SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තලේබාන්වරු ආයුධ බලයෙන් ඇෆ්ගනිස්ථානය අල්ලා ගන්නවාත් සමඟම මුළු ලෝකය පුරාම සසල කරපු සිද්ධියක් වුනේ

ඒ රටේ හිටිය බොහෝ සාමාන්‍ය මිනිසුන් තමන්ගේ ජීවිතය පවා බිල්ලට තියලා නිදහස සොයා අවට රටවල් වලට පනින්න උත්සාහ කිරීමයි. අපේ රටේ ද නිදහස පාලනය කරන්න යන අයට මේකෙන් පාඩම් ගන්න තියෙන බවක් සමහරු කියල තිබුනා, ඒ ගැන අපි පොඩි විමසීමක් කරමු.

 

තලෙයිබාන් සම්ප්‍රධාය

මේ වෙනකොට තලේබාන්වරුන්ගෙ මූලධර්මවාදී නීතිරීති ප්‍රතිපත්ති ඔබ හොඳින් දන්නා නිසා නැවත මෙතන සඳහන් කිරීමට අවශ්‍ය නෑ. ඒවා විශාල ප්‍රමාණයෙන් විශේෂයෙන් ගැහැණියගේ නිදහස පාලනය කිරීමට ඉලක්ක කර ඇති බව පේනවා. පිරිමි ගැහැණු සියලුම දෙනා ඔවුන් කියන විශ්වාසයකට ඔවුන් කියන ඇඳුම් අඳිමින් හැසිරීම පවා ඔවුන් කියන ආකාරයට අනුව පවත්වා ගත යුතුයි. ඒවා විවේචනය කරන්නන් හෝ කඩන්නන් අවම තලයේදී සමාජ කොන්කිරීමට ලක්වෙන අතර උපරිම තලයේ දී මරණයට පවා යටත් විය හැකියි.

 

meena cover

 

ඔවුන්ගේ පාලන ක්‍රමය හරි සරලයි, එනම් ආයුධ බලය අතට ගත්ත පිරිසක් ඔවුන් කැමති සම්ප්‍රදායට අනුව ඉන්නෙ නැති අයට හිංසා කිරීමේ ක්‍රමයයි. ඔවුන් තමන්ව හදුන ගන්න හදන්නේ සම්ප්‍රදාය තුළ වන අතර එය ඔවුන්ගේ ආගම සහ දේශපාලනය බවට පත්වෙනවා. ඒ සම්ප්‍රදාය කඩන්නන් නියම තලේබානු මුස්ලිම් අය නොවේ. කෙසේ හෝ ඔවුන් ඒ සම්ප්‍රදායට අනුව ඉන්නටයි කීම යෝජනාවක් නෙමෙයි තර්ජනයක් සහ බලකිරීමක්. අවසානයේ ඒ විදියට ඉන්නවා හැර අන් සියලුම තෝරාගැනීම් ඔවුන් නැති කරදමනවා.

 

සිංහල බෞද්ධ සම්ප්‍රධාය

 

Thalei baan 3

 

ශ්‍රී ලංකාවේ අපිට මෙතන වැදගත් වෙන දේ නම් පසුගිය කාලයේ මේ රටේ බහුතර සිංහල බෞද්ධයින්ව පාලනය කිරීමටත් සිංහල බෞද්ධයින් හරහා වෙනත් අයව පාලනය කිරීමටත් යොදා ගත්තේ 'සිංහල බෞද්ධ' නම් සම්ප්‍රදායක් වීමයි. මෙතැනදී තලේබාන් තරම් අන්තවාදී නොවුණ ද එම සිංහල බෞද්ධ යයි කියන සම්ප්‍රදාය විවිධ විදිහට කඩන සහ විවේචනය කරන අයට විවිධ හිංසා අපහාසයන් තිබුණු බව අපි පැහැදිලිව දැක්කා.

 

උදාහරණයකට, සමහර කලා නිර්මාණ තහනම් කරමින් කෙටිකතාවක් පවා ලියපු ලේඛකයෙක් හිර කළා. තවත් සමහරුන්ව දේශද්‍රෝහීන් ලෙස ඉතා දරුණු ලෙස අපහාසයට ලක් කළා.

 

thalei baan 1

 

සිංහල බෞද්ධ සම්ප්‍රදායට පටහැනිව ඇඳුම් පැළඳුම් ඇඳීමද ද ඇතුලු වඩා නිදහස්කාමී ව හැසුරුණු සිංහල බෞද්ධ පසුබිම් වලින් පැමිණි කාන්තාවන්ට මේ ෆේස්බුක් තුළම ඉතා දරුණු ලෙස අපහාස කළා. කුණුහරුපයෙන් පරිභව කළා. ඒවා විශාල පිරිස් අතින් සංවිධානාත්මකව සිදු වූ බව අපි දැක්කා 'පූජා නගර' නම් අවකාශයක් නම් කර ඊට පටහැනියි කියන ක්‍රියාකාරකම් බැහැර කළා.

රජය විසින්ම සිංහල සම්ප්‍රදායික යැයි කියන ඇඳුම් සහ කෑම බීම අනිවාර්ය කරපු තැන් තිබුණා. රජයේ පාසල් වල ගුරුවරියගේ නිල ඇඳුම සිංහල සම්ප්‍රදායික ඇඳුමට පමණක් සීමා වීම අනිවාර්යයි. එහි ද බුරිය නොපෙනෙන ලෙස ඇඳි යුතු බව අණ කරලා තිබුණා.

 

Thalei aan 2

 

ඒ විදිහට විවිධාකාර ආගම් ජාති ඉන්න රටක ඔවුන් සියලුම දෙනා සිංහල බෞද්ධ නම් සම්ප්‍රදායකින් රජය විසින් ජනතාව හසුරවන්න උත්සාහ කරපු බවක් අපි දැක්කා. ඉහත සඳහන් කරපු සියලුම සිංහල බෞද්ධ නමින් ඇති නීතිරීති වල ඇති විශේෂත්වය වන්නේ ඒවා නොකොළොත් නොකරපු කෙනාට විවිධ අපහසුතාවයන්ට ලක් වන්නට සිදු වීමයි, එබැවින් එතන තෝරාගැනීමක් නැහැ.

මෙම සිංහල බෞද්ධ නම් සම්ප්‍රදාය හරහා අනෙකාට බලපෑම් කිරීමට වඩා කැමැත්ත දැක්වූ සහ සහයෝගය දුන්නු පිරිසගෙන් සියලුම දෙනා නෙමේ නම් අති බහුතරය ග්‍රාමීය සම්භවයක් තියෙන පිරිසයි. ඒ මතවාදයට නායකත්වය දුන් රාජපක්ෂලාගේ රජයට ඡන්දය දුන් අති බහුතරය ද අයිති වෙන්නේ ග්‍රාමීය ප්‍රදේශවලටයි. එනම්, රටේ වඩාම නොදියුණු වෙනස් අදහස් වලට වඩා අඩුවෙන් ම විවෘත වූ ප්‍රදේශවලයි. (විමසන්න).

 

Thalei baan 5

 

රසවත්ම දේනම්, මේ සම්ප්‍රදායෙන් අනිකාව පාලනය කරන්න හදන පිරිස් සෑම කෙනෙක් ම වගේ උත්සාහ කරන්නේ ඔවුන් විසින්ම විවේචනයට ලක් කරන්නාවු වඩා නිදහස් ලිබරල් අසම්ප්‍රදායික ඉහළ නාගරික පන්ති වලට හැකිතරම් පැන ගන්නයි. තමන්ට බැරි නම් තමන්ගේ දරුවන් පවා ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන පාසල් වලට දමා ඒ ඉහළ නාගරික පන්තීන් වලට තල්ලු කර දැමීමටයි. පුළුවන් නම් බටහිර යුරෝපීය රටවල් වලටත් එයාකාරයෙන්ම යා ගන්නටයි. මේ මතවාදයට සහයෝගය දෙන දේශපාලකයින්ගේ දරුවන් ඇතුළු ඔවුන්ගේ පුද්ගලික ජීවිතයම ඔවුන් විසින් ආරක්ෂා කරන්න හදනවයි කියලා පෙන්වන සම්ප්‍රදායට පටහැනියි.

මේවට නායකත්වය දුන් බොහෝ මහා සංඝ නායක හිමිවරුන්ගේ පුද්ගලික ජීවිතය ද එයාකාරයෙන්ම අධිසුඛෝපභෝගීයි, ඔවුන්ට ද පරිභෝජනය කරන්නට බැරි කිසිවක් නෑ. තලේබාන්වරුන්ගේ මහ පුටුවල ඉන්න සියලුම දෙනා ද මෙවැනි වරප්‍රසාදිත පිරිසක්, ඔවුන්ටද තමන්ට කැමති දෙයක් පරිභෝජනය කරන්න පුළුවන්.

 

Thalei baan 4

 

එම නිසා කිසියම් නිශ්චිත පිරිසක් විසින් 'සම්ප්‍රදාය' හරහා ඔබව පාලනය කරන්නට හැදීමත් ඔබව යොදා ගෙන ඒ හරහා තවත් කෙනෙක්ව පාලනය කරන්න හැදීමටත් කිසිවිටෙක හසු නොවන්න, එය ඒ කිසිදු මානුෂික හෝ බෞතික දියුණුවක් කරා ඔබව අරගෙන යන්නෙ නෑ. සම්ප්‍රදාය හරහා තමන්ගේ ගැහැනිය ව පාලනය කරගන්න හදන පිරිමියාගේ දේශපාලනය ගැන ද කියන්න තියෙන්නේ මේ ටිකමයි.

සංස්කෘතීන් වල සහ විශ්වාසයන්ගේ විවිධත්වය එකම තැනක පවතින්නට පුළුවන් කියා විශ්වාස කිරීම සහ ඊට ඉඩ දීම ඉතා දියුණු තත්වයක්. බොහෝ බටහිර යුරෝපීය රටවල් වල ගැහැනුන් බිකිණි ඇඳගෙන නාන මුහුදුවෙරලේ ම බුර්කාව ඇද ගත් ගැහැණිය ටත් බැහැලා නාන්න පුළුවන්, ඒක.දැන් සාමාන්‍යයි.නමුත් ඒ බුර්කාවේ මූලය තියෙන මුස්ලිම් රටක ඒ නිදහස නැහැ. ශ්‍රී ලංකාවේ ද 'සංස්කෘතික විවිධත්වය ඇති ගල්කිස්ස නාගරික මුහුද වෙරළේ ඔබට බිකිනිය මෙන්ම දිය රෙද්ද ද ඇඳගෙන ඉන්න පුළුවන්. නමුත් ඈත ගමක වැවක ඔබට බිකිනිය ඇඳගෙන නාන්න බැහැ. මේ වෙනකොට ලෝකයේ වඩා ම දියුණු රටවල් ද ඒ නිදහස ඇති රටවල්. සියලුම සම්ප්‍රදායික වාදීන් අවසානයේ පැන යන්නට හදන්නේ ඒ දියුණුව ඇති තැන් වලටයි.

නිදහසත් ආදරයත් යන දේවල් අහිමි වෙන විට වඩාත් වේදනාවක් දැනෙන්නෙ ඒවායේ රස වරක් තොල ගෑ කෙනෙකුටයි. එවිට ඔවුන් එය වලාකුලක දේදුන්නක පමණක් නොව සමනල තටුවක හෝ එල්ලී යළි සොයා යනු නියතයි.

 

@ ධනන්ජය කරුණාරත්න

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි