වී ඇති නිසාවෙනි. එනම් පිරිමියා විසින් එය දිගින් දිගටම සිදු කිරීමෙන් පුනරාවර්තනය වූ නිදන්ගත හිංසනයයි (latent violence).
තවදුරටත් කිවහොත් නොදන්නා ස්ත්‍රියකගේ නිරුවත බැලීමට ඉල්ලීම අප්‍රසන්න වනවා පමණක් නොව එය හිංසනයකි. මන්ද මෙම හිංසනය පිළිබඳ අවබෝධය කාලයත් සමග එනම් ස්ත්‍රිය දෙවෙනි විෂයෙහිලා සැලකීමට එරෙහිව කරන ලද අරගලය සමගින් වෙනස් වී ඇති නිසාවෙනි. මෙහිදී වැදගත් නිර්ණායකයක් වන්නේ වින්දිතභාවයට යටත් වන පුද්ගලයා සහ එය නරඹන්නා අතර වෙනසය (subject and outsider).
එළියේ සිට එය විවරණය කරන විටෙක මෙම නිරුවත බැලීමට ඉල්ලීම හිංසනයක් නොව අප්‍රසන්න දෙයක් විය හැකිය (outsider's gaze). එහෙත් එය විඳින තැනැත්තෙකුට එය හිංසනයකි. එය හිංසනයක් වෙන්නේ ස්ත්‍රියගේ ගරු නම්බුවට හානියක් කිරීමෙන් (කලින් තුබුණු ඇය පවුලේ බුදලයක්--හුවමාරු භාණ්ඩයක්, ඒ නිසා එම බුදලය කෙලෙසීම වැරදිය යන අර්ථය) ස්ත්‍රියට ස්වාධීනත්වයක් ඇත (autonomy) එයට බලහත්කාරයෙන් ඇතුල්වීම හිංසනයකි යන්නට අදාළ භාෂාව වෙනස් වී තිබෙයි.
ඒ අනුව යමෙක් ඇයගේ හෝ ඔහුගේ පෞද්ගලික ලෝකයට ඇතුල් වීම ඔවුනගේ විෂයට හානි කිරීමකි. එය ඇයගේ හෝ ඔහුගේ පෞද්ගලික් ආරක්‍ෂිත කලාපයට ඇතුල් වීමකි. ඒ අර්ථයෙන් එය හිංසනයක් වේ.
සරලව කිවහොත් වින්දිතයා සමග සිට නොගන්නා විට සහ එය එළියෙන් දකින විට හිංසනය අප්‍රසන්න අසෝභන දෙයක් ලෙස දැකිය හැකි වුවත් එය වින්දිතයා ඇසින් බැලුවහොත් එය හිංසනයක් බව ඔබට පෙනෙනු ඇති.
ඒ අනුව තමන් නොදන්නා ස්ත්‍රියකගෙන් ඇයගේ නිරුවත බැලීමට ඉල්ලීම හිංසනයක් වන්නේ සමාජ මාධ්‍ය රාමුව තුලින් නොව, අපගේ සමාජ සම්මුතිය තුල මේ වෙනස් වී ඇති එනම් ස්ත්‍රියගේ ස්වාධීනත්වයට හා පෞද්ගලිකත්වයට බලහත්කාරයෙන් ඇතුල් විය නොහැකිය යන රාමුව කඩන නිසාවෙනි. එනම් ඔහු කඩ කරන්නේ සමාජ මාධ්‍ය රාමුව නොව ඊට එරෙහිව ඇති සමාජ සම්මුතියේ රාමුවයි.
දැන් කෙනෙකුට ඇසිය හැක්කේ මෙලෙස බොහෝ රාමු තිබිය හැකි නිසා හිංසනය අපිට ඕනැ විදියට අර්ථ දැක්විය හැකි දැයි කියාය. එනම් එය ආත්මීයද? (subjective). උත්තරය ඇත්තේ දේශපාලනය තුලය. බොහෝ රාමු තුලින් එකක් තෝරා ගැනීමට අවශ්‍යය. මේ කරන්නේ එම නිර්ණය පීඩිතයාගේ අතට ගැනීම සඳහා සටන් වැදීමය.
** අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සීමාවන් ඇති බව සලකා කියවන්න.
@ ගීතිකා ධර්මසිංහ